Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

මරුවන් කළ විරුවන් නිදොස්‌කොට
නිදහස්‌ කරන ලසන්තගේ දින පොත


උඹලට පිස්‌සුද ඕක ඔච්චර දුර අරගෙන ගිහින් 
මැරුම් කන්නේ නැතුව ඔන්න ඔය පොත මෙහෙ දීපන්

සීඅයිඩීය කියන පරිදි උපපොලිස්‌ පරීක්‍ෂක තිස්‌ස සුගතපාල එදා ලබාගත් ඡායා පිටපත ඔවුන්ට හමුවී තිබේ නම් එහි සඳහන් යතුරුපැදි දෙක පිළිබඳ විමර්ශනයක්‌ නොකෙරෙන්නේද? අත්තිඩිය ඇළෙන් ගොඩගත් යතුරු පැදියේ කතාවට වඩා මෙහිදී වැදගත් වන්නේ එකී යතුරුපැදි දෙක පිළිබඳ අනාවරණය කර ගැනීම නොවේද? මේ යතුරුපැදි දෙක කාගේද? ඒවා දැන් ඇත්තේ කොහේද? ලසන්ත ඝාතනය කෙරුණු දා මේ යතුරු පැදි දෙක තිබුණේ කොතැනකද? එසේම තිස්‌ස සුගතපාල ලබාගත් ඡායා පිටපතේ ඇති අනෙකුත් කරුණු මොනවාද? ලසන්තගේ සැබෑ ඝාතකයා මේ ඡායා පිටපතේ ඇති කරුණු තුළ සිටිය නොහැකිද?


රටම ඇත්තේ අමුතු තැනකය. ඉකුත් පළාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හෙවත් පොහොට්‌ටුවට ජය හිමිවිය. එහෙත් එතැන් පටන් රටේ දේශපාලනය තුළ ඇති වූයේ කිසිවකුත් නොසිතූ+++++ කැළඹීමකි. කවුද අගමැති යන්න දැන් ජනතාවගේ එකම ප්‍රශ්නය බවට පත්ව ඇත. 

කවුරු අගමැති වුවත් අලුත් ආණ්‌ඩුවක්‌ බිහිවන බව නම් මේ වන විට හොඳටෝම පැහැදිලි කරුණකි. මේ ලියෑවෙමින් තිබෙන්නේ යහපාලනයේ අවසන් පරිච්ඡේදය ය. 

එහෙත් යහපාලනය එසේ අවසන් සුසුම් හෙළමින් සිsටියද ඒ පාලනයත් සමඟ සීඅයිඩීය ආරම්භ කළ, මහා රණවිරු දඩයමක්‌ බවට පත්ව ජාතික ආරක්‍ෂාවට ලන්සු තැබූ අපූරු විමර්ශන නම් තවමත් අවසන් නොමැති බව ඉකුත් සතියේ සති අන්ත පුවත්පත් බැලීමේදී පැහැදිලිවම පෙනී ගිය කරුණක්‌ විය.

සති අන්ත පුවත්පත්වලින් කියෑවුණු අලුත්ම කතාව වූයේ සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන රහස්‌ පොලිසිය එකී විමර්ශන නිවැරදි මාවතකට ගෙන තිබන්නේයෑයි යන්නය.

එක්‌ පුවත්පතක සටහන ඇරඹී තිබුණේ "යුක්‌තිය ඉෂ්ට කරන්නට ගෙන ඇති ප්‍රවේශය හරිම වේගවත්ය" යනුවෙනි. මේ ආරම්භයෙන්ම ව්‍යංගව කියෑවෙන්නේ රහස්‌ පොලිසිය හරි තැනට පැමිණි බවය.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය කෙරුණේ ඉකුත් 2009 වසරේ ජනවාරි අටවැනිදා දෙහිවල අත්තිඩිය කවුඩාන ප්‍රදේශයේදීය. කතා දෙකක්‌ නැත. එය අහස පොළොව නුහූලන ම්ලේච්ඡ ඝාතනයකි. සමස්‌ත ජනමාධ්‍යයටම එල්ල කළ මහා තිරිසන් ප්‍රහාරයකි. 

මේ නිසාම ලසන්ත ඝාතනය පිළිබඳ වරින් වර රටේ ජනමාධ්‍ය මගින් හඬක්‌ මතු කෙරිණි. එහෙත් සියල්ල තිබුණේ සැඟවීය. ලසන්ත ඝාතනය සමාජයට රහසක්‌ නොවුණු අභිරහසක්‌ම විය.

ලසන්ත ඝාතනය කෙරුණේ ජනවාරි අටවැනිදා දිනකය. එසේම සතර කන්, සය කන්, අට කන් අදී වශයෙන්වූ මහා රහස්‌ මන්ත්‍රණ රැසකින් පසු යහපාලනය මුලින්ම කරළියට පැමිණියේද 2015 ජනවාරි අටවැනිදාය. එක්‌ අතකින් මේ දින දෙකේ විශාල සමානකමක්‌ද විය. ඒ ලසන්ත වික්‍රමතුංග අනුස්‌මරණය කෙරෙන දිනටම යහපාලනයේ උපත යෙදී තිබීමය.

එහෙත් මෙසේ උපත සහ විපත සමාන වූවාට යහපාලනය පැමිණ තාජුඩීන්, එක්‌නැලිගොඩ ආදී වශයෙන් විවිධ විමර්ශන ආරම්භ කළද වසර එකහාමාරක්‌ පමණ ගතවන තුරුත් සබෑ මාධ්‍යවේදී ලසන්ත ඝාතන විමර්ශනය වූයේ කුණු මුල්ලේය. 

එහෙයින් මෙසේ වන්නට හේතුව කුමක්‌දැයි වරක්‌ අපි පසුගිය පාළාත් පාලන ඡන්දයට පෙර තිබූ ආණ්‌ඩුවෙන් ප්‍රශ්න කලෙමු.

ඒ සමඟම එකී විමර්ශනයට ද පණ දෙන්නට රහස්‌ පොලිසිය කටයුතු කෙරුවා අපට මතකය. එහෙත් මේ ආරම්භය සටහන් වූයේ කිසිවකුත් නොසිතූ තැනකිනි. මුලින්ම සිදුවූයේ ඝාතනය කෙරුණු මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ රියෑදුරා පැහැරගෙන ගියේ යෑයි කියමින් යුද හමුදා සන්නද්ධ බුද්ධි බළකායේ සිටිමින් රට වෙනුවෙන් අපමණ සේවයක්‌ කළ බලලත් නිලධාරී ප්‍රේමානන්ද උදලාගම අත්අඩංගුවට ගැනීමය.

මේ බුද්ධි අංශ රණවිරුවා අත්අඩංගුවට ගැනිණි. රටේ මාධ්‍ය ඔහුව හැඳින්වූයේ ලසන්ත ඝාතකයා ලෙසින්ය. අප මේ සටහන තබන්නට මූලිකම හේතුව වන්නේද එකී අත්අඩංගුවට ගැනීම නිසා අද මේ ශ්‍රේෂ්ඨ බුද්ධි නිලධාරියාට අත්ව තිබෙන ඉරණමය. 

ප්‍රේමානන්ද උදලාගම සීඅයිඩීයේ අත්අඩංගුව පත්විය. පසුව රක්‍ෂිත බන්ධනාගාරගත කෙරිණි. ඊටත් පසුව හේ මාස කිහිපයක්‌ ගතවීමෙන් පසු ඇපමත නිදහස්‌ව පැමිණියේය. එතැන් පටන් ඔහුට යුද හමුදාවේ රැකියාව අහිමි විය. මේ සිද්ධිය නිසා වෙනත් රැකියාවක්‌ කරන්නට තිබූ අවස්‌ථාවද අහිමි විය. එසේම යදු හමුදා කඳවුරකට ඇතුළු වීමට පවා නොහැකි අන්දමට යුද හමුදාව ඔහුට කොන්දේසි දැමීය. ඔහු අන්ත අසරණවී දැනටත් කල් ගෙවන්නේය. 

මෙසේ උදලාගම අත්අඩංගුවට ගැනීමෙන් පසුවද ලසන්ත ඝාතනය පිළිබඳ විමර්ශන දිගින් දිගටම සිදු කළ රහස්‌ පොලිසිය යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් සියගණනින් කැඳවා ප්‍රකාශ ලබා ගත්තේය. ඔවුන්ගේ ඇඟිලි සලකුණු සටහන් ලබා ගත්තේය. අත්අකුරු සටහන් ගත්තේය. 

මේ සියල්ල සිදු කිරීමෙන් පසුව මීට සති තුනකට පමණ ඉහතදී අධිකරණයට කරුණු වාර්තා කළ රහස්‌ පොලිසිය කීවේ ප්‍රකාශ නවසිය ගණනක්‌ සටහන් කර බුද්ධ නිලධාරීන් තුන්සියයකට ආසන්න පිරිසකගේ ඇඟිලි සලකුණු සටහන් ලබාගත්තද ඒ කිසිවකින්වත් ලසන්ත ඝාතනය පිළිබඳ තොරතුරක්‌ නොලැබෙන බවය.

මේ බව ඔවුන් අධිකරණයට වාර්තා කිරීමෙන් පසු එය අපි රටට වාර්තා කළෙමු. එසේ සිදු කර ගෙවී ගියේ දින කිහිපයකි. ඉකුත් සතියේ සති අන්ත පුවත්පත් මගින් නියම ප්‍රවේෂය යෑයි කී ලසන්ත ඝාතනයේ අලුත්ම කතාව රහස්‌ පොලිසිය කරළියට ගෙනආවේය. 

ඒ තවත් වාර්තාවක්‌ ගත්කිස්‌ස අධිකරණයට ඉදිරිපත් කරමිනි. සති අන්ත මාධ්‍ය වාර්තා පළවී තිබුණේද මෙකී අධිකරණ වාර්තාව පදනම්වය. ඔවුන් එසේ අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් කර තිබුණේ කුමක්‌ද?

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝානය වීමට පෙර ඔහුපසු පැමිණි බවට සැකකළ පුද්ගලයන් සහ යතුරු පැදි ඇතුළු වාහන පිළිබඳ තොරතුරු පොතක සටහන් කරන්නට කටයුතු කර තිබිණි.

ඔහුව ඝාතනය කෙරුණු දා මේ පොත තිබී ඇත්තේ ලසන්තගේ මෝටර් රථයේය. ලසන්ත ඝාතනයත් සමඟ ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කර තිබුණේ එවකට ගල්කිස්‌ස පොලිසියේ අපරDධ අංශයේ ස්‌ථානාධිපති වූ උප පොලිස්‌ පරීක්‍ෂක තිස්‌ස සුගතපාලය.

ලසන්ත ඝාතන විමර්ශනයේදී තිස්‌ස සුගතපාල නම් වූ පොලිස්‌ නිලධාරීයාට ලසන්ත සටහන් තැබූ ඒ පොත මෝටර් රථයේ තිබී හමුවී ඇත. ඉංගී්‍රසියේ සටහන් තබා තිබූ ඒ පොතේ ඇති දේ නිවැරදිවම වටහා ගන්නට ඔහුට නොහැකි වුවද එහි මුල් කවරයේ තිබූ යතුරු පැදි අංක දෙකක්‌ පිළිබඳ සැකසිතන ඔහු එකී යතුරුපැදි කාගේදැයි කියා විමර්ශනය කර බැලීය.

රහස්‌ පොලිසිය අධිකරණයට ඉදිරිපත්කර ඇති වාර්තාවට අනුව එදා උප පොලිස්‌ පරීක්‍ෂක තිස්‌ස සුගතපාල මේ යතුරු පැදි දෙක නුගේගොඩ සහ ජාඇළ ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනකුට අයත් බවටද සොයාගෙන ඇත.

ඒ සමඟම උපපොලිස්‌ පරීක්‍ෂක තිස්‌ස සුගතපාල මේ පිළිබඳ එවකට ගල්කිස්‌ස කොට්‌ඨාශය භාර පොලිස්‌ අධිකාරී හේමන්ත අධිකාරි මහතාට කරුණු දැනුම් දෙන්නේය. අනතුරුව ලැබුණු කැඳවීමකට අනුව පොලිස්‌ අධිකාරිවරයාද සමඟ උපපොලිස්‌ පරීක්‍ෂකවරයා එදා බස්‌නාහිර දකුණ භාරව සිටි නියෝජ්‍ය පොලිස්‌පති හේමන්ත නානායක්‌කාර හමුවට ගොස්‌ ඇත. 

එහිදී සිදුව ඇත්තේ "උඹලට පිස්‌සුද ඕක ඔච්චර දුර අරගෙන ගිහින් මැරුම් කන්නේ නැතුව ඔන්න ඔය පොත මෙහෙ දීපන්" කියා ලසන්තගේ සටහන් පොත නියෝජ්‍ය පොලිස්‌පතිවරයා විසින් තමන් භාරයට ගැනීමය. පසුව එය එවකට පොලිස්‌පති වූ ජයන්ත වික්‍රමරත්න මහතාට යවා ඇති අතර එතැන් සිට ලසන්තගේ පොතට සිදුවූ දෙයක්‌ නැත.

මෙකී සටහන් පොත තමන් භාරයට ගැනීමට පෙර ඩීඅයිජී නානායක්‌කාරගෙන් තිස්‌ස සුගතපාලට උපදෙස්‌ ලැබී ඇත්තේ ලසන්තගේ පොත පිළිබඳ ඔහු තැබූ සටහන්ද ඉවත් කර වෙනත් පොතක්‌ සකසා තමන්ට භාර දෙන ලෙසය. 

එකී සටහන් ඉවත් කිරීමේදී උපපොලිස්‌ පරීක්‍ෂක තිස්‌ස සුගගතපාල ලසන්තගේ පොතේ මුල් පිටුවේ සහ තමන් තැබූ සටහන්වල ඡායා පිටපතක්‌ ලබාගෙන ඇති අතර එයද තමන්ට හමුවී තිබෙන බව සීඅයිඩීය කියන්නේය.

මේ අනුව දැන් ලසන්ත ඝාතනයේ සාක්‍ෂි වසන් කිරීමේ චෝදනා සම්බන්ධයෙන් තිස්‌ස සුගතපාලත්, එවකෙ නියෝජ්‍ය පොලිස්‌පතිව සිටි ප්‍රසන්න නානායක්‌කාරත් දැන් සිටින්නේ බන්ධනාගාරගතවය. පොලිස්‌ අධිකාරි හේමන්ත අධිකාරි රහස්‌ පොලිසියට ප්‍රකාශයක්‌ දීමෙන් පසුව විනිසුරුවරයා ඉදිරියේ ප්‍රකාශයක්‌ දීමට සූදානම්ව සිටින්නේය.

බොහෝවිට ඉදිරියේදී එවකට හිටපු පොලිස්‌පති ජයන්ත වික්‍රමරත්න මහතාවද අත්අඩංගුවට ගනු ඇත. ඔහුටද එල්ල වන්නේ සාක්‍ෂි වසන් කිරීමේ චෝදනාවම විය හැකිය. එහෙත් මෙහිදී අපට මතුවන බරපතළම ප්‍රශ්නය වන්නේ රටේ ජනමාධ්‍යද කුල්මත් කරමින් සීඅයිඩීය මේ කියන්නේ උණු උණුවේම සොයාගත් අලුත්ම කතාවක්‌ද යන්නය.

දැනගැනීමට ඇති පරිදි නම් මේ කතාව ලසන්ත ඝාතන විමර්ශනයේදී හෙළිවූ ඉතාම පරණ කතාවකි. මෙය හෙළිවී තිබෙන්නේ ලසන්ත ඝාතනය ගැන විමර්ශන ඇරඹූ මුල් කාලයේදීමය. එවකට එය මාධ්‍ය මගින් පවා කළ බවද කියෑවෙන්නේය. 

එහෙත් මේ පරණ කතාව යනු ලසන්ත ඝාතන විමර්ශනය පිළිබඳ සීඅයිඩීය හරි මාවතට අවතීර්ණ වීම නම් ඒ ආරම්භයේදීම ඔවුන් මේ මඟ නොයා රට වෙනුවෙන් කැපවූ යුද හමුදා බුද්ධි නිලධාරීන් පසුපස පන්නාගෙන ගියේ කුමක්‌ නිසාද? එකී බුද්ධි නිලධාරීන්ගේ ඇඟිලි සලකුණු පවා ලබාගනිමින් ඔවුන්ගේ අනන්‍යතාව අභියෝගයට ලක්‌ කළේ කුමකටද?

එසේම ලසන්තගේ සටහන් පොතේ කතාව තුළින් දැන් සිදුවෙමින් තිබෙන්නේ සාක්‍ෂි වසන්කිරීමේ චෝදනාමත ඊට සම්බන්ධ බව කියන පොලිස්‌ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමය. එහෙත් සිදුවිය යුත්තේ එය පමණද?

එකී පොලිස්‌ නිලධාරීන් සාක්‍ෂි වසන් කිරීමට කටයුතු කළේ නම් ඔවුන්ට උපරිම දඬුවම් හිමිවිය යුතුය. එහි කතා දෙකක්‌ නැත. එහෙත් ඔවුන්ට දඬුවම් කිරීමම ලසන්ත ඝාතකයා සෙවීම නොවන්නේය. 

සීඅයිඩීය කියන පරිදි උපපොලිස්‌ පරීක්‍ෂක තිස්‌ස සුගතපාල එදා ලබාගත් ඡායා පිටපත ඔවුන්ට හමුවී තිබේ නම් එහි සඳහන් යතුරුපැදි දෙක පිළිබඳ විමර්ශනයක්‌ නොකෙරෙන්නේද? අත්තිඩිය ඇළෙන් ගොඩගත් යතුරු පැදියේ කතාවට වඩා මෙහිදී වැදගත් වන්නේ එකී යතුරුපැදි දෙක පිළිබඳ අනාවරණය කර ගැනීම නොවේද?

මේ යතුරුපැදි දෙක කාගේද? ඒවා දැන් ඇත්තේ කොහේද? ලසන්ත ඝාතනය කෙරුණු දා මේ යතුරු පැදි දෙක තිබුණේ කොතැනකද? එසේම තිස්‌ස සුගතපාල ලබාගත් ඡායා පිටපතේ ඇති අනෙකුත් කරුණු මොනවාද? ලසන්තගේ සැබෑ ඝාතකයා මේ ඡායා පිටපතේ ඇති කරුණු තුළ සිටිය නොහැකිද?

අප ඒ ප්‍රශ්න සියල්ලම සීඅයිඩීයෙන් අසන්නේ ඝාතනයට ලක්‌වූ ඡේHෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගට සාධාරණය ඉටුවිය යුතුවාක්‌ මෙන්ම මේ නිමිත්ත හමුවේ පසුගිය කාලයේ සිරබත් කෑ ප්‍රේමානන්ද උදලාගම ඇතුළු සියලුම යුදහමුදා බුද්ධි නිලධාරීන්ටද සාධාරණය ඉටුවිය යුතු නිසාය.

සමන් ගමගේ

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook