බෙල්ලන්විල හිමි
කළුබෝවිල රෝහලේ සිට ආසිරියට මාරු කර
අලියා ගැසීම හංගන්නේ ඇයිදැයි
වෛද්‍ය වසන්ත දිසානායක විමසයි
ජාතියට, ආගමට මෙන්ම සමාජයටද අනුපමේය මෙහෙවරක් කළ බෙල්ලන්විල රජමහා විහාරාධිකාරී මහාචාර්ය පූජ්‍ය බෙල්ලන්විල විමලරතන හිමියන් පසුගියදා අපවත්වුණා.
විමලරතන හිමියන් පසුගිය දෙවැනිදා උදෑසන විහාරස්ථානයේ “මියන්කුමාර” නමැති ඇත් පැටවාට ආහාර ලබාදෙන අවස්ථාවේදී අනතුරකට ලක්වීමෙන් රෝහල් ගත කෙරුණා පසුව නාහිමියන්ගේ තත්ත්වය බරපතල වීමත් සසමග කොළඹ පෞද්ගලික රෝහලක් වෙත මාරුකර යවා තිබුණා.
පන්සලේ ඇත් පැටවෙකුගේ පහරදීම නිසා බරපතල තුවාල ලබා අපවත්වී වදාළ බෙල්ලන්විල හිමිගේ තුවාල තත්වය සඟවා මාධ්‍ය වෙත විස්තර ලබාදීම මෙන්ම කළුබෝවිල රෝහලේදී නිසි සැත්කම් හා ප්‍රතිකාර සපයා තිබියදී ආසිරි සර්ජිකල් පුද්ගලික රෝහල වෙත මාරු කිරීම ගැටලු සහගත බව පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍ය වසන්ත දිසානායක මහතා ෆේස්බුක්හි පණිවිඩයක් තබමින් ප්‍රශ්න කර තිබේ.
ඔහුගේ සටහන පහත පරිදිය.
වෙෙද්‍ය වරයෙක් ලෙස බෙල්ලන්විල විමලරතන ස්වාමින් වහන්සේගේ භාරකරුවන්ගෙන් මට ප්‍රශ්න කීපයක් අැසිමට අැත. පලමුව ශල්‍ය කර්මයට භාජනය වී කලුබෝවිල මහ රෝහලේ දැඩි සත්කාර එ්කකයේ සිටි නාහිමියන් හිටි ගමන් පෟෙද්ගලික රෝහලකට ගෙන ගියේ කවුරුන්ද?. එ් කිනම් වෙෙද්‍ය විද්‍යාත්මක පදනමක් මතද? පන්සලේ හස්තියා විසින් පහර දුන් බව වසන් කරමින් හදිසි අනතුරකින් නාහිමියන් තුවාල වු බවට බොරු කිවේ අැයි? ඉල අැට කිහිපයක් කැඩි, අස්ථි භග්න සහිත නාහිමියන්ට සුලු, සුලු තුවාල අැතැයි මාධ්‍යයට පැවසුවේ මොකාද? සැමවිටම මෙලෙස සැක සහිත ලෙස මිය යන්නේ වැඩකට නැති අපතයන් නොව සසනඹර එකලු කරමින් හුදි ජනයාගේ බුද්ධිමය නිම් වළලු ප්‍රසාරණය කල ශ්‍රේෂ්ඨ යතිවරැන්ය. Then Again there are some Gray areas regarding the death of venerable Bellanwila Wimalaratna. Please answer my questions as I have a right to ask those as a medical man.