Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

එක්තරා සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා
ලංකාවේ ලොකුම කලා පවුල තමයි අපි කියලා
- කුසුම් පෙරේරා

බොහෝමයක් චරිත තුළින් සහෘද හදවත් ස්පර්ශ කළ ඇය කුසුම් පෙරේරා. ඇගේ කලා ගමනට වසර 40ක් සපිරෙන මොහොතේ සුවිශේෂී කටයුත්තක් ඇය සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ ගැනත් වසර 40ක මේ ගමන ගැනත් ඇයත් සමග කෙරුණු සොඳුරු කතාබහකි මේ.


කලා ජීවිතේ වසර 40ක් පිරිලා නේද?
ඔව්. එදා අවුරුදු 8න් පටන්ගත්ත මේ ගමනට දැන් අවුරුදු 40ක් පිරිලා නොදැනීම.

ඒ වෙනුවෙන් සුවිශේෂී කටයුත්තක් සංවිධානය වෙනවා කියලා ආරංචියි?
වසර 40ක මගේ මේ කලා ජීවිතේට කෙරෙන ආමන්ත්‍රණයක් හැටියටයි මේ කටයුත්ත සංවිධානය වෙන්නේ. මාර්තු 10 සවස 5.30 සිට පුරා පැය එකහමාරක දෙකක මරදාන ටවර් හෝල් රඟහ‍ලේදියි මෙය පැවැත්වෙන්නේ. මතෛක් ආ ගමනේ සොඳුරු තැන් ස්පර්ශ කරමින් මගේ ආදරණීයයන්, සහෘද කලාකරුවන්, හිතවතුන් එක්ක ඒ දවස ගත කරන්නයි සූදානම් කරලා තියෙන්නේ. ඉතින් ඒ සඳහා හැමෝටම විවෘතව ආරාධනා කරන්න මම මෙය අවස්ථාවක් කරගන්න කැමතියි.

ඇයි මෙහෙම දෙයක් කරන්න ඕන කියලා හිතුවේ?
ජීවිතේ කියන්නේ හරිම අස්ථිර දෙයක්. ඉතින් සමහර විට කලා ජීවිතේට වසර 50ක් සපිරෙනකොට මම නොහිටින්නත් පුළුවන්. ඒ නිසාම මට හිතුණා වසර 40ක් පිරෙන මේ මොහොත තමයි සුදුසුම ආ ගමන ගැන ආදරණීයයන් එක්ක සැමරීමක් කරන්න කියලා.

වසර 40ක් ආපු දුර ගැන මොකද හිතෙන්නේ?
ඒ ගැන නම් අවංක, නිහතමානී සතුටක් සියුම් ආඩම්බරයක් හිතේ තියෙනවා. මොකද විවිධ චරිත තුළින් ඇවිත් මිනිස්සුන්ගේ හදවතේ මම වෙනුවෙන් ඉඩක් වෙන්වීම ගැන ඇත්තටම සතුටුයි.

ආපු ගමනේ පසුතැවීම් එහෙමත් වෙලා ඇති නේද?
අවුරුදු 40ක් කියන්නේ ‍ලේසි පහසු ගමනක් ‍නෙවෙයි. දුෂ්කරයි. නමුත් කිසිම තැනක පසුතැවීමක්, හිත් රිදවීමක් ඉතිරිවෙලා නෑ මේ වෙනකම්ම.

මතෛක් ලැබුණු චරිත ගැන කතා කළොත්?
ලැබුණු හැම චරිතෙම මට විශේෂයි. මම මට ලැබෙන චරිතයට හැමදාම මගෙන් දිය යුතු උපරිමය එදා වාගේම අදත් ලබාදෙනවා. ඉතින් මට ලැබුණු හැම චරිතයක් ගැනම මම තෘප්තිමත්.

ඒ අතර සුවිශේෂී චරිතයක් එහෙමත් ඇති නේද?
හැම චරිතෙම විශේෂ වෙද්දි මම හිතනවා ජීවිතේ ලස්සනයි ටෙලි නාට්‍යයේ දරුවෝ හත්දෙනකුගේ අම්මා හැටියට කරපු ඒ චරිතය සුවිශේෂී කියලා. මොකද අදටත් මට ඒ වෙනුවෙන් ප්‍රතිචාර ලැබෙනවා.

ලැබුණු ඇගයීම් ගැන තෘප්තිමත්ද?
පිරිසක් ඉදිරියේ කිරුළු පලඳිනවාට වඩා හැමදාම මිනිස්සුන්ගේ හදවතේ ඉඩක ඉන්න ලැබිම ගැන මම සතුටු වෙනවා. හැම සම්මානයක්ම යටයි ජනතා සම්මානයට. ඉතින් මට තියෙන්නේ අන්න ඒ ජනතා සම්මානය.

තවමත් ඔබට නොලැබුණු චරිත තියෙනවාද?
එහෙම නොලැබුණා කියලා පසුතැවෙන චරිත නෑ. ගොඩක්ම ලැබුණේ අම්මගේ චරිතය. මම හිතනවා මට හොඳම චරිත ලැබුණා කියලා.

ඔබ වේදිකාවටත් සම්බන්ධයි නේද?
ඔව්, මම තවමත් වේදිකා රංගනයේ නියැළෙනවා. හැමෝටම වගේ මටත් වේදිකාව සුවිශේෂියි. මොකද සජීවී ප්‍රතිචාර අත්විඳින්න ලැබෙන, රංගනය හදාරන්න ලැබෙන සොඳුරු ඉසව්වක් වේදිකාව.

මතකද මුලින්ම කරපු චරිතය?
මුලින්ම මම අවුරුදු අටේදි කලාවට පිවිසුණේ සංගීතා චිත්‍රපටය හරහා. ලොකු තේරුමක් නොතිබුණ හින්දම වෙන්න ඇති මට කිසිම බයක්, ලැජ්ජාවක් හිතුණෙත් නෑ.

ඔබගේ හැකියාවෙන් උපරිමය කළා කියලා සතුටු වෙන්න පුළුවන්ද?
ඔව්, මට සතුටු වෙන්න පුළුවන්. මොකද මම හැම තැනකදීම ලැබෙන චරිතයට උපරිමය ලබාදුන්නා.

එදා ඔබ එනකොටයි අද එන නවකයන්ටයි තියෙන තැන ගැන මොකද හිතෙන්නේ?
හැමදේම ඉස්සරහට දියුණු වෙන කාලෙක කලාවත් දියුණුවෙලා තියෙන්නේ. ඉතින් අපිට නොතිබුණු පහසුකම් අද තියෙනවා. අපි අපේ වියදමින් දුර තියෙන රූපගත කිරීම්වලට එදා ගියාට අද ප්‍රවාහනයේ සිටම පහසුකම් සපයලයි තියෙන්නේ.

ඒ පහසුකම් නිසාම නව පරපුර ඉදිරියෙන් කියලා හිතන්න පුළුවන්ද?
පහසුකම් වැඩි වුණත් කැපවීම ගැන නම් සතුටු වෙන්න බෑ ඇත්තටම. කලාව කියන්නේ කැපවෙලා කළයුතු දෙයක්. ඉතින් පෙර පරම්පරාවේ කලාවට තිබුණු ඒ කැපවීම ආදරය පසු පරම්පරාවෙන් ටිකක් ගිලිහිලා කියලා මට හිතෙනවා.

පෞද්ගලික ජීවිතේ ගැනත් කියමු?
එක්තරා සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා ලංකාවේ ලොකුම කලා පවුල තමයි අපි කියලා. ඉතින් ගොඩක් සතුටුයි ඒ පිළිබඳව. මගේ මහත්තයත් කලාවට සම්බන්ධයි. මට ඉන්නේ දුවලා දෙන්නයි, පුතයි. ඉතින් එයාලා තමයි මගේ ගමනේ ශක්තිය.

ඉදිරි වැඩකටයුතු ගැනත් කියමු?
නිර්මාණ කිහිපයකට ආරාධනා ලැබිලා තියෙනවා. ඊට අමතරව මම රූපලාවණ්‍යයටත් සම්බන්ධයි. ඉතින් අපේම රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන යනවා. ඒ හැම දෙයක් එක්කම මේ ආවා වගේම ඉදිරියටත් සතුටින් රැඳෙන්නයි බලා‍පොරොත්තුව.

නඳුනි ආරියවංශ

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook