Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

වන්නිලෑ ඇත්තන්ගෙන් වරිගෙට
ඇත්දළ, සුර, මුදු අලිහක්‌ක

විකිණීමට තහංචියක්‌


පසුගිය කාලේ අපේ ගම වටේම අලි මරලා දැම්මා 
ඒ හැම එකකටම චෝදනාව ආවේ අපේ රැහේ අයට

අලි මරලා ඇත් දළ සුර මුදු හදනවා කියලා පහුගිය කාලේ ආදිවාසීන්ට චෝදනාවක්‌ ආවා. අපේ රැහේ අය සුර, මුදු, ආදී දේවල් විකුණන හින්දානේ ඔය චෝදනාව අපිට එන්නේ. ඒ හින්දා මම අපේ වරිගයේ අයට කිව්වා සතුන්ගෙන් නිෂ්පාදනය කරන කිසිම දෙයක්‌ දඹානේදී සංචාරකයන්ට විකුණන්න එපා කියලා. දැන් මාස කිහිපයක්‌ තිස්‌සේ මෙහේ අලි හක්‌ක, ඇත් දළ සුර, මුදු අලි කෙඳි, හරක්‌ අංවලින් කරන නිෂ්පාදන අපේ අය විකුණන්නේ නෑ යෑයි ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්‌පති ඌරුවරිගයේ වන්නිලෑ ඇත්තන් ප්‍රකාශ කර සිටියේය. 

කුඩා දරුවන්ගේ කම්බුල්ගාය රෝගය සඳහා අලි හක්‌ක කොටස්‌ ගල ගා උරච්චිකර ගැල්වීම අතීතයේ සිට පැරන්නන් අනුගමනය කළ අත් බෙහෙතක්‌ වූ අතර ඇත්දළ, සුර හා අලි කෙඳි මෙන්ම මුදු පැළැඳීමෙන් සෞභාග්‍යය උදාවන බවට තිබූ පැරණි ආකල්ප හේතුවෙන් ආදිවාසී ගම්මානයේදී ඒවා මිලදී ගැනීමට හැකිවීම නිසා ආදිවාසී ගම්මානය තුළ ඒ සඳහා යහපත් වෙළෙදෙපොළක්‌ නිර්මාණය වීම මගින් ආදිවාසීන්ට හොඳ ආදායම් මාර්ගයක්‌ද උදාවී තිබුණි. 

පසුගිය කාලයේ ගල්ගමුවේ දළ පූට්‌ටුවා ඝාතනය කර ඇත් දළ ලබාගත් සිද්ධියත්, ආදිවාසී ගම්මානය ආසන්න මාදුරුඔය රක්‌ෂිතයේ අලි ඝාතනය කර කොටස්‌ ලබාගැනීම සංවිධානාත්මකව සිදු වන බවත් මාදුරුඔය රක්‌ෂිතය තුළ සිදුවන වන අලි ඝාතන පිළිබඳව ආදිවාසීන් හට දිගින් දිගටම චෝදනා එල්ල වීමත් නිසා ආදිවාසී නායකයා මෙම තීරණයට එළැඹි බව පැවැසීය. 

එහිදී ආදිවාසී නායකයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේ

"පසුගිය කාලේ අපේ ගම වටේම අලි මරලා දැම්මා. ඒ හැම එකකටම චෝදනාව ආවේ අපේ රැහේ අයට. හැබැයි අපේ කිසිම කෙනෙක්‌ අලින්ට වෙඩි තියලා මරලා ඇත් දළ අරගෙන නෑ. මේ ගමේ ආදිවාසී සියලු දෙනාම විවිධ කාරණා සඳහා කැලයට යනවා. හොරෙන් හරි කැලේට රිංගලා මීපැණි ගන්ඩ වද කඩනවා. ගෙඩි තියෙන කාලේට ගෙඩි කඩන්ඩ කැලේට රිංගනවා. 

කැලේට යන ඕනෑම කෙනෙක්‌ විමසිල්ලෙන් ගියොත් හොයාගන්න පුළුවන් ඇත් දළ කෑලි. දළ තියෙන අලි කැලේ ඉන්න ගමන් ගස්‌ වලට ඇත් දළ වලින් අනිනවා. ඒ අනින කොට බොහෝ විට පොඩි පොඩි කොටස්‌ කැඩිලා ගස්‌වල රැඳෙනවා. මුවෝ ගෝන වගේ සත්තුන්ටත් ස්‌වාභාවිකව අං හැලිලා අලුත් අං එනවා. ඒ වගේ කැලේ වැටිච්ච අං හා කොටස්‌ අරගෙන ඇවිත් අපේ අය විවිධ දේවල් හැදුවා ජීවත් වෙන්න කීයක්‌ හරි හොයාගන්න. 

පසුගිය කාලේ දිගින් දිගයම චෝදනා ආවා අපේ අය තමයි අලි මරන්නේ කියලා. පසුගිය කාලේ ගල්මුවේ දළපූට්‌ටුවා වෙඩි තියලා මැරුවේ අපේ අයද කියලා මම එහෙම චෝදනා කරන අයගෙන් ප්‍රශ්න කරනවා. 

විවිධ චෝදනා එල්ල වෙන හින්දා මම අන්තිමට තීරණය කළා අපේ රැහේ අය කරන ඒ වෙළෙඳාම නතර කරන්න කියලා. අපේ අය විකුණන හින්දානේ ඔය චෝදනාව එන්නේ. කියන්න සතුටුයි අපේ රැහේ අය මම කිව්වා විතරයි ඒ සියලු වෙළෙඳාම් මේ වෙනකොට නතර කරලා තියෙනවා. 

මහියංගණ - රංජිත් කරුණාවීර

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook