Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

පැත්තකට වෙලා හිටියත් 
පරණ දේවල් හොයලා
මේනකාට මඩ ගහනවාලු

ක්ලබ් ගිහින් නැහැ කියලා මම කියන්නේ නැහැ.
මම ක්ලබ් ගිහින් තියෙනවා. 
අපි ක්ලබ් යනවා කියලා මඩ ගහන අයත් ක්ලබ් යනවා

මේනකා මේ දවස්වල වැඩද? නැත්නම් නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා ඉන්නවද?


පසුගිය දවස්වල හර්ෂ උඩකන්දගේ කොළඹ සන්නිය රිටන්ස් චිත්‍රපටයේ වැඩ අවසන් කළා. ඒ වැඩෙත් එක්ක තමයි කාර්යබහුල වෙලා හිටියේ. මම සම්බන්ධ වුණ චිත්‍රපට හතරක්ම තිරගත වෙන්න තියෙනවා.

සම්භාව්‍ය මට්ටමේ නිර්මාණයකට මේනකාට ආරාධනාවක් ලැබුණොත් ඕන කැප කිරීමක් ඒ වෙනුවෙන් කරන්න කැමැතිද?

නිළියක් වුණාම සීමා දාගෙන ඉන්න අවශ්‍ය නැහැ. නමුත් අපේ සමාජයේ එවැනි කලා නිර්මාණ, ඒවට සම්බන්ධ වෙන ශිල්පීන් පිළිගැනීමට ලක්වෙද්දී ප්‍රශ්නයක් තියෙනවා. අතීතයේදී නම් ඒ වගේ නිර්මාණවල හිටපු ශිල්පිනියන්ට ගැටලුවක් වුණේ නෑ. ඒත් අද තත්ත්වය ඊට වෙනස්. අපි දෙයක් කළොත් ඒවායින් ගොසිප් දාන්න ගොඩක් අය ඉන්නවා. මම ප්‍රශ්න දාගන්න කැමැති නැහැ. ඒ නිසා සාමාන්‍ය විදියට නිර්මාණවලට සම්බන්ධ වෙනවා.



ඔය තීරණ ඔයාගෙම තීරණද? නැත්නම් ඒ තීරණවලට කවුරු හරි බලපෑම් කරනවාද?

කවුරුවත් මට බලපෑම් කරන්නේ නැහැ. මම ඉස්සර ඉඳන් හිතපු දෙයක් තමයි අපි මඩවලට බය වෙලා හිටියොත් මඩ වදිනවා වැඩියි. මම පැත්තකට වෙලා හිටියත් පරණ දෙයක් හරි හොයලා මඩ ගහනවා.

නිතර මඩ වදින නිළියන්ගේ ගොඩට මේනකාවත් අහුවෙනවා නේද?

ඔව්. අනේ මන්දා මාව ඒ පැත්තට තමයි වැටිලා තියෙන්නේ. සමහර වෙලාවට අද ඊයේ වුණ දේවල් නෙවෙයි, මොකක් හරි ගැළපෙන්නේ නැති දෙයක් හරි එළියට අරගෙන මඩ ගහනවා. ගොසිප් ගැහුවම ගොඩක් අය පෙනෙන දේ විශ්වාස කරනවා. ඇත්ත දේ ගොඩක් අය හොයලා බලන්නේ නැහැ.

ඉතින් ඔහොම හොය හොයා මේනකාට මඩ ගහද්දී ගැටලුවක් නැද්ද?

ගැටලුක් වුණත් ඉතින් මම නිවැරැදියි කිය කිය නම් යන්නේ නෑ. කැමැති දෙයක් හිතාගන්න කියලා මම ඉන්නවා. මම කවුද කියලා මම දන්නවානේ.

මේනකා දෙසැම්බර් 31 රාත්‍රියට එහෙම විශේෂ සැමරුම් කරන කෙනෙක්ද? අඩු ගානේ විශේෂ අවස්ථා සමරලා විනෝද වෙන කෙනෙක්ද?

මම අඩුම තරමේ උපන් දින සාදයක්වත් ගන්න කැමැති කෙනෙක් නෙවෙයි. දෙසැම්බර් 31 රාත්‍රිය නම් මම ගත කරන්නේ මගේ පවුලේ අයත් එක්ක පන්සලේදී. මම එදාට පාටි දාලා විනෝද වෙන්නේ නැහැ. හැබැයි මම විශේෂ අවස්ථා වෙනුවෙන් වෙන අයගේ පාටිවලට සහභාගි වෙලා තියෙනවා.

සමහරු විනෝද වෙන්න ක්ලබ් යනවා. මේනකාත් එහෙම කෙනෙක්ද?

ක්ලබ් ගිහින් නැහැ කියලා මම කියන්නේ නැහැ. මම ක්ලබ් ගිහින් තියෙනවා. අපි ක්ලබ් යනවා කියලා මඩ ගහන අයත් ක්ලබ් යනවා. මම ක්ලබ් ගියත් ඒක කවුරුවත් ප්‍රශ්නයක් කරගන්නවත් ඒවා අවුස්සලා ගොසිප් සයිට්වල ගොසිප් ගහන්නවත් අවශ්‍ය නැහැ. ක්ලබ් යනවා කියලා ගොසිප් ගහන අය හරියට ඒවා නොකරපු අය විදියට පෙන්නන්න හදන්නේ. මම ඉතින් කියන්නේ මට මඩ ගහලා කාගේ හරි බඩ කට පිරෙනවා නම් ඒක මට පිනක්.

දැන් නිළියෝ හැසිරෙන විදිය හරි නැහැ කියලා ගොඩක් අය කියනවා. මේනකාටත් ඔය චෝදනාව ඇවිත් ඇතිද?

මට දැනුවත්ව එහෙම චෝදනා නැහැ. අපිට ඇඟිල්ල දික් කරන්නෙ අපේ ක්‍ෂේත්‍රයේ අය නොවෙයි. පිට අය. මම මගේ පාඩුවේ ඉන්නේ. අපි කළොත් තමයි හැමදේම වැරැදි. මොකද අපි ජනප්‍රිය නිසා ඉස්මතු කරලා පෙන්නනවා. වෙන ක්‍ෂේත්‍රයක කෙනෙක් අපි කරන දේම කළොත් ඒ ගැන කතා කරන්නේ නැහැ. අපි ඉතින් හැරුණත් වැරැදියිනේ. මම ඉතින් කාටවත් වැරැදි කරලා නැහැ. අපේ පෞද්ගලික දේවල්වලට මඩගහලා සතුටු වෙන අය සතුටු වෙයි.

දැන් මේනකා වැඩවලත් වැඩිපුර පේන්න නැත්තේ හැම දෙයින්ම මිදිලා පාඩුවේ ඉන්න උත්සාහ කරන නිසාද?

ඇත්තටම මම දැන් හැමදේම තේරුම් අරගෙන ඉන්නේ. ඒකයි පැත්තකට වෙලා ජීවත් වෙන්නේ.

එහෙනම් කලින් ආශ්‍රය කළ යාළු මිත්‍රයොත් දැන් ආශ්‍රය කරන්නේ නැද්ද?

අම්මෝ දැන් මට යාළුවෝ නැති තරම්. වෙච්ච ප්‍රශ්නත් එක්ක අෑත්වෙලා පාඩුවේ ඉන්න එක හොඳයි. හැබැයි ඉතින් අපි පේන්න නොහිටියත් අපිට මඩ ගහනවා.

දැන් මේනකා පෙම්වතියක්. ජීවිතේ ඉන්න විශේෂ කෙනා ගැන කියමුද?

ඔව්. මම පෙම්වතියක්. එයා ක්‍ෂේත්‍රයේ කෙනෙක් නෙවෙයි.

කවද්ද එකලාසයක් වෙන්නේ?

ඒකත් ඉදිරියේදී වෙයි. බලමුකෝ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook