Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ජැක්සන්ගේ පුතා අකිල එක්ක
හාදකමක් තිබ්බ නිලුක්ෂි හොර
රහසේම විවාහවූ පසු පළමු
වරට හඬ අවදි කරයි

නිලුක්ෂි ඇමන්ඩා කියන්නේ දැන් කවුරුත් දන්න චරිතයක්. ඇය ගැන වැඩියෙන්ම කතාබහට ලක්වුණේ අකිල ධනුද්දර නිසා. අකිලගේ කලින් පෙම්වතිය වුණේ නිලුක්ෂි ඇමන්ඩා. පසුගිය දවසක ඇය හොරරහසේම විවාහ දිවියට පා තැබුවා. මේ ඒ ගැන ඇමන්ඩා සතිඅන්ත පුවත්පතකට කියපු කතාවක්.

නිලුක්‍ෂට කාලෙකින් ටෙලිනාට්‍යයකට ආරාධනා ලැබිලා කියලා ආරංචියි ?
කාලෙකින් නෙමෙයි. මට සෑහෙන ආරාධනා ලැඛෙනවා. ඒ ආරාධනා සියල්ල හරියට තෝරනවා.


ඇයි එච්චර තෝරන්නේ ?
කරන දේ හරියට කරන්නේ. නැතිනම් මොකුත්ම නොකර ඉන්න එක හොඳයි කියලයි මට හිතෙන්නේ.

නිරූපණයෙදීත් එහෙමද?
අනිවාර්යයෙන්ම. මට අන්දන ඇඳුමේ ඉඳන් කල්පනා කරලා තමයි ඒකට මම උත්තරයක්‌ දෙන්නේ.

නිරූපිකාවකට සීමාමායිම් තියාගන්න පුළුවන්වේවිද?
නිරූපිකාවකට සීමාමායිම් තියාගන්න බැහැ. එක එක රටවල එක එක විදිහයි. හැබැයි ලංකාවට එහෙම බැහැ. ජාත්‍යන්තරය සහ ලංකාව අතර ලොකු වෙනසක්‌ තියෙනවා.

නිලුක්‍ෂි ජීවිතයට හරියන කෙනා තෝරාගෙන කියන්නේ ?
ඔව්. ඒ කතාව ඇත්ත. ගැහැනු ළමයෙකුගේ ජීවිතයේ සතුටුම දවසක්‌.
ඉඳලා ඉඳලා මට ගැලපෙන කෙනා තෝරාගත්තා. හැමතිස්‌සේම මම දෙයක්‌ තෝරනවාට වඩා මගේ ළඟින් ඉන්නේ තාත්තා සහ මාමා. ඒ දෙන්නා මට යමක්‌ තෝරලා දෙනවා කියන්නේ මම ඒ දේ ඇත්තටම පිළිගන්නවා.

තෝරාගත්ත කෙනා කවුද කිව්වොත් ?
ඔහු දිමුතු පෙරේරා.

මොනවාද කරන්නේ ?
කරන්නේ මොනවාද කියන එකයි හම්බවුණ විදිහයි නැතිව අපි අනෙක්‌ දේවල් කතා කරමු.

විවාහයෙන් පසුව නිරූපණයට සීමාවන් වැටෙයිද?
නැහැ. නිරූපණය හරහා තමයි මගේ ගමන තියෙන්නේ. කිසිවිටෙක ඔහුගෙන් ඒ ගමනට බාධාවක්‌ නැහැ. ඒ වුණාට මට හිතුණොත් නිරූපණයෙන් ඈත්වෙන්න ඕනෑකියලා මම අනිවාර්යයෙන්ම ඉවත්වෙනවා.

විවාහයෙන් පසුව නිරූපණයෙන්, රංගනයෙන් සමුගන්න වුණත් සූදානම් ?
ඒකේ ප්‍රශ්නයක්‌ නැහැ. හැමදාම එහෙම කරන්න බැහැනේ. ගැහැනු ළමයෙක්‌ වුණහම විවාහය ගැන හිතන්න ඕනෑ.
ඊට පසුව පවුල ගැන හිතන්න ඕනෑ. මොඩ්ලින්, රඟපෑම ජීවිතය කියලා හිතන්න හොඳ නැහැ.
අනික මම නිරූපණයෙන් ඈත්වුණා කියලා ප්‍රශ්නයක්‌ නැහැ. මොකද මට හොඳ පවුල් ජීවිතයක්‌ ගතකරන්න කාලය උදාවෙලා තියෙනවා.

නිරූපණය අතරමග නතර කරන එක අපරාධක්‌නේද?
එහෙම හිතෙන්නේ නැහැ. මම ගොඩක්‌ දේවල් ඉගෙනගෙන මෙතැනට ආවේ.
ඒ වගේම මම ගොඩක්‌ නිරූපණ අවස්‌ථාවලට සහභාගිවෙලා තියෙනවා.

විවාහ ගිවිසගැනීම ගැන වැඩි විස්‌තර කියන්න බැරිද?
ගලධාරි හෝටලයේ තමයි විවාහ ගිවිස ගැනීම සිදුකළේ. මගේ ළඟම හිත මිතුරන්ට වගේම ඔහුගේ ළඟම මිතුරන්ට විතරයි කිව්වේ.

ජනප්‍රිය නිරූපිකාවක්‌ විදිහට ක්‍ෂේත්‍රයේ අයට නොකිව්වේ ඇයි ?
මොන තත්ත්වයේ හිටියත් ලොකුවට වෙඩින් ගන්න ඕනෑ, ගොඩක්‌ දෙනෙක්‌ට කියන්න ඕනෑ කියන මානසිකත්වයේ නැහැ. මට ඕනෑ හැමදේම සරලව සිදුකරන්න. ගෙදර අයත් එක්‌ක කතා කරලා තමයි බොහොම සරලව මේ උත්සවය ගත්තේ. බොරුවට පෙන්නගන්න වුවමනාවක්‌ මට නැහැ.

විවාහ ගිවිසගැනීමත් එක්‌ක විදෙස්‌ගත වෙනවා කියන්නේ ඇත්තද?
එයා ඉන්නේ ලංකාවේ නෙමෙයි. ඇමරිකාවේ. දැනට විවාහ ගිවිසගැනීම විතරයි සිදුකළේ. මගේ වෙඩින් එක ගන්න ටික දවසක්‌ යනවා. ඒවත් වෙලාවට සිදුවේවි. ඉදිරියේදී විදෙස්‌ගත වෙන්නත් සිද්ධවේවි.

නිලුක්‍ෂි මේ සියල්ල පැත්තකට දාලා ඇමරිකාවේ පදිංචියට යනවාද?
එහෙම දැනට කියන්න බැහැ. මේ සියල්ල එපා කියලා හිතුණ දවසක එවැනි තීරණයක්‌ ගන්නත් බැරි නැහැ.
සමහර විට එක දිගටම නිරූපණයේ ඉන්නේ නැතිව ඉඳහිට නිරූපණ තරගවලට සහභාගිවෙන්න පුළුවන්. ඒක ඒ වෙලාවට තමයි තීරණය වෙන්නේ.

විවාහ ගිවිසගැනීමත් එක්‌ක ජීවිතයේ වගකීම් වැඩිවුණා කියලා හිතනවාද?
ජීවිතය සැහැල්ලුයි කියලා තමයි හිතෙන්නේ.

හොඳම කෙනා ලැබුණ හින්දාද?
ඇත්තටම. හරිම කෙනා ලැබුණ හින්දා තමයි ඔළුව නිදහසේ තියාගෙන ඉන්න පුළුවන් වුණේ.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook