අපිට දැන් දූලා දෙන්නයි පුතාලා දෙන්නයි ඉන්නවා
අලුත් අමුත්තට අවධානය ටිකක් වැඩිවෙලා තියෙනවා
-මංජුලා
තරග පරාජය වීමේ වරද
ක්‍රීඩකයින්ටම පවරන්න හැකියාවකුත් නෑ
-ඩිල්ෂාන්
-ඩිල්ෂාන්
ක්‍රිකට් ලෝකෙයි කලා ලෝකෙයි සුන්දර එකතුවක් තමයි තිලකරත්න ඩිල්ෂාන්, මංජුලා තිළිණි කියන්නේ. ක්‍රිකට් ගැනයි කලාව ගැනයි වගේම ඔවුන්ගේ සොඳුරු කැදැල්ල ගැනත් තොරතුරු දැනගන්න මේ දෙන්නට වෙන වෙනම රසික පිරිසක් ඉන්නවා. ඉතින් මෙවර රිවිසරසියේ සොඳුරු පිළිසඳරකට අපි මේ ආදරණීය යුවළට අරාධනා කළා.
මුලින්ම හඬ අවදි කළේ තවමත් ජනප්‍රිය ඇය මංජුලා තිළිණි කොහොමද ජීවිතේ
ජීවිතේ අපි හැමදාම වගේ සතුටින් ගත කරනවා. දැන් ඒ සතුට තවත් වැඩිවෙලයි තියෙන්නේ. මොකද අපේ අලුත් අමුත්තා අපේ චූටිම බබා නිසා අපේ ජීවිත තවත් අලුත් වෙලා කීවොත් හරි.
අලුත් අමුත්තා නිසා ජීවිතේ තවත් කාර්ය බහුල ඇති නේද?
මේ අපේ හතරවෙනියා. ඉතින් තවම එයා අපි ළඟට ආවා විතරයිනේ. ඒ නිසා එයාට දක්වන අවධානය ටිකක් වැඩිවෙලා තියෙනවා. ඒ ඇරුණුකොට කියන්න තරම් ලොකු කාර්ය බහුලත්වයක් නම් නෑ. හැමදාම අපේ ජීවිත ඇතුළේ තිබුණු කාර්ය බහුලත්වය තවත් ආදරණීයව ගලාගෙන යනවා.
කොහොමද අනිත් තුන්දෙනා අලුත් අමුත්තව පිළිගත්තේ?
අපිට දැන් දූලා දෙන්නයි පුතාලා දෙන්නයි ඉන්නවා. ඉතින් අනිත් තුන් දෙනාට දැන් චූටි බබාව නැතිවම බෑ. නිතරම එයා එක්කමයි ඉන්නේ. අපි දකිනවා සාමාන්‍යයෙන් අලුතින් කෙනෙක් ආවාම අනිත් අය ටිකක් ඉරිසියයි. හැබැයි අපේ මේ තුන්දෙනාම හරි ආදරෙන් චූටි බබාව බලාගන්නවා. නිතරම එයා ළඟට වෙලා ඉන්න තමයි තුන් දෙනාම කැමති. ඒ කැමැත්ත පාරේදි දකින ඕනම පෙඩි දරුවෙක්ට වුණත් එයාලා ළඟ තියෙන කැමැත්තක්. ඉතින් හරිම සංවේදී දරුවෝ ටිකක් තමයි අපට ඉන්නේ.
හතර දෙනාගෙම වැඩ කරගන්න එක ලේසි නම් නැතුව ඇති?
අපිට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා කියලා දැනෙන්නේ නැති තරමට අපේ ජීවිත ආදරණීයව ගවෛනවා. ඩිල්ෂාන් සැමියෙක්. පියෙක් හැටියට ඔහුගේ වගකීම් නොපිරිහෙළා ඉටුකරන කෙනෙක්. ඉතින් ඔහුගේ සහයෝගය නිතරම මට ලැබෙනවා. අපිට ඉන්නේ එක එක වයස් පරතරවල දරුවෝ. එයාලා දවසින් දවස අලුත් වෙනවා. අලුත් අලුත් දේවල් ඉගෙන ගන්නවා. ඉතින් එයාලත් එක්ක අපිත් දවසින් දවස අලුත් වෙනවා. දරුවොත් එක්ක ඉන්නවා කියන්නේ අලුත්ම අලුත් ආදරණීය අත්දැකීමක්. සාමාන්‍යයෙන් කියනවනේ අම්මා කෙනෙක්ට නිදහසේ නිදාගන්න ලැබෙන්නේ නෑ කියා. මමත් ඒ අත්දැකීම සුන්දරව අත්විඳිනවා.
දරුවෝ හතර දෙනෙක්ගේ අම්මා කෙනෙක් වීම කොහොමද දැනෙන්නේ?
ඒ හැඟීම ගැන කියන්න වචන නෑ. ගොඩක් ආඩම්බරයි දූලා දෙන්නයි පුතාලා දෙන්නයි ඉන්නවා කියන්නේ අපේ ජීවිත දැන් පරිපූර්ණයි කියලා කියන්න පුළුවන්. හොඳ සැමියෙක්, දරුවෝ හතර දෙනෙක්, සාර්ථක පවුල් ජීවිතයක් කියන්නේ ගැහැනියක් හැටියට මගේ ජීවිතේ සම්පූර්ණයි. මගේ පවුල් ජීවිතේ මට ඔටුන්නක් හා සමානයිසැමියා හැටියට ඩිල්ෂාන්ගෙන් ලැබෙන සහයෝගය ගැනත් කතා කරමු.
ඉස්සර ඉඳන්ම අපිට අපි නැතුවම බෑ. එයාට මාවත් මට එයාවත් නැතුව බෑ. දරුවෝ ලැබුණයි කියලා අපි දෙන්නට තිබුණු ආදරේ අඩුවෙලා නෑ. දරුවෝ නිසා ඒ ආදරේ තවත් වැඩිවුණා කීවොත් හරි. ඉතින් ගෙදර වැඩටික කරගන්න අපිට උදව්වට අය හිටියත් දරුවන්ගේ වැඩ අපි දෙන්නමයි කරන්නේ. ඉතින් ඩිල්ෂාන් මගේ සැමියා විතරක් නෙවෙයි මගේ හොඳම යාළුවා මට ජීවිතේ ළඟම කෙනා තමයි ඔහු.
ජීවිතේ හොඳම කාලෙදී රංගනය මගහැරුණා කියලා හිතෙන්නේ නැද්ද?
ගෙදරින් ලොකු කැමැත්තක් ලැබෙන්නේත් නැතුව මම ඒ කාලේ රංනයට සම්බන්ධ වෙලා ලබපු ඒ ජනප්‍රියත්වය සහ ආදරය මට ගොඩක් වටිනවා. මම හිතනවා ඒකාලේ හැටියට මම මගේ උපරිමය කළා කියලා. දැනටමත් ගොඩක් දෙනා කියනවා රංගනය මට මගහැරුණු එක හරි අපරාදයක් කියලා. නමුත් මම හිතන්නේ එහෙම රංගනය මගනොහැරුණා නම් අද මට මේ ලැබිලා තියෙන ජීවිතය මග හැරෙන්න ඉඩ තිබුණා.
තවමත් රංගනයට ආරාධනා නම් ලැබෙනවා ඇති?
පහුගිය කාලේ මට ආරාධනා ලැබුණේ නැවතත් රංගනයට එකතු වෙන්න. මේ මෑතකදිත් ටෙලි නාට්‍යයක් සඳහා අරාධනා ලැබුණා. නමුත් මට තව කාලේ අවශ්‍යයි. දරුවොත් එක්ක ඉන්න ඕනි. එයාලා දවසින් දවස වැඩෙනකොට එයාලා දිහා බලාගෙන ලබන සතුට ගොඩක් වටිනවා. ඉතින් බලමු ඉදිරියේදී කලාව වෙනුවෙනුත් නැවත යමක් කරන්න අවස්ථාව ලැබෙයි.
ඔබේ චරිතවලට ආදරේ කරන පිරිසක් තවත් ඉන්නවා නේද?
ඔව්. අදටත් මට භවත්‍රා, ප්‍රාර්ථනා, නිලංජනා කියලා කතා කරන පිරිසක් ඉන්නවා. මගේ නමින් මාව හඳුනන පිරිසට වඩා මම කරපු චරිත නමින් මාව හඳුනාගෙන මට ආදරේ කරන පිරිස තමයි වැඩි.
තිලකරත්න ඩිල්ෂාන් කියන ජනප්‍රිය චරිතය සාමාන්‍ය ජීවිතයේදී මොන වගේ චරිතයක් හැටියට ද ඔබ දකින්නේ?
සාමාන්‍ය ජීවිතේදී අතිශය සාමාන්‍ය චරිතයක් ඔහු. ගොඩක් සරල විදියට ජීවත්වන කෙනෙක්. නිතරම හිතේ සතුටින් විනෝදෙන් ඉන්නයි අපි උත්සාහ ගන්නේ. මමම හිතන දේ ඔහුට දැනෙනවා. ඔහු හිතන දේ මට දැනෙනවා. ඉතින් ඒ දැනීමම තමයි අපේ ජීවිත අද මේ තරම් දුරට සාර්ථක කළේ.
ඊළඟට සිය හඬ අවදි කළේ ඔහු.. තිලකරත්න ඩිල්ෂාන්
දැන් ජීවිතේ විවේකීව ගෙවනවා ඇති නේද?
ඔව්. දැන් ඉතින් ජීවිතේ විවේකීව ගත වෙනවා. අපේ අලුත් සාමාජිකයත් එක්ක ජීවිතේ දැන් තවත් ලස්සන වෙලා. දැන් ඉතින් නිතරම පවුලේ අයත් එක්ක ඉන්න මට කාලය තියෙනවා. ඉස්සර ක්‍රිකට් නිසා මගෙන් වෙන්න ඕනි ගොඩක් දේවල් මගහැරුණා. නමුත් දැන් මම පවුලේ මගේ දරුවෝ, බිරිඳ, දෙමව්පියෝ වෙනුවෙන් කාලය වෙන් කරලයි තියෙන්නේ.
ඉස්සර තිබුණු කාර්ය බහුලත්වය ටික ටික වෙනස් වෙනකොට කොහොමද දැනුණේ?
මං හිතන්නේ ඉස්සරට වඩා දැන් මම කාර්යබහුලයි. මොකද දරුවෝ දවසින් දවස වැඩෙනකොට අපිට තියෙන වගකීම් වැඩියි. ඉස්සර රට වෙනුවෙන් තිබුණු වගකීම තරමටම ඊටත් වඩා ලොකු වගකීමක් දරුවෝ වෙනුවෙන් ඉටු කරන්න තියෙනවා. ඒ වගකීම් බර වැඩි නෑ. මොකද ඒ දේවල් අනිවාර්යයෙන්ම විය යුතුයි.
ආදරේ කරපු ක්‍රිකට් ක්‍රීඩාවට සමුදෙනකොට මොනවද දැනුණේ?
ක්‍රිකට් කියන්නේ මගේ ජීවිතේ හා සමාන දෙයක්. වසර 30ක ක්‍රිකට් ජීවිතයක් මට තියෙනවා. ඉතින් ක්‍රිකට් මට ලේවලටම දැනිලයි තිබුණේ. ගොඩක් අමාරු තීරණයක් මම ගත්තේ. නමුත් බිරිඳ, දරුවෝ එක්ක කාලේ ගත වෙනකොට මට මගේ හිත හදාගන්න ඒ අය ලොකු ශක්තියක් වුණා.
ක්‍රිකට්වලින් සමුගන්නකොට තව ටිකක් කල් හිටියා නම් කියලා හිතුණේ නැද්ද?
එහෙමත් හිතුණා. රට වෙනුවෙන් තව කාලයක් සෙල්ලම් කළා නම් කියලා හිතුණා. නමුත් ඒ කාලේ මට තිබුණු තත්ත්වයත් එක්ක මම එදාට ගැළපෙන නිවැරදිම තීරණේ ගත්තා. දුකයි තමයි නමුත් මම හිතනවා මම හරි තීරණයක් ගත්තා කියලා.
වර්තමාන ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන මොකද හිතෙන්නේ?
වර්තමාන තත්ත්වය නම් ටිකක් පසුගාමී. දිගින් දිගටම තරග පරාජය වීම් තමයි අත්විඳින්න ලැබුණේ. එතැන වරද ක්‍රීඩකයින්ටම පවරන්න හැකියාවකුත් නෑ. මොකද මම ක්‍රිකට්වලින් අයින් වුණේ හොඳ තරුණයින් පිරිසක් කණ්ඩායම තුළ හිටිය නිසයි. මම එදා හිතුවේ අපේ තරුණ ක්‍රීඩකයින්ගෙන් හොඳ ප්‍රයෝජනයක් ගනීවි කියලා. මේ වගේ තත්ත්වයක් උදා වෙයි කියලා හිතුවා නම් මම මොන ප්‍රශ්න ආවත් තව කාලයක් ක්‍රිකට් තුළ රැඳෙනවා. අපි අපේ ක්‍රීඩකයින්ගෙන් හරියාකාරව ප්‍රයෝජන ගන්නවද කියන ගැටලුවයි මට තියෙන්නේ. 2018 දී වත් අපි සුබ බලාපොරොත්තුවක් ඇතිකර ගනිමු.
ක්‍රිකට් ක්‍රීඩාවට මේ වගේ තත්ත්වයක් උදා වෙන්න හේතුව හැටියට ඔබ දකින්නේ මොකක්ද?
මම දැන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමු අරන් වසරකට ආසන්න කාලයක් වෙනවා. ඉතින් එහෙම සමුගත්තට පස්සේ ක්‍රිකට් ගැන මම හොයන්න ගියේ නෑ. මොකද අපිත් ගිහින් පාලක මණ්ඩලේ ප්‍රශ්න ගැන කතා කරන්න ගත්තොත් අපේ ක්‍රීඩකයින්ට එක් මානසික වදයක් තරමටම ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ක්‍රිකට්වලින් ඉවත් වුණාට පස්සේ මමත් ක්‍රිකට් ක්‍රීඩාව නරඹන තවත් එක ප්‍රේක්ෂකයෙක්ම විතරයි.
ඉස්සර ලැබුණු ජනප්‍රියත්වය, ආකර්ෂණය තවම ඒ විදියටම ලැබෙනවද?
ඉස්සරට වඩා මම හිතනවා දැන් මම ජනප්‍රියයි කියලා. මොකද හැමෝම වයස, තරාතිරම, තත්ත්වය කියන කිසිම භේදයකින් තොරව මගෙන් අහන එකම ප්‍රශ්නය ‘ඇයි ඔයා ක්‍රිකට්වලින් සමුගත්තේ?’ කියන එක. ඉතින් මට තවම ඒ විදියටම ප්‍රතිචාර ලැබෙනවා. ඒ ප්‍රතිචාරවලවත් ආකර්ෂණයේවත් කිසිම අඩුවක් නම් වෙලා නෑ. තවත් ඒ ප්‍රතිචාර වැඩිවෙලයි තියෙන්නේ. ලෝකමෙ දක්ෂතම තුන්ඉරියව් ක්‍රීඩකයා හැටියට මගේ සමුගැනීම ගොඩක් දෙනෙක්ට හදවතටම දැනිලා කියන හැඟීම ඇති වෙනවා මේ ප්‍රතිචාර ලැබෙනකොට.
පුතාලා දෙන්නා ක්‍රිකට්වලට යොමු වෙනවා දකින්නද කැමැති?
අපේ තාත්තා පාපන්දු ක්‍රීඩාවේ නියැළුණු ක්‍රීඩකයෙක් හැටියට ඔහුට අවශ්‍ය වුණේ මාව පාපන්දු ක්‍රීඩාවට යොමු කරන්න. නමුත් මගේ කැමැත්ත සහ දක්ෂතාව තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාවට. සමහර විට මම ක්‍රිකට්වලට යොමු නොවුණා නම් අද ලෝකේම දන්න තිලකරත්න ඩිල්ෂාන් කෙනෙක් නැති වෙන්න තිබුණා. ඒ වගේම මගේ දරුවන්ටත් මම බලපෑම් කරන්නේ නෑ. පුතාලාට වැඩිය දූට තමයි ක්‍රිකට් ගැන උනන්දුව තියෙන්නේ. නමුත් මම කැමැති මම නියෝජනය කරපු ක්‍රීඩාව දවසක මගේ දරුවෙක් නියෝජනය කරනවා දකින්න.
ව්‍යාපාරික කටයුතු ගැනත් කතා කරමු?
කිරුළපන අපේ හොටෙල් එකක් තියෙනවා. කාමර හත අටක සුන්දර සංචාරක නිකේතනයක් හැටියට අපි ඒක පවත්වාගෙන යනවා. මමත් විඩාව නිවාගන්නේ එතැන කාලය ගත කරමින්. කොළඹ වුණත් සුන්දර අත්දැකීමක් විඳගන්න පුළුවන් තැනක්. ඒ වගේම අලුතින් අපි තේ සම්බන්ධ ව්‍යාපාරයක් පටන් ගත්තා. ලබන වසරේ මැද භාගය වන විට හැමෝටම අපේ වෙළෙඳ නාමය යටතේ මේ තේ රසවිඳින්න හැකියාව ලැබෙයි.
අලුත් අවුරුද්දේ මොනවද තියෙන බලාපොරොත්තු?
ලොකු ලොකු බලාපොරොත්තු නෑ. අපේ ජීවිත හරි සරලව, සැහැල්ලුවෙන් ගත වෙනවා. අපි දෙන්නගෙම බලාපොරොත්තුව අපේ දරුවෝ. එයාලත් එක්ක වගේම අපිට ආදරේ කරන අපේ ප්‍රේක්ෂකයොත් එක්ක 2018 වසරත් සතුටින් හිනාවෙලා ගත කරන්න ලැබෙන්න කියන බලාපොරොත්තුව තමයි මට තියෙන්නේ.
නඳුනි ආරියවංශ