Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

අගමැති රනිල් ඊයේ
Dancing Star වුනු හැටි එලියට


ඊයේ දිනයේ අන් කවදාකවත් නොමැති විදිහට ලංකාවේ ජංගම දුරකථන හරහා එක වීඩියෝවක් සංසරණය විය. එය මේ වන විට ලංකාවේ පමණක් නොව ලෝකය පුරාම ද සංසරණය වී තිබේ. ඇතැම්විට එය ලෝකයේ අද දිනයේ වැඩියෙන්ම සංසරණය වූ වීඩියෝ අතරට ද එක් වී තිබෙනවා විය හැකිය. එහි දැක්වුණේ ගල්කිස්ස ප්‍රදේශයේ නිවසක පැවැත්වුණු මංගල සාදයකදී රටේ අගමැතිවරයා වන රනිල් වික්‍රමසිංහ, ප්‍රවීන කලාකාරිනියක වන අයිරාංගනී සේරසිංහ සමග නර්තනයේ යෙදෙන ආකාරයයි.



නෑ කමට අයිරාංගනී සේරසිංහ යනු අගමැති රනිල්ගේ නැන්දනියයි. මේ මංගල සාදය පැවැත්වුණේ අනිල් ගුණතිලකගේ දියණිය විදේශිකයෙක් සමග විවාහ වීම නිමිත්තෙනි. අයිරාංගනී සේරසිංහ, අනිල් ගුණතිලකගේ ද නැන්දණිය වන්නීය. සැබවින්ම අයිරාංගනී සේරසිංහ යනු ශ්‍රී ලාංකේය සිනමා වංශ කතාවේ විශිෂ්ට රංගධර ශිල්පිනියන් අතර අග්‍රගණ්‍ය ස්ථානයකලා හෙබවිය හැකි තැනැත්තියකි. නමුත් ඇය මෙතෙක් නිසි සම්මානයකට පාත්‍ර වී තිබුණේ නැත.

රනිල් විසින් නැන්දම්මාට උපහාර දැක්වීම සඳහා ඇය ව පැදකුණු කරමින් නර්තනයේ යෙදෙන ආකාරය විටෙක සිත්ගන්නා සුලු ය. විටෙක විසුළුසහගත ය. අප විශ්වාස කරන ආකාරයට මෙය ‘ලයිව් ට්‍රිබියුට්‘ එකකි. එනම් ‘ජීවමාන උපහාරය‘කි. එය, ඈ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවට හෝ නෙළුම් පොකුණට කැඳවා රුපියල් ලක්ෂ 20ක 25 ක චෙක්පතක් සමග සමරු තිළිණ ප්‍රදානය කරනවාට වඩා අගනා දෙයකි. අප විශ්වාස කරන ආකාරයට රනිල් වික්‍රමසිංහ බෑණා විසින් එවැනි උත්සවයක කතා ගොඩක් පවත්වමින් කරන විගඩම වෙනුවට එකම එක ක්‍රියාවකින් සිය නැන්දණියට උපහාර දක්වා තිබේ.

රනිල් වික්‍රමසිංහ යනු පසුගිය සතියේ ලංකාවේ වැඩිපුරම බැනුම් ඇසූ දේශපාලනඥයා ය. මේ වීඩියෝවත් සමග ඔහු අපූරු දෙයක් කරයි. එයට කියන්නේ ‘ඩයිවර්ටින් ඇටෙන්ෂන්‘ හෙවත් ‘අවධානය වෙනතකට හැරවීම‘ කියා ය. මේ තත්පර දහනවයක වීඩියෝව මගින් ඔහු රටේම සහ ලෝකයේම අවධානය වෙනතකට යොමු කරවා ගැනීමට සමත් වී සිටියි. මෙය රනිල්ගේ ‘මාස්ටර් ස්ට්‍රෝක්‘ එකක් යැයි අප කියන්නේ එනිසා ය.

රනිල් සහ සිරස
රනිල් සිරස වෙත දක්වන ආකල්පය බලන්න. ප්‍රවෘත්තිවල ගුවන් කාලය වන විනාඩි 22න් විනාඩි 12ක්ම සිරස වැය කරන්නේ රනිල් උදෙසා ය. එයින් පෙනී යන්නේ සිරස රනිල්ට කොතරම් ආදරේ ද යන්න නොවේද? විරුද්ධාභාසය යන්න සිරසට නොතේරුණත් රනිල්ට තේරෙයි. සිරසට සිරසක් නැති වුණත් රනිල්ට සිරසක් තිබේ. ඔවුන් මේ කරන්නේ රනිල් ව ප්‍රමෝට් කිරීමයි. හරිනම් රනිල්, රාජකීය විද්‍යාලයේ තම පන්ති සගයා වන කිලීට තව තවත් දැන්වීම් ලබාදෙමින් ඒ සඳහා සිය කෘතඥතාවය පළ කළ යුතුව තිබේ.

සිරස ඒ කාලයේ ගෝඨාභයට ද මේ අන්දමින්ම ගුවන් කාලය වෙන් කළේය. එයට ගෝඨාභය කෘතගුණ දැක්වූයේ ස්ටූඩියෝවලට පහර දී සිරස කුඩුපට්ටම් කිරීමට උත්සාහ ගනිමිනි. නමුත් රනිල් කවදත් නිරත වන්නේ කොදෙව්වෙන් එහා යන දේශපාලනයක ය. එය කියවා ගැනීමට දූපත්වාසීන්ට නොහැකි වීම රනිල්ගේ ප්‍රශ්නයක් නොවේ.

අද විරුද්ධමතවාදීන් සම්බන්ධයෙන් රටේ පවතින නිදහස කියවා ගත යුත්තේ ජනවාරි අට වැනිදා රටේ මහජනතාව ඇති කළ ඊනියා විප්ලවීය වෙනසකටත් වඩා රනිල් විසින් ජාතිවාදීන්, ආගම්වාදීන් හා මතවාදීන් ඉවසා දරා සිටින ආකාරය ද සමග ය. අන් මතවලට ඉඩ දෙන ස්වභාවය සමග ය. එනයින් බලන විට රනිල් නියම උපායශීලී ප්‍රජාතන්ත්‍රවාදියෙකි. උපාය දන්නෝ අපායෙ නොවැටෙත් යැයි කියමනක් තිබේ.

මංගල සාදයේදී තමන්ගේ නර්තනය කිසිවෙකු විසින් පටිගත කිරීමට ඉඩ ඇති බවත් රනිල් හොදාකාරවම දැන සිටින්නට ඇත. කෙසේ වෙතත් රනිල් මේ නැටුමත් සමග සිය 2020 කැම්පේන් එකට සියලුම ජංගම දුරකථන ග්‍රාහකයන් නොමිලේම යොදා ගනියි. රනිල් පහර දී බිම වට්ටවන්න පුළුවන් චරිතයක් නොවේ. පසුගිය අවුරුදු 20 ක් තිස්සේ රනිල් නියම උජුපටිපන්නෝ ගුණයකින් මේවාට මුහුණ දෙයි. දෙවැනි පෙළක් නොහැදුවේ ය යන්න රනිල් ට එරෙහිව තිබෙන චෝදනාවක් විය හැකිය. නමුත් ගස් හිටවනවාක් මෙන් දෙවැනි පෙළක් තැනිය නොහැක. දැන්, නැවතත් එය රනිල්ගේ ප්‍රශ්නයක් නොවේ.

මේ නියම රාෂ්ට්‍ර පාලනයයි. මෙවැනි සිදුවීම් තම තම නැණ පමණින් වටහා ගෙන ආතල් ගැනීමෙන් වැළකී පේළි අතර කියවීමකට යා යුත්තේ එනිසා ය.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook