Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

අම්මා, තාත්තත් විකිණෙන කොළඹ
නූපන් දරුවාටත් මිලක්‌ නියම වෙන්නෙ මෙහෙමයි

තවත් අය කිරි අපෙන් සල්ලිවලට ගන්නව.

මට මේ ඔත්තුව ලැබුණේ වීදි ලිංගික ශ්‍රමිකාවකගෙනි.


ඇගේ නම් ගම් හෙළි නොකරන පොරොන්දුව පිට ඇය මේ කතාන්දරයත් එහි අවශේෂ අටුවා ටීකා, ටිප්පනි, ගැට ගසන්න අවශ්‍ය සියල්ලක්‌ මට හෙළි කළාය.

කොළඹ කොටුවෙන් අම්ම තාත්ත වුනත් හොයාගන්න පුළුවන් කියල කතාවක්‌ තියෙනව. අම්ම තාත්ත කොහොම වුණත් තැන දන්නව නම් ගාණ තියෙනව නම් දරු පැටියෙක්‌ වුනත් හොයාගන්න පුළුවන්.

කොටුවෙ බෝගහ යට ළඟ පුංචි කෑම කඩයේ සිට බීම බෝතලයක්‌ තොල ගානා ගමන් ඇය කතාවට මුල පිරුවේ එසේය. ඔය එක එක හේතු නිසා බඩදරු වෙන ගෑනු කට්‌ටියම තමයි මේ වැඩේට ගන්නෙ. ඔය වෙළෙඳ කලාපෙ පඳුරකට පයින් ගැසුවොත් දහයක්‌ විස්‌සක්‌ විසිවෙනව.

සමහරුන්ට සෙට්‌ කර ගන්නෙ බ්‍රොකර්ලගෙන්. මම කරන්නෙත් ඕකෙ බ්‍රොකර් වැඩේ. තවත් සමහරුන්ට ගබ්සා කරල දාන්න එනකොට සෙට්‌ කරගන්නව. අවුරුද්දයිනෙ. වෙළඳ කලාපෙ කඹුරල අවුරුද්දකින් ලක්‌ෂ හයක්‌, හතක්‌ ගන්න බෑ. මෙතන මහන්සි වෙන්න දේකුත් නෑ.

කාල බීල ෆන් එකේ ඉන්න තියෙන්නෙ. නැති වෙන්න දේකුත් නෑනෙ. දරුවෙක්‌ව ගබ්සා කරල දාන තැනට හිත හදාගන්න කොට කෙල්ලගෙ හිත හොඳටම තෙම්පරාදු වෙලා. ගබ්සා කරල දානවට වඩා මේක හොඳ නිසා ගොඩක්‌ අය මේකට කැමැති වෙනවා.

අනිත් එක ගෙදරට මාසෙට ගාණක්‌ යවනවනෙ. ගෙදරට මොනව හරි බොරුවක්‌ කියල අවුරුද්දක්‌ ගේම ගහනව. කෑම බීම ඉඳුම් හිටුම් ඔක්‌කොම දෙනව. ඒත් ගෙදරින් එළියට බහින්න බෑ. මෙඩිකල් චෙකප් ඔක්‌කොම කරනව.

ළමයින්ව ගන්නෙ කොහොමද? මං ඇහුවෙ ඉපදුණාට පස්‌සෙ ගන්නවද?

ඒක මෙහෙමයි එක එක විදියට වෙන්නෙ. සමහරු ඉපදුණාට පස්‌සෙ ගන්නව. ඒ කියන්නෙ මූණ බලල ලස්‌සන බලල කිව්වට විශ්වාස කරයිද මන්ද සමහරු හඳහන් පවා හදනව තවත් අය දොස්‌තර කෙනෙක්‌ ළඟට ගෙනිහින් ලෙඩ තියෙනවද කියල බලල දැන් කාලෙ බඩේ ඉන්නකොටම ගෑනු ද පිරිමි ද කියල බලාගන්න පුළුවන්නෙ. බඩේ ඉද්දිම ගන්නකොට ඒ කෙල්ලට කෑම බීම බෙහෙත් හේත් ඔක්‌කොම තමන්ට කැමැති නම් ගෙනත් දෙන්න පුළුවන්.

දරුවෙක්‌ව විකුණන්නෙ කීයකටද?

ඒක එක එක ගණන් වලට සමහරවිට අටකට එක පාරක්‌ පහළොවකට දුන්නා. දරුවෙක්‌ වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්‌ම කරල දරුවෙක්‌ නැති වුණාම කෝටියක්‌ වුනත් දෙනව ඉතින් දහයක්‌ කියන්නෙ ඒ තරම් දෙයක්‌ නෙමෙයි.

සාමාන්‍යයෙන් මාස හයක්‌ යනකම් මවු කිරි නේද දෙන්න ඕන.

සමහරු දරුවට ලොකු ලොකු ගණන් වල පිටි කිරි දෙනව. තවත් අය දරුවගෙ අම්මව ගෙදර ගිහින් තියාගන්නව. තවත් අය කිරි අපෙන් සල්ලිවලට ගන්නව.

බෝතලයක්‌ දෙදාහයි. ඒකත් මරු බිස්‌නස්‌ එක. මෙහෙන් දරුවො ගන්න කට්‌ටිය විතරක්‌ නොවෙයි කිරි තිබිලත් දරුවන්ට කිරි දෙන්නෙ නැති කට්‌ටිය, ඇත්තටම එක එක හේතු නිසා කිරි එරෙන් නැති කට්‌ටිය විතරක්‌ නෙමෙයි. එක එක මානසික රෝගියොත් කිරි ගන්නව.

මානසික රෝගියො කිව්වෙ?

කිරි ගන්න එක පිරිමි කෙනෙක්‌ ඉන්නව. ඒ මනුස්‌සයට ගෑනු කෙනා එක්‌ක නිදාගන්න කලින් මවු කිරි බොන්න ඕනලු. එයාගෙ හිතේ ඒකෙන් එයාගෙ ශක්‌තිය වැඩිවෙනව කියල. කිරි තිබිලත් කිරි දෙන්නෙ නැති ගෑනු ගැන මොන කතාද? එක අතකට දරුවන්ට කිරි දීල. විවාහක රූ රැජින වෙන්නෙ කොහොමද?

කිරි නැති ගෑනුන්ට වෙන කරන්න දෙයක්‌ නෑනෙ. එක පාරක්‌ ගෑනු කෙනා දරුවව තාත්තට දාල මොකක්‌ද හදිස්‌සි බිස්‌නස්‌ වැඩකට රට ගිහින් ඒ මනුස්‌සය සති තුනක්‌ විතර අපෙන් කිරි ගත්ත. එක පාරක්‌ අම්මට ඔය සමාජ රෝගයක්‌ තිබිල, තවත් පාරක්‌ අම්මට ඩෙංගු හැදිල අපෙන් කිරි ගත්තා කියන ඒවායෙ. ඇත්ත නැත්ත අපි දන්නෙ නෑ. අපිට අදාළත් නෑනෙ.

ඉතින් හම්බ වුණාට පස්‌සෙ ළමයට දෙන්න කැමැති වෙනවද?

එක පාරක්‌ එක කෙල්ලෙක්‌ දරුවව දෙන්න බෑ කියල ලොකු අඩව්වක්‌ ඇල්ලුව. සල්ලි දුන්නට පස්‌සෙ සල්ලි වලින් මූණට දමල ගැහුව ලෝක යුද්ධයක්‌ කරල තමයි දරුවව ගත්තෙ. සමහරුන්ට නම් ගාණක්‌ නෑ. ඇඟේ එල්ලිල ඉන්න කූඩැල්ලෙක්‌ අයින් කරනව වගේ තමයි දරුවව දෙන්නෙ සාමාන්‍යයෙන් කෙල්ලො දරුවව දෙන්නෙ වැළහින්නක්‌ වගේ අඬ අඬා

මේ කතාවේ තවත් එක්‌ චරිතයක්‌ මට මගේ මිතුරිය හඳුන්වල දුන්නාය. අලගිය මුලගිය තැන් වැඩක්‌ නැත. අපිට අදාළ අපේ කතාවය.

මම මගේ දරුවව දුන්නෙ හිතකින් නෙමෙයි. මට වෙන කරන්න දෙයක්‌ තිබුණෙ නෑ. ඒකි මා ළඟ හැදුණොත් ඒකිටත් වෙන්න මම කරන රස්‌සාවම කරන්න. මේ ලෝකෙ හරිම විෂඝෝර සර්පයො ඉන්නෙ. නයාගෙ විස තියෙන්නෙ දළේ විතරයි. ඒත් මේ ලෝකෙ ඉන්න වැඩි හරියකගේ ඉහින් කනින් විෂ වැක්‌කෙරෙනව.

පිරිමි හරිම පුදුමාකාරයි. එක එක පිරිමි එක එක විදියෙ ගෑනුන්ට ආස. ඔය අතරෙ කොටසක්‌ ඉන්නව බඩදරු අම්මලට ආස තවත් අය කිරිදෙන අම්මලට හරියටම කියනවනම් වැදුම් තුවාලවත් හරියට සනීප නොවිච්ච ගෑනුන්ට. මම ඔය දෙවර්ගයටම ආස පිරිමි එක්‌ක ඉඳල තියෙනව. තාම මගේ බඩේ රැලි වැහිලවත් නෑ.

කිරි එරෙනව උන්දැලට ඒක ඇති. කිරි සප්පයොන්ට එරෙන කිරි බොන්නෙ හෙට අනිද්ද වළ කජු ගහන වයසෙ එවුන්. දරුව විකුණල ගත්ත සල්ලිවලින් ගේ හරියට හදාගන්න ඕන. මේ රස්‌සාව හැමදාම කරන්න බෑ. පොත්ත රතුවට තියෙනකම් විතරයි. අපිට මේ නරාවළෙන් ගොඩ ඒමක්‌ නෑ.

මානව දයාව, සදාචාරය, ශිෂ්ටාචාරය, දරු සෙනෙහස, මානුෂිකත්වය, අහිමි වීම, හිමි වීම කාසිපනම් බලපුළුවන්කාරකම් අතරෙ ටැක්‌ගැහෙන මේ අන්දරයේ වැරදිකරුවා ද, නිවැරදිකරුවා ද සොයා ගැනීම ඔබට භාරය. සිදුවූ මානව ජාවාරමේ කතාව මෙතැනින් අවසාන නැත.

මේ කෙටි සටහන අවසන් කරන්නට පෙර මේ සියල්ල අතරේ මා සිත සසළ කළ එක්‌ දසුනක්‌ ගැන ඔබට ලියමි.

මම ඇගේ දැස දුටුවෙමි. සමාජ ආර්ථික දහසකුත් එකක්‌ඛේදවාචක මැද්දේ සිය දාරක සෙනෙහස පනම්වලට හුවමාරු කළ ඇගේ නිරුවත් දැස දුටුවෙමි. මේ දේශයේ සතුට සිනාවන් පමණක්‌ නොව කඳුළ සුසුම වියෑළී සිඳී ගොස්‌ බොහෝ කලක්‌ ඉක්‌මවා ගොස්‌ ඇති ඛේදවාචකය ඇගේ නිරුවත් දැසේ සිත්තම්ව තිබූ අයුරු මම නිහඬව බලා සිටියෙමි.

– මධුෂාණි කොඩිතුවක්‌කු

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook