Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

නිළියක් වුණු පමණින්ම මිනිස්සුන්ගේ ආදරය
දිනාගන්න එක කරන්න පුළුවන් දෙයක් ‍නෙවෙයි


තවමත් රංගන ක්ෂේත්‍රයට අලුත් ඇය දැන් රංගන ශිල්පිනියක් වගේම නිවේදිකාවක් හැටියටත් කටයුතු කරනවා. නමින් ශෙහානි කහඳවල නම් ඇය මේ දිනවල විකාශය වන ‘සඳ පිනි වැස්ස’ ටෙලි නාට්‍යය හරහා ඔබේ ආලින්දයට පැමිණෙනවා. ඒ නිසාම මෙවර රිවිසරසියේ කතාබහකට අපි ඇයට ආරාධනා කළා.

කොහොමද ජීවිතේ?
ජීවිතේ ඉතින් හොඳයි. වෙනදා වගේම සතුටින්, සැහැල්ලුවෙන් කලා කටයුතුත් කරගෙන ජීවිතේ ගතවෙනවා.


මොනවද මේ දවස්වල කරන වැඩකටයුතු?
මේ දවස්වල සඳ පිනි වැස්ස ටෙලි නාට්‍යයේ රූපගත කිරීම් සිදු වෙනවා. ඒ වගේම හිරු ටීවී නාළිකාවේ සුපර් හීරෝ රියැලිටි වැඩසටහනේ නිවේදිකාව හැටියටත් වැඩ කරමින් ඉන්නවා.

එතකොට දැන් ගොඩක් ජනප්‍රිය නිවේදිකාවද? රංගන ශිල්පිනියද?
මුල ඉඳන්ම මිනිස්සු අතරට ශෙහානි කහඳවල කියන නම ගියේ රංගන ශිල්පිනියක් හැටියට. ඉතින් මම හිතනවා ගොඩක් ජනප්‍රිය රංගන ශිල්පිනිය කියලා.

නිවේදනය කියන්නෙත් ‍ලේසි පහසු දෙයක් ‍නෙවෙයි නේද?
නිවේදනය කියන්නේ එහෙම අපි හිතන තරම් අපහසු දෙයක් ‍නෙවෙයි. නිවේදනය විතරක් ‍නෙවෙයි රංගනයේත් අපිට යම් යම් අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් නිවේදනය කියන්නේ මගේ විෂය නොවන නිසා මට එහි යම් අපහසුවක් දැනෙනවා. නමුත් ඒකත් ජීවිතේට තවත් එක් වටිනා අත්දැකීමක්. මම හරි කැමතියි විවිධ අභියෝගවලට මුහුණ දීලා ජීවිතේට අත්දැකීම් එකතු කරගන්න.

සඳ පිනි වැස්ස ටෙලි නාට්‍යයේ ඔබේ චරිතය ගැනත් කියමු?
සඳ පිනි වැස්ස ටෙලි නාට්‍යයේ මම හරි අහිංසක චරිතයක්. ඒ වගේම තැනට සුදුසු නුවණ පාවිච්චි කරලා වැඩ කරන, නිතරම අම්මා ළඟම ගැවසෙන, අම්මගේ ආදරෙත් එක්ක නිතරම ජීවත්වෙන චරිතයක්.

සැබෑ ජීවිතේ ඔබත් ඒ වගේද?
ඔව්, සැබෑ ජීවිතෙත් මම ඒ වගේ චරිතයක්. ඒ චරිතෙත් එක්ක මගේ ඇත්ත චරිතය ගොඩක් දුරට ළඟයි.

දැන් වෘත්තිය රංගනයමද?
තවම ඒ ගැන කියන්න අමාරුයි. මොකද අපිට ලැබෙන අවස්ථා අනුවයි දිගටම මේ ක්ෂේත්‍රය තුළ අපිට පැවැත්මක් හදාගන්න වෙන්නේ. එතැනදි නිර්මාණ දෙක තුනකට ඉඳලා කාලයක් නොපෙනී හිටියොත් මම හිතන්නේ වෘත්තීය ගමනක් මේ ක්ෂේත්‍රය තුළින් යන්න අමාරුයි. ඉතින් ලැබෙන හොඳ අවස්ථා භාරගෙන හොඳ ඉදිරි ගමනක් යාමයි මගේ බලා‍පොරොත්තුව.

තවම නවක ඔබට මතෛක් ලැබුණු අවස්ථා ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටුයි. මට විවිධ චරිත ලැබුණා. මේ විෂය ඇතුළේ මගේ නිදහසට අනුව චරිතයට උපරිම සාධාරණයක් කරන්න මට ඒ ලැබුණු අවස්ථා ගොඩක් වැදගත් වගේම ගොඩක් වටිනවා.

ඉක්මනින්ම මිනිස්සු අතරේ රැඳෙන්න හැකිවීම ගැන මොනවද කියන්න තියෙන්නේ?
නිළියක් වුණු පමණින්ම මිනිස්සුන්ගේ ආදරය දිනාගන්න එක කරන්න පුළුවන් දෙයක් ‍නෙවෙයි. එතැනදි මම වාසනාවන්තයි කියලා මට හිතෙනවා. මොකද දක්ෂතාව, හැකියාව වගේම වාසනාවත් ගොඩක් දුරට බලපානවා මේ ක්ෂේත්‍රයේ සාර්ථකව ඉදිරියට යන්න නම්. ඉතින් මාව දකින ගොඩක් දෙනා ළඟට ඇවිත් කතා කරනවා, සුබ පතනවා. ඒක තමයි නිර්මාණයක් කරලා අන්තිමට අපිට ඉතුරු වෙන දේ. ඒ ආත්ම තෘප්තිය ගොඩක් වටිනවා අනිත් හැමදේටම වඩා.

නිළියක් වෙන්නද ‍පොඩි කා‍ලේ ඉඳන් හීන දැක්කේ?
නිළියක් වීම කියන්නේ මම ‍පොඩි කා‍ලේ ඉඳන් දැකපු හීනයක් නම් ‍නෙවෙයි. මට වුවමනා වුණා ගුවන් සේවිකාවක් වෙන්න. නමුත් මට කලාව මුණ ගැහෙනවා. දැන් නම් මට ගුවන් සේවිකාවක් වීමේ වුවමනාවක් ඇත්තෙම නැ. මොකද මම කලාවට ගොඩක් ආදරය කරන්න පටන් ගත්තා. ඉතින් මගේ තියෙන හැකියාව දියුණු කරගෙන මේ ක්ෂේත්‍රය තුළින්ම ඉදිරි ගමනක් යන්නයි දැන් මට ඕන.

ඒ කියන්නේ මේ ක්ෂේත්‍රය ගැන ලොකු පැහැදීමක් තියෙනවා වගේ?
ඔව්. මේ ක්ෂේත්‍රය තමයි මම හිතන්නේ හොඳම තැන. අපිට අපේ හැකියාවට අමතරව ලැබෙන මිනිසුන්ගේ ආදරය මම හිතන්නේ නෑ වෙන ක්ෂේත්‍රයකින් ලැබෙයි කියලා. ඉතින් අලුතින් එන අයට කියන්න තියෙන්නේ මොළේ පාවිච්චි කරලා තමන් කරන දේ හරියට කරන්න කියලා තමයි.

ප්‍රවීණයන් නවකයන් වන ඔබට හොඳ සහයෝගයක් දක්වනවා ඇති?
අනිවාර්යයෙන්ම. ඔවුන්ගේ සහයෝගය නවක අපිට ගොඩක් වැදගත්. හැම නිර්මාණයකම මේ ක්ෂේත්‍රයේ කාලයක් හිටපු ප්‍රවීණ පිරිසක් අපිත් එක්ක ඉන්නවා. රූපගත කිරීම්වලදී නිතරම ඔවුන් අපි කියන දෙබස් ගැන පවා අවධානයෙන් ඉඳලා අපිට අපේ දුර්වලකම් මගහැර ගන්න නිතරම ශක්තියක් වෙනවා.

ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර අතරේ ආදරේට එහෙමත් ඇරයුම් ලැබෙනවා ඇති නේද?
හැමෝම ආදරෙයි. ඒ නිසානේ නිතරම හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ. ඒ විදිහට ඔවුන්ගෙන් ලැබෙන ආදරේ හරි වටිනවා.

ආදරය, විවාහය ගැන තවම හිතලා නැද්ද?
තවම ඒ ගැන හිතන්න තරම් වයසක් මට නෑ. තවම ජීවිතේ සැහැල්ලුවෙන් ගත කරනවා. හරි කා‍ලේ ආවම ජීවිතේට අවශ්‍ය ඒ තීරණ ගන්න පුළවුන්. එතකන් සතුටින්, සැහැල්ලුවෙන් ඉන්නවා.

මොනවද තව තියෙන බලා‍පොරොත්තු?
ජීවිතේ ලොකු ලොකු බලා‍පොරොත්තු නැති වෙන තරමට හරි සැහැල්ලුවෙන් ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මම කරන නිර්මාණවලට මේ ලැබෙනවා වගේම හොඳ ප්‍රතිචාර ප්‍රේක්ෂක ආදරය දිගටම ලැබෙයි කියලා මම බලා‍පොරොත්තු වෙනවා.

නඳුනි ආරියවංශ

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook