Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

සිංදු කියන්න ගිය මගුල් ගෙදර 
මනාලියගෙ නංගිට
දුලාජ් කොක්ක ගහපු හැටි
එකපාරටම කැමැත්ත දුන්නා නම් අගයකුත් නෑනේ
-දුලාජ් ධනුෂ්ක

ජීවිතේ සුන්දර වෙනසක් සිදු වුණානේ?

ඔව්. මීට අවුරුද්දකට කලින් තමයි මම විවාහ ගිවිස ගත්තේ. පසුගිය 3 වැනිදා අපේ වෙඩින් එක පැවැත්වුණේ. පළමු දවසේ උත්සවයක් පැවැත්වූවේ නැහැ. වෙන්නප්පුව දේවස්ථානයේදී විවාහ උත්සවය වෙනුවෙන් පූජාව පැවැත්වූවා. පසුගිය හය වැනිදා තමයි හෝම්කමින් එක තිබුණේ. පවුලේ අය සහ කලාකරුවන් එක්ක අපේ විවාහ සැමරුම සිදු කළා.

කොහොමද දුලාජ් අලුත් ජීවිතේ?

අලුත් ජීවිතේ හරිම සතුටින් ගත කරනවා. එය පටන්ගත් විදියම හරිම සුන්දරයි.

විවාහයට කලින් වැඩි සද්ද බද්ද දැම්මේ නම් නෑ?

ඔව්. අපි එහෙම පබ්ලිසිටි දෙන්න ගියේ නැහැ. අපිට ඕන වුණේ අපේ ජීවිතේ ලස්සනම දවස ලස්සනට සමරන්න. හිතපු විදියටම අපේ වෙඩින් එක ලස්සනට කරගන්න ලැබුණා.

කවුද මේ දුලාජ්ගේ අත ගත්ත කෙනා කියමු?
මගේ බිරිය ඉරේෂා නිමන්ති. එයා ලොකු කාලයක් ජීවත් වුණේ ඉතාලියේ.

එතකොට කොහොමද දෙන්නගේ හමුවීම සිදුවුණේ?

එයාගේ අක්කගේ වෙඩින් එකට ගීත ගායනා කරන්න මම සම්බන්ධ වුණා. ඒ වෙනකොට නිමන්ති ඒ වැඩකටයුතුවලට මට දුරකතනයෙන් කතාබහ කළා. ඉතින් එයාගේ ෆෝන් නම්බර් එක මම ඵචමඥ කරගෙන එයා එක්ක මාස කිහිපයක් කතාබහ කළා. ඊට පස්සේ තමයි මම එයාට මගේ අදහස ගැන යෝජනාව ගෙනාවේ.



ඒ ආදර යෝජනාවට ඇයගෙන් මුලින්ම ලැබුණේ හොඳ ප්‍රතිචාරයක්ද?


එයා මුලින්ම මගේ යෝජනාවට කැමැත්ත දුන්නේ නැහැ. එයා එකපාරම මට කැමැත්ත නොදුන්න එකට මම කැමැතියි. ටික දවසකට පස්සේ තමයි එයා මට කැමැත්ත දුන්නේ.

එකපාරටම කැමැත්ත දුන්නේ නැති එකට ඇයි ඔච්චර කැමැති?

එකපාරටම කැමැත්ත දුන්නා නම් අගයකුත් නෑනේ.

දුලාජ් නිමන්තිට කැමැති වෙන්නත් විශේෂ හේතුවක් තියෙන්න ඇති?

නිමන්තිගේ පවුලේ අයත් ගොඩක් හොඳයි. එයාලා හරිම සරලව ජීවත් වෙන අය. නිමන්තිත් එහෙමයි. ඒ සරලකමට මම ගොඩක් කැමැතියි. එයා අඳින්නෙත් හරි සරල විදියට. විච්චූරණ නැති කෙනෙක් එයා.

ඒ කියන්නේ දුලාජ්ට හරියනම කෙනා ලැබිලා තියෙනවා කියන එකද?

සාමාන්‍යයෙන් අපි හැමෝම එක වගේ නැහැ. ගැළපෙන අය නෙමෙයි අපි හැමෝම. නමුත් අපි ගළපාගෙන ජීවත් වෙන්න ඕන. ඒත් මම හිතනවා මගේ ජීවිතයට හරියනම කෙනා තමයි මම හොයාගෙන තියෙන්නේ කියලා.



ඔය ආදර කතාවට බාධා කරන්න කවුරුත් හිටියේ නැද්ද?


ඇත්තටම අපේ ආදර කතාවට කාගෙන්වත් බාධා ආවේ නැහැ. අපි කතාබහ කරන්න අරගෙන මාසයක් විතර යද්දි පවුල්වලටත් අපේ සම්බන්ධය ගැන කිව්වා. එයාලා අපිට කිව්වේ අපි ගැළපෙනවා කියලා තේරුම් ගත්තා නම් එකතු වෙන්න කියලා.

නිමන්තිව හඳුනගන්න ලැබුණු කාලය ඇති කියලා හිතනවද?

අපි හඳුනගෙන අවුරුද්දක් ඇතුළත විවාහ ගිවිස ගත්තා. මම ඒ කාලය ඇතුළත එයාව හඳුන ගත්තා. දැන් අපේ සම්බන්ධයටත් අවුරුදු දෙකක්. මට එයාගේ වෙනසක් තාම දැනුණේ නැහැ. මගේ අම්මයි, තාත්තයි වගේ ආදරෙන් හැමදාම අපි දෙන්නට ඉන්න පුළුවන් වෙයි කියලා හිතනවා.

විවාහය වෙනුවෙන් ගීතයකුත් කළා නේද?

ඔව්. 'මවාගෙන දෑස තුන්යාමේ' තමයි ගීතය. අපේ ර්ථීපඥ ඉඩධධබ එක තමයි වීඩියෝවට අර ගත්තේ. ඒ ගීතය මගේ රසිකයන්ට ඉදිරියේදී දැකබලා ගන්න පුළුවන් වෙයි.



දුලාජ්ගේ වැඩකටයුතුවලට නිමන්තිගෙන් හොඳ සහයෝගයක් ඉදිරියටත් ලැබෙයිද?


නිමන්ති කියන්නේ හොඳ තේරුම් ගැනීමක් තියෙන කෙනෙක්. එයාට හොඳ රසවින්දනයක් තියෙනවා. දැන් වගේම ඉදිරියටත් එයා මට හොඳ සහයෝගයක් දෙයි.

දුලාජ් නිමන්ති එක්ක රට අතහැරලා යනවා කියන්නේ ඇත්තද?
නිමන්ති අවුරුදු ගාණක් හිටියේ ඉතාලියේ. ඉතින් අපි දෙන්නම අවුරුද්දකට විතර ඉතාලියට යනවා. ඒ ගිහිල්ලත් මම නිකන් ඉන්නේ නැහැ. එහේ තියෙන ප්‍රසංගවලට සහභාගි වෙනවා. ඒ වගේම ඉතාලියේ ඉන්න අයට ගීත නිර්මාණය කරලා දෙන්නත් වැඩකටයුතු සූදානම් කරගෙන මම යන්නේ.



අලුත් ජීවිතේ තවත් අලුත් බලාපොරොත්තු ඇති?


අපේම නිවෙස හදලා එතැනම අපේ ස්ටූඩියෝව පටන් ගන්න තමයි හිතාගෙන ඉන්නේ.

කොහොමද නිමන්ති අලුත් ජීවිතේ?

අලුත් ජීවිතේ ගොඩක් හොඳයි.



නිමන්තිගේ සහකාරයා දුලාජ්. නිමන්ති හීන දැක්ක කෙනාමද ඔයාගේ ජීවිතයට ලැබිලා තියෙන්නේ?


ඔව්. මම බලාපොරොත්තු වුණේ මේ වගේ ගතිගුණ තියෙන කෙනෙක්. මම හිතපු විදියෙම කෙනෙක් මගේ ජීවිතයට ලැබුණා. ඒ ගැන සතුටුයි.

එහෙනම් දුලාජ් ආදර යෝජනාව ගෙනාවම ගණන් ඉස්සුවේ ඇයි?

ගණන් ඉස්සුවා නෙමෙයි. අපි කතාබහ කළාට එයා මට ගැළපෙනවද බලන්න තමයි මම කල් ගත්තේ. මොකද විවාහය ගැන තීරණය හදිස්සියෙන් ගන්න හොඳ නැහැ. දුලාජ් ජනප්‍රියයි. ඉතින් අපිට එකට ජීවත් වෙන්න පහසු වෙයිද කියලත් මම හිතුවා.

දුලාජ් ජනප්‍රිය රියැලිටි වැඩසටහනකින් ඉදිරියට ආපු කෙනෙක්. නිමන්ති දුලාජ්ව ඒ කාලේ ඉඳන් දැනගෙන හිටියද?

එයා ඒ වැඩසටහනින් ආවේ කියලා මම දැනගෙන හිටියා. හැබැයි මම ඒ වැඩසටහන දිගටම බැලුවේ නැහැ. මගේ අම්මයි තාත්තයි නම් දුලාජ්ට ගොඩක් කැමැතියි. එයා අපේ ගමේ කෙනෙක්නේ. අපේ අක්කගේ වෙඩින් එකට ඵඪදඨ කරන්න එයාව ගෙන්නුවෙත් ඒකයි.



දුලාජ්ව තෝර ගනිද්දි ජනප්‍රියත්වය කියන කාරණය ඔයාගේ තෝර ගැනීමට බලපෑවෙම නැද්ද?


මම කැමැති වුණේ එයාගේ ජනප්‍රියත්වයට නෙමෙයි. එයාගේ ජනප්‍රියත්වයට කැමැති වුණා නම් එයාට කලින් මට එයාගෙන් අහන්න තිබුණා. දුලාජ් හොඳ කෙනෙක්. එයා කොච්චර ජනප්‍රිය වුණත් පවුලට මුල් තැන දීලා කටයුතු කරනවා. ඉතින් මට හිතුණා එයා මට ගැළපෙනවා කියලා.

ජනප්‍රිය නිසා දුලාජ් වෙනස් වෙයි කියලා දෙගිඩියාවක් තිබ්බෙත් නැද්ද?

නැහැ. මොකද එයා ජනප්‍රිය වෙලා ඉඳලත් එයාගේ ජීවිතේ මට ඉඩක් දුන්නා. ඒ නිසා එයා වෙනස් කියලාවත් වෙනස් වේවි කියලාවත් මම හිතන්නේ නැහැ.

නිමන්ති ලොකු කාලයක් ජීවත් වුණේ ඉතාලියේ. එහෙදි හිත ගිය කෙනෙක් හිටියෙම නැද්ද?

ඇත්තටම එහෙදි ලංකාවේ ගොඩක් අය මුණගැහෙනවා. හැබැයි ගැළපෙන, මාව තේරුම් ගත්ත කෙනෙක් මට මුණගැහුණේ නැහැ.

දුලාජ්ගේ ගීතවලින් නිමන්ති වැඩිපුරම කැමැති ගීතයක් තියෙනවද?

ඔව්. 'මේ රාත්‍රියේ' ගීතයට මම ගොඩක් කැමැතියි. ඒක එයාගේ පළමු වැනි ගීතය. දුලාජ්ව හඳුනගන්න කලින් ඉඳන්ම මම ඒ ගීතයට කැමැතියි.



නිමන්ති දුලාජ්ගේ වීඩියෝ දෙකකම පෙනී හිටියා. ඉදිරියටත් දුලාජ්ගේ වීඩියෝවල පෙනී ඉන්නවද?


විවාහය වෙනුවෙන් කරපු 'මවාගෙන දෑස තුන්යාමේ' ගීතයට මම හිටියෙත් ඒක අපේ ර්ථීපඥ ඉඩධධබ එකෙන් කරපු නිසා. මම එච්චර රඟපාන්න කැමැති නැහැ. ඉදිරියේදී නම් එයාගේ වැඩවල මම පෙනී ඉන්නේ නැහැ.



සමහර බිරින්දෑවරු සැමියන්ට සීමා දානවනේ. නිමන්තිත් ඉදිරියේදී දුලාජ්ට සීමා දායිද?


මම එයාට සීමා දාලත් නැහැ. සීමා දාන්නෙත් නැහැ. එයා හොඳම තීරණ අරගෙන හරිම දේ කරනවා කියලා මම දන්නවා. ඒ නිසා මට ගැටලුවක් නැහැ.

දෙන්නම ලංකාවෙන් යනවනේ. ඒ ගිහින් ඉතාලියෙම පදිංචි වෙයිද?

මම කැමැතියි ලංකාවට. අපි ටික කාලෙකට තමයි ඉතාලියට යන්නේ. ගායකයෙක්, සංගීත අධ්‍යක්ෂවරයෙක් විදියට දුලාජ් ගොඩනඟා ගත්තු තැන නැති කරන එක අපරාධයක්. ඒ නිසා අපි ආයෙත් ලංකාවට එනවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook