Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

දිනක්‍ෂියි ශනුද්‍රියි වලියක පාටලුනේ 
කවුරු බෙදාගන්න බැරුවද?


ශනු මට වඩා හුඟක් ජනප්‍රියයි
එයාට වැඩි ආදරයක් ලැබෙනවා
- දිනක්‍ෂි

දිනක්‍ෂි කාර්යබහුල වෙලා නේද?

මේ දවස්වල ඇත්තටම කාර්යබහුලයි. විවේකයක් නැති තරම්.

දිනක්‍ෂි කාර්යබහුල වෙන්න කැමැතියි වගේ?

මම භාරගත්ත වැඩ මේ දවස්වල විකාශය වෙනවා. ඒ නිසා වැඩි කාලයක් ඒ වැඩවලට වෙන් කරන්න සිද්ධ වෙලා තියෙනවා.

කාර්යබහුල වෙලා ඉන්නේ මේ දවස්වල නැටිල්ලත් වැඩි නිසා වෙන්න ඇති?

ඇත්තටම ඉබචප ඛ්ඪබර බඹඥදබර 20 එක්ක ආපහු නටනවා. මේ පාර තරගයට සම්බන්ධ වෙන්නේ ශනුද්‍රි නංගි එක්ක. ඒක වෙනස් අත්දැකීමක්.

අක්කයි නංගියි මේ දවස්වල හරි හරියට රණ්ඩු වෙනවා කියලත් ආරංචියි?

ඔව්. මොකද අපේ ඉදිරිපත් කිරීම හරියට කරන්න මහන්සි වෙනවා. මම ස්ටෙප් එක හරියට කරද්දී නංගී වරද්දනවා. එයා හරියට කරද්දී මම වරද්දනවා. ඒකට තමයි දෙන්නා වලි දාගන්නේ. හැබැයි අපි දෙන්නා ෂේප් එකේ ඒ වැඩේ කරගෙන යනවා.

කාර්යබහුල වෙන්න තරම් දිනක්‍ෂිට ඉල්ලුම වැඩියි වගේ?

එහෙම නැහැ. මම ගොඩක් වැඩ කරන්නේ නැහැ. ලැබෙන වැඩවලට සම්බන්ධ වෙනවා. ලොකු ඉල්ලුමක් තියෙනවා කියලා හිතන්නේ නැහැ.

තමන්ට ලැබෙන දේවල් ලොකුවට භාර ගන්න දිනක්‍ෂි කැමැති නැද්ද?

දේවල් ලැබෙනවා වගේ නොලැබෙන්නත් පුළුවන්. ඉතින් ලැබෙන දේවල් නැති වෙන්නත් පුළුවන් කියලා හිතන් හිටියොත් හරි. ලැබෙන නොලැබෙන දේවල් සාමාන්‍ය විදියට මම හිතන්නේ.

මේ දවස්වල දිනක්‍ෂිට හොඳ නරක ප්‍රතිචාරවල අඩුවක් නෑලු නේද?

ඇත්තටම කොන් කළ දෝණි ටෙලි නාට්‍යයේ කිංකිණිට ප්‍රතිචාර ගොඩක් හොඳයි. මෙගා නාට්‍යයක් වුණාට මෙගා නාට්‍යයක් නෙවෙයි වගේ. වැඩිපුරම මම රූගත කිරීම්වලට සම්බන්ධ වෙන්නේ ඒ ටෙලි නාට්‍යයේ. බටහිර අහස නාට්‍යයේ මීෂාට නම් ගොඩක් අය ආස නැහැ. ගොඩක් අය "මහ වාතයක්නේ" කියලා බනිනවා ඒ චරිතයට. ඒ චරිතයට බැනුම්වලින් තමයි ප්‍රතිචාර ලැබෙන්නේ. බද්දට සහ කුලියට නාට්‍යයේ දිලිනිගේ චරිතයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

එකකට එකක් වෙනස් චරිත දිනක්‍ෂිට ලැබිලා තියෙනවා නේද?

ඇත්තටම මම ඉන්න විදියත් එක්ක නාගරික සාමාන්‍ය චරිත එක දිගට ලැබුණා. ඒවා කරද්දී මටත් කම්මැළියි. තෝරා බේරා ගැනීම් කරන්න තරම් නිර්මාණ නැහැනේ. ඒ නිසා ලැබෙන දේ මම කරනවා. මම රංගනයට තාම ආධුනිකයි. මම වාසනාවන්තයි වෙනස් අධ්‍යක්ෂවරු එක්ක මට වැඩ කරන්න ලැබීම ගැන. ඔවුන් මාව වෙනස් කරලා ගන්නවා.

දැන් පුංචි තිරයේ ශනුද්‍රිත් දකින්න ලැබෙනවා. ඇත්තටම ජනප්‍රිය දිනක්‍ෂිද? ශනුද්‍රිද?

ශනු මට වඩා හුඟක් ජනප්‍රියයි. එයාට ප්‍රේක්ෂකයන්ගෙන් වැඩි ආදරයක් ලැබෙනවා. මොකද එයා ටෙලි නාට්‍යවල වැඩිය දැකලා තිබුණේ නැහැ. මාව නම් ටෙලි නාට්‍යවල දැකලා තිබුණානේ. ඉතින් පාරකදී වුණත් ප්‍රේක්ෂකයෝ ඇවිත් මුලින්ම කතා කරන්නේ ශනු එක්ක. ඊට පස්සේ තමයි මාත් එක්ක කතා කරන්නේ.

වැඩවලදීත් ශනුටද මුල් තැන ලැබෙන්නේ?

ඔව්. ශනු බෑ කියන වැඩවලට මට කතා කරනවා. නංගි තමයි පළමුවැනි චොයිස් එක. එයා නැති වුණොත් මම තමයි දෙවැනි චොයිස් එක.

නංගිට එක ලැබෙද්දී ජෙලස් හිතිලම නැද්ද?

නැහැ. ඇත්තටම අපි අතර කවදාවත් තරගයක් තිබිලා නැහැ. ශනු තියෙන වැඩේ කරගෙන ඉන්නවා. එයා දක්ෂයි. එයාට හොඳට රඟපාන්නත් පුළුවන්. එයා මඟහැර හැර ඉද්දී මම තමයි එයාට කියන්නේ වැඩ කරන්න කියලා.

ශේෂාද්‍රිත් කාලයක් වැඩ කරලා දැන් නිහඬ වෙලානේ ඉන්නේ. ශේෂාද්‍රිව ආයෙත් එළියට ගන්න බල කරන්නේ නැද්ද?

එයාට බල කරන්නේ නැහැ. ගෙදර හිටියට එයා අපේ නිර්මාණ බලනවා. අපේ වැඩවලට සහය දෙනවා. එයා ඉගෙනීම් කටයුතු රැකියාවේ කටයුතු කරගෙන ඉන්නවා.
පසුගිය දවසක දිනක්‍ෂිලා එකතු වෙලා සාරංගගේ උපන්දිනයට දුන්න සර්ප්‍රයිස් පාටි එක ගැනත් ගොඩක් අය කතා කරන්න ගත්තා.

අපේ යාළුවෝ සෙට් එකක් ඉන්නවා. අපි හැමෝම එකතු වෙලා තමයි සාරංග අයියව සර්ප්‍රයිස් කළේ. ඒ හැමෝගෙම උපන්දිනයට එහෙම සර්ප්‍රයිස් පාටි එකක් අනෙක් යාළුවෝ ප්ලෑන් කරනවා.

දිනක්‍ෂිට යාළුවෝ ගොඩක් ඉන්නවානේ. කවුද ඒ අතරින් වැඩිපුරම ළඟින් ආශ්‍රය කරන්නේ?

හැමෝම මගේ යාළුවෝ. ළඟින්ම ආශ්‍රය කරන්නේ ශලිනිවයි, අසේකාවයි. ගෙදර ඇවිත් ඉන්නේ. හැමදේම කියන්නේඒ දෙන්නට තමයි.

දැන් ජීවිතයේ විශේෂ කෙනෙකුත් ඇතිනේ?

එහෙම විශේෂම කෙනෙක් නැහැ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook