රිද්මාගේ අම්මා නෙවෙයි
මඩ ප්‍රචාර වලට රිද්මාගේ පෙර පෙම්වතා
තිලිණ චතුරංග ගෙන් පිළිතුරු
රොෂාන්ගේ නව බිරිද රිද්මාගේ මවගේ හඩ පටය
රොෂාන් වයසට යනකොට දූවට ලැජ්ජ හිතෙයි
අනේ පුතේ මොනවත් ඕනෙ නෑ නංගි ගෙදර එකකගෙන යන්න
ජනප්‍රිය රංගන ශිල්පියෙකුගේ අලුත් නැන්දම්මා යැයි පවසමින්, මාලී දිසානායක නැමැති කාන්තාවක් විසින් නළුවාගේ කලින් පෙම්වතිය වූ සුනාලී රත්නායක ට, සහ රිද්මාගේ කලින් පෙම්වතා වූ තිලිණ චතුරංග ට; ‘මඩ වලට උත්තර’ යැයි පවසමින් ‘ප්‍රථම හා අවසන් ප්‍රකාශය’ ලෙස ප්‍රකාශයක් නිකුත් කොට, 2017 දෙසැම්බර් 26 දින ගොසිප්99 ඇතුළු විවිධ වෙබ් අඩවි හරහා එය ප්‍රචාරය කර තිබුණා. මේ, එසේ චෝදනාවට ලක්වූ එක් පාර්ශවයක් වූ තිලිණ චතුරංග ගෙන් ඊට පිළිතුරුයි.
චතුරංග ගෙන් පළවෙනි චෝදනාවට පිළිතුරු:-
මුලින්ම කියන්න තියෙන්නේ, වසර තුනක් පුරා මගේ පෙම්වතිය වූ, සහ, මා ලබන වසරේ විවාහ වීමට සිටි රිද්මා දිසානායකගේ මවගේ සැබෑ නම මාලී දිසානායක නොවේ. සමන්තා අයියදොරේ ය. මෙම තැනැත්තිය, මගේ පියා කුලී වැඩ කරන බවත්, මගේ මව රෙදි මසන බවත් පවසා, මගේ දෙමවුපියන්ගේ රැකියා හෑල්ලුවට ලක් කිරීමට තැත්කොට අපහාස කර තිබුණ නිසා මේ ටිකත් පවසන්නට සිදුවෙනවා. මගේ පියා කුලී වැඩ නොකරයි. මගේ පියාත්, රිද්මාගේ පියාත් රැකියාව කරන එකම රාජ්‍ය ආයතනයේ, මාගේ පියාට වඩා පහළ ශ්‍රේණියක රැකියාවක රිද්මාගේ පියා නියැලෙන බවත්, රිද්මාගේ පියා රියදුරකු බවත් සත්‍ය වේ. ඔහු රියදුරකු වීමේ වරදක් නැත. කෙසේ හෝ, දෙමවුපියන් කුමන රැකියාවක හෝ නිරත වී තමන්ගේ දරුවන් ලොකු මහත් කර, අද මා සිටින මේ තත්වයට ගෙන ඒමට කටයුතු කිරීමයි වැදගත් වන්නේ. කවරෙකුගේ හෝ රැකියාවට ගැරහීම තුලින් රිද්මාගේ මව යැයි කියාගන්නා පාර්ශවය සිටිනා පහත් මානසික මට්ටම පමණයි පිළිබිඹු වන්නේ.
රිද්මා ගේ මව වන මාලී දිසානායක නොහොත් සමන්තා අයියදොරේ.
![](https://4.bp.blogspot.com/-nFHsmDPNAAk/Wk7uBsHwkiI/AAAAAAAA3HU/GIWPHi26ENMbf2Sc6cJl4vD-M8hBHUGNgCLcBGAs/s320/vcvc.jpg)
තවද, රිද්මාගේ දෙමාපියන් ඉතාලයේ හෝ වෙනත් විදේශයක පදිංචි වී නැත. රිද්මාගේ මව වන සමන්තා අයියදොරේ ඊශ්‍රායලයේ විදෙස්ගතව සාත්තු සේවිකාවක් වශයෙන් මහළු උදවියගේ උපස්ථාන කටයුතු කරන්නීය. රිද්මා ද, අදාල නළුවාගේ බිරිඳ වීමෙන් අනතුරුව, තමා නුවර යුවතියක බව මාධ්‍ය ඔස්සේ පවසන්නේ, තමන්ගේ සැබෑ ගම්පලාත පොළොන්නරුව බව කීමට මැලිවීමෙනි. ඇය බොරුවෙන්ම ජීවත් වන්නේ, ඇතැම්විට තමාට කුඩා කල සිටම තම පියාගේ රැකවරණය නොලැබුණු නිසා විය හැකිය. ඇගේ පියා, රිද්මාගේ මවගෙන් වෙන්වී, අනුරාධපුර ප්‍රදේශයේ ගම් පළාතක, වෙනත් කාන්තාවක් සමග දිවි ගෙවයි. ඒ බව ‘පොළොන්නරුවේ’ ජනතාවත්, විශේෂයෙන්ම රිද්මා පදිංචි ‘නව නගරයේ වසුන්දරා මාවතේ’ පදිංචිකරුවනුත් දනිති.
චතුරංග ගෙන් දෙවෙනි චෝදනාවට පිළිතුරු:-
තවද, රිද්මාගේ මව යැයි කියාගන්නා පාර්ශවය විසින් පවසන පරිදි, මා රිද්මාගේ පවුලේ දුරින්වත් නෑදෑයෙක් නොවෙමි. මා හට ඔවුන්ගේ පොළොන්නරුවේ නිවසට පැමිණීම කොහෙත්ම තහනම් කර තිබුණේ නැහැ. ප්‍රේමසම්බන්ධය තිබුණු වසර තුන පුරාවටම මම එහි අපමණ වාරයක් ආවා ගියා. රිද්මාගේ මව යැයි කියනා පාර්ශවය පවසන පරිදි: මසකට අඩු කාලයක් නම් මගේ සම්බන්ධය ඇගේ දියණිය සමග තිබුණේ; මම අහන්න කැමතියි, කොහොමද රිද්මාව, නිළියක් වීමට ඈ තුල වූ ආශාව ඉෂ්ට කිරීමට කොළඹ නැවත්වීම සඳහා, 2017 ඔක්තෝබර් මාසයේ පන්නිපිටියේ නිවස පවා මා විසින් ඇයට කුලියට අරන් දුන්නේ? එම නිවසේ ‘බදු ගිවිසුම’ පවා තිබුණේ මගේ නමට බවට සාක්ෂි තිබෙනවා. එම කුලී නිවසේ ‘තැන්පතු මුදල’ පවා ගෙව්වේ මමයි. අදාල නළුවා රිද්මා හා හදිසියේ විවාහ වීමත් සමගම, එම කුලී නිවස ආපසු භාරදීමේදී, ඔවුනට අයිති නැති එම තැන්පතු මුදල බලහත්කාරයෙන් ලබා ගැනීමට නම් මෙම නළුවා ඉතා පහත් අයුරින් පරුෂ වචනයෙන් බැන වදිමින් මේ මෑතකදී කටයුතු කළා. ඊටද සාක්ෂි මා ළඟ තිබේ. ඊට මා නීතිමය පියවර ගෙන ඇති බැවින්, ඒවාද ඉදිරියේදී ඉදිරිපත් කරමි.
මෙම නළුවාව රිද්මාට මුලින්ම මුණ ගැසෙන්නේ 2017 අගෝස්තු 5 වෙනිදා කොළඹ ‘වෝටර්ස් එජ්’ හෝටලයේදීය. විදෙස් නිරූපිකාවකගේ ජීවිත කතාව වටා ගෙතුණු නවකතාවක් ඇසුරෙන් ඔහු ටෙලිනාට්‍යයක් නිපදවන බව පවසා, එහි ප්‍රධාන නිළියට රිද්මාව ගන්නා බව කියා, ඔහු රිද්මාව රවටාගෙන තිබුණා. මේ සඳහා මෙම නළුවාව හමුවීමට රිදාමාව පොළොන්නරුවේ සිට කොළඹ එක්කගෙන ආවේද මමයි. මෙම කූට උපක්‍රමය තුලින්, මෙම නළුවා රිද්මා සමග සම්බන්ධයක් ගොඩනගාගෙන ඇති බවත්, රිද්මාද ඕනෑම පහත් දෙයක් වුවද කර ප්‍රසිද්ධ වීමේ උණෙන් පෙළුණු නිසා, වසර තුනක පෙම්වතා වූ මාව කිසිඳු හේතුවක් නොමැතිව හදිසියේ අමතක කොට අතහැර දමා, ඇය මෙම නළුවා සමග ගිය බව සැල වූ වහාම, මා අපේ සම්බන්ධය නැවැත්වූයේ, ආයේ කිසිදිනක ඇයව භාර නොගන්නා ලෙසට දැඩි තීරණයක සිට ය.
රිද්මා මාධ්‍ය වලට පවසන පරිදි, ඇය මෙම අදාල නළුවාව අවුරුදු 8ක් තිස්සේ දන්නේ නැත. එයද මුසාවකි. එසේ වූවානම්, රිද්මා අවුරුදු 16 සිටම ඔහුව දැනගෙන සිටිය යුතුයි. දැන් ඇගේ වයස 24කි. එසේ වූවා නම්, නළුවා ගේ පළමු කසාදය තිබුණු වසර හතක කාලයේ මෙන්ම, සුනාලී රත්නායක නමැති කාන්තාව සමග ඔහුගේ පස්වසක ප්‍රේමසම්බන්ධය තිබුණා යැයි සැලවෙන කාල වකවානුවේ පවා ඔහු රිද්මාවත් ඇසුරු කළාද? එසේ වූවානම්, එයද ඔවුන් දෙපොලම කල මහත් වරදකි. ඇත්තෙන්ම මෙම නළුවා රිද්මාව දැනගෙන තිබුණේ මීට මාස පහකට ප්‍රථම, ෆේස්බුක් ඔස්සේ චැට් කිරීමෙනි. එයයි සත්‍යය. මොවුන් දෙදෙනාම, මෙවැනි සුළු කරුණක් සම්බන්ධව ද මාධ්‍ය වෙත පවසන්නේ මුසාවන්ය.
තවද, රිද්මා කලින් කොරියාවේ සේවය කළ පුද්ගලයෙකු සමග වසර හතරක් විවාහ වී සිටි බව සත්‍යයක්. මෙම නළුවා මාධ්‍ය වලට පවසන පරිදි, ඔහු සමග මෑතකදී වූ විවාහය, රිද්මාගේ ප්‍රථම විවාහය නොවේ. ඇගේ ප්‍රථම විවාහයේ දික්කසාද නඩුව විභාග කෙරුනේ පොළොන්නරුවේ උසාවියෙයි. එම නඩු අංකය වන්නේ 16483D16.
මෙම නළුවා රිද්මාගේ දෙවෙනි කසාදයේ සැමියා වන අතර, කොරියාවේ සේවය කළ තරුණයා සමග සිදුවූ ඇගේ පළමු කසාදයටත් ප්‍රථම, රිද්මා, වයස අවුරුදු දහසයේදී (16) තවත් පුද්ගලයෙකු සමග පැනගොස්, නුවර ප්‍රදේශයේ සිටියදී, දින දෙකකට පසුව එම තරුණයාගේ පියා විසින් ඇයව රැගෙනවිත් රිද්මාගේ පොළොන්නරුවේ නිවසට භාර දී ඇති බවටත් වාර්තා වෙනවා. එම සිද්ධිය වන විට ඇයගේ වයස අවුරුදු 16ක් වූ බැවින්, ඒ සම්බන්ධව පැමිණිල්ලක් කදුරුවෙල පොලිසියේ ගොනු වූයේ, මෙය බාල වයස්කාර අපරාදයක් ලෙස සැලකුණු නිසා. මේ චෝදනාව සම්බන්ධයෙන් රිද්මාගේ පාර්ශවයේ වැඩිහිටියන් විසින් මේ සම්බන්ධව කදුරුවෙල පොලිසියට කල පැමිණිල්ලක්ද තිබේ. එම පැමිණිල්ලේ අවසන් කට උත්තරය ලබා දීම සඳහා රිද්මා, මෙම නළුවා සමග විවාහ වීමට දින කීපයකට ප්‍රථම, එනම්, 2017 දෙසැම්බර් 4 වන දින, කොළඹ සිට කදුරුවෙල පොලිසියටත් ගොස් තිබුණා. ඒවාටද සාක්ෂි තිබෙනවා. උසස් පෙළ සඳහා පාසලට ඇතුළත් කිරීමේදීද, රිද්මාගේ මෙම අසුභවාදී ඉතිහාසය පිළිබඳව යම් ප්රශ්නයන් පැන නැගී ඇති බවදට වාර්තා වෙනවා. ඇගේ අතීතය පිළිබඳව මේ සියල්ල දැනගෙනත්, මා ඉමහත් උත්සාහයක් දරා මාගේ දෙමව්පියන්ව රිද්මාව විවාහ කරගැනීමට කැමති කරවාගෙන, ඇයව වසර තුනක් ආශ්‍රය කළා. අප විවාහ වීමට සිටියේ 2018 දී.
චතුරංග ගෙන් තෙවැනි චෝදනාවට පිළිතුරු:-
රිද්මාගේ මව යැයි කියාගන්නා පාර්ශවය, අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ චෝදනා කරන පරිදි, මා අනුරධපුර කැරොකි සමාජ ශාලවක් තුල ගැටුමක් ඇති කරගත්තා නම්, සහ ඒ සම්බන්ධව මගේ නම පුවත් පත් වලද පළවූවා නම්, එම සාක්ෂිද ඉදිරිපත් කරන මෙන් මා මෙම පාර්ශවයෙන් ඉල්ලා සිටිනවා. එහෙම දෙයක් කිසි දිනක සිදුවී නැහැ. මේ සියල්ල ඔවුන්ගේ වාසියට, තමුන්ගේ වැරදි වහගන්නට ගෙතූ කතන්දරයි. තවද, මම, මෙම නළුවාගේ කලින් පෙම්වතිය වූ සුනාලී සමග, රිද්මාගේ මවට පරුෂ වචනයෙන් බීමත්ව දුරකතනයෙන් බැන වැදුණා නම්, එම හඬ පට ද නිකුත් කරන මෙන් මා ඉල්ලනවා.
මේ සමග මා ඉදිරිපත් කරනවා, මාව පවුලට සම්බන්ධ කරගන්න අකමැති වූවා යැයි පැවසූ මෙම පාර්ශවයේ, රිද්මාගේ මව, මීට නොබෝ දිනකට ප්‍රථම, එනම්, අදාල නළුවා සමග රිද්මා හොර රහසේ සම්බන්ධ වී සිටි බව ආරංචි වූ සැනින්, අදාල නළුවාගෙන් රිද්මාව බේරාගෙන ආපහු ගමට, එනම්; පොළොන්නරුවට රිද්මාව රැගෙන යන්න කියා, අඬා වැළපෙමින්, මාහට බැගෑපත් වූ අයුරු දැක්වෙන හඬ
කොපමණ ලෝකෙට මවාපාන්නට හැදුවත්, මුදල් ගෙවා වෙබ් අඩවි වල ලිපි, සම්මුඛ සාකච්ඡා දැම්මත්, සත්‍ය වසන් කරන්න බැහැ. මටත්, මගේ පවුලේ උදවියටත් අපහාස වන අයුරින් මෙම පාර්ශවය පල කරන සියලු චෝදනා වලට එරෙහිව මා නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. එම නීතිමය කටයුතු ආරම්භ වූ පසු මේ සම්බන්ධව වැඩි දුරටත් විස්තර ලබා දෙනවා. අසත්‍ය ප්‍රකාශ සමාජයට ඉදිරිපත් කරමින්, අනුන්ට මඩ ගසන්නට ගොස්, මේ උදවිය මඩ නාගන්න එක දැන්වත් නවතා ගතහොත් හොඳයි කියා මා සිතනවා.
ඒත් සමගම කියන්න ඕනේ, ගැහැණියකට හෝ පිරිමියෙකුට තමුන් කැමති පුද්ගලයෙකු කසාද බැඳීමේ අයිතියක් තිබෙනවා. නමුත්, නළුවන් කියා කියාගන්නා සමහර එළුවන් විසින්, පුද්ගලයින් රවටා කරන සමාජ අසම්මත ක්‍රියාවන් රටම දැනගත යුතු බැවින් මෙසේ සත්‍ය හෙළි කිරීමට මා තීරණය කළෙමි. ඔබගේ දියණිය, භාර්යාව හෝ ප්‍රේමවන්තිය මෙවැනි සිංහ වෙස් ගත් හිවළුන්ගෙන් බේරාගැනීමට මෙම කතාව රුකුලක් වේ යැයි සිතමි.