Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

දුලාජ්ගේ පරණ පෙමට හිතට වදින්නම 
අළුත් බිරිද කැලේට එක්ක ගිහින් කරපු අළුත්ම විඩියෝව

පරණ ආදරය දුරකථනයෙන් සුභ පැතුව

දුලාජ් ධනුෂ්ක කියන්නේ දෙරණ ඩීම්ස්ටාර් තුලින් රසික හදවත් ආදරයෙන් වැළඳගත්තු සොඳුරු ගායකයෙක්.දුලාජ් හද පත්ලෙන්ම ආදරය කළ පළමු පෙම දාල ගියාට දුලාජ්ට හදපත්ලෙන්ම ආදරය කරන පෙමක පටලැවිල දුලාජ් පසුගියදා යුග දිවියට පත්වුන පුවත අප ඔබ ගෙන ආව.  ඒ වගේම පරණ පෙමටයි අළුත් පෙමටයි හිතට වදින අලුත් ගීතයකුත් පසුගියදා දායාද කරා. ඉතිං ඒ ගැනත් දුලාජ්ගේ අලුත්ම විස්තර ගැනත් හොයලා බලන්න අපි දුලාජ් ධනුෂ්කට කතා කළා.

දුලාජ් මොනවද අලුත්ම විස්තර..
වෙඩින් එකෙන් පස්සෙ සැබෑවුණු හීනයක් ගීතයට අලුත් වීඩියෝ එකක් කරා ඒ නිසා පසුගිය ටිකේ පොඩ්ඩක් කාර්ය බහුලවුනා.


දුලාජ් නිමන්තිට කැමැති වෙන්නත් විශේෂ හේතුවක් තියෙන්න ඇති?


නිමන්තිගේ පවුලේ අයත් ගොඩක් හොඳයි. එයාලා හරිම සරලව ජීවත් වෙන අය. නිමන්තිත් එහෙමයි. ඒ සරලකමට මම ගොඩක් කැමැතියි. එයා අඳින්නෙත් හරි සරල විදියට. විච්චූරණ නැති කෙනෙක් එයා.

ඒ කියන්නේ දුලාජ්ට හරියනම කෙනා ලැබිලා තියෙනවා කියන එකද?

සාමාන්‍යයෙන් අපි හැමෝම එක වගේ නැහැ. ගැළපෙන අය නෙමෙයි අපි හැමෝම. නමුත් අපි ගළපාගෙන ජීවත් වෙන්න ඕන. ඒත් මම හිතනවා මගේ ජීවිතයට හරියනම කෙනා තමයි මම හොයාගෙන තියෙන්නේ කියලා.‍ෙ
අද හුඟක් මියුසික් වීඩියෝ හිට් කරගන්න නිරුවත යොදාගන්නවා.. මේ ගැන මොකද හිතන්නේ..?
පිටරටවල්වලත් නිරුවත කියන දේ පාවිච්චි කරනවා. හැබැයි අපේ නිරුවත පාවිච්චි කරන්න හදන්නේ වීඩියෝව හිට් කරගන්න. සමහර ඒවා සිංදුවට අදාලම නැහැ. ඉතිං එහෙම කරන එක වැරදියි කියලයි මම හිතන්නේ..


කී දෙනෙකුට ආදරේ කරලා තියෙනවද…?
ආදරේ කියන හැඟීම ඕනම කෙනෙකුට ඇතිවෙන දෙයක්. මටත් ඒ වගේම ඇතිවෙලා තියෙනවා. හරි තැනදි හරි ආදරේ ලැබුණම අපි එතන නතර වෙනවා. මටත් දැන් ඒ ආදරේ ලැබිලා තියෙන්නේ.

ඉස්සෙල්ලම හිතට ආදරයක් ඇතිවුණේ කොයි කාලෙද..?
ඉස්සෙල්ලම ආදරයක් ඇතිවුණේ 11 වසරෙදි විතර..

විරහව කියන හැඟීම දැනිලා තියෙනවද..?
ඔව් විරහව කියන දේ මට දැනිලා තියෙනවා.

පූජා උමාශංකර්, උමාරියා සිංහවංශ, රිතූ ආකර්ශා අතරින් වැඩියෙන්ම කැමැති කාටද..?
හම්…. මම කැමති පූජා උමාශංකර්ට.

දුලාජ් හිතනවද ඉස්සරට වඩා හොඳ ගීත දැන් නිර්මාණය වෙනවා කියලා..?
හම්.. 2009 වගේ ඉඳන් රැල්ලක් තිබුණා. දැන් ඒ රැල්ලෙන් මිදිලා හොඳ නිර්මාණ බිහිවෙන්න පටන් අරන් තියෙනවා.

මමත් සංගීත අධ්‍යක්ෂවරයෙක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම හොඳ අධ්‍යක්ෂවරු ඉන්නවා. ඉතිිං හොඳ නිර්මාණ දැන් බිහිවෙනවා කියලා මම හිතනවා. හොඳ තනු නිර්මාණ එක්ක අලුත් නිර්මාණ දැන් ක්ෂේත්‍රයට එනවා.

මේ විඩියෝවට ඇයි බිරිද දායක කරගත්තෙ?
මම විවාහයට පත්වෙලා දැන් මාස කිහිපයක් විතර වෙනව.. මට ආදරේ කරන එයාට මම දුන්නු පුංචි තෑග්ක් තමයි මෙම වීඩියෝව.

මොනවද ඉදිරි බලාපොරොත්තු..?
මගේම සංගීත ශබ්ධාගාරය තවත් දියුන් කරගෙන  සංගීතයෙන් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම හොඳ නිර්මාණය කරලා වෙනස් දෙයක් කරන්න හිතාගෙන ඉන්නවා.

දුලාජ්ගේ නවතම ගීතය සැබෑවුණු හීනයක් ගීතයට


Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook