Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

පුබුදු අයියා හොඳ පෙම්වතෙක්
නයනතාරා කියන හතරබීරි කතාව
නයනතාරා හා හා පුරා කියලා මේ දවස්වල සිනමාවෙන් දකින්න ලැබෙනවා?

ඔව්. 'එක දවසක අපි' කියන්නේ මම සම්බන්ධ වුණු චිත්‍රපටවලින් මුලින්ම රිලීස් වුණු චිත්‍රපටය. ඒක ඇත්තටම මට අලුත් අත්දැකීමක්. මම සම්බන්ධ වුණු චිත්‍රපටවලින් මුලින්ම රිලීස් වුණු චිත්‍රපටය සම්භාව්‍ය මට්ටමේ චිත්‍රපටයක් වීමත් වෙනම අත්දැකීමක්.

පුංචි තිරයේ පෙනී ඉඳපු නයනතාරා සිනමාවට ආවට පස්සේ මොන වගේ ප්‍රතිචාරයක්ද ලැබුණේ?

මාව පුංචි තිරයේදී දැක්කේ දඟකාර, කටකාර, පාසල් වයසේ ඉන්න චරිතයක් විදියට. ඉතින් 'එක දවසක අපි' චිත්‍රපටයේදී මගේ වෙනස ගැන ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. ප්‍රවීණ ශිල්පීන් ශිල්පිනියන් මාව ගොඩක් ඇගයුවා.

දෙවැනි ඉනිමේ දෙව්මි 'එක දවසක අපි' චිත්‍රපටයේ පාරමී එක්ක ඇත්තටමවෙනස් වෙලාද?

ඇත්තටම 'පාරමී' කියන්නේ හරිම ආදරණීය චරිතයක්. ඇය විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. ආදරය තමන්ගේ ආත්මයම කරගත්ත කෙනෙක් එයා. උගත් ළමයෙක් වුණත් ආදරය ඉස්සරහා පාරමී අන්ධ වෙනවා. ඉතින් හරිම ආදරණීය චරිතයක් මම කරන්නේ.

සිනමාවේදී පුබුදුගේ ආදරේ නයනතාරාට කොහොමද දැනුණේ?

ඇත්තටම පුබුදු අයියාගෙන් මට ලොකු සහායක් ලැබුණා. එයා සිනමාවේ කාලයක් ඉඳලා වැඩ කරන කෙනෙක්. එයාගේ සහාය නොලැබුණා නම් මට මගේ චරිතය තුළ සාර්ථක වෙන්න බැහැ.

ඒ කියන්නේ පුබුදු හොඳ ප්‍රේමවන්තයෙක්?

ඔව්. පුබුදු අයියා හොඳ පෙම්වතෙක්.

අනුරුද්ධ ජයසිංහ වැනි අධ්‍යක්ෂවරයෙක් එක්ක වැඩ කරන්න නයනතාරාට පහසු වුණාද?

ඔව්. ඔහු අපේ චරිත ඇතුළේ නිදහස් වටපිටාවක් හදලා දුන්නා. ඒ වගේම මේ නිර්මාණය තුළ හැමෝම අතර හොඳ සන්නිවේදනයක් තිබුණා. චිත්‍රපටයේ සාර්ථකත්වයට මේ හැමදේම බලපෑවා.

පාරමී ආදරයෙදි අන්ධ වෙන චරිතයක්. නයනතාරාත් ආදරේදී අන්ධ වුණ කෙනෙක්ද?

අම්මෝ නැහැ.

හැබැයි ආදර කතාවක් නයනතාරගේ ජීවිතයෙත් ඇති?

එහෙම ආදර කතාවක් තාම නැහැ. නිසි වයස ආවම ඒ වගේ ආදර කතාවක් පටන් ගනියි.

ආරංචි විදියට තරුණයෝ නයනතාරා වටේ කැරකෙනවා වැඩියිලු?

පිරිමි ළමයිනේ ඉතින්. එයාලා එහෙම තමයි. පව්නේ ඉතින් එයාලා. පිරිමි ළමයි ආසයි ගැහැනු ළමයි එක්ක කතා කරන්න. මටත් පිරිමි යාළුවෝ ගොඩක් ඉන්නවා. ඉතින් එයාලගේ හිතේ වෙන අදහසක් තිබ්බත් වැඩක් නෑ. මම යාළුකම් තියා ගන්න අය එක්ක වෙන අදහසකින් ඉන්නේ නෑ.

ක්ෂේත්‍රයේ කෙනෙක් නයනතාරාගේ හිත ඉල්ලුවොත්?

ක්ෂේත්‍රයේ කෙනෙක්ද පිට කෙනෙක්ද කියන එක ගැන මම හිතන්නේ නෑ. හොඳ අනන්‍යතාවක් තියෙන, හොඳ කොලිටි එකක් තියෙන කෙනෙක් නම් සලකා බලනවා.

නයනතාරාගේ 20 වැනි උපන්දිනය සමරපු විදියත් ගොඩක් අයගේ කතාබහට ලක්වුණා?

ඔව්. මගේ ෆේස්බුක් යාළුවෙක් පොළොන්නරුවේ ආබාධිත මධ්‍යස්ථානයකට ගිහින් වීඩියෝවක් කරලා තිබ්බා. මම එදාම හිතුවා මගේ 20 වැනි උපන්දිනය සමරන්නේ එතැන කියලා. ඉතින් මම ඒ මධ්‍යස්ථානයට ගිහින් මගේ උපන්දිනය සැමරුවා. ගෙදර උපන්දිනය සමරනවට වඩා ඒ ළමයි එක්ක කතා කරලා, එයාලා එක්ක විනෝද වෙලා සමරපු උපන්දිනය මට වටිනවා. ඉතින් ඒක දැකලා ගොඩක් අය එතැනට දාන දෙන්න මගෙන් දුරකතන අංක ඉල්ලා ගත්තා.

අලුත් නිර්මාණවලට සම්බන්ධ වුණේ නැද්ද?

ආයේ මෙගාවලට සම්බන්ධ වෙන්නේ නෑ. චන්න පෙරේරාගේ කොටස් 50ක විතර නාට්‍යයකට සම්බන්ධ වුණා. 'මා' සහ 'සිනෙ මා' චිත්‍රපට දෙකටත් සම්බන්ධ වුණා.

දැන් නයනතාරා සිනමාවට මුල් තැන දෙයිද?

මම සිනමාවට කැමැතියි. ඒ නිසා සිනමාවට මූලිකත්වය දෙනවා. එහෙම වුණාට ටෙලි නාට්‍ය අතහරින්නේ නැහැ. මොකද මම ප්‍රේක්ෂකයන්ට ළං වුණේ දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයෙන්. ටෙලි නාට්‍ය කියන්නේ ක්ෂේත්‍රයට එන අයට හොඳ අඩිතාලමක්. හොඳ දෙයක් කරලා ගියත් කමක් නෑ.

ඒ කියන්නේ නයනතාරා ක්ෂේත්‍රයෙන් යයිද?

නෑ නෑ. එහෙම යන්නේ නැහැ. හොඳ දෙයක් කරලා ප්‍රේක්ෂකයෝ අතර රැඳෙන්න මම කැමැතියි. නිදහස් පරිසරයක් ඇතුළේ හොඳ නිර්මාණවලට මම සම්බන්ධ වෙනවා.

තිළිණි කෞශල්‍යා

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook