Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

නාදුනන 'මාමා'ගේ බහට රැවටුන නිසා
නොඑන ගමන් ගිය සුසිත් පුතා


ඉරණවිල කම්පාකළ ඛේදවාචකය


අඩක්‌ නිම කර ඇති නිවසේ ඉදිරිපිට අත්තිවාරමේ නිදා සිටි ප්‍රියංගිකාගේ පපුවට තුරුළු වී සිටින සිඟිත්තිය තනපුඩුවේ මුව තබා කිරි උරා බීමට වෙර දරයි. අවුරුදු දහසයේ පවුලේ වැඩිමල් දියණිය ඇය සමීපයේ හිඳ ඇගේ කකුලට මුව තබා ඉමක්‌ කොනක්‌ නැති ඝෝෂාකාරී මහ සයුර දෙස නෙත් අයා සිටී. පවුලේ සෙසු පිරිමි දරුවන් දෙදෙනා ද ඇයට තුරුළු වීය. ඔවුන් අවුරුදු එකොළහ සහ හත වයසේ පසු වේ.

ප්‍රියංගිකාගේ දෙනෙතින් ගලා හැරෙන කඳුළු බිඳු පපුවට තුරුළු වී සිටින සිඟිති දියණියගේ සිරුර දිගේ ගලා විත් මහ පොළොවට පතිත වේ. මහ පොළවට ද ඒ දුක ඉවසාගත නොහැකි තරම් ය. වලාවන්ට යටින් වූ ගහකොළ පවා එහා මෙහා පැද්දෙමින් කම්පාවට පත් වේ.

ප්‍රියංගිකාගේ දුක බෙදා ගැනීමට සිටින ඇගේ ස්‌වාමියා ද ඇය ළඟ නැත. ඔහු දින ගණනාවකට රස්‌සාව සඳහා ගොස්‌ මහ සයුර සමඟ පොර බදිමින් සිටී. මේ සියලු දුක්‌ කන්දරාව ඉවසා දරා සිටිය නොහැකි ප්‍රියංගිකා කඳුළු සලමින් අඬන්නට වූවාය. අසල රැඳී සිටි කාන්තාවක්‌ ඇය අස්‌වැසීමට උත්සාහ ගත්තද ඊට අවනත වීමට තරම් ඇයට ශක්‌තියක්‌ නොමැත.

"මට මගේ දඟකාර කොලුපැටියා ගෙනත් දෙන්න. ඇයි මගේ පැටියා උදුරා ගත්තේ. දෙයියනේ" ඇය එවන් වදන් පවසමින් මොර දෙන්නට වූවාය.

ඇගේ මුවින් නික්‌මූ ශෝකාලාපයෙන් අසල සිටි සියල්aලන්ගේම නෙත් කඳුළෙන් තෙත් වූයේ නිරායාසයෙනි. ඊට ගැහැනු පිරිමි භේදයක්‌ නොතිබිණි.

තිස්‌හත් හැවිරිදි ප්‍රියංගිකා සුදර්ශනී, මහපොළොවේ මිනිස්‌ වෙසින් ජීවත් වූ තිරිසන් කාමාතුරයකු විසින් ජීවිතය ඩැහැගත් සුසිත් නිර්මාල් පුංචි පුතුගේ මවය.

කෙතරම් අගහිඟකම් වලින් වෙලී සිටියද, ඒ රුදුරු දුක්‌ සතුටින් බාරගෙන දරුවන් පස්‌ දෙනාට සෙනෙහස, ආදරය නොඅඩුව ලබා දෙමින් දඟකාර කොලු ගැටයාගේ වියෝව දරාගත නොහැකි විය. වැලේ ගෙඩි වැලට බර නැතුවා සේ තමා වෙත පැමිණෙන සියලු දුක්‌ දොම්නස්‌ දූ දරුවන්ගේ සෙනෙහස ආදරය තුළින් පලා ගියේය.

හලාවත ඉරණවිල සමිඳුගම පදිංචිව සිටි චාන් පේඩිගේ සුසිත් නිර්මාල් නවවැනි වියේ පසුවිය. ඔහු ඉරණවිල සාන්ත පීතර විද්‍යාලයේ 4 වසරේ ඉගෙනුම ලැබුවේය.

ඉකුත් 25 වැනි දින ඉරිදා දිනයක්‌ වූයෙන් දහම් පාසල් නිමා වී නිවසට දිව ආ විගස සුදු ඇඳුම ගලවා සුදු පැහැති දිග කලිමක්‌ හා ටී ෂර්ටයක්‌ ඇඳ අසල පිහිටි වෙළෙඳසල වෙත දිව ගියේ "අම්මේ මම යනවෝ" කියමිනි.

ඔහුගේ සුපුරුදු හදිස්‌සියට මව අවධානයක්‌ යොමු නොකළේ පාසල් කාලය නිම වී හා දහම් පාසල අවසන් වී පැමිණ විගස එම කඩ මණ්‌ඩියට දුවන්නේ සිය සගයන් හා කෙළිදෙළින් කාලය ගත කිරීමට බව දැන සිsටි නිසාය.

පුංචි සුසිත් දවසේ වැඩි කාලයක්‌ ගත කරන්නේ ද ඒ වෙළෙඳසලේය. සම වයසේ සඟයන් එක්‌රොක්‌ වී කෙළි දෙළින් කාලය ගත කිරීමට ඇති රුචිය නිසාම පමණක්‌ නොව වෙළඳසලේ හිමිකරු විසින් දරුවාගේ අඩුපාඩු ගැන සොයා බැලීමත් නිසා ය.

"අපේ සුසිත් පුතා තවම ගෙදර ආවේ නෑ. ඒකයි මම කඩේට ආවේ" මව තැතිගත් ස්‌වරූපයෙන් කඩයේ සිටි කාන්තාවගෙන් විමසුවාය.

"පුතා කඩෙන් ගියේ දවල් 11.30 ට විතර. අපි හිතුවෙ ගෙදර ගියා කියලා" කාන්තාවගේ පිළිතුර විය.

සුසිත් දරුවාගේ මව සුළු වේලාවක්‌ නිහඬ විය. ගත යුතු තීරණයක්‌ ගැන අවබෝධයක්‌ නැති විය. ඉක්‌මනින් නිවස දෙසට දිව ගොස්‌ සිද්ධිය ඥාතීන්ට හා අසල්වැසියන්ට කීවාය.

සුසිත් දරුවා වෙනදා යන එන ඥාතීන්ගේ යහළුවන්ගේ නිවෙස්‌වල සොයා බැලුවේය. අවට සැක සිතෙන ස්‌ථානවල ද සොයා බලා ඔහු ගැන හෝඩුවාවක්‌ නොමැති හෙයින් මව හලාවත පොලිසිය වෙත ගොස්‌ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලක්‌ කළාය.

රාත්‍රි කාලයේ අවට හිතවතුන් හා ඥාතීන් දරුවා ගැන සොයා බැලුවද පසුදා පහන් වනතුරු කිසිම තොරතුරක්‌ ලබා ගැනීමට නොහැකි විය.

මේ අතරතුර දරුවා රැඳී සිටි වෙළඳසලේ ආරක්‍ෂිත කැමරා පද්ධතිය නිරීක්‍ෂණය කිරීමට හලාවත පොලිසියේ උපදෙස්‌ මත සිදු විය.

දරුවා කඩය අසල වාඩි වී සිටියදී සැක සහිත පුද්ගලයකු ඔහුට යමක්‌ දෙන අයුරු කැමරා පද්ධතියේ සටහන් වී තිබීම කාගේත් අවධානයට ලක්‌ විය. සැක සහිත පුද්ගලයා කොළ පැහැති ටී ෂර්ටයකින් සහ කොට කලිසමක්‌ ඇඳ සිටී. සිරුර තළෙළුය. උඩු

රැවුලක්‌ ද ඇති මොහු මැදිවියේ පසු වේ.

ආරක්‍ෂික කැමරා පද්ධතියේ සටහන් ඇති දැ නැරඹීමට සමිඳුගම ගම්මානයේ සියල්ලෝම පාහේ වෙළෙඳසලට එක්‌රොක්‌ වූහ. සියල්ලෝම කුතුහලයෙන් පිරි දෙනෙත් අයා දර්ශන එකිනෙක නරඹයි.

සෙනඟ අතර සිටි සුසිත් දරුවාගේ වයසේ සිටි ඔහුගේ යහළුවෙක්‌ කටහඬ අවදි කළේය. "නැන්දේ නැන්දේ සුසිත්ට අර මොනවද දෙන කෙනා තමයි මටත් අඬගැහුවේ කැලේට ගිරව් අල්ලන්න යන්න. එයා යාළුවත් එක්‌ක කැලේට ගියා. මම ගියේ නෑ" දිගටම කියාගෙන කියාගෙන ගියේය.

මේ අතර කැමරා දර්ශන නරඹමින් සිටි එක්‌ කාන්තාවක්‌ ඔව් ඔයා තමයි අපේ ගේ ළඟින් සුසිත් පුතා එක්‌ක කැලේට ගියේ"

එතැන සිටි සියල්ලෝටම සිදු වී ඇති දේ වටහා ගැනීමට වැඩි කාලයක්‌ ගත නොවීය.

"ඌ මේ දරුවාට කැලේට ගිහින් මොනව හරි කරලා" සියල්ලෝම එසේ කියන්නට වූහ. අනතුරුව හලාවත පොලිසියට මේ සම්බන්ධව දැනුම් දෙන්නට ප්‍රදේශවාසීන් පියවර ගත්තේය. පොලිස්‌ නිලධාරීන් වෙළෙඳසල වෙත පැමිණ ආරක්‍ෂිත කැමරා පද්ධතිය පරීක්‍ෂා කර බලා හලාවත පොලිසියේ මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක වසන්ත කුමාර මහතා දැනුවත් කළේය. එම අවස්‌ථාවේ රාත්‍රි කාලය හෙයින් පසුදා උදැසන පොලිස්‌ කණ්‌ඩායම් හා ප්‍රදේවාසීන් එක්‌ව කැලය තුළ මෙහෙයුමක්‌ සිදු කිරීමට ස්‌ථානාධිපති වසන්ත හේරත් මහතා තීරණය කළේය.

සමිඳුගම ගම්මානයට බටහිරින් මුහුද ද, නැගෙනහිර දිශාවෙන් කලපු තීරය ද පිහිටා තිබේ. එම කලපු තීරය හා ඒ අවට කඩොලාන වලින් ගහණ ඝන කැලෑවකි. මේ දිනවල පවතින වියළි කාලගුණය හේතුවෙන් වෙනදා විශාල ලෙස ජලය රැඳි ස්‌ථාන වියළී ගොස්‌ය. ඇතැම් ස්‌ථානවල කුඩා දිය කඩිතිය.

අක්‌කර ගණනාවකින් යුත් මෙම කඩොලාන කැලේට ප්‍රදේශයේ වැඩිහිටියන් යන්නේ දර කඩා ගැනීමටය. කුඩා ළමුන් යන්නේ ගිරව් ඇල්ලීමටය.

නිවාඩු දිනවලට ප්‍රදේශයේ පමණක්‌ නොව අවට පිහිටි ගම්මානවල ළමුන් කැලයට ඇතුළු වී ගිරව් ඇල්ලීම සිදු කරයි.

27 වැනි දින හිරු උදාවත් සමඟම මෙහෙයුම ක්‍රියාත්මක විය. සමිඳුගම ගම්මානයේ වයස්‌ භේදයකින් තොරව ගැහැනු පිරිමි දෙපක්‍ෂයේම විශාල පිරිසක්‌ කැලය පීරන්නට විය. හලාවත පොලිසියේ නිලධාරීන් හා අවට ගම්මානවල පිරිස්‌ ද මීට සහාය ලබා දීම සිදුවිය. කැලය ගැන දන්නා වැඩිහිටියන්ගේ හා හලාවත පොලිසියේ නිලධාරීන්ගේ උපදෙස්‌ මත කැලයට කණ්‌ඩායම් කිහිපයක්‌ ස්‌ථාන ගණනාවකින් ඇතුළු වී සොයා බලන්නට වූහ.

ගිරව් වැඩි වශයෙන් ගැවසෙන හා ඔවුන් බිත්තර දමන ස්‌ථාන ගැන මෙම මෙහෙයුමේදී වැඩි අවධානයක්‌ යොමු කළේය.

සියල්ලෝම එකා මෙන් කැලය පීරන්නට විය. පැය තුනකට පමණ ආසන්න වේලාවක්‌ ගිය පසු කඩාලාන කැලෑවේ කඩොලාන ගස්‌ කීපයක්‌ කඩාදමා හා කැලය ඇවිස්‌සී ඇති ස්‌ථානයක්‌ ගැන මෙහෙයුම සිදු කරන පුද්ගලයකුගේ අවධානය යොමු විය.

වෙලාව 10.35 ට පමණය. සියල්ල සිදු වී හමාරය. වයස අවුරුදු 09 ක්‌ තිස්‌සේ හුරතල් වෙමින් දුවමින්, කෙළිදෙලෙන් ගත කළ කාලය, මලක්‌ මෙන් පිපී හිනැහී සිටි සුසිත් නිර්මාල් දරුවා සමාජයේ තවත් තිරිසන් පුද්ගලයකුගේ කාම ආශාවන් හමුවේ දන් දී හමාරය. දරුවා කැලයේ සොයමින් සිටි සිද්ධිය කන වැකුණ සියල්ලෝම ක්‍ෂණයකින් එම ස්‌ථානයට දිව එන්නට වූහ.

"සුසිත් නිර්මාල් දරුවා සිය ජීවිතය බේරා ගැනීමට කාමාතුරයා සමඟ තම හැකි ශක්‌තිය යොදා පොර බදා ඇති බව පෙනෙන්නට තිබිණි. ශරීරයේ යටිකය නිරුවත්ය. දරුවාගේ රහස්‌ ප්‍රදේශයේ කාමාතුරයාගේ දත් පහරවල්ය. ශරීරයේ තැනින් තැන සීරීම් තුවාලය. ගෙල ප්‍රදේශයේ පිටුපස ලේ වහනය වී තිබේ. දරුවා ඇඳ සිටි සුදු පැහැති කලිසම සිරුර අසලය. පාවහන් යුගලද ඒ ආසන්නයේ ය. සිරුර උඩුබැලි අතට වැටී තිබේ.

අයියෝ මේ අපරාධය සිදුකළ තිරිසනාට නම් හොඳක්‌ වෙන්න එපා." "ඌ ගල්ගහලා මරන්න ඕන" නීතියෙන් මරණ දඬුවම දෙන්න ඕන" නීතිඥවරුන් ඉදිරිපත් වෙන්න එපා" ඒ දරුවාගේ නිසල සිරුර දැක එතනට එක්‌ රොක්‌ වූ අයගේ මුවින් පිට වූ වදන් ය.

දරුවාගේ මව වන ප්‍රියංකා සුදර්ශනී (37) හඬා වැළපෙමින් මෙසේ කීවාය.

මියගොස්‌ ඉන්නේ මගේ තුන්වැනි දරුවා. මට දරුවෝ පස්‌දෙනෙක්‌ ඉන්නවා. මියගිය පුතා එදා දහම් පාසල් ඇරිලා කඩේට ගියා. එයා ගොඩක්‌ දවස්‌වල ඒ කඩේ ඉන්නේ. හවස්‌ වෙද්දී ආවෙ නැති නිසා මම බලන්න ගියෙ. ඒත් එයා හිටියෙ නෑ. දවස්‌ දෙකක්‌ බැලුවා.මගේ පුතා තිරිසනෙක්‌ ගෙනිහිල්ලා විනාශ කරලා. මට මගෙ පුතා නැතුව ඉන්න බෑ. දෙයියනේ එයාව මට ගෙනත් දෙන්න.

දරුවා කැලය දෙසට රැගෙන යන දුටු දිල්රුක්‍ෂි චාන්දනී

අපේ ගේ තියෙන්නේ මේ කඩොලාන කැලයේ ආසන්නයේ වගේ. එදා මම දැක්‌කා සවස ඔය කියන මිනිහයි ඒ පුතයි කැලේ දෙසට යනවා. මගෙ මහත්තයත් ඇහුවා ඒ කවුද කියලා. අපි හිතුවේ කැලේට දර කඩන්න යනවා කියලා. සමහර වෙලාවට පොඩි ළමයි ගිරව් අල්ලන්න කැලේට යනවා. ඒ නිසා අපි වැඩිය ගණන් ගත්තේ නෑ. ඒ මිනිහා ළඟ පිහියක්‌ තියෙනවත් දැක්‌කා. සීසීටීවී කැමරාවෙ හිටිය මිනිහ තමයි ඒ ගියෙ.

අමරනන්ද විඡේසේකර - මහවැව

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook