Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

පබෝධා 'පික්පොකට්' කාරියක් වුනේ 
රංගනයේ නිසිතැන හිමි නොවුණු නිසාද?


පබෝධා සන්ධීපනී කොට්ටාව පැත්තේ යන එන අයගේ සාක්කුවට විදිනවා කියලා මේ දවස්වල කතාවක් පැතිර යනවා. නිළිකම අතහැරලා “පබෝධා” පික්‍පොකට් කාරියක්වත් වෙලාද? මේ කතාව දිගටම කියෙව්වොත් ඔබට ඇත්ත නැත්ත දැනගන්න පුළුවන්. 

මේ දවස්වල “පබෝධා” කොට්ටාව පාර දිගේ අලුත් සෙල්ලමක් පටන් අරගෙනලු නේද? 

ඔව්. මේ සෙල්ලමේ හැටියට මට වැඩිපුරම තියෙන්නේ පාර දිගේ දුවන එකයි. මොකද මට කාගේ හරි පර්ස් එකට ගහලා එක තැන ඉන්න බෑ. ඒ නිසා ‍පොකට් එකට ගහපු ගමන් දුවනවා. හැබැයි මම මේ විදිහට දුවන්නේ ‘‘රැජිනියෝ’’ ටෙලි නාට්‍යය නිසා.


කොහොමද ටෙලි නාට්‍යය තුළ මේ චරිතය ගලාගෙන යන්නේ? 

රැජිනියෝ කියන්නේ කාන්තාවන්ට සිදුවෙන අසාධාරණකම් කතා බහ කරන, කතිකාවක් ඇති කරන ටෙලි නාට්‍යයක්. මා එහි නිරුපණය කරන්නේ පික්‍පොකට් ගහන අම්මා කෙනෙකුගේ චරිතයක්. 

මේ වගේ අභියෝගාත්මක චරිතයක් නිරූපණය කිරීම ඔබට පහසු වුණාද?

සාක්කුවට විදින එක නම් ‍ලේසියි. ඒත් පාර පුරා දුවන එක නම් හරිම අමාරුයි. පාරේ වාහන යන අවස්ථාවලදී තමයි මට ගොඩාක් වෙලාවට දුවන්න සිද්ධ වුණේ. එක පාරටම මම පාරේ දුවන කොට කිසිවක් නොදන්නා මිනිස්සුත් හරි හරියට කලබල වෙනවා. මේ නිසා හොඳ වගේම නරක ප්‍රතිචාරත් ලැබුණා. ඒත් රංගන ශිල්පිනියක් විදිහට අපිට සමහර අවස්ථාවලදී විවිධ අභියෝග බාර ගන්න සිද්ධ වෙනවා. මේකත් ඒ වගේ වැඩක් තමයි. 

ඔබ කාලයක් පුංචි තිරයෙත් රිදී තිරයෙත් ජනප්‍රිය චරිතයක්ව හිටියා. ඒ නිසා ඔබේ රුව නිතර නිතර ප්‍රේක්ෂකයන්ට දැකගන්නට ලැබුණා. ඒත් අද ඔබව මේ රටේ ප්‍රේක්ෂකයන්ට දැක බලා ගන්නට ලැබෙන්නේ කලාතුරකින්. ඇයි ඒ? 

පුතා ලැබෙන්න හිටපු හින්දා අවුරුදු දෙකක් විතර මම කිසිම නිර්මාණයක් බාර ගත්තේ නැහැ. මගේ පෞද්ගලික ජීවිතේට මුල් තැන දෙන්න තමයි මම හැම වේලාවේම උත්සාහ කළේ.පුංචි දරු පැටියෙක් අම්මා කෙනෙකුගේ උණුසුම හැම වේලාවේම හොයනවා. දරු පැටියව ගෙදර තනි කරලා දාලා මට රඟපාන්න යන්න හිතුනේම නැහැ. ඒත් දැන් පුතා ටිකෙන් ටික ලොකු වේගෙන එනවා. එයත් දැන් මගේ නිර්මාණ රස විඳිනවා. සමහර වෙලාවට පුටුවකට වෙලා වාඩි වෙලා මාව ටීවී එකේ දැක්කම අන්න අම්මි ඉන්නවා කියලා අත්පුඩිත් ගහනවා. පුතාට දැන් යමක් කමක් තේරෙන නිසා ඉදිරියේදී වැඩි නිර්මාණ ප්‍රමාණයක් බාර ගන්න හිතාගෙනයි ඉන්නේ. 

ඔබේ රංගන ජීවිතයට සැමියාගෙන් මොන වගේ සහයෝගයක්ද ලැබෙන්නේ? 

සැමියාගෙන් පුදුමාකාර සහයෝගයක් ලැබෙනවා. ෂුටිං යන වේලාවට පුංචි පුතාව බලාගන්නෙත් එයා. කොහොමත් සිදත් මගේ ෆීල්ඩ් එක තේරුම් ගත් කෙනෙක් නිසයි පවුල් ජීවිතයි. රඟපෑමයි බැලන්ස් කරගෙන මම සතුටින් ජීවත් වෙන්නේ. 

ඔබේ ඉදිරි කලා කටයුතු පෙළගැසෙන විදිහ ගැන දැනගන්නත් ආදරණීය පාඨකයන් කැමති වෙයි? 

“උරුමයක අරගලය” කියන ටෙලි නාට්‍යයේ ෂුටිංවලට මේ දවස්වල සහභාගි වෙනවා. ඊට අමතරව “අධිරජ ධර්මාශෝක” ටෙලි නාට්‍යයේ දේවිගේ චරිතේ හඬ කැවීම් කටයුතුත් කරගෙන යනවා. තව ආරාධනා කිහිපයකුත් ලැබිලා තියෙනවා. මට ආදරේ කරන ප්‍රේක්ෂකයන් වෙනුවෙන් ඉදිරියටත් ඉඩකඩ ලැබෙන හැම වේලාවේම මම ප්‍රේක්ෂකයන් පිනවන්න බලා‍පොරොත්තු වෙනවා කියලා නම් කියන්නම ඕනේ. 

සමන්මලී නැලිගම

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook