Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

මැතිවරණ දිනයේ රාත්‍රියේ
පරිගණක පද්ධතිය බිඳ වැටුණා 
ඡන්ද ප්‍රතිථල දුන්නෙ මැනුවල් ක්‍රමයට 

පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද වීමට ප්‍රධානම හේතුවක් වූයේ මෘදුකාංග පද්ධතිය අනපේක්ෂිත ලෙස  ආරම්භයේදීම බිඳවැටීම බව වාර්තාවේ. මේ පිළිබඳව භාරව සිටි ප්‍රවීණ මදුකාංග ඉංජිනේරුවකු සඳහන් කළේ පළමු ඡන්ද ප්‍රතිඵලය නිකුත් කිරීමේ සිටම මෙම මෘදුකාංගයේ දෝෂ මතුවූ බවයි. පෙරේදා (10) රාත්‍රියේ පළමු නිල ඡන්ද ප්‍රතිඵලය ලෙස මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්තෙයි නැගෙනහිර ප්‍රාදේශීය සභාවේ ප්‍රතිඵල නිකුත් කරද්දී මෘදුකාංගයේ දිනය ලෙස සටහන්ව ඇත්තේ 2013.02.06 වශයෙනි. මීට අමතරව පළාත් පාලන ආයතන කිහිපයකම ඡන්ද ප්‍රතිඵලවල දත්ත කැවූ පසු අසාමාන්‍ය ගණනය වෙනස්කම් මතුවූ අතර ඒවායළි නිවැරදි කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට සිදු විය. මෘදුකාංග පද්ධතිය බිඳවැටීම හේතුවෙන් ඇතැම් දත්ත පරීගණකයට මැනුවල් ක්‍රමයට ඇතුළු කරන්නට සිදුවූ බවද දන්වා තිබේ. මෙලෙස ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රියාවලිය බිඳවැටීම නිසා එහි අවසන් තිරය රූපවාහිනී මාධ්‍ය වෙත යොමු කරන්නට අපේක්ෂා කළ මාධ්‍ය ආයතන පවා අසීරුතාවයට පත්ව තිබේ.

මේ පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කළ මැතිවරණ කොමිෂන් සභාව සිය කනගාටුවද ප්‍රකාශ කළේය. 
ඡන්ද මධ්‍යස්ථානවලින් ලැබෙන ප්‍රතිඵල අනුව මැතිවරණ ප්‍රතිඵල සක්‍රියව යාවත්කාලීන වීම සඳහා යන්ත්‍රයක් සකසා තිබූ නමුත් සැලසුම් කළ පරීදි අදාළ දන්ත නොලැබීම නිසා මේ තත්ත්වය උද්ගත වී ඇතැයි මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවිය නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබුණි.

එම නිසා මැතිවරණ ප්‍රතිඵල ස්වයංක්‍රියව යාවත්කාලීන කළ නොහැකි යැයි ද එම පර්ගණක පද්ධතියෙන් බැහැරව අදාළ ප්‍රතිඵල ලේඛන අතින් සකස් කිරීමට සිදුවූ බව සඳහන් වේ.පරිගණක තාක්ෂණය ලංකාවෙ විශාල භාවිතයකින් නොමැති කාලයේ පවා පැරණි මෘදුකංග භාවිතයෙන් අපූරුවට නිකුත් කළ මෙම ප්‍රතිඵල හෙළිදරව් කිරීම මෙවර බිඳවැටීමට හේතුව කඩාකප්පල් කාරී ක්‍රියාවක්ද යන්න ගැන තවම වාර්තා නොවන අතර ඒ ගැන පරීක්ෂණ ඉදිරියේදී සිදු කරනු ඇති බවට වාර්තා පළවේ.

 වසර ගණනාවක් තිස්සේ ප්‍රතිඵල පරිගණක ඔස්සේ ලබාදීමේදී කොළඹ විශ්ව විද්‍යාලයේ දායකත්වය ලබාදුන් නමුත් මෙවර පමණක් එය සිදුකර නොතිබූ බවද වාර්තා වේ. දෝෂ ගැන පැමිණිලි ආපසුව එම ආයතනය නිවේදනයකින් ඒ බව දන්වා ඇත.

පහත දැක්වෙන්නේ සජීවීව වෙබ් අඩවි ඔස්සේ ලබාදීමට සූදානමින් සිටි කොමිසමේ වෙබ් අඩවිය පද්ධතිය අඩාලවූ පසු දැක්වූ සටහනයි.දෙවනුව ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලයේ බුකියේ සදහන්වී තිබු නිවේදනයයි.



Latest news

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook