Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ශෂී වීරවංශට හොර පාස්පෝර්ටි හැදූ
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ
හිටපු කොමසාරිස් ජනරාල් ජගත් ප්‍රේමලාල් 
උසාවියට ඇවිත් කියන කතාව

නීතිඥ - ඔබ මෙහි පැමිණි කාරණාව දන්නවාද?
සාක්කිකරු - ඔව්. 2010 විමල් වීරවංශ බිරිය ලබාගත් ID වැරදි බව පසුව අනාවරණය වුණා. ඒ සම්බන්ධ සාක්කි දීමට පැමිණියා.

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තමාගෙන් කළ ඉල්ලීමකට අනුව ‍ගෞරවනීය තනතුරක් දරන අයෙකුගේ බිරියක් ලෙස සත්‍ය තොරතුරු ඉදිරිපත් කරනු ඇතැයි විශ්වාස කිරීම මත වීරවංශ මහතාගේ බිරියට හැඳුනුම්පතක් නිකුත් කිරීමට ක්‍රියා කෙළේ යැයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල් ජගත් ප්‍රේමලාල් විජේවීර මහතා ඊයේ (27) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා හමුවේ සාක්කි දෙමින් පැවසීය. අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ළඟ තබා ගැනීමේ චෝදනා ලද ‍පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිය වන ශෂී වීරවංශ මහත්මියට එරෙහි නඩු විභාගයේදී හිටපු කොමසාරිස් ජනරාල්වරයා මේ බව සඳහන් කෙළේය.

ගෞරවනීය තනතුරක් දරන ප්‍රභූවරයෙකුගේ බිරිඳක් වන ඇය සත්‍ය තොරතුරු ඉදිරිපත් කර ඇති බවට මා විශ්වාස කළ බව පැවසූ සාක්කිකරු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ ඉල්ලීම මත සත්භාවයෙන් හා මනුෂ්‍යයින්ට උපකාර කිරීමේ අරමුණින් මෙම ජාතික හැඳුනුම්පත නිකුත් කිරීමට නිර්දේශ ලබා දී ක්‍රියා කළ බවට හෙතෙම වැඩිදුරටත් අධිකරණය හමුවේ පැවසීය.

පැමිණිල්ල වෙනුවෙන් රහස් පොලිසිය සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාගේ මෙහෙයවීම මත සාක්කිකරු මෙසේ ද පැවසීය.

නීතිඥ - 2010 ඔබේ ධුරය කවරක් ද?

සාක්කිකරු - පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් ලෙස මෙම ධුරය භාරධුර වගකීම් සහිත ධුරයක්.

නීතිඥ - කවර අමාත්‍යාංශය යටතේ පැවතුනේ ද?

සාක්කිකරු - රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබුණේ.

නීතිඥ - පනතක් තිබෙනවා ද?

සාක්කිකරු - ඔව් පනත 1971 ඇවිත් 1982 සංශෝධිත වුණා.

නීතිඥ - සෑම ශ්‍රී ලාංකික පුරවැසියකුම ලියාපදිංචි වීමේ ක්‍රමවේදයක් තිබෙනවා ද?

සාක්කිකරු - ඔව්. එක් එක් ග්‍රාමසේවා වසම්, වතු ආදි ආයතන කරා බලය විමධ්‍යගත කර තිබෙනවා.

නීතිඥ - ඔබ මෙහි පැමිණි කාරණාව දන්නවාද?

සාක්කිකරු - ඔව්. 2010 විමල් වීරවංශ බිරිය ලබාගත් ID වැරදි බව පසුව අනාවරණය වුණා. ඒ සම්බන්ධ සාක්කි දීමට පැමිණියා.

සාක්කිකරු - දුරකථනයෙන් ඇමැතිතුමා ඉල්ලීමක් කළා. ජාතික හැඳුනුම්පත සකස් කැර දෙන්න කිව්වා.

නීතිඥ - අනන්‍යතාවය තහවුරු කර ගත්තද?

සාක්කිකරු - මා ඇය හඳුනනවා. ඒ නිසා සැකයක් තිබුණේ නැහැ.

නීතිඥ - මෙම විත්තිකාරිය ඔබ හමුවීමට පැමිණියා ද?

සාක්කිකරු - පවුලේ ප්‍රශ්නයක් තිබෙනවා. විදේශගතවීමට ඇති බවත් ඇමැතිතුමා මට පැවසුවා. ඒ අනුව ඇය පැමිණියා. සියලු ලිපි ලේඛන ගේ මාරු කිරීමේදී නැතිවෙලා. ජාතික හැඳුනුම්පතක් ගැනීමට අවශ්‍ය බව ඇය පවසා සිටියා. රියැදුරු බලපත්‍රය හා පොලිස් සහතිකයක් තිබෙන බව ඇය පවසා සිටියා.

නීතිඥ - මෙම කාර්යයට අනුයුක්ත කළ නිලධාරින් කවුරුන්ද?

සාක්කිකරු - ලිපිකරු (ප්‍රභාත්) මීට උදව් කර ඇති බවට දැන ගත්තා.

නීතිඥ - 2 වන අවස්ථාවේ විත්තිකාරිය ඔබට හමුවුණා ද?

සාක්කිකරු - ලිපි ලේඛන රැගෙන ඇය පැමිණියා. ප්‍රභාත්ට මම නියම කළා පෝරම නිකුත් කර ඇයට සහාය වන ලෙසට.

නීතිඥ - මෙම විත්තිකාරිය අරබයා කවර පෝරමයක් නිකුත් කරන්න කිව්වද?

සාක්කිකරු - නව හැඳුනුම්පත් නිකුත් කරන පෝරමයක් නිකුත් කළා.

නීතිඥ - පොලිස් ප්‍රකාශය අනුව ඇ‍යගේ වයස දැනගත්තද?

සාක්කිකරු - වයස 16 වැඩි වැඩිහිටි කාන්තාවක් බවට මා දැන සිටියා. ඇයට කලින් ජාතික හැඳුනුම්පතක් නොතිබූ බවට මා දැනගත්තා.

මෙහිදී ප්‍රථම වතාවට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමේ ආකෘති පත්‍රය ඇතුළු ලේඛන සාක්කිකරු වෙත නීතිඥවරයා පෙන්වා සිටී. ඔහු එම ආකෘති පත්‍ර හඳුනාගනු ලැබිණි.

නීතිඥ - වයස 39 – 40 අයට ප්‍රථමයෙන් හැඳුනුම්පත් නිකුත් කිරීමේ පෝරමයක් ඔබ නිකුත් කර තිබෙනවා.

සාක්කිකරු - මැය ඇමැතිවරයාගේ බිරිය නිසා හා ඇමැතිවරයා මගෙන් කළ ඉල්ලීම අනුව මා තරයේ විශ්වාස කළා ඇයට හැඳුනුම්පත් නැති බවට.

නීතිඥ - සත්‍යතාවය සොයා බලා වගකීමෙන් කටයුතු නොකර කවරෙකු කියූ පමණින් කරුණු කාරණා විශ්වාස කරනවද?

සාක්කිකරු - මට ඒ වෙලාවේ හැඟී ගිය කරුණු අමාත්‍යවරයා පසු දින විදේශගතවීමට අවශ්‍ය බව සඳහන් කළහම මා විශ්වාස කළා අපේ අභිමතය භාවිතා කැර උදව්ව කළා.

නීතිඥ - ඡායාරූපයේ ඔබගේ අත්සන තබන‍්නේ ඇයි?

සාක්කිකරු - පරම බලය කොමසාරිස් සතු බැවින්.

නීතිඥ - ඔබ මුද්දර සැපයුවද, ගම් බෝතල්

සාක්කිකරු - මගේ කාර්යාලයේ මුද්දර සපයන්නේ නැහැ.

නීතිඥ - අයැදුම්පත්‍රය ඇයට ලබාදීමට පාදක වූයේ ප්‍රභූවරයාගේ විශ්වාසනීයභාවය පොලිස් වාර්තාව හා රියැදුරු බලපත්‍රය බව කීවානේ. රියැදුරු බලපත්‍රයේ ශිර්ෂා රණසිංහ ලෙසත් පොලිස් වාර්තාවේ ෂෙහාර්සා උදයන්ති රණසිංහ සඳහන් වෙනවා. එය බැලුවේ නැද්ද?

සාක්කිකරු - සිය ගණනක් පුද්ගලයින් එනවා. එමනිසා නිරතුරු ඒවා බලා කටයුතු කරන්න බැහැ.

නීතිඥ - මේ අයැදුම්කාරියට දඩයක් නියම කර තිබෙනවා ද?

සාක්කිකරු - මෙම අයැදුම්පත්‍රයට අදාළව දඩ නියම කර නැති බව පෙනෙනවා.

නීතිඥ - ඔබ ආයතන ප්‍රධානි ලෙස සහතික කළ ඉල්ලුම්පත්‍ර පිළිබඳව වෙනත් අංශ බලයලත් නිලධාරින්ට නෛතික ක්‍රියාමාර්ග ගැනීමට අයිතියක් තිබෙනවා ද?

සාක්කිකරු - ඔව්.

නීතිඥ - අසත්‍ය තොරතුරු දැක්වීම සම්බන්ධව පනතේ විධිවිධාන සඳහන් ද?

සාක්කිකරු - ඔව්.

නීතිඥ - සංශෝධිත හැඳුනුම්පතක් ලබා ගැනීමේදී මුලින් ලබාගත් හැඳුනුම්පතට කුමක් ද වෙන්නේ?

සාක්කිකරු - පෙර හැඳුනුම්පත අවලංගු වෙනවා.

නීතිඥ - පසුව ලේඛන ඉදිරිපත් කිරීමට බැඳී සිටින්නේ කවුරුන් ද?

සාක්කිකරු - අයැදුම්කාරිය බැඳී සිටිනවා එමෙන්ම නිලධාරින් ඒ පිළිබඳ සොයා බලා කටයුතු කළ යුතු වෙනවා.

නීතිඥ - ජාතික හැඳුනුම්පතේ ලිපිනය ලෙස නිල නිවසේ ලිපිනය යොදා තිබෙනවා. ඇමැති තනතුර නැති වුණාට පස්සේ මේ ලිපිනය වෙනස් කර ගත යුතු නැද්ද?

සාක්කිකරු - අනිවාර්යයෙන්ම වෙනස් කර ගත යුතුයි.

නීතිඥ - ඔබ දැනගත්ත ද? CID මේ පිළිබඳව විමර්ශනයක් පවත්වන බව.

සාක්කිකරු - ඔව්, කටඋත්තරයේ අත්සන් තැබුවා. ප්‍රභූවරයෙකුගේ බිරිය, ගෞරවනීය තනතුරක් දරන සත්‍ය තොරතුරු ඉදිරිපත් කර මෙම අයැදුම්පත්‍රය ඉදිරිපත් කළ බවට මම විශ්වාස කළා.

මෙහිදී සාක්කිකරුගෙන් හරස් ප්‍රශ්න ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා විමසීම ආරම්භ කෙළේය.

නීතිඥ - නිවස මාරු කිරීමේදී ලේඛන අස්ථානගතවීම සම්බන්ධව ඔබව විමල් වීරවංශ මහතා දැනුවත් කළා ද?

සාක්කිකරු - ඔව්. හැඳුනුම්පතක් අවශ්‍ය බව සඳහන් කළා.

නීතිඥ - හැඳුනුම්පත් නොතිබූ බව අසත්‍යයක්.

සාක්කිකරු - පිළිගන්නේ නැහැ.

නීතිඥ - මගේ හැඳුනුම්පත නැති වෙලා තිබෙනවා, කොහොමද හැඳුනුම්පත ලබා ගන්නේ කියලා. විත්තිකාරිය විමසුවා.

සාක්කිකරු - නැහැ. ලේඛන නැති වෙලා. වීසා ලබාගැනීමට හැඳුනුම්පතක් අවශ්‍ය බව දැනුම් දුන්නා.

නීතිඥ - අලුත් හැඳුනුම්පතක් ලබා ගැනීමට අවශ්‍ය ලේඛන මොනවාද?

සාක්කිකරු - උප්පැන්න සහතිකය, ග්‍රාමසේවක සහතිකය අප ලබා ගන්නා ඉදිරිපත් කරන කරුණු සත්‍ය බව දැනීගියහොත් බලයලත් නිලධාරි හැකියාව තිබෙනවා හැඳුනුම්පත නිකුත් කරන්න.

නීතිඥ - තමාගේ සේවා කාලය තුළ දී හැඳුනුම්පත්වල නිවැරදි කිරීම් කර ඇත්ද?

සාක්කිකරු - ඔව්. අනන්තවත් තිබෙනවා.

නීතිඥ - හැඳුනුම්පතේ වැරදි නිවැරදි කිරීම සඳහා දෙපාර්තමේන්තුවට විත්තිකාරිය යොමු කර තිබෙන බවට මා යෝජනා කරනවා.

සාක්කිකරු - මට ලැබුණේ නැහැ. අදාළ නිලධාරින්ගෙන් සොයා බැලිය හැකියි. 2012 කාලය වනතෙක් මා එම දෙපාර්තමේන්තුවේ සේවය කළා. ඊට පසුව මම නීතිය හා සාමය අමාත්‍යාංශයේ ලේකම් ලෙස සේවය කළා.

අනතුරුව නැවත ප්‍රශ්න විමසීමෙන් පසු නඩු විභාගය ලබන අප්‍රේල් මස 23 වැනි දිනට කල් තැබූ මහේස්ත්‍රාත්වරයා සාක්කි අංක 10 චූලානන්ද පෙරේරා මහතා වෙත ඉදිරි දින අධිකරණයේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කෙළේය.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook