Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ඇන්ජිගේ නායකත්වයේ දෙවැනි ඉනිම අරඹයි
ටෙස් නායකත්වය චන්දිමාල්ට

වසර 5ක් පුරා ජාතික එක්දින ක්‍රිකට් පිලේ නායකත්වය දරා පසුගිය වසරේ මැද භාගයේදී ඉන් ඉල්ලා අස්වූ ප්‍රවීණ ක්‍රීඩක ඇන්ජෙලෝ මැතිව්ස් ඊයේ නැවත එක්දින කණ්ඩායම මෙහෙයවීමේ වගකීම බාරගත්තේය. මිට පෙර 2012 සිට 2017 දක්වා නායකත්වයේ වගකීම දරූ මැතිව්ස් ඉන් ඉවත්වූයේ පසුගිය වසරේ ජුලි මාසයේ සිම්බාබ්වේ පිල හමුවේ ලැබූ දරුණු එක්දින තරගාවලි පරාජයෙන් පසුවය. ඔහු මාස 6කට පමණ පසුව ඊයේ නැවත ජාතික එක්දින පිලේ නායකත්වයට පත්වූයේ වඩාත් ශක්ති සම්පන්න හා අත්දැකීම් බහුල නායකයකු ලෙසිනි. එක්දින කණ්ඩායම මෙන්ම විස්සයි20 ජාතික කණ්ඩායම මෙහෙයවීමේ වගකීමත් ඔහුට පැවැරී ඇත. ජාතික ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස දිනේෂ් චන්දිමාල් තවදුරටත් කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ නව පුහුණුකරු චන්දික හතුරුසිංහ සහ තේරීම් කමිටුවේ යෝජනාවකට අනුව එක්දින කණ්ඩායමේ නායකත්වය බාරගැනිමට ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාගෙන් ලැබූ ආරාධනය පිළිගනිමින් මැතිව්ස් ඊයේ එක්දින පිලේ නායකත්වයට පත්වූයේ තවත් වසර ගණනාවකට කණ්ඩායම මෙහෙයවීමේ අවස්ථාව උදාකරගනිමිනි.

මැතිව්ස්ගේ නායකත්වය වසර 2019 ලෝක කුසලාන තරගාවලිය දක්වා පමණක් නොව ශාරිරික යෝග්‍යතාව අනුව ඉන් ඔබ්බටත් පැවැතිය හැකි බව ඊයේ දහවල් ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවේදී තේරීම් කමිටු සභාපති ග්‍රෙහැම් ලැබ්රෝයි මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා එක්දින පිලට තරග 98කදී නායකත්වය ලබාදී ඉන් තරග 47ක් ජයග්‍රහණය දක්වා මෙහෙයවූ විශිෂ්ට තුන්ඉරියව් ක්‍රීඩකයකු ලෙස මැතිව්ස් එළැඹෙන බංග්ලාදේශ සංචාරයේ පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ දී කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි. මීට අමතරව විස්සයි20 තරග බිමේ විශිෂ්ටතම කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා පිල ඉහළට ඔසවා තැබීම මැතිව්ස්ගේ බලාපොරොත්තුවය.

‘ඉන්දීය සංචාරයෙන් පස්සේ ක්‍රිකට් සභාපතිවරයාත්, පුහුණුකරු හතුරුසිංහ මහතාත්. තේරීම් කමිටුවත් මා සමග සාකච්ඡා කළා. ඇත්තම කියනවානම් මම දින ගණනාවක් මේ ගැන කල්පනා කළා. ක්‍රිකට් ක්‍රීඩාවෙන් මට ගොඩාක් දේවල් ලැබිලා තියෙනවා. මේක මං බලාපොරොත්තු වුණු දෙයක් නෙවෙයි. ඒත් මේක ජාතික මට්ටමේ ආරාධනාවක්. මේ වෙලාවේ මම මේක ප්‍රතික්ෂේප කළොත් ඒක මං ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට කරන ලොකු අසාධාරණයක් වෙනවා. ඒ ගැන හිතලා ආපහු නායකත්වය බාරගන්න තීරණය කළා.’ මැතිව්ස් ප්‍රකාශ කළේය.

‘මම හතු අයියාව (හතුරුසිංහ මහතා) සෑහෙන කාලයක් තිස්සේ හොදින් අඳුනනවා. මීට අවුරුදු 10කට විතර කළින් මම ශ්‍රි ලංකා ‘ඒ‘ කණ්ඩායමේ ක්‍රීඩා කරද්දී හතු අයියා අපේ පුහුණුකරු ලෙස කටයුතු කළා. ඒ වගේම ජාතික කණ්ඩායමට එක්වුණු මුල් කාලේදී එයා අපේ තාවකාලික පුහුණුකරු ලෙස හිටියා. මම දන්නවා ඔහු වැඩ කරන්නේ කොහොමද කියලා. හතු අයියා ශ්‍රි ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත්වුණේ ඉන් යැපෙන්න නෙවෙයි. ලොකු සේවයක් කරන්නයි. ඔහු සමග කටයුතු කිරීම පහසුයි. ඒ වගේම ලොකු ශක්තියක්.’ එක්දින පිලේ හා විස්සයි20 පිලේ නායකත්වය බාරගනිමින් මැතිව්ස් ඊයේ මාධ්‍ය හමුවේදී එසේ කීවේය.

‘මම මීට පෙර නායකත්වයෙන් ඉල්ලා අස්වුණේ අලුත් නායකයකුට 2019 ලෝක කුසලාන තරගාවලිය සඳහා කාලය ඉතිරි කරලයි. මේ කෙටි කාලය තුල විවිධ හේතු හා ආබාධ නිසා එක්දින පිලේ නායකත්වයට ක්‍රීඩකයන් 4 දෙනක් පත්වුණා. නමුත් දැන් ආපහු වතාවක් කණ්ඩායම මෙහෙයවීමේ වගකීම බාරගන්න මට සිදුවී තිබෙනවා. මගේ නායකත්වයට සමහරු කැමැති වෙන්න පුළුවන්. තවත් සමහරු අකමැති වෙන්න පුළුවන්. ඒත් කරන්න දෙයක් නෑ. මම දැන් කණ්ඩායමේ සාර්ථකත්වය වෙනුවෙන් මගේ උපරිම දායකත්වය ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.’ මැතිව්ස් සඳහන් කළේය.

නව පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සමග ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතය සඳහා නව වැඩපිළිවෙළක් සකස් කරමින් පවතින මෙවැනි අවස්ථාවක ඇන්ජෙලෝ මැතිව්ස් නැවත එක්දින නායකත්වයට පත්වීම සතුටට කරුණක් බව මෙහිදී අදහස් දැක්වු ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ප්‍රකාශ කළේය.

‘හතුරුසිංහ මහතා සමග අපි කෙටි, මධ්‍යම හා දිගුකාලීන වැඩපිළිවෙළකට යමිනුයි සිටින්නේ. තේරීම් කමිටුවත් නව වැඩ පිළි‍වෙළක් වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දෙනවා. මැතිව්ස්ට ආපහු නායකත්වයට එන්න කියලා ආරාධනා කළේ ඒ අනුවයි. මේක ජාතික අවශ්‍යතාවක්. ඒ නිසා ක්‍රිකට් සභාපතිවරයා හැටියට මම මැතිව්ස්ට ආරාධනා කළා නැවත නායකත්වය බාරගන්න කියලා. ඔහු ඊට එකඟ වුණා. ඒ අනුව ශ්‍රී ලංකා එක්දින හා විස්සයි20 කණ්ඩායම්වල නායකයා හැටියට අපි මැතිව්ස්ව පත් කළා. අපි මේ ගැන ක්‍රීඩා ඇමැතිවරයා දැනුවත් කළා. ක්‍රීඩා ඇමැතිවරයා මැතිව්ස්ගේ නායකත්වයට අනුමැතිය ලබාදී ආශිර්වාද කළා.’ තිලංග සුමතිපාල මහතා පැවැසීය.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook