Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ධනංජයගේ බිරිය ශෂිනි
ලක්ෂ විසිතුනක් වියදම්
කරලා කරපු දේවල් දැන් එළියට එන්නේ

මේ වීඩියෝවේ කාගෙවත් ඇඳුම් ගැලවෙන්නේ නැහැ.

ශෂිනි ගායිකාවක් විදියට කල එළි බැහැලා?
ඔව්. දෑස මානේ කියන්නේ මම පළමුවැනියටම ගායනා කළ මගේ ගීතය. මේ ගීතයේ පද රචනය සහ සංගීතය කළේ උදය ශ්‍රී . උදය අයියා මගේ සහෝදරයෙක් වගේ. එයා තමයි කිව්වේ සිංදුවක් කරමු කියලා. ඒ ගීතය කළාට පස්සේ ගීතය අහපු අයගෙන් ගොඩක් ප්‍රතිචාර තිබ්බා. වීඩියෝවක් කරන්න කියලත් ඉල්ලීම් තිබ්බා. ඒ නිසා තමයි මේ ගීතයට වීඩියෝවකුත් කළේ.

ධනංජයටත් ඕන වුණාද ශෂිනිව ගායිකාවක් කරන්න?




ධනංජය අයියා කාලයක් තිස්සේ කිය කිය හිටියා සින්දුවක් කරන්න කියලා. ඔයාගේ දක්ෂතා පෙන්වන්න කිව්වා. මට මේ වැඩේ ලොකුවට කරන්න කැමැත්තක් තිබුණේ නැහැ. එයාගේ උනන්දුවත් එක්ක තමයි මම ගීතයක් කරන්න ගොඩක්ම යොමු වුණේ. මම විතරක් නෙවෙයි, තව කාගේ හරි දක්ෂතාවක් දැක්කත් කලාවට මොනවා හරි කරන්න කියලා එයා යොමු කරනවා. මාවත් ගීතයක් කරලා දක්ෂතා පෙන්වන්න කියලා එයා තමයි යොමු කළේ.

වීඩියෝවට අතදිග හැරලා වියදම් කළා කියලත් ආරංචියි?

ළහිරුගේ චයිනා ටවුන් ගීතයට පස්සේ ලොකු බජට් එකකින් කරපු මියුසික් වීඩියෝව තමයි මේ මියුසික් වීඩියෝව. ලක්ෂ විසිතුනක් විතර වැය වුණා මේ වීඩියෝව කරන්න. ගොඩක් අය එකතු වෙලා මේ වැඩේ කළේ.

ලක්ෂ විසි තුනක් වියදම් කරලා නිකන් අතපිහදා ගන්නත් බෑනේ. එච්චර මුදලක් වියදම් කරද්දි රසිකයෝ මේ ගීතය වැලඳ ගනීවිද කියන දෙගිඩියාව තිබ්බෙම නැද්ද?

ලංකාවේ ගොඩක් දක්ෂතා තියෙන අය ඉන්නවා. ඉන්දියාවත් එක්ක තරග වදින්න පුළුවන් තරමේ අය ලංකාවේ ඉන්නවා මම දැකලා තියෙනවා. ඒ වුණාට ගොඩක් අය වැඩක් කරද්දි බලනවා මම මෙච්චර මුදලක් වැය කරලා දෙයක් කළොත් මට ලැබෙන දේ මොකද්ද කියලා. එහෙම හිත හිත හිටියොත් ලංකාවේ කිසිම හොඳ නිර්මාණයක් වෙන්නේ නැති වෙයි. ඇත්තටම රිටන් එකක් බලාපොරොත්තුවෙන් නොවෙයි. ඇත්තටම මට පෞද්ගලික ආත්ම තෘප්තියක් තියෙනවා මේ වැඩේ සම්පූර්ණ වෙලා දකිද්දිම. තව කවුරුහරි මේ ගීතය බලලා මේක රසවිඳිනවා නම් මම සතුටුයි.

එතකොට මේ වගේ දෙයක් කළේ ශෂිනිගේ ගායන ජීවිතයට හොඳ අඩියක් තියන්න ඕන නිසාද?

ඔව්. මම කැමැතියි ගායන ක්‍ෂේත්‍රයේ මට පුළුවන් උපරිමයට යන්න. මම කැමැතියි නර්තනය පැත්තෙනුත් ඉස්සරහට යන්න. මම එක චරිතයක් නෙවෙයි. ධනංජය සිරිවර්ධනගේ බිරිය හැටියට මට තව රැක ගන්න දෙයක් තියෙනවා. ඒ වගකීමත් ඉහළින් ඉටු කරන ගමන් මගේ දක්ෂතාවයෙන් කරන්න පුළුවන් දෙයක් උපරිමයට කරනවා.

කාලෙන් කාලෙට මියුසික් වීඩියෝවල රැලි එනවා. මේ වෙනස් හැඩයේ මියුසික් වීඩියෝව මේ කාලයේ මාකට් කරගන්න පුළුවන් වෙයිද?

මේ මියුසික් වීඩියෝවේ කවුරුවත් මැරෙන්නේ නැහැ. කවුරුවත් අඬන්නේ නැහැ. කාගෙවත් ඇඳුම් ගැලවෙන්නේ නැහැ. ඒ වගේ දේවල් ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙන කාලයක ෆන් එන්ටර්ටේන්මන්ට් සහ ආට් එක පෙන්වන විදියට මගේ විඩියෝව කළේ. මාස ගාණක් තිස්සේ සැලසුම් කරලා තමයි මේ වීඩියෝව අපිත් කළේ.

මේ වගේ වෙනස් විදියේ වැඩක් කරන්න ශෂිනිට ලොකු හීනයක් තියෙන්න ඇති?

මම ඉස්සර ඉඳලම ආසාවෙන් හිටියා ස්ටේජ් එකක ගීත ගායනා කරන්න. ඒ වගේම ඩාන්ස් කරන්න. මම නර්තනය ඉගෙන ගත්ත කෙනෙක්. භරත නාට්‍යම්, හිපොප්, උඩරට, පහතරට වගේ නර්තන සම්ප්‍රදායන් මම ඉගෙන ගත්තා. හැබැයි මම ඒවා ඉදිරිපත් කරලා තිබ්බේ නැහැ. මට හිතුණ දෙයක් තමයි මම කරන දේ හරිම වේදිකාවේ කරන්න ඕන කියන එක. මට ආසාව තිබ්බා ඒ හැකියාවන් යොදාගෙන වීඩියෝව කරන්න. ඒ විදියට තමයි වීඩියෝවත් කළේ. ලංකාවේ මෙච්චර කාලයක් නොතිබුණ විදියේ ඩාන්සින් ස්ටයිල් කිහිපයකුත් මේ වීඩියෝවට ගෙනාවා.

ශෂිනි දන්න කියන ඔක්කොම වැඩ කෑලි පළමුවැනි ගීතයට දැම්මාද?

මේ දේ හොඳට කරලා තියෙනවා කියලා කෙනෙක් හිතනවා නම් මට සතුටුයි. හැබැයි මට තව කරන්න පුළුවන් දේවල් තියෙනවා. ඔක්කොම වැඩකෑලි මේකට දැම්මේ නැහැ.

කරපු පළමුවැනි වැඩේට හොඳ ප්‍රතිචාර ලැබෙනවලු නේද?

දැනට ලැබෙන ප්‍රතිචාර හොඳයි. ගොඩක් අය අහනවා මේ වීඩියෝව ෂූට් කළේ ඉන්දියාවෙද කියලා. ඒක මට ලොකු ප්‍රතිචාරයක්. හින්දි ටච් එකක් තියෙනවා. මේක චිත්‍රපට ගීතයක්ද කියලත් අහනවා. ට්‍රේලර් එක දැකලත් වීඩියෝවට ගොඩක් අය ප්‍රතිචාර දැක්වූවා.

ගීතයක් කළාම ඒක ප්‍රචාරය කරගන්නත් විවිධ ගැටලුවලට මුහුණ දෙන්න වෙනවලු. ජනප්‍රිය නළු ධනංජයගේ බිරිය වුණ නිසා ශෂිනිට මේ ගීතය ප්‍රචාරය කරගන්න ගැටලු එන්නේ නැතිව ඇති?

අනෙක් අයට එන ගැටලු ගැන මම ඇත්තටම කියන්න දන්නේ නැහැ. ධනංජයයි මමයි සංගීත ක්‍ෂේත්‍රයට අලුත්. අපිට නම් ප්‍රචාරණ කටයුතුවලට ගැටලුවක් වුණේ නැහැ. ට්‍රේලර් එක දැක්කම හැම නාළිකාවක්ම අපිට හොඳ සහයෝගයක් දුන්නා.

ප්‍රසංගවලට ආරාධනා ලැබුණොත් ගායිකාවක් විදියට ස්ටේජ් නඟින්න කැමැතිද?

මම අනිවාර්යයෙන්ම තෝරා බේරාගෙන තමයි වැඩ කරන්නේ. හැම වේදිකාවටම නඟින එකක් නැහැ. ධනංජයත් ඒකට කැමැති වෙන එකක් නැහැ. තෝරාබේරා ගැනීමත් එක්ක එවැනි දෙයට සම්බන්ධ වෙන්න හිතනවා.

ශෂිනිගේ නර්තන හැකියාව එළියට ගන්න ක්‍ෂේත්‍රයේ ආරාධනා ලැබුණේ නැද්ද?

අපිට රියැලිටි වැඩසටහන් දෙකකින් ආරාධනා කළා. මියුසික් වීඩියෝවේ වැඩ නිසා සහ ධනංජයගේ රංගන වැඩ කටයුතු නිසාත් ඒ ආරාධනා භාර ගන්න බැරි වුණා. තවත් ආරාධනාවක් ලැබිලා තියෙනවා. ඉදිරියේදී ඒ ගැන සලකා බලනවා.

එතකොට රංගනයට එන්න ලැබුණොත්?

රංගනය කියන්නේ වෙනත්ම විෂයක්. ඒක මට පුළුවන් කියලා හිතෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන් දේවල් කරගෙන ඉන්නවා.
ශෂිනිට ස්තුති කරන්නත් පිරිසක් ඇති.

උදය ශ්‍රී මාව හඳුනගෙන මටම ගැළපෙන ගීතයක් හදලා තියෙනවා. ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා. නර්තන රචනය කළ ගයාන් ශ්‍රී මාල් ගොඩක් කැපවෙලා අපිත් එක්ක මේ වැඩේ කළා. එයාලත් ඩාන්ස් තියෙන මේ වගේ මියුසික් වීඩියෝවක් කලින් කරලා තිබුණේ නැහැ. ඇඳුම් නිර්මාණය කරලා දුන්නේ හිරාන් විජේසේකර. නිල්හාන්, කුෂාන් ජයසිංහත් අපිට උදවු කළා. ඉමේජින් ආයතනයේ සජිත සහ චන්දිම තමයි අපිට වීඩියෝව කරපු ස්ටේජ් එක ලයිටින් හදලා දුන්නේ. මම වගේ අලුත් කෙනෙක්ට අත දෙන්න ඉදිරිපත් වුණාට එයාලටත් මම ස්තුතිවන්ත වෙනවා. මේ කාර්යයට සහය දුන් හැමෝටම ස්තූතියි.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook