Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

මාරයා සමඟ සටන් කළ ජින්ජන්
අනතුර ගැන පළමුවරට කියන කතාව

උස් තණකොල තියෙන තැනකට වාහනය ළංවෙනවා
පාරේ වංගු තියෙනවා කියලා ඒ වෙලාවේ පෙනුනෙ නෑ


ජනප්‍රිය ගායන ශිල්පී ජින්ජර් වයිට් පසුගියදා අඩි 60 ක පමණ ප්‍රපාතයකට මෝටර් රථය පෙරලී යාමෙන් අනතුරකට ලක්වුණා මෙම අනතුර සිදුවන අවස්ථාවේදී ඇය සිටියේ ඇගේ පුතා හා තවත් ඥාති පුතකු සමගයි මෙම අනතුර ගැන ජින්ජර් පළමු වරට සතිඅන්ත පුවත්පතකට මෙලෙස අදහස් දක්වා තිබුණා.

2017 අවුරුද්ද ගෙවෙද්දි ජීවිතේ නොහිතපු අවදානමකට මුහුණ දුන්නා නේද?

ඔව්. මම මෙදා සැරේ නත්තලට හිටියේ කුවේට්වල. මම ලංකාවට ආවේ පහුගිය 27 වැනිදා උදේ. ඉතිං දෙණියායේ තිබ්බ කානිවල් එකක සිංදු කියන්න එන්න කියලා මට කතා කළේ ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමේ නිශා මල්ලි. කොහොම හරි එන්න කියලා කිව්වා. ඒ නිසා මම 9 ට විතර ප්‍රසංගයට සම්බන්ධ වෙන්න ගෙදරින් පිටත් වුණා. ඒ අතරවාරයේදී තමයි නොහිතපු විදිහට අනතුරට මුහුණ දුන්නේ.

ඇත්තටම කොහොමද ඒක වුණේ?

අපි යද්දි ශානික මට විටින් විට කෝලා කරලා කිව්වා ප්‍රසංගය තියෙන තැන යන්න කාලය යනවා, පාරවල් හරි නෑ පරිස්සමෙන් කියලත්. රෑ 12.15 වගේ වෙද්දි මට පෙනුනා මීදුමකින් පාර වැහිලා යනවා. ඒ එක්කම ඌරෝ වගේ සත්තු වගයක් පාරට පැන්නා. වාහනය කෙලින් ගියාට මට දැනුණා උස් තණකොල තියෙන තැනකට වාහනය ළංවෙනවා. පාරේ වංගු තියෙනවා කියලා ඒ වෙලාවේ පෙනුනෙ නෑ. වාහනය කණ්නාඩියක හැප්පෙනවා කියලා මට හිතුණෙ. ඒත් මට දැනුණා වාහනය ප්‍රපාතයකට වැටෙනවා.

කවුද එතකොට ජින්ජර් එක්ක වාහනයේ හිටියෙ?

මම ලංකාවට ආවා විතරක් නිසා මගේ චූටි පුතත් මාත් එක්ක යන්න ඕන කිව්වා. ඉතිං මම එයාවත් එක්කගෙන ගියේ ඥාති පුතෙක් තමයි වාහනය ගෙනිච්චෙ. අනෙක් ඥාති පුතා ඉස්සරහා ෂිට් එකේ හිටියා. මමයි චූටි පුතයි හිටියෙ පිටිපස්සෙ ෂීට් එකේ. වාහනය ප්‍රපාතයට වැටෙනවා කියලා දැනෙද්දි මම මගේ පැටියාව හයියෙන් තද කරලා අල්ල ගත්තා. මේක තමයි අපේ දෛවය කියලා හිත හදා ගත්තා. මැරෙනවා නම් අපි ඔක්කොම එකට මැරෙන්න ඕනේ කියලා මම හිතුවෙ. ඒ අනතුර වුණේ හරියටම දියදාව වංගුවේදී.

ඒ කියන්නෙ වාහනය ප්‍රපාතයකට වැටෙද්දි ජින්ජර් ජීවිතය ගැන බලාපොරොත්තු අතහැරියා?

මට ජීවත් වෙන්න ආසා හිතුනෙ නෑ මම මැරෙන්න යන්නෙ කියලා හිත හදාගෙන හිටියෙ. ප්‍රපාතයකට වැටෙනවා කියලා දැනෙද්දි මැරෙනවා නම් අපි හතර දෙනාම මැරෙන්න ඕන කියලා හිතුවා. වාහනය තුන් හතර පාරක් කැරකෙද්දි පුතාව මගේ අතින් ගිලිහුණා මට හිතුනෙ පුතාව කවුරු හරි ඇදලා ගත්තා කියලා. මම මාරයා එක්ක පොරබැදුවා. තව දෙපාරක් විතර කාර් එක පෙරලෙද්දි මාව කාර් එකෙන් එළියට විසිවුණා. මම හිතුවා මම වැටෙන්නෙ මගේ පුතා වැටුණු තැනට කියලා. මම වාහනෙන් බිමට වැටුණම කාර් එකත් පෙරළිලා ඇවිත් මගේ ළඟටම වැටුණා.

එතකොට ජින්ජර්ට සිහිය තිබුණද?

එච්චර දෙයක් වෙලත් මගේ සිහිය නැතිවුණේ නැහැ මම කාර් එකට අත තියලා නැගිටලා මගේ පුතාව හෙව්වා. එතකොට මගේ ඥාති පුතාලා දෙන්නත් ඇවිත් වාහනය උස්සන්න උදව් කළා. එතකොට මම දැක්කා පුතාගේ කකුල් දෙක එළියට ඇවිත් තියෙනවා. මට හිතුනෙ පුතාට මොනා හරි වෙලා කියලා මේ හැම දෙයක්ම මම මගේ ඇස් දෙකෙන් දැක්කා. ඒ දෙවියන්ගේ පිහියෙන් මගේ පුතාට මුකුත් වෙලා නැහැ. අඩි 60 ක ප්‍රපාතයකට වැටිලත් මම හිටියෙ සිහියෙන්. මගේ පුතා දැන් දෙයියන්ගෙ පිහියෙන් සෙල්ලම් කර කර ඉන්නවා. මම දැන් එයාට කියන්නෙ අයන් මෑන් කියලා.

ප්‍රදේශයේ අයත් ජින්ජර්ගේ උදව්වට එන්න ඇති?

පුතාලා කෑ ගහද්දි ගමේ ගොඩක් අය එතැනට ආවා එයාලා අත් අල්ලගෙන ප්‍රපාතයට බැහැලා අපිට උදව් කළා එයාලා එතනට ආවේ එතන අනතුරට ලක්වෙලා ඉන්නෙ මම කියලා දැනගෙන නෙමෙයි. මනුස්සකමට ඒ අය ආවේ. මේ ඔක්කොම සිද්ධ වෙලා නැගිටිද්දි තමයි මට දැනුනෙ මගේ කකුලට මොනවා හරි වෙලා කියලා.

අනතුරින් තුවාල වුණේ ජින්ජර්ට කොහොමද දැන්?

ඔව් ඇත්තටම මම සතුටු වෙනවා දරුවන්ට මුකුත් නොවී මට එහෙම වුණ එක ගැන. හැමෝම එකතු වෙලා මාව දෙණියාය ඉස්පිරිතාලෙට ගෙනිච්චා. මම දවස් තුනක් රෝහල් ගතවෙලා හිටියා මගේ කකුලට තමයි ආබාධ වෙලා තිබුණෙ මගේ උකුල් ඇටය හරියේ මසල්ස් ඩැමේජ් වෙලා. ඒක හරියන්න මාස දෙකක් විතර බෙඩ් රෙස්ට් කරන්න වෙනවා. මට මේ සිද්ධිය හැම දෙයක්ම ලයිව් මතකයි.

කරදරයක් වුණාම මිනිස්සු හඳුනගන්න පුළුවන් කරදරයක් වුණ වෙලාවේ ජින්ජර්ගේ යාළු මිත්‍රයෝ ඔයා ළඟින් හිටියද?

ඔව්. ශානිකා එදාම හොස්පිටල් එකට ආවා ෆ්ලෑෂ් බෑක් කණ්ඩායමත් එහෙමයි. මං ගැන හරියට හොයලා බැලුවා පර්පල් රේන්ජ් එකේ කවීෂ ඇවිත් තමයි මගේ ඇඟේ තිබ්බ වීදුරු කටු අයින් කළේ හැමෝගෙම ආදරෙ මට ගොඩක් ලැබුණා කලාකරුවෝ වගේම රසිකයෝ මං ගැන හොයලා බැලුවා ඇත්තටම මට කොච්චර ආදරේ කරන පිරිසක් ඉන්නවද කියලා දැනුණෙ මේ සිද්ධියෙන් පස්සෙ.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook