Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ජනප්‍රිය නිරුපිකා ධනුකි බණ්ඩාර
පෙම්වතාගේ රහස හෙළි කරයි


හැඩකාර කෙලිලොල් රූපයකට උරුමකම් ඇති ඇය තම රුපය තරමටම නිරහංකාර ගති පැවතුම් ඇති සුකුමාර ලලනාවකි. නිරූපන ක්ෂේත්‍රයෙන් කලා ලෝකයට පිවිසෙන ඇය තම සහජ කුශලතාවයෙන් ගමන් මග සාර්ථක කර ගැනීමට සමත්ව තිබේ. නිරූපන ක්ෂේත්‍රයෙ තරු අතර සඳක් මෙන් ඇය ජනප්‍රිය වී තිබෙන්නේ ඇය උරුමකම් කියන මනස්කාන්ත රූ සපුවට වඩා ඇයගේ නිහතමනී හැසිරීම් සමුදාය විය හැක.

අප ඇයගේ තතු විමසීමට පෙර ඇය අපෙන් කොහොමද අයියා යනුවෙන් මුවා පුරා හසරැලි නගමින් විමසා සිටියේ ඇයගේ නිහතමානී ගුණයහපත්කම නිර්ව්‍යාජව මතුකරමිනි. ඇය නමින් ධනුකි බණ්ඩාරයි, මේ වන විට ඇය නිරූපන ක්ෂේත්‍රය අභිබවමින් ව්‍යාපාර ලෝකයටද පියවර ඔසවා තිබේ. මේ ධනුකි සමග කල සුහද කතා බහක සටහනකි.

අපට කියන්න පුළුවන්ද ඔබගේ ළමා කාලය සහ පාසල් අධ්‍යාපනය ගැන

මගේ ගම නුවර, මම පාසල් ගියේ වත්තෙගේම බාලිකා විද්‍යාලයට. මගේ පාසල් අධ්‍යාපනය අවසන් කලෙත් මම වත්තේගම බාලිකා විද්‍යාලයෙන්මයි.

ආරංචි ධනුකිගේ මවත් නැගණියත් දෙදෙනම සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්දයි කියලා ඇත්තද ඒ කතාව.?

(සිනාසෙමින් ) ඔව් එක ඇත්ත, මගේ මවත් නැගණියත් දෙදෙනාම හෙද සේවයේ කටයුතු කරනවා. දැනට මහනුවර මහා රෝහලේ තමයි සේවය කරන්නේ.

කියන්නකෝ පවුලේ විස්තර ටිකක්අපේ පවුල ගැන කිවොත්, අම්මයි, පප්පයි, නංගි තමයි ඉන්නේ, මගේ නංගි විවාහකයි. ඇය විවාහ වෙලා ඉන්නේ ඉංජිනේරුවරයෙක් සමග ඔහු ජපානයේ සේවය කරමින් ඉන්නේ. ඉතින් ඔහොම තමයි අපේ පවුල.

කලා ක්ෂේත්‍රයට පිවිසුනේ කොහොමද

ඇත්තටම මම නිරූපන ක්ෂේත්‍රයට පැමිණියේ අහම්බෙන් මගේ පාසල් අධ්‍යාපනයෙන් පසු උසස් අධ්‍යාපනය හදාරන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ. විශ්වවිද්‍යාලය තුළ මම හදාරන්නේ මැනේජ්මන්ට් උපාදිය. නිරූපන ක්ෂේත්‍රයට මගේ ආශාව තිබුනට මට ඒ සදහා අවස්ථාවක් ලැබී තිබුනේ නැහැ. මට අවස්තාවක් හිමිවෙනවා ජනප්‍රිය රෑපලාවන්‍ය ශිල්පීනි ශිරෝමි ලංකා සමග ජාතික රැපවාහිනියේ සජිවී වැඩසටහනකට උඩරට මනාලිටක් ලෙස නිරුපන යෙන් දායක වෙන්න. ඉතින් මට ඒ ලැබුණු අවස්ථාව මගේ නිරූපන ක්ෂේත්‍රයට විශාල අවස්ථාවක් වුණා මගේ සහජ දක්ෂතාවයන් ඉදිරියට ගෙන යාමට.

නිරුපණය, නර්තනය, රංගනය මේ සෑම කලා ක්ෂේත්‍රයක් තුලම අදාල කලා ක්ෂේත්‍රයේ නියැලීමට නම් විදිමත් හැදෑරීමක් අවශ්‍යයි නේද.?

ඔව් ඒක ඇත්ත, මම නිරූපණය පිළිබද විදිමත් හැදෑරීමක් කලා “නදීකා පෙරේරා මොඩෙල් ඇකඩමි” එකෙන්. එකේදී මොඩ්ලින් ගැන ගොඩක් ඉගෙනගත්තා..කැට් වෝක්,ෆොර්සින්,ටීම් එකක් එක්ක වැඩ කරන විදිහ,ආදී බොහෝ දෙවල් ඉගෙනගතා. සුටින් එහෙකට රෙඩි වෙන විදිහ, ෆොටෝගැෆි එහෙකට මුහුණ දෙන ආකාරය මේ සියලුම දේවල් මට හැදෑරීමට අවස්ථාවක් ලැබුණා.

ටෙලි නිර්මාණයකට හෝ සිනමාවට සම්බන්ද විමට අවසථාව ලැබුනොත් ඔබ බාර ගන්නා සුදානම්ද

මම දැනට සම්පූර්ණයෙන් මගේ ව්‍යාපාර කටයුතුත් එක්ක ඉන්න නිසා දැන් තියෙන මෙගා නාට්‍ය වල රගපැමට කාලය නැහැ.නමුත් චිත්‍රපට සදහා දායක වෙනවා මට ගැලපෙන ස්ක්‍රිප්ට් එකක් ලැබිනොත්.

ඔබ ආකර්ශනීය රූ සපුවක් හිමි නිරූපිකාවක් ලෙස කැමත්තක් නැත්ද නිවේදන වෘතියට ප්‍රවිෂ්ට වීමට.?

නිවේදනය පිළිබද ඉතාම කෙටිකාලින පාඨමාලාවක් මම සද්දා මංගල සර් ලඟ හැදෑරුවා. මම ඉතාම අසාවෙන් ඉන්නවා ඉදිරියේදී නිවේදන වෘත්තිය තුළ මගේ හැකියාවන් මතු කිරිමට.

මේ ගමන් මග පැමිණීමට කවුද ඔබට අත හිත දුන්නේ.?

දනුකි කියන්නේ කාගේවත් පහනෙන් එලිය බලන කෙනෙක් නෙවෙයී.කාගෙවත් හැකියාවකින් හෝ දක්ශතාවයකින් ඉදිරියට අව කෙනෙක් නෙවෙයී.බොහෝ කලාවට සම්බන්ද අය ඉන්නවා.නමුත් එයාල මට උදව් කරන්න ඉදිරිපත් වෙලත් නෑ..එ වගෙම මම එයලා කාගෙන්වත් උදව් ඉල්ලලත් නැහැ.අද මම පොඩි තැනක හරී ඉන්නවනම් ඒ තනිකරම මගෙ මහන්සියෙන් සහ උත්සාහයෙන්, ඒක ගැන මම බොහොම ආඩම්බරයි.ගොඩක් අය වැඩ කරන්න බොහෝ වෙලවට තමන්ගෙ හස්බ්න්ඩ් හරී බොයි ෆ්‍රෙන්ඩ් හරී ඉස්සරහට දාගෙන.එත් මම අහෙම නැහැ..

නිරූපන ක්ෂේත්‍රය තුළ ඔබ මුහුණ දෙන අභියෝග මොනවද.?

මගේ වෘතිය තමයි මගේ ගෝල්ඩන් බ්යුටි සමාගම. ඒ කියන්නේ මම ව්‍යාපාරිකාවක්. මගේ විනෝදාංශය විදියට තමයි මම නිරූපන ක්ෂේත්‍රය සදහා මගේ දායකත්වය ලබා දෙන්නේ. ඉතින් මට වෘතියමය නිරුපිකවකට ඇති ප්‍රශ්න පිළිබද දෙයක් කියන්න අපහසුයි මට එවැනි ප්‍රශ්න නොමැති නිසා

ඔබගේ පවුලෙන් ඔබේ නිරූපන ක්ෂේත්‍රයට ලැබෙන උපකාරය කොහොමද.?

ඇත්තම මුලින් නම් අපේ ගෙදරින් ලොකු කැමත්තක් තිබුනේ නනැහැ මම නිරූපන ක්ෂේත්‍රයේ ඉන්නවට. දැන් මම මේ ක්ෂේත්‍රයට ඇවිත් වසර 05 වෙනවා. ඉතින් අපේ ගෙදර අයට විශ්වාසයි මම වැරදි දෙයක් නොකරන බව. මට ඔනීනම් එක රැයෙන් ප්‍රසිද්ධ වෙන්න පුලුවන් නිර්මාන ලැබුනා. මම කවදවත් මගේ පවුලට නොගැලපෙන,මගේ දෙමාපියන්ට මිනිසුන්ගෙන් කතාවක් අහන්න වෙන කිසිම දෙයකට සම්බන්ධ වෙන්නෙ නැහැ.

ඔබගේ ව්‍යාපාරය කොහොමද දැන්

මම ගිය අවුරුද්දේ තමයි ඒක පටන් ගත්තේ. මේ වන විට ඉතාම සාර්ථකයි කියලා කියන්න සතුටුයි.

ධනුකිට ක්ෂේත්‍රයේම පෙම්වතෙක් ඉන්නවා කියලා කතාවක් යනවා ඇත්තද ඒක.?

ඔව් අයියේ එහෙම පොඩි සම්බන්දයක් නම් තියනවා එත් සාර්ථක වේවිද බලමුකෝ අපි ( සිනාසෙයි) . එක රහසක් කියන්න පුළුවන් එයා කලා ක්ෂේත්‍රයෙම කෙනෙක් කියලා. කොහොමත් මම විවාහයට යන්නේ මට 100%ක් විස්වාසය තියන්න පුලුවන් කෙනෙක් එක්ක විතරයී..ආදර සම්බන්ධතා වගේ නෙවෙයිනේ විවාහ කියන්නේ.මැරෙනකල් සතුටින් ඉන්න පුලුවන් වෙන්න ඕනි.ඒක නිසා සල්ලිවත්,ලස්සනවත්,ප්‍රසිද්ධියවත් මට විවාහයට අදාල නැහැ.විස්වාසය තියන්න පුලුවන්ද කියන එකයී මට වැදගත්..එහෙම නොවෙන සම්බන්ධතා මගහැරේවී.

මේ සේරම වැඩ අතර රෝද පුටු බෙදා දෙන්නත් සුදානම් වෙනවා කියන්නේ ඇත්තද.?

මගේ ෆෙස්බුක් ගිනුම බැලුවොත් කෙනෙක්ට තෙරුම් ගන්න පුලුවන් මම සතුන්ට වගෙම අසරන මිනිසුන්ටත් මොනතරම් උදව් කරනවද් කියල..මේ මාසයේ රෝදපුටු කිපයක් අරන් දෙන්නත් බලාපොරොතුවෙන් ඉන්නවා ඉතා දුප්පත් අසරන කිප දෙනෙකුට. පෙබරවාරි 19 මගේ බර්ත්ඩේ ඒක ඉතින් එදාට මම ඔයලා සර්ප්‍රයිස් කරණ නිවුස් එකක් දෙන්නම්කෝ.

අවසානවශයෙන් කියන්නකෝ මොනවද ඉදිරි බලාපොරොත්තු.?

මේ වසරේවත් විවාහ වෙන්න බලාපොරොත්තු වෙනව..වයස යනවනේ..ඒ වගෙම මගෙ ව්‍යාපාරය ලංකාවේ ඉහලටම ගේන්න වැඩ කරනවා.හොද කලා නිර්මාණ වලට දායක වෙනවා.. මට සම්බන්ද විය හැකි සිනමා නිර්මාණ වගේම මියුසික් විඩියෝ වලටත් සම්බන්ද වෙන්න මම සුදානමින් ඉන්නවා. 

සංවාද සටහන; එස් සඳරුවන් / අසිපත් මුතුකුමාරණගේ

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook