Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

රනිල් කියන්නෙ  සාමාන්‍ය මනුස්සයෙක්නේ
සිනමා නිළි අයිරාංගනීගෙන්
රනිල්ගේ නැටුම ගැන ප්‍රකාශයක්
-Video

අගමැති රනිල්  සිනමා නිළි අයිරාංගනී සේරසිංහ සමග උත්සව අවස්තාවකදී සිදුකරන   නර්තනයක්  පසුගියදා අන්තර්ජාලය දෙවනත් කළා.
ගමැති රනිල්ගේ නැන්දනියක වන ජ්‍යෙෂ්ඨ නිළි අයිරාංගනී සේරසිංහ සමග නර්තනයේ යෙදීමෙහි වරදක් නොමැති බව ඇතැමුන් පවසන නමුත් එය තවත් සමහරෙකුගේ විවේචනයට සහ හාස්‍යයට ලක්ව තිබේ.

 ඒ  සම්බන්ධයෙන් සිනමා නිළි අයිරාංගනී සේරසිංහ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
ගල්කිස්ස ප්‍රදේශයේ ඥාති මංගල උත්සවයකදී රනිල්ට නෑකමින් නැන්දා වන අයිරාංගනී වටා අත් නටවමින් කැරකෙමින් රනිල් සිදු කළ නැටුම ගැන විවිධ අදහස් පළවූ අතර මෙය ප්‍රධාන මාධ්‍ය වලටද දේශපාලන කාටූන් වලටද විෂය විය.


බීබීසී සේවයට අදහස් දක්වමින් සිනමා නිළි අයිරාංගනී මෙසේ කියා සිටියාය.
සිය ඥාති පුතු අගමැති වික්‍රමසිංහ හා නර්තනයේ යෙදීම පිළිබඳව බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් රංගන ශිල්පිනී අයිරාංගනී සේරසිංහ විසින් අගමැතිවරයා හඳුන්වා ඇත්තේ "සිනා වෙන්නත් පුළුවන්, අඬන්නත් පුළුවන් සාමාන්‍ය මිනිසෙකු" ලෙසිනි.

අදාළ වීඩියෝ දර්ශනය නිසා අගමැතිවරයා පිළිබඳ යහපත් ප්‍රතිරූපයක් නිර්මාණය වූ බව පවසන ඇතැමුන් විග්‍රහ කර තිබුණේ එය අගමැතිවරයා විසින්ම සිතා මතා සමාජ ජාල වෙත පළ කරන ලද වීඩියෝවක් දැයි සැක පළ වන බවය.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෙළඳ දැන්වීම් ප්‍රචාරණ ක්ෂේත්‍රයේ නිර්මාණ අධ්‍යක්ෂවරයකු වශයෙන් කටයුතු කරන විචාරක චින්තන ධර්මදාස කියා සිටියේ ප්‍රචාරණ කලාව තුළ අවධානය වෙනතකට යොමු කිරීමට හෝ අවධානය ලබා ගැනීම පිණිස එවැනි පියවර ගත හැකි බවය.

"හැබැයි මම හිතන්නේ නැහැ ලංකාවේ ඔය පක්ෂ දෙකෙන් එකකටවත් එතරම් ශූර වූ දුරදක්නා නුවණක් තියෙනව කියලා. එහෙම තියෙනවනම් ඒ පක්ෂය හෝ කණ්ඩායම හරිම වාසනාවන්තයි."

"එහෙම මාකටින් තිබෙන පක්ෂ තිබෙනවා නම් ලංකාවේ මීට වඩා වෙනස් දේවල් දකින්න ඕනි. අපි මේ දකින මැටි, මෝඩ විදිහේ තත්ත්වයන් හොඳ මාකටින් ප්ලෑන් තියෙන පක්ෂවලින් සිද්ධ වෙන්න විදිහක් නැහැ," යනුවෙන් විචාරක චින්තන ධර්මදාස පැවසීය.




Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook