Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

රාජකීය හිටපු විදුහල්පතිවරයෙක් ඇරඹූ 
ජාත්‍යන්තර ට්ටමේ අලූත්ම පාසල


මහරගම නාවින්න ප්‍රදේශයේ පිහිටි හරි අපූරු පාසලක් තමයි පොලිමන් ජාත්‍යන්තර විදුහල. පරිසරයට හිතැති දරුවකු බිහි කිරීමට ක්‍රියාවෙන්ම ඇප කැප වන ගුරු මණ්ඩලයත් සහ පරිසරයක් ඇති පොලිමන් විද්‍යාලය ගැන අපි රාජකීය විදුහලේ හිටපු විදුහල්පති ලෙසත් පොලිමන් විද්‍යාලයේ විදුහල්පති ලෙසත් කටයුතු කරන උපාලි ගුණසේන මහතා සහ නියෝජ්‍ය විදුහල්පති සුදත් ලියනගුණවර්ධන මහතා සමග කළ කතා බහයි මේ.

ඉසිපතන හා රාජකීය විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයෙකු විදිහට ඇයි මේ වගේ දෙයක් කරන්න හිතුවේ?

පොලිමන් විද්‍යාලය පටන් ගෙන ටික කාලයක් වෙනවා. හැබැයි අපි මේක භාර අරන් අලූත් සංකල්පයක් යටතේ තමයි ඉදිරියට ගෙනියන්න කරන උත්සාහයක් තමයි මේක. පොලිමන් විද්‍යාලයේ තේමා පාඨය වෙන්නේ දිවි පැවැත්මට ඉගෙනීම ඛැ්රබ එද ඛසඩැ ˜ ජීවත් වෙන්නේ ඉගෙන ගන්න නම් මහ ලොකු දේවල් නෙමෙයි අවශ්‍ය වෙන්නේ. පුද්ගලයකුට ජීවත් වීම ස¼දහා අවශ්‍ය මූලික දැනුම අපි ලබා දෙන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.

අධ්‍යාපනික සහ විෂය සමගාමී දැනුම වර්ධනය කරගන්න ගමන් අපි බලාපොරොත්තු වෙනවා පුද්ගලයෙකු යහපත් පුරවැසියෙකු වශයෙන් ජීවත් වෙන්න අවශ්‍ය හැකියාව දෙන්න.

පොලිමන් විද්‍යාලයේ දැනට තියෙන්නේ ළදරු පාසල් අවධියට විතරද නැතිනම් උසස් අධ්‍යාපනයට ඉඩහසර ලබා දීලා තියෙනවද?

උසස් පෙළ දක්වා තියෙනවා. අපි පටන් ගත්තේ පෙර පාසලේ ඉඳලා. එතැනින් එහාට සිංහල මාධ්‍ය සහ ඉංගී්‍රසි මාධ්‍ය උසස් පෙළ දක්වා තියෙනවා. ඉංගී්‍රසි මාධ්‍ය ලෝකල් විෂය නිර්දේශය හා බි්‍රතාන්‍ය විෂය නිර්දේශය වෙන වෙනම උගන්වනවා.

ඒ කියන්නේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ ඉඳලා උසස් අධ්‍යාපනය දක්වා පහසුකම් මෙතැන තියෙනවද?

ඔව්. උසස් පෙළ දක්වා මේ ස්ථානයේ ඉගැන්වීම් කරනවා. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා විශ්ව විද්‍යාල අධ්‍යාපනයන් මෙතැනින් ලබා දෙන්න. තවමත් අපි ආරම්භක අවස්ථාව නිසා උසස් පෙළ දක්වා පමණයි. ඉදිරියේදී අනිවාර්යෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා දෙන්න අවශ්‍ය කටයුතු සපුරමින් යනවා.

දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් කියන්නේ ඉතා සංවේදී කාරණයක්. ඒ සංවේදී කාරණය තුළ දරුවන් මව්පියන්ටත් අසාධාරණයක් නොවෙන්න ක්‍රියාපටිපාටියක් මෙතැන තියෙනවද?

ඔව්. ඇත්තෙන්ම ඒ ළමයි ගැන එක එක්කෙනා වෙනුවෙන් වෙන වෙනම අපි බලනවා. අපිට දැනෙන දේ තමයි සමහර ළමයි ගෙදරට වඩා හොඳට මෙතැන ඉන්නවා. සමහර ළමයි ගෙදර යන්න බෑ කියලා අ~නවා.

සමහර ළමයි ගෙදරදී කෑම කන්නේ නෑ. හැබැයි මෙතැනදී ඒ ළමයි හොඳට කෑම කනවා. කන්නේ නැත්නම් ඒ ළමයි කන්න ආස වෙන කෑම වේලක් අපි හදලා දෙනවා. කිසිම ළමයෙක් බඩගින්නේ තියන්නේ නෑ. තව දෙයක් තමයි ඒ ළමයි බලාගන්න පාලිකාවට අම්මා කියන්න තරම් ඒ ළමයි ඒ පාලිකාවට සමීප වෙලා තියෙනවා. තව හොඳ දෙයක් කියන්න ඕනි. නිවාඩු දවසට පවා ළමයි කෝල් කරලා අහනවලූ එන්නද කියලා. ඒ තරම් ඒ ළමයින් මේ පාලිකාවන්ට, මේ තැනට ආදරෙයි.

දිවා සුරැකුම් මධ්‍යස්ථානය විවෘත වෙන්නේ කීයටද?

සාමාන්‍ය වේලාව 11.30 පටන් ගන්නේ. උදේ පෙර පාසල් එන දරුවා තමයි 11.30 ඉඳන් රාත්‍රී 9 වෙනකන් දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ නවතින්නේ. සති අන්තියේදී උදේට එනවා. ඒක ඉතිං දෙමාපියන්ගේ අවශ්‍යතාව මත වේලාවල් වෙනස් වෙනවා. අපි සූදානමින් ඉන්නවා මේ වෙද්දී පාසල තුළින්ම පෝෂ්‍යදායී ආහාරයක් ලබා දෙන්න දෙමාපියන් කැමති නම්. මොකද මේ වෙනකොට අපි හැමෝම දන්නවා බෝ නොවන රෝග මුළු රටම ගිලගෙන තියෙනවා. ඒ වගේ වේලාවක අපි රාජකීය විද්‍යාලයෙත් ආරම්භ කළා ඒ වගේ වැඩසටහන්. දරුවන් තුළින් දෙමාපියන්ට ප‚විඩයක් දෙන්න. ඒක අතිශය සාර්ථක වුණා. අපි 2015 ඔක්තෝම්බර් මාසයේදී පාගමනක් කළා. ඒකේ තේමාව වුණේ ්‍යැ්එ ඉැ්එ කියලා. ඒකට බොහෝ ශිෂ්‍යයින්, දෙමාපියෝ සහ ආදිශිෂ්‍යයින් සහභාගි වුණා. ඒකෙන් අපි බලාපොරොත්තු වුණේ පෝෂ්‍යදායී නොවන කෘත්‍රිම සහ ක්ෂ‚ක ආහාරවලින් වැළකීමට පෙලඹවීම. ඒ තුළින් අපි අති සාර්ථක ප්‍රතිඵල නෙළා ගත්තා. බොහෝ පිරිස් කෘත්‍රිම ආහාරවලින් තොර වෙලා පෝෂ්‍යදායී ආහාරවලට පෙලඹුණා. රාජකීය විද්‍යාලයේදී කරපු හොඳ දේවල් අපි මෙතැනදීත් කරන්න උත්සාහ කරනවා. විශේෂයෙන් මේ පාසලේදී අපි දරුවන්ට පුරුදු පුහුණු කරනවා. කොහොමද සෞඛ්‍යමත් ජීවිතයක් ගෙනියන්නේ කියන එක.

ඒ හින්දා වෛද්‍ය රේණුකා ජයතිස්ස වගේ විශිෂ්ට පෝෂණවේදීන් අපේ උපදේශකවරුන් විදිහට වැඩකටයුතු කරනවා. ඉදිරියේදී නිවසින් ගෙනෙන ආහාර වේලකට වඩා පෝෂ්‍යදායී ආහාර වේලක් පාසල තුළින්ම දෙන්න අප කටයුතු කරනවා. මේ වෙනකොට ඔබ දකින්න ඇති පොලිමන් විද්‍යාලයේ පරිසරයේ නොයෙකුත් ආකාරයේ පරිසර හිතකාමී දේවල් කරලා තියෙනවා. නොයෙකුත් පලා වර්ග වවලා තියෙනවා. එළවළු වර්ග පලතුරු වර්ග වවලා තියෙනවා. අපි උත්සාහ කරනවා යම් දවසක දරුවන්ට පොලිමන් විද්‍යාල භූමියෙන්ම නෙළා ගත්ත එළවළු, පලා වර්ග මගින් පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දෙන්න. වසවිසෙන් තොරව. මොකද මේ එළවළු වලට කිසිම කෘත්‍රිම පොහොරක් යොදන්නේ නෑ. සම්පූර්ණ ස්වභාවික එළවළු සහ පලතුරු පමණයි.

පෞද්ගලික විද්‍යාලයක් වුණහම බොහෝ අය බලනවා මේක දරන්න පුළුවන් පිරිවැයක් සහිත පාසලක්ද කියලා. පොලිමන් විද්‍යාලය කියන්නේ මොන පන්තියේ අයට හදපු පාසලක්ද?

අපි හැම විටම උපරිමයෙන් කටයුතු කරනවා. මවකට හෝ පියෙකුට දරන්න පුළුවන් උපරිමයෙන් කටයුතු කරගෙන යන්න. අපිට දැනට වැඩිපුර එකතුවෙලා තියෙන්නේ මධ්‍යම පාන්තික උදවියටත් මොනයම් හෝ ගැටලූවක් තියේනම් අපි ඒ ගැන බොහෝ දුරට සලකා බලනවා. නමුත් මෙතැනට ආයෝජනය කළ අය බලාපොරොත්තු වෙනවා ඒකට ප්‍රතිලාභ. ඒ නිසා උත්සාහ කරනවා ආයෝජකයින්ට ප්‍රතිලාභ ලැඛෙන ගමන්ම හොඳ ඵලදායී දෙයක් දෙමාපියන්ට ලැඛෙන්න සලස්වන්න. 

අපි චැලේන්ජ් එකක් විදිහට අපේ ගුරුවරුන්ට දීලා තියෙනවා. මේ ළමයින්ට අමතර පන්ති ඉගෙනුම ලබා දෙන්න කියලා. ඒක තමයි අපේ අභියෝගය. එතැනින් ඒ දරුවන් අමතර පන්ති යවන්න දරන පිරිවැයත් අපි අඩු කරන්න උත්සාහ කරලා තියෙනවා. අනික අපි මේ ළමයි නිර්මාණය කරන්න හදන්නේ දේශීයත්වයක් තියෙන ජාත්‍යන්තරය දිනන ළමයෙක් විදිහට.

අපි මේ දරුවන්ට දෙමළ භාෂාව, යෝගා, චෙස් වගේ ක්‍රීඩා වගේම අනෙකුත් භාෂාවලූත් කිසිම භේදයකින් තොරව ඉගැන්වීම් කරනවා. ඒකත් මේ ආයතනයටම විශේෂිත වූ කටයුත්තක්.

ළමුන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීමේ තරගයත් එක්ක මධ්‍යම පාන්තික දෙමාපියෙකුට තම දරුවකු මේ වගේ පිළිගත් ජත්‍යාන්තර පාසලකට යොමු කරන්න පුළුවන්නම් ඔබතුමන්ලා ඒක දකින්නේ කොහොමද නිදහස් අධ්‍යාපනය සහ මෙම අධ්‍යාපන ක්‍රමවේදය අතර?

මේ වනවිට රජය රජයේ පාසල්වලට වගේම පෞද්ගලික පාසල්වලටත් දොරටුව විවර කරලා තියෙන්නේ. ඒ තුළින් අපි බලාපොරොත්තු වෙනවා, පෞද්ගලික පාසලක් හැටියට රජයේ පාසල් වලට යොමුවෙන්න අවස්ථාව නොලැබිච්ච දරුවන්ට අවස්ථාව පොලිමන් විද්‍යාලයේදී ලබා දෙන්න. මම හිතනවා රජයේ පාසල්වලින් ලබා දෙන්න අපහසු යම් යම් දේවල් පවා අපිට ලබාදෙන්න පුළුවන් වෙයි. පෞද්ගලික පාසලක් නිසා හා අපිට තියෙන සීමාවන් අඩු නිසා ඒ අවශ්‍යතාව තෘප්ත කරන්න අපිට හැකියාව තියෙනවා.

මේ වසරේදී පළමු වසරට පොලිමන් විද්‍යාලයට දරුවන් බඳවා ගත්තද?

ඔව්. 1 වසරට ඇතුළත් කර ගත්තා. මීට අමතරව 1 _ 6 වසර දරුවන් ඉන්නවා. සිංහල මාධ්‍ය සහ ඉංගී්‍රසි මාධ්‍ය.

බොහෝ දෙමාපියන් 1 වසරේදී ජාත්‍යන්තර පාසලකට ඇතුළත් කරන්නේ නෑ. සමහර විට 6 වසරෙන් ජාත්‍යන්තර පාසලකට ඇතුළත් කරන්න ඔවුන් උත්සුක වෙනවා. ඒ වගේ හැකියාවක් මේ පාසලේ තියෙනවද?

එක වසර හැරෙන්න අනිත් ඔක්කොම ළමයි එහෙම ආපු අය. මෙල්බර්න්වල ඉඳන් ආපු ළමයෙක් පවා අපේ පාසලේ ඉන්නවා. අනික තමයි මහපාරේ තියෙන තදබදයත් එක්ක කොට්ටාව, හෝමාගම, මහරගම, බොරුලැස්ගමුව වගේ පැතිවල ළමුන්ට පහසු වෙන විදිහට තමයි මේ ස්ථානය අපි තෝරගත්තේ. ඒ අතින් ළමුන්ගේ කාලයත් ඉතුරුයි.

පොලිමන් විද්‍යාලයේ රජයේ පාසල්වල තිඛෙන විභාග සහ විෂය නිර්දේශය ඒ අයුරින්ම සිදු කෙරෙනවද?

ඔව්. ඒ සාමාන්‍ය විෂය මාලාව ඒ අයුරින්ම සිදු කරගෙන යනවා. ඊට අමතරව ඊට එහා ගිය හොඳ දේවල් දරුවන්ට ලබා දෙන්න අප කටයුතු කරනවා. ඒ වගේම අවසානයේ තාර්කික හැකියාවෙන් යුතු දක්ෂ පුද්ගලයෙකු බිහි කරන්න අපි පොලිමන් විද්‍යාලය ලෙසින් සූදානම්. ඒ වගේම සතුටින් පාසලට ඇවිල්ලා සතුටින් විසිර යන ළමයෙක්, ගුරුවරයෙක් සහ දෙමාපියෙක් ඇති කරගන්න තමයි අපේ උත්සාහය.

ඒ දේ කරන්න අවුරුද්දකට දෙපාරක් ළමයෙක්ගේ ගෙදරට ගුරුවරයෙක් යවන්න අපි කටයුතු කරනවා. ඒත් එක්කම වෙනත් ජාත්‍යන්තර පාසල්වල නොමැති සහ මැද මාවතේ යන පරිසරයත් එක්ක මුහුවුණු පාසලක් විදිහට පොලිමන් විද්‍යාලය හඳුන්වන්න පුළුවන්.






Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook