Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

මම කවදාවත් ගායකයෙක් වෙන්න හීන දැක්කේ නැහැ
ඇය තමයි හැමදේම විඳ දරාගෙන
මම වෙනුවෙන් හැම කැපකිරීමක්ම කරන්නේ

බිරිඳගේ උපන් දිනේ අමතකවුනා
පත්තරවලටත් විවාහ වුණ දවස පවා වැරදියට කියලා තියෙනවා

තරු වේදිකාවේ හැමෝගේම සිහින තරුව වුණේ ශිහාන් මිහිරංග. එදා වගේම අදත් එකලෙස ජනප්‍රිය ඔහුගේ තොරතුරු දැනගන්න අපි මේ සතියේ ඔහුට කතා කළා.

ළඟදි ගීතයක් නිර්මාණය කළේ නැද්ද?
මගේම ස්ටූඩියෝ එකක් ආරම්භ කරන්න කටයුතු කරන නිසා ළඟදි ගීතයක් කළේ නැහැ. ස්ටූඩියෝ එකත් එක්කම ගීතයකුත් කරන්න බලා‍පොරොත්තු වෙනවා.

ඔබත් පවතින රැල්ලට කොටුවෙලාද?
නැහැ, මම රැල්ලකට කොටුවෙන්න කැමති නැහැ. පහුගිය කා‍ලේ අවුරුදු දෙකක් එක්තරා ආයතනයක් සමග වැඩ කළා. ඒකයි එහෙම හිතෙන්නේ. ව්‍යාපාරික අරමුණෙන් තමයි එදා ඒ ගීත නිර්මාණය කළේ.


ශිහාන් මිහිරංගව බිහිවෙන්නේ සුපර් ස්ටාර් වේදිකාවෙන්. ඇයි අද බිහිවෙන තරුවලට ඒ තරම් ජනප්‍රියත්වයක් නොලැබෙන්නේ?
රියැලිටි කලාවේ පළමු කණ්ඩායම නිසයි අපිට මෙතරම් ජනප්‍රියත්වයක් ලැබුණේ. කාලයක් යද්දි මේකේ මැජික් එක නැතිවුණා කියලයි, දක්ෂතාවයෙන් වැඩි පිරිසක් හිටියත් ප්‍රේක්ෂකයන්ගේ හිත්වල මතකය අඩුවෙලා යනවා. දක්ෂයෝ බිහිවුණත් රසිකයන්ගේ හිත්වල රැඳෙන්න අමාරුයි.

මුදල් තිබුණොත් ගීතයක් ජනප්‍රිය කරගන්න පුළුවන් කියන්නේ ඇත්තද?
එහෙම දෙයක් රටේ තියෙනවා. සල්ලි දීලා ජනප්‍රිය වෙන්න කැමති පුද්ගලයෝ ඉන්නවා වගේම ව්‍යාපාර මට්ටමින් ලාභ උපයන්න පුළුවන් අය ඉන්නවා. නමුත් මම මගේ ගීත කවදාවත් මුදල් දීලා ජනප්‍රිය කරගෙන නැහැ.

අද බිහිවෙන බොහෝ ගීතවල රූප රචනා සඳහා ලිංගිකත්වය යොදාගැනීම ඉහළ ගිහින් නේද?
රටේ වැඩි පිරිසක් බලන්නේ ලිංගිකත්වය තියෙන නිර්මාණ නම් ඒක කරන මනුස්සයාගේ වැරැද්ක්ද? බලන මනුස්සයාගේ වැරැද්දක්ද කියලා හිතන්න වෙනවා. එතැන තියෙන්නේ මානසික ප්‍රශ්නයක්. ඕනම කෙනෙක්ට ඕනම දෙයක් කරන්න පුළුවන්. ඒක ප්‍රේක්ෂකයා තීරණය කරන්න ඕන බලනවාද නැද්ද කියන එක.



ජනප්‍රියත්වය නිසා තවමත් ඔබේ පුද්ගලික නිදහස සීමා වෙනවද?

සියයට ලක්ෂ වාරයක් මගේ පුද්ගලිකත්වය, නිදහස, මගේ හැඟීම් දැනීම් සීමා කළා. කලාකරුවන්ගේ ජීවිතවල ගොසිප් වැඩි නිසා හරි අමාරුයි ජීවත්වෙන්න. අදටත් පුද්ගලිකත්වය සීමාවෙලා තියෙනවා.

තවමත් ඔබ ගීත රසවිඳින්නේ නැද්ද?
ඉස්සර වගේම අදටත් මගේ දුරකථනයෙන්වත්, වාහනේවත් සින්දු අහන්නේ නැහැ. ඒක වෙලාවකට වැරදියි කියලා හිතෙනවා. සමහර වෙලාවල්වලට මනස එක්තැන් කරගන්න තෝරා බේරාගෙන ගීත කිහිපයක් රස විඳිනවා.

ගීත ගායනයට අමතරව මොනවද ඔබ කැමති විනෝදාංශ?
මම ඉවුම් පිහුම් කරන්න කැමතියි වගේම ගෙවතු අලංකරණයට ගොඩක් කැමතියි. ඒ හැමදේම මගේ අතින් වෙනවා. අපේ ගෙදර කිසිම සේවකයෙක් නැහැ. මම තමයි දාඩිය දාගෙන වත්තේ වැඩ කරන්නේ.

ජීවිතේ ආපස්සට හැරිලා බලද්දි අද මොකද හිතෙන්නේ?
සතුටුයි. මම අපේ තාත්තා එක්ක ගොඩක් හීන දැකපු කෙනෙක්. අපේ තාත්තා දැකපු හීන මට ඉටුකරන්න පුළුවන් වුණා. එච්චරටම මගේ හීනවලට යන්න ඉක්මන් වුණා. එක පැත්තකින් සමහර දේවල් මගහැරුණා. ඒත් ගොඩක් දේවල් ඉටුකරගන්න පුළුවන් වුණා.

ජීවිතේ මගහැරුණ දේවල් ගැන ඔබ පසුතැවෙනවාද?
වෙලාවකට පසුතැවෙනවා. ඒ මට ගොඩක් දේවල් මගහැරුණෙත් ලැබුණෙත් ජනප්‍රියත්වය නිසා. ගොඩක් අය කැමති නැහැ තව කෙනෙක් උඩට එනවට.

ඔබ ‍පොඩි කා‍ලේ ඉඳන් හීන දැක්කේ කවුරු වෙන්නද?
මම කවදාවත් ගායකයෙක් වෙන්න හීන දැක්කේ නැහැ. මම ආසම චිත්‍ර අඳින්න, මූර්ති අඹන්න. අහම්බෙන් තමයි සංගීතයට ආවේ. ඉදිරියේදී චිත්‍ර, මූර්තිවලට කාලයක් වෙන් කරගන්න බලා‍පොරොත්තු වෙනවා.

අමතක වීම් අතපසු වීම් නිසා ජීවිතේ අමතක නොවන සිදුවීම් ඇති?
මට පාරවල්, උපන් දින මතක හිටින්නේ නැහැ. මගේ දරුවන්ගේ උපන් දින පවා ඇතැම් වෙලාවට අමතක වෙනවා. පත්තරවලටත් විවාහ වුණ දවස පවා වැරදියට කියලා තියෙනවා. බිරිඳගේ උපන් දිනේ අමතකවෙලා තියෙනවා. ලොකු ප්‍රශ්න වෙලා නැහැ. ඒත් හිත් රිදවීම් ඇතිවෙලා තියෙනවා. මේ පාරත් බිරිඳගේ උපන් දිනේ මතක් වුණේ මගේ ෆෑන් කෙනෙක් ඇයට සුබ පතලා එව්වට පස්සේ. ප්‍රසිද්ධ, ප්‍රවීණ කලාකරුවෙක්ගේ නමක් අමතකවෙලා මම ලොකු අපහසුතාවකට පත්වුණා.

ශිහාන්ටත් ජීවිතේ හදාගන්න දේවල් ඇති?
අවුරුදු පහළොවක් විස්සක් ආපස්සට යන්න තියෙනවා නම් ගොඩක් දේවල් තියෙනවා හදාගන්න. දැන් ඒකට පරක්කු වැඩියි. සමහර පුරුදු හදාගන්න අමාරුයි. මට ගොඩක් තරහා යනවා, ක්ෂණික කෝපයට පත්වෙනවා. මම මගේ තීරණයේම ඉන්නවා. ඒ දේ නම් වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා හරියට පාඩු වෙනවා. මගේ පවු‍ලේ උදවිය ඒ හැමදේම දරාගෙන ඉන්නවා.

ශිහාන්ට රංගනයට ආරාධනා ලැබෙනවා කියන්නේ ඇත්තද?
මේ ළඟදිත් මට ආරාධනා ලැබුණා. මට ඇත්තටම රඟපාන්න බැහැ වගේම ඉගෙනගෙන නැහැ. ඉදිරියේ රඟපාන්න හිතුණොත් හරියට ඉගෙනගෙන රඟපානවා මියුසික් වීඩියෝ පැත්තෙන්.



වෘත්තීය ජීවිතය වගේම පුද්ගලික ජීවිතයේ සාර්ථකත්වයේ රහස මොකක්ද?

ප්‍රතිපත්ති, ඒ නිසයි ජීවිතේ හැමදේම සාර්ථක වෙන්නේ කියලා මම හිතන්නේ. ඒ වගේම වෘත්තියයි, පුද්ගලිකත්වයයි එකට එකතු නොකර ගෙනියන්න පුළුවන් නම් ජීවිතේ සාර්ථකයි.

කොහොමද ඔබේ බිරිඳගෙන් ලැබෙන සහයෝගය?
ඇය තමයි හැමදේම විඳ දරාගෙන මම වෙනුවෙන් හැම කැපකිරීමක්ම කරන්නේ.

තිළිණි කරුණාරත්න

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook