Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ලසන්ත වික්‍රමතුංගගේ පරීක්ෂණ
වසන් කළැයි චෝදනා ලැබූවෝ
එකිනෙකා පාවා දෙන වෑයමක?

සන්ඩේ ලිඩර් පුවත්පතේ කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග මහතාගේ අබිරහස් ඝාතනය සම්බන්ධව පරික්ෂණ සහ කරුණු වසන් කළේ යැයි චෝදනා ලබමින් සිටින එවකට සිටි පොලිස් නිලධාරින් එකි නෙකා පාවා දෙමින් නිදොස් විමට උත්සාහ කරන ප්‍රකාශ කරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. එහෙත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ ලසන්ත ඝාතනය හා සම්බන්ධ පරික්ෂණ සහ ඒවාට අදාළ ලියකියවිලි සගවා පරික්ෂණ යට ගසා ඇත්තේ එම නිලධාරින් කිහිපදෙනකුගේම සම්බන්ධතාවයෙන් බව අනාවරණය වි ඇති බවයි.

එහිදි එවකට එම පරික්ෂණවලට සම්බන්ධ වි සිටි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහ ත්‍රස්තවාදි විමර්ශන දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන්ද ප්‍රකාශ ලබාගනිමින් සිටියි. ඔවුන් එහිදි සිදු කළ පරික්ෂණ වාර්තාද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගෙන ඇත. එම පරික්ෂණවලට සම්බන්ධ වු එවකට හිටපු ගල්කිස්ස පොලිස් අධිකාරි අධිකරණය හමුවේ සිද්ධිය සම්බන්ධයෙන් පැය දෙකක පමණ පාපොච්චාරණයක් කර තිබේ. ඒ අතර එම සිද්ධිය වන විට පොලිස්පතිවරයාව සිටි ජයන්ත වික්‍රමරත්න මහතා පෙරේදා අධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තමා එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනිමෙන් වළක්වාලන ලෙසට නියෝගයක් කරන ලෙසට ඉල්ලිමක් කර තිබිණි.

හිටපු පොලිස්පතිවරයා එවැනි ඉල්ලිමක් කිරිමට හේතුව සම්බන්ධයෙන් කළ විමසීමක දී ඔහු කියා සිටියේ 2015 වසරේද මේ සිද්ධිය සම්බන්ධයෙන් මා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ ප්‍රකාශයක් කළා ඒ අවස්ථාවේ මා වැරද්දක් කර ඇති බව අනාවරණය වුවා නම් මා අත්අඩංගුවට ගැනිමට ඉඩ තිබුණා.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය වු වසරේදි මම පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළා. ලසන්ත ඝාතනයේ පරික්ෂණ සිදු වුයේ ගල්කිස්ස පොලිසිය මගින් අනතුරුව එම පරික්ෂණවලදි එම ඝාතන සිද්ධියට හමුදාවේ සම්බන්ධයක් ඇති බව අනාවරණය වු බැවින් මා එම පරික්ෂණ හරියාකාරව සිදු කිරිම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන්නා. එම පරික්ෂණ ඒ ආකාරයෙන් සිදු වෙමින් තිබියදි එනම් ලසනත ඝාතනය සිදු වුයේ එම වසරේ ජනවාරි 8 වැනි දිනයි . මා එම වසරේම ජුනි මාසයේ පොලිස්පති සේවයෙන් විශ්‍රාම ගත්තා.

ඉන් අනතුරුව පොලිස්පතිවරයා ලෙස පත් වුයේ මහින්ද බාලසුරිය මහතායි. ඒ මහතා එම පරික්ෂණ ත්‍රස්ත විමර්ශන ඒකකයට ලබා දුන්නේ ඇයි දැයි මා දන්නේ නෑ යනුවෙන් පවසා සිටී.

ලසත්ත ඝාතනයේ වැදගත් ලියකියවිලි දැනට යළි පරික්ෂණ පවත්වන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයා ගනු ලැබුවේ එවකට ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ පොලිස් ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක සුගතපාල මහතාගේ නිවසින් වු අතර මොහුගේන් ප්‍රශ්න කිරිමේදි එම ලියකියවිලි මොහුගේ නිවසේ සගවා ඇති බව කියා නොතිබිණි එහෙත් මොහුගෙන් ප්‍රශ්ණ කරමින් සිට දිවා ආහාරය සඳහා වෙනත් පොලිස් නිලධාරියකු සමග සුළු විවේකයක් ලබා දුන් අවස්ථාවේ සුගතපාල මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙන් පලා ගොස් ඇති බවත් මොහු විසින් පාවිච්චි කර තිබු ලිපින දෙකක් පරික්ෂා කර අවසානයේදි කළුතර පොලිසියේ උදව්වෙන් එම ලිපිනය සොයා ගත් බවත් ඒ අනුව මොහු සිට නිවස පරික්ෂා කිරිමේදි වසර නවයක් තිස්සේ සගවා තිබු ලසන්ත ඝතනයට අදාල පරික්ෂණ වාර්තා රෝහල් වාර්තා ලසන්තගේ මෝටර් රථයේ තිබු ලිබි ලේඛන බි වාර්තා ආදිය ඇතුළු ලේඛන රැසක් එම නිලධාරියාගේ නිවසේ තිබි සොයා ගෙන ඇත

මේ ලේඛන සොයා ගැනිමත් සමග ලසන්ත ඝාතනයේ වසර නවයක් තිස්සේ අබිරහසක්ව තිබු බොහෝ තොරතුරු අනාවරණය කර ගැනිමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට හැකි විය. ඉදිරි නඩු දිනයේදි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව තවත් පරික්ෂණ තොරතුරු රැසක් අධිකරණය හමුවේ ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook