Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

අම්මා කෙනෙක් වුණත් ලස්සනට ඉන්න ඕනේ
මවක් වීම කියන්නේ ගැහැනියක්
විරූපී වීම කියන එක ‍නෙවෙයි
-උදාරි වර්ණකුලසූරිය

රූපයෙන්, රංගනයෙන් වගේම නමෙනුත් කා අතරත් මතකයේ රැඳෙන චරිතයක් තමයි උදාරි වර්ණකුලසූරිය කියන්නේ. මේ දිනවල විකාශය වන ‘පිනි’ ටෙලි නාට්‍යයෙන් ඇයව දැකගන්න ලැබෙන නිසාම ඒ ගැනත් සිය පෞද්ගලික තොරතුරු ගැනත් කතා කරන්න මෙවර අපි ඇයට ආරාධනා කළා.

කොහොමද ජීවිතේ? මොනවද අලුත් තොරතුරු?
ජීවිතේ අපේ දෝණිත් එක්ක සතුටින් ගත වෙනවා. අලුත් තොරතුරු නම් පෙබරවාරි මාසේ ඉඳන් ‘අහස් මාලිගා’ ටෙලි නාට්‍යය විකාශය වීමට නියමිතයි හිරු ටීවී ඔස්සේ. ඒ වගේම ඇලඩින්ගේ පුදුම පහන සහ ‍පෝරිසාදයා සිනමා නිර්මාණත් ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. ඉතින් මේ සීමිත නිර්මාණ කිහිපයටම විතරයි සම්බන්ධවෙලා කටයුතු කළේ.

ඒ සීමිත නිර්මාණ අතරින් සිනමාවටද වැඩි ඉඩක් වෙන් කරලා තියෙන්නේ?
එහෙමම කියන්න අමාරුයි. මොකද මේ දක්වා මම ටෙලි නාට්‍ය 10ක් 12ක් වගේ අතර ප්‍රමාණයක් කරලා තියෙනවා. ඒ අතර චිත්‍රපට පහකට වගේ තමයි සම්බන්ධ වුණේ.

හැම නිර්මාණයකටම සම්බන්ධවෙලා ජනප්‍රිය වීමේ වුවමනාවක් ඔබට නැද්ද?
ජනප්‍රියත්වය හොයාගෙන ලැබෙන ලැබෙන හැම නිර්මාණයකම රඟපාන්න ඕනයි කියන තැන මම නෑ. මොකද මම විවාහක කාන්තාවක්. ඉතින් බිරිඳක්, මවක් කියන මගේ සැබෑ ජීවිතේ භූමිකාව අමතක නොකර මට ගැළපෙන, ඒ වගේම චරිත වෙනුවෙන් කැපවෙන්න කාලය වෙන් කළ හැකි නම් පමණයි මම චරිතයක් භාරගන්නේ.

අම්මා කෙනෙක් නිසා ජීවිතේ ගොඩක් කාර්යබහුල ඇති නේද?
අම්මා කෙනෙක් කියන්නේ කොහොමත් තමන්ගේ දරුවෝ වෙනුවෙන්ම කැපවුණු කාර්යබහුල කෙනෙක්. ඉතින් මාත් මගේ දුව වෙනුවෙන් ගොඩක් කැපවනවා. ඒ කාර්යබහුලත්වය මට හරි සුන්දරයි.

දුවෙක් ඉන්න අම්මා කෙනෙක් කියන දේත් හිතලා වෙන්න ඇති ඔබ චරිත තෝරාගන්නෙත්?
ඔව්. මගේ සැමියා, දුව, මගේ දෙමව්පියෝ වගේම මම මගේ ආත්ම ගරුත්වය ගැනත් හිතලයි චරිතයක් තෝරාගන්නේ. වාණිජ සිනමාවේදී වුණත් මගේ උපරිමය චරිතයට දෙන්න පුළුවන් නම් විතරයි මම ඒ චරිතෙ භාරගන්නේ.

අම්මා කෙනෙක් වීම ලස්සනට බාධාවක් කියලා හිතෙන්නේ නැද්ද?
මවක් වීම කියන්නේ ගැහැනියක් විරූපී වීම කියන එක ‍නෙවෙයි. ආසියාතික කාන්තාවෝ වැඩි හරියක්ම හිතන්නේ අම්මා කෙනෙක් වුණාම ආයේ ලස්සන ගැන, තමන් ගැන හිතන්න ඕන නෑ කියලා. හැබැයි මවක් වීම බාධාවක් නොකරගෙන දරුවන්ටත් මුල්තැන දෙන ගමන් කෑමබිම, පිරිසිදුකම, සෞඛ්‍යය ගැන අවධානයෙන් ඉන්නවා නම් ලස්සන කියන්නේ ළඟාකර ගන්න අපහසු දෙයක් ‍නෙවෙයි.

එතකොට කොහොමද ඔබ විලාසිතා තෝරාගන්නේ?
විලාසිතා කියන්නේ දවසින් දවස අලුත් වෙන දෙයක්නේ. ෆැෂන් ෂෝවල තියෙන හැම විලාසිතාවම අපිට සාමාන්‍ය ජීවිතේදී අත්හදා බලන්න බැහැ. ඉතින් මම කරන විලාසිතාව නිසා කෙනෙක් මා දිහා දෙපාරක් හැරිලා බලන තත්ත්වයට මම විලාසිතා තෝරාගන්නේ නෑ. අනවශ්‍ය ලෙස කැපී නොපෙනෙන මට ගැළපෙන සරල විලාසිතා තමයි මම තෝරාගන්නේ.

දැන් පදිංචිය ලංකාවෙමද?
විවාහවෙලා මාස දෙකෙන් අපි සිංගප්පූරුවේ පදිංචියට ගියා. ෂූටින් තියෙනකොට තමයි ලංකාවට ආවේ. දැන් දුවගේ අධ්‍යාපන කටයුතු නිසා කාලයක් ආයෙමත් ලංකාවේ රැඳෙනවා. මොකද එහේ අවුරුදු හතෙන් ප්‍රාථමික අධ්‍යාපනය පටන්ගන්නේ. ඉතින් අපි තීරණය කළා දුවට ප්‍රාථමික අධ්‍යාපනය ලංකාවෙන් ලබාදීලා ඉන් එහාට උසස් අධ්‍යාපනය සඳහා නැවත විදේශගත වීම සුදුසුයි කියලා.

ඔබේ රූපය ගැන ඔබට තියෙන්නේ මොන වගේ තක්සේරුවක්ද?
මට, මං ගැන හොඳ ආත්ම ශක්තියක් තියෙනවා. මගේ රූපය ගැන මට සතුටුයි. රූපය ලස්සනට තියාගන්න නම් මම මහන්සි වෙන්නේ නැහැ. හැබැයි ශරීරයේ ලස්සන ගැන මම හිතනවා. ෆේෂල් එහෙම කරන කෙනෙක් ‍නෙවෙයි මම. ‍පොල් කිරි මිශ්‍ර ආහාර නිසා අපේ ශරීර හරි ඉක්මනට මහත් වෙන්න බලනවා. ඒ නිසා එළිමහන් ව්‍යායාම තුළින් ශරීරයේ හැඩය පවත්වාගෙන යන්න අවශ්‍ය දේවල් මම කරනවා.

ආයේ රූප රැජින තරගවලට සම්බන්ධ වුණේ නැද්ද?
නෑ, මම එහෙම තරගවලට නිතර නිතර සම්බන්ධ වෙන කෙනෙක් ‍නෙවෙයි. එක තරගයකට විතරයි සම්බන්ධ වුණෙත්. හැබැයි රූ රැජින තරග විනිශ්චය කරන්න නම් සම්බන්ධ වෙනවා.

‘පිනි’ ටෙලි නාට්‍යයේ චරිතෙ ගැන මොකද හිතෙන්නේ?
ඒ චරිතය මම හරි ආසාවෙන් රඟපාන චරිතයක්. මොකද ඒ වගේ දුෂ්ට, චපල ගැහැනියකගේ චරිතයක් මම මීට කලින් රඟපාලා නැහැ. ඉතින් චරිතේ අභියෝගාත්මකයි. හැබැයි ඉතින් හරි සතුටින් විනෝදයෙන් තමයි මම ඒ චරිතෙට රංගනය ලබාදෙන්නේ.

ඔබට ලැබෙන චරිත ගැන මොකද හිතෙන්නේ?
මට විවිධාකාර චරිත ලැබිලා තියෙනවා. ඉතින් හරි සතුටුයි ඒ පිළිබඳව. ඉදිරියේදී ගොලු, අන්ධ, මන්ද මානසික වගේ චරිතෙකට රංගනය ලබාදෙන්න මම කැමතියි. මම හිතනවා මට ඒ වගේ චරිතයකට සාර්ථක රංගනයක් ලබාදෙන්න පුළුවන් වේවි කියලා.

ව්‍යාපාර පැත්තටත් සම්බන්ධ වීමේ බලා‍පොරොත්තුවක් තියෙනවා නේද?
ඔව්, එහෙම බලා‍පොරොත්තුවක් තියෙනවා. මොකද රංගනය කියන්නේ හැමදාම පවතින්න පුළුවන් දෙයක් ‍නෙවෙයිනේ. ඒ නිසා අපේම කියලා ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කිරීමේ අදහසක් තියෙනවා.

නඳුනි අරියවංශ

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook