Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ඕෂධී දෙවැනි වරටත් මවු පදවි ලබන්න සූදානම්ලු
පුතා ඉන්න නිසා දුවෙක් ලැබෙනවා නම් හොඳයිලු

කොහොමද ජීවිතේ?

ජීවිතේ හොඳයි. සතුටින් ඉන්නවා.

මේ දවස්වල කලා කටයුතුවලින් නිහඬ වෙලා ඉන්නේ විශේෂ කාරණයක් නිසා නේද?

විශේෂ කාරණයකුත් තියෙනවා. ඒත් සති දෙකකට ඉහත කාලසීමාව වන තෙක්ම ටෙලි නාට්‍ය රූගත කිරීමකට සම්බන්ධ වුණා. දැන් නම් ටිකක් නිහඬ වෙලා ඉන්නේ.

අලුත් බලාපොරොත්තුවක් එක්කනේ දැන් ජීවත් වෙන්නේ. ඒ ගැන කියමු?

ඔව්. දැන් දෙවැනි දරුවා ලැබෙන්න ඉන්නේ. දැන් මාස හතරයි. ජූලි මාසේ අන්තිම වෙනකොට බබා ලැබෙයි. මුල් කාලේ වැඩවලට සම්බන්ධ වුණා. දැන් ටිකක් වැඩ කරන්න අමාරුයි.

දැන් හීන දකින්නේ දුවෙක් ගැනද?

මට පුතෙක් ඉන්නවා. හැමෝම කියන්නේ පුතා ඉන්න නිසා දුවෙක් ලැබෙනවා නම් හොඳයි කියලා. මම කලින් ගොඩක් ආස පුතාලට. පුතාලා දහයක් හිටියත් අහක යන්නේ නෑ. පුතෙක් ඉන්න නිසා දැන් මම කවුරු ආවත් කැමැතියි.



පසුගිය කාලේ මෙඩි සිනා එක්ක ඕෂධී පේන්න හිටියා?


ඔව්. මම ප්‍රහසනාත්මක නාට්‍යවලට එකතු වෙලා හිටියෙම නෑ. දෙරණ ඵබචප ජඪබර ජධථඥඤර ඵඥචඵධද එකෙයි ජූලි හතයි චිත්‍රපටයෙයි හිටිය නිසාත් මාව ඛ්ධථඥඤර පැත්තෙන් අඳුර ගත්තා. ඒ නිසා මට මෙඩි සිනා ටෙලි නාට්‍යයට ආරාධනා ලැබුණා. මම ඒකේ කොටස් කිහිපයකට සම්බන්ධ වුණා.

සීරියස් චරිත කරපු ඕෂධී ප්‍රහසන චරිතවලට මාරු වුණේ?

හාස්‍යමය පැත්තත් රඟපාලා බලන එක හොඳයි කියලා හිතුණා. ප්‍රහසන නාට්‍ය ගත්තත් හැම එකක්ම හොඳ නෑ. ඒත් මෙඩි සිනා යම් ප්‍රමිතියක තියෙනවා. ප්‍රවීණ කලාකරුවෝ සහ කලාකාරිනියෝ මේකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ නිසා මමත් මේ ටෙලි නාට්‍යට ලැබුණු ආරාධනය භාර ගත්තා.

ඕෂධී ආයෙත් කොමඩි චරිතවලට කොටු වෙයිද?

ඉදිරියේදී කොමඩි චරිතවලට කොටු වෙයි කියලා හිතන්නේ නෑ. වෙනසකටත් එක්ක මෙඩි සිනා එකට එකතු වුණා. දිගටම එහෙම කොටු වෙන්න අදහසක් නෑ.

අලුතින් සම්බන්ධ වුණු නිර්මාණ මොනවාද?

ටෙලි නාට්‍ය හතක් එන්න තියෙනවා. අන්තිමට කළේ තුෂාරි අබේසේකරගේ 'අසමජ්ජාතියා' ටෙලි නාට්‍ය. ඉසුරු වීරසිංහ මුදලිගේ 'පපාස් හවුස්' චිත්‍රපටය එන්න තියෙනවා. ඒ වගේම 'සුදු සමනලී' චිත්‍රපටයත් එන්න තියෙනවා.

තිරයේ වැඩිපුර පේන්න නොහිටියට වැඩ නොකර ඉඳලා නෑ නේද?

මම කොහොමත් පුතා ලැබුණට පස්සේ නිර්මාණවලට සම්බන්ධ වෙන එක සීමා කළා. පුතාගේ වැඩ, දේශපාලන වැඩ කටයුතු, පවුලේ වැඩකටයුතු එක්ක කලා කටයුතු ටිකක් සීමා වුණා. මම ගොඩක් කාර්යබහුල වෙන්න කැමැති නෑ. මම සම්බන්ධ වුණු නිර්මාණ කිහිපයක්ම තියෙනවා. ඒවා එන්න පොඩි ප්‍රමාදයකුත් තියෙනවා.

ඉදිරියේදී ඕෂධී, රංගනයට තව තවත් වැට කඩොලු බැඳ ගනීද?

රංගනයෙන් ඉවත් වෙන්න අදහසක් නෑ. මේ හැමදේටම මට උදවු කරන්නේ මගේ මහත්තයා, මහත්තයාගේ පවුලේ අය සහ මගේ අම්මා තාත්තා. ඒගොල්ලෝ කවුරුත් මගේ කකුලෙන් අදින්නේ නෑ. මාව දිරිමත් කරලා සහයෝගය දෙනවා. මම ඉස්සර ඉඳන්ම හැම දෙයක්ම කළේ සැලැස්මකට අනුව. ඒ නිසා මම ලොකු අර්බුදවලට ලක්වෙන්නේ නෑ. ජීවිතේ සැලසුම් සහගතව ගෙනියනකොට අමාරු නෑ.

නිෂ්පාදන කටයුත්තකට අත ගැහුවා කියලත් ආරංචියි?

ඔව්. තුෂාරි අබේසේකරගේ 'අසමජ්ජාතියෝ' ටෙලි නාට්‍යයට නිෂ්පාදනයෙන් දායක වුණා. මගේ මහත්තයාගේ ඕතචජඬ ඡධය නපධඤභජබඪධද එකෙන් තමයි ඒක කළේ.

ඉදිරියේදී සැමියාගේ නිෂ්පාදනවල විතරක් ඕෂධී පෙනී සිටීද?

මම ආස කරන චරිත මට හැමතිස්සෙම පිටින් එන්නේ නෑ. අපේ ආයතනයෙන් නිර්මාණ කරන කොට මට ආස චරිතයක් තෝරා ගන්න පුළුවන්. ඒ වාසිය තියෙනවා. නමුත් සැමියගේ නිෂ්පාදනවල විතරක් පෙනී සිටින අදහසක නෑ.



ඕෂධී වැඩිපුර දැක්කේ පුංචි තිරයේ. වැඩිපුර කැමැතිත් පුංචි තිරයටද?


මම වැඩියෙන් ඉන්නේ සහ ගොඩක් අය මාව දන්නේ ටෙලි නාට්‍ය නිසා. දැනට ටෙලි නාට්‍ය හැත්තෑවකට ආසන්න ප්‍රමාණයකට මම සම්බන්ධ වෙලා තියෙනවා. ඒත් දැන් විකාශය වන ටෙලි නාට්‍ය රැල්ල එක්ක ගත්තාම සිනමාවට සම්බන්ධ වෙන එක හොඳයි කියලා හිතෙනවා.

අනාගතය ගැන ඉලක්කයක් ඇති?

ඔව්. මගේ ඊළඟ දරුවත් ලැබුණාම කලා කටයුතුත් අතහරින්නේ නැතිව ඒවටත් ඉක්මනටම සම්බන්ධ වෙලා, දේශපාලන කටයුතුත් කරගෙන කාටවත් කරදරයක් නැතිව ඉන්න තමයි බලාපොරොත්තුව.

ඉරේෂා කල්හාරි සේනාධීර

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook