Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

මම සල්ලි වියදම් කළේ නැහැ
සල්ලි දීලා කිරුළක් ගන්නවා වෙනුවට
මම මගේ ළමයට ඉඩමක් අරගෙන දෙනවා

-මහීකා ලියනගේ

මිසිස් ශ්‍රී ලංකා ටුවරිසම් (Mrs Sri Lanka Tourism 2018) තරගයේ කිරුළ දිනාගත්තේ මහීකා ලියනගේයි. ඒ නිසාම මෙවර කතාබහට ඇයට ඇරයුම් කළා.

මහීකා ලියනගේ ප්‍රේක්ෂකයන්ට තවමත් නුහුරු නමක්. ඔබ කොහොමද ඔබව හඳුන්වන්නේ?
තවම මම ජනප්‍රිය කෙනෙක් ‍නෙවෙයි. මගේ කරන වැඩ දිගටම කරගෙන යනවා. මාව ගොඩක් දකින්න ලැබෙන්නේ වෙළෙඳ දැන්වීම්වල සිටින නිරූපිකාවක් විදිහට. නිවේදිකාවක් ලෙස මම ළඟදි සියත ටීවී හරහා එළියට එන්නේ.



මිසිස් ශ්‍රී ලංකා ටුවරිසම් ලෙස ඔබ කිරුළ පැලැන්දුවා. මොකක්ද මේ තරගය?
මයුමි ශ්‍රීමාලි තමයි මෙහි ලංකාවේ නැෂනල් ඩිරෙක්ටර්. මිසිස් ශ්‍රී ලංකා කියන්නේ මගේ ජීවිතේ තිබුණු එක බලා‍පොරොත්තුවක්. ජාත්‍යන්තර තරගය තියෙන්නේ ඔක්තෝබර් මාසයේ පිලිපීනයේ.

මේක තවත් එක් රූප රාජිනී තරගයක්ද?
බලන්න ඉන්න අයට එහෙම වෙන්න පුළුවන්. මොකද වර්තමානයේ රූප රාජිනී තරග විශාල ලෙස පවත්වනවා. මට මේ තරගය සුවිශේෂියි. ගොඩක් තරග අතරින් මම තෝරාගත්තේ මේ තරගය. අද ගොඩක් තරගවල මුදල් මත වගේම යාළු හිතමිත්‍රකම් මත කිරුළ පලඳවන්න පුළුවන්. නමුත් මේ තරගය එහෙම නැහැ.

මිසිස් ටුවරිසම් වෙලා මොනවද ඔබ කරන්න බලා‍පොරොත්තු වෙන්නේ?
එහෙම වුණා කියලා විශේෂයෙන් කරන්න දෙයක් ඔළුවේ තියාගෙන නැහැ. මීට කලින් වසර නවයක් තිස්සේ සමාජ ක්‍රියාකාරිනියක් ලෙස වැඩ කළා. ඇල්කොහොල්, ඩ්‍රග්ස්වලට පුරුදු වෙන්න ඉන්න අයව කලින් නවත්වන්න තමයි මම කටයුතු කළේ. ඉදිරියේදිත් සමාජ ක්‍රියාකාරිනියක් ලෙස තමයි ඉන්න බලා‍පොරොත්තුව.



ඇයි මෙවැනි තරගයකට යන්න ඕන වුණේ?
හැම නිරූපිකාවකගේම හීනයක් තමයි රූප රාජිනී තරගයකට සහභාගි වීම. මටත් ඒ හීනය, ආසාව තිබුණා. මම විවාහ වෙන්න කලින් රූප රාජිනී තරගවලට සහභාගි වුණේ නැහැ. ඒ කා‍ලේ ඒ තරම් උනන්දුවක් තිබුණේ නැහැ. මම විවාහවෙලා මගේ පුතා ඉපදුණාට පස්සෙ මම, මගේ ශරීරය තිබුණු විදිහටම හදාගත්තා. ඉතින් මට ලොකු විශ්වාසයක් ඇතිවුණා මට තරග කරන්න පුළුවන් කියලා.

මිසිස් ටුවරිසම් වෙන්න මහීකා කොච්චරක් වියදම් කළාද?
මම සල්ලි වියදම් කළේ නැහැ. අපේ ඇඳුම් පැලඳුම්, ගමන් බිමන්, රූපලාවණ්‍ය වැඩවලට වියදම් කරන්න වුණා. කොහොමත් ඒ දේවල්වලට වියදම් කරන්න වෙනවා. කිරුළට මම සතපහක් වියදම් කළේ නැහැ. මීට කලින් මට කිරුළ වෙනුවෙන් වියදම් කරන්න අවස්ථා ලැබුණා. මට එහෙම කිරුළක් ගන්න අවශ්‍ය වුණේ නැහැ. මොකද සල්ලි දීලා කිරුළක් ගන්නවා වෙනුවට මම මගේ ළමයට ඉඩමක් අරගෙන දෙනවා.



අද ක්‍රවුන් එකක් ගන්නවා කියන එක රැල්ලක් වෙලා තියෙනවා. ඔබත් මේ රැල්ලට අහුවෙලාද?
එහෙම නම් මමත් තරගාවලි ගොඩකට සහභාගි වෙනවනේ. මම ඉස්සරහට මෙවැනි තරගවලට සහභාගි වෙද්දි හොඳට හොයලා බලලා සහභාගි වෙන්න කියන එකයි.

මිසිස් ශ්‍රී ලංකා ටුවරිසම් යන මේ තරගයට ඇයි වැඩි ප්‍රසිද්ධිය නොලැබුණේ?
මම හිතන්නේ මයුමි ශ්‍රීමාලි කියන්නේ මේ ක්ෂේත්‍රයට අලුත් නැෂනල් ඩිරෙක්ටර් කෙනෙක්. ඊට කලින් එයා තරග දෙකයි සංවිධානය කරලා තිබ්බේ. එයා අලුත් නිසා වෙන්න ඇති මේ තරගයට එතරම් ප්‍රසිද්ධියක් නොලැබුණේ. නමුත් ඉදිරියට ඇය තව දේවල් කරන්න බලා‍පොරොත්තුවෙන් ඉන්නවා. ඒ වෙලාවට මම, මගේ උපරිම සහයෝගය දෙනවා.

අද ගොඩක් රූප රාජිනී තරග පවත්වන්නේ අප්‍රසිද්ධියේ. ඒ ඇයි?
ඒ ගැන හරියට කියන්න මම දන්නේ නැහැ. ජාත්‍යන්තර තරගයකට සහභාගි වීම සඳහා තියෙන තරග මිනිසුන්ට විවෘතයි. ඇයි එහෙම කරන්නේ කියලා මම දන්නේ නැහැ.

අද ජාතික හා ජාත්‍යන්තරව පවත්වන ඇතැම් රූප රාජිනී කිරුළු මුදලට විකිණෙනවා කියන්නේ ඇත්තද?
මම හිතන්නේ නැහැ ජාත්‍යන්තර තරගවලට ගිහින් කිරුළ මුදලට ගන්න පුළුවන් කියලා. මම හිතන්නේ රටවල් කිහිපයක් නියෝජනය කරන නිසා සල්ලි දීලා කිරුළක් ගැනීම අපහසුයි.



ඔබට විශ්වාසයක් තිබුණද මේ තරගයේ කිරුළ ඔබට ලැබේවි කියලා?
මම තරගයට සහභාගි වුණේම හිතේ තිබුණු ලොකු විශ්වාසයකින්. මම රූපය, ශරීරය ගැන හිතලා තමයි තරගයට ගියේ. මම හිතනවා මට සුදුසුකම තිබුණා කියලා. ඒ විශ්වාසය තිබුණු නිසා තමයි මේ කිරුළ ලැබුණේ.

තිළිණි කරුණාරත්න







Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook