Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

විජයකලා LTTEයේ රහස්‌ හෙළිකරයි

2005දී එජාප නායකයා රහස්‌ ලියවිල්ලකට අත්සන් කිරීම ප්‍රතික්‍ෂේප කළා
වික්‍රමසිංහ ඡන්ද 200,000 කට ආසන්න ප්‍රමාණයකින් පරාජය වුනේ ඒ නිසයි

ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැතිවරිය විජයකලා මහේෂ්වරන් මෙම මස 22 දා යාපනයේදී ආන්දොaලනාත්මක ප්‍රකාශයක්‌ කළේය. දෙමළ ජනතාව 2005 නොවැම්බර් මස එවකට එක්‌සත් ජාතික පක්‍ෂ නායක ජනාධිපති අපේක්‍ෂක රනිල් වික්‍රමසිංහ පරාජය නොකළේ නම් දෙමළ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ඔවුන්හට අහිමි නොවන බවය. එලෙසම එම තීරණය හේතුවෙන් 2009 දී දමිළ වැසියන් 200,000 මුල්ලිවයික්‌කාල් භූමියේදී අහිමි වූ බවය. යාපනයේ පළාත් පාලන ආයතනවල නාමයෝජනා භාරදීමෙන් පසුව කළ මෙම ප්‍රකාශයට යාපනයේ පළවන කලේයිකතීර් Kalaikkathir පුවත්පතේ පළමුවැනි පිටුවේ මෙම මස 23 දා පළවිය. දමිළ මන්ත්‍රීවරයකු හෝ මන්ත්‍රීවරියක කිසිදු දිනක තම ජනතාව වික්‍රමසිංහ පරාජය කළ හේතුවෙන් තම නායකයා තමන්හට අහිමිවූ බව ප්‍රකාශ කර නැත. එලෙසම මුල්ලිවයික්‌කාල් සටනේදී 200,000 ක්‌ දමිළයන් මියගිය බව පවසා නැත.


2011 මැයි මස එක්‌සත් ජාතීන්ගේ සංවිධානය ආරක්‍ෂක හමුදා විසින් සාමාන්‍ය වැසියන් 40,000 ක්‌ මරණයට පත්කළ බැව් පැවැසුවාට පසු මරණ සංඛ්‍යාව 200,000 ක්‌ ලෙස ප්‍රකාශ කළ පළමු අවස්‌ථාව මෙය බව සිහි තබා ගත යුතුය.

මහේෂ්වරන් මෙම ප්‍රකාශය කිරීම හුදු දේශපාලන අරමුණු මත කළ දෙයක්‌ ලෙස සැලකිය යුතු නැත. යාපන දිස්‌ත්‍රික්‌ක මන්ත්‍රීවරියගේ මෙම ප්‍රකාශය සුළුවෙන් තැකිය යුතු නොවේ. යම් දමිළ දේශපාලනඥයන් සිතා මතා ශ්‍රී ලංකාවට එරෙහිව දුෂ්ට ප්‍රකාශ කරන බව පැහැදිලිය. තම ස්‌වාමිපුරුෂයා ටී. මහේෂ්වරන් කොටහේනේ පිහිටි කෝවිලේ 2008 ජනවාරි 1 වෙඩි තබා මරා දැමූ පසුව ක්‍රියාකාරී දේශපාලනයට එක්‌වූ විජයකලා කොටි ත්‍රස්‌තවාදීන් වෙනුවෙන් දේශපාලන වාසි තකා එළිපිට පෙනීසිටින බව රහසක්‌ නොවේ. තම ස්‌වාමියාගේ ඝාතනය කොටි ත්‍රස්‌තවාදියකු කළ බව ඇය දැන සිටියත්, අදටත් එතුමිය ප්‍රභාකරන් වෙනුවෙන් කඳුළු හෙළයි. ටී. මහේෂ්වරන්ගේ ඝාතකයා පොලිස්‌ වෙඩි පහරකින් තුවාල ලබා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනා විට අත්අඩංගුවට පත්වන්නේ ඔහුට වෙඩි තැබූ නිලධාරියා ඔහුව හඳුනා ගැනීමෙන් පසුවය. එම වෙඩි තැබීම ඝාතකයා මන්ත්‍රීවරයාට වෙඩි තැබූ සැණින් සිදුවූ බව සිද්ධිය දුටුවෝ පවසති.
විජයකලාට පාර්ලිමේන්තුවට ඒමට අවශ්‍ය ඉඩකඩ ලබාදුන්නේ කොටි ත්‍රස්‌තවාදීන් බව පැහැදිලිය. දමිළ ජනතාවගේ නායක ප්‍රභාකරන් 2005 නොවැම්බර් මස ජනාධිපතිවරණයේදී දමිළ ජනතාව විසින් වික්‍රමසිංහ පරාජය කිරීම නිසා ඔවුන්හට අහිමිවූ බව කියන ප්‍රකාශය ගැඹුරින් විග්‍රහ කළ යුතුව ඇත. 2005 නොවැම්බරයේ සිදු වූයේ කුමක්‌ද? එම සිදුවීම් මාලාවේ පසුබිම විමසා බැලිය යුතුව ඇත. දි අයිලන්ඩ් පුවත්පතේ 2005 නොවැම්බර් මස වික්‍රමසිංහ පැරදවීමේ සිදුවීම් මාලාව පිළිබඳව ලිපි ගණනාවක්‌ පළ කළත් සිංහල මාධ්‍ය තුළ මෙම තත්ත්වය සාකච්ඡාවට භාජන වී නැත. එසේනම් ඒ පිළිබඳව ගැඹුරින් විමසා බැලිය යුතුව ඇත. මීට කාලයකට පෙර විජයකලා උතුරේ පැවැති උත්සවයකදී ප්‍රභාකරන් කොන්ද ඇති නායකයකු බව පවසා තිබිණි. කොන්ද ඇති ප්‍රභාකරන් 2009 මැයි මස 19 දින පෙරවරුවේ නන්දිකඩාල් කලපු ප්‍රදේශයේදී අවසන් ගමන් යෑවීය.

ප්‍රභාකරන් අහිමි කර ගැනීමේ තීරණය සහ 2005 ජනාධිපතිවරණය

නොවැම්බර් මස වික්‍රමසිංහ පරාජය කිරීමේ කොටි ත්‍රස්‌තවාදීන්ගේ තීරණය පිළිබඳව විජයකලා මහෙෂ්වරන්ගේ ආන්දොaලානාත්මක ප්‍රකාශය පළ කළ පුවත්පතේ කර්තෘවරයා වන නඩේෂපිල්ලේ විද්‍යාතරන්ගෙන් මෙම ලියුම්කරු විමසීමක්‌ කළේය. ඒ දෙසැම්බර් 24 දින පෙරවරුවේය. වික්‍රමසිංහ 2005 නොවැම්බර් මස පරාජය පිළිබඳව විද්‍යාතරන් බරපතළ කරුණු අනාවරණයක්‌ කළේය. දමිළ කර්තෘවරයාගේ කරුණු දැක්‌වීම සැබැවින්ම විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශය (ප්‍රභාකරන්ගේ මරණය සම්බන්ධයෙන්) පිළිබඳව වැඩිදුර කරුණු දැක්‌වීමක්‌ ලෙස සඳහන් කළ හැකිය. විද්‍යාතරන් පවසන පරිදි එල්ටීටීඊ සංවිධානයට එජාප ජනපති අපේක්‍ෂක රනිල් වික්‍රමසිංහ සමග ගිවිසුමකට එළැඹීමට අවශ්‍ය බව තමන් හරහා එතුමන්හට පවසා ඇත. තමන්ට අමතරව අනෙකුත් පාර්ශ්ව කරුවන් එල්ටීටීඊ එජාප ගිවිසුම පිළිබඳව කටයුතු කර ඇති බව තමන් සිතනා නමුත් තම ක්‍රියාදාමය ගැන පැහැදිලි කිරීමක්‌ කළ හැකි බව පැවැසීය. ඔහු පවසනා පරිදි එල්ටීටීඊ දේශපාලන අංශ නායක එස්‌. පී. තමිල් චෙල්වම්ගේ නියමයෙන් තමන් එජාපයෙන් වික්‍රමසිංහ බලයට පත්වූ පසු අන්තර්වාර ස්‌වයං පාලන අධිකාරිය (ISGA) පිළිබඳව යෝජනාව ගැන සලකා බලන බවට එල්ටීටීඊයට ලිත පොරොන්දුවක්‌ අවශ්‍ය බව දැන්වූ බවයි. වික්‍රමසිංහ එම යෝජනාවට කැමැති වුවහොත් උතුර නැගෙනහිර පළාත්වල ඔහු දිනවීමට කටයුතු කරනා බවට එල්ටීටීඊය තමන් හරහා එජාපයට දැන්වූ බව විද්‍යාතරන් පැවැසීය.

මෙම යෝජනාව සම්බන්ධයෙන් තමන් වික්‍රමසිංහ කොළඹදී මුණ ගැසුණු බවත් එජාප නායකයා රහස්‌ ලියවිල්ලකට අත්සන් කිරීමට හෝ එල්ටීටීඊ පවසනා පරිදි ලිත පොරොන්දුවක්‌ දීම ප්‍රතික්‍ෂේප කළ බවත් පැවැසීය. ඔහු පවසනා පරිදි එජාප නායකයාට තම ජයග්‍රහණය එල්ටීටීඊයේ සහයෝගය නැතිව තහවුරු කර ගැනීමට හැකි බව පිළිබඳව දැඩි විශ්වාසයක්‌ තිබී ඇත. තමන් වික්‍රමසිංහගේ ස්‌ථාවරය පිළිබඳව තමිල් සෙල්වම්හට පැවසූ විට තම සහයෝගය නොමැතිව එජාප නායකයා 200,000 ක ඡන්ද ප්‍රමාණයකින් පරාජය වන බව එල්ටීටීඊ "නිලධාරියා" තමන්හට පැවැසූ බව පුවත්පත් කර්තෘවරයා පැවැසීය. එල්ටීටීඊය සිතූ පරිදිම වික්‍රමසිංහ ඡන්ද 200,000 කට ආසන්න ප්‍රමාණයකින් පරාජය විය. වික්‍රමසිංහ තමන්හට (ISGA) යෝජනාව සම්බන්ධයෙන් පොරොන්දුවක්‌ දීම ප්‍රතික්‍ෂේප කළ නිසා උතුර නැගෙනහිර දමිළ ජනතාවට 2005 නොවැම්බර් මස ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම තහනම් කළේය. තම තීරණය එවකට අගමැති මහින්ද රාජපක්‍ෂගේ ජයග්‍රහණය ස්‌ථිර කරන බව දැන සිටි එල්ටීටීඊය එම තත්ත්වය පිළිබඳ කිසිදු තැකීමක්‌ නොකළේය. එම මැතිවරණයේ ජයග්‍රහණය ලබා ගන්නා සිංහල නායකයා කවුරු වුවත් අවසන් මහා ඊළාම් යුද්ධය දියත් කිරීමට ප්‍රභාකරන් තීරණය කර තිබූ බව පැහැදිලිය. දමිළ ජාතික සංවිධානය එජාපයට සහයෝගය දීමට පොරොන්දු වී සිටියත්, එල්ටීටීඊ නියෝගය හමුවේ එම පක්‍ෂයේ නායකත්වය අසරණ විය. එම සංවිධානය වෙනුවෙන් එහි නායක වර්තමාන විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන් දමිළ ජනතාවට තම ඡන්දය කිසිවකුට ලබා නොදෙන ලෙස උපදෙස්‌ ලබා දුන්නේය. එම නියෝගය ලබා දුන්නේ එල්ටීටීඊ පාලනය යටතේ පැවැති කිළිනොච්චි නගරයේ පැවැති පුවත්පත් සාකච්ඡාවකදීය. එල්ටීටීඊය සහ දමිළ ජාතික සංධානය ගත් තීරණය මත වික්‍රමසිංහගේ පරාජය ස්‌ථිර විය. උතුරේ දෙමළ ජනතාවට නිදහසේ ඡන්දය තමන් කැමැති අපේක්‍ෂකයකුට දීමට අවස්‌ථාව ලබාදුන්නේ නම් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය අනිවාර්ය බව පැහැදිලිය.
ප්‍රභාකරන්ගේ මරණයේ වේදනාව දැනෙන විජයකලා මහේෂ්වරන් අමතක කර දමා ඇත්තේ 2005 ඡන්දය වර්ජනය කිරීම එල්ටීටීඊයේ තීරණයක්‌ බවයි. ප්‍රභාකරන් තමන්ගේ වළ තමන් විසින් කපාගත් බව පැහැදිලිය. වික්‍රමසිංහගේ දේශපාලනය පිළිබඳව විවේචන කොතෙකුත් ඇත. නමුත් එල්ටීටීඊය කරන ලද එම අසාධාරණ ඉල්ලීම් මොනයම් හේතුවක්‌ නිසා හෝ ඉවත දැමීම ප්‍රශංසා ලැබිය යුතු කාරණයකි. විද්‍යාතරන් මෙම ලියුම්කරු සමග පැවැසුවේ වික්‍රමසිංහ ජනපති වීමට තිබුණු අවස්‌ථාව අහිමි කරගත් බවය. ත්‍රස්‌තවාදීන්ට කප්පම් දී ජනපති වීමේ අවස්‌ථාව ලබා ගැනීම මහත් ෙ€දවාචකයකි. එවැනි තත්ත්වයක්‌ අප රට තුළ හෝ වෙනත් රටක සිදු විය යුතු නැත.

වැරදුණු කුරුමානම

විජයකලාගේ ස්‌වාමියා ටී. මහේෂ්වරන් 2008 ජනවාරි මස කොටහේනේදී එල්ටීටීඊය ඝාතනය කරන විට වන්නි යුද පෙරමුණේ වැඩි වාසි එල්ටීටීඊය සතු විය. බටහිර සහ නැගෙනහිර වන්නියේ අති ප්‍රබල එල්ටීටීඊ ආරක්‍ෂක වළලු ක්‍රියාත්මක විය. පුනරීන්, කිලිනොච්චි, මුලතිව් ඇතුළු ප්‍රබල එල්ටීටීඊ බලකොටු එලෙසම පැවතිණි. විජයකලා වැන්නවුන් එල්ටීටිඊ ජයග්‍රහණය පිළිබඳව විශ්වාසයෙන් කටයුතු කළ බව පැහැදිලිය. පුනරීන් සහ කිලිනොච්චිය පිළිවෙළින් 2008 නොවැම්බර් සහ 2009 ජනවාරි හමුදාව අත්පත් කරගත් පසුවත් එල්ටීටීඊයේ යුද ශක්‌තිය පිළිබඳව ද්‍රවිඩ ජාතික සන්ධානය විජයකලාගේ එක්‌සත් ජාතික පක්‍ෂය විශ්වාසය තබා තිබිණි.
ලියුම්කරු 1987 ජුනි මස "දි අයිලන්ඩ්" පුවත්පත හා සම්බන්ධ වූ සමයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු වූ ඩී. බී. එස්‌. ජෙයරාඡ් (දැනට කැනඩාවේ වෙසෙන) දීර්ඝ ලිපියක්‌ (2008 දෙසැම්බර් එල්ටීටීඊයේ යුද ශක්‌තිය පිළිබඳව දීර්ඝ විස්‌තරයක්‌ පළකර තිබිණි. මේ වන විට පැවැති සටන්වලින් යම් භූමි ප්‍රමාණයක්‌ සංවිධානයට අහිමි වුවත් ප්‍රබල "සේනාංක" සියල්ල නැගෙනහිර වන්නියේ ස්‌ථානගත වී ඇති බවත් හමුදාව එහිදී පරාජය ලබන බවත් පැවසීය. ප්‍රවීණ දේශපාලන සහ ආරක්‍ෂක විචාකරයෙකු වූ ජෙයරාඡ්ගේ ප්‍රකාශය තනාපති අංශවල සහ ද්‍රවිඩ දේශපාලන පක්‍ෂවල අමන්දානන්දයට හේතු විය. ජෙයරාඡ්ගේ පම්පෝරියෙන් සති 2 ක්‌ ඇතුළත එල්ටීටීඊයට කිළිනොච්චිය අහිමි විය. කිළිනොච්චියේ මියගිය ත්‍රස්‌තයන් අතර 2005 එජාපය සමග රහස්‌ ගිවිසුමකට එළැඹීමට උත්සහ කළ තමිල් චෙල්වම් ද විය. ගුවන් හමුදාව විශේෂිත බෝම්බ යොදාගෙන එල්ල කළ ප්‍රහාරයකින් තමිල් චෙල්වම්ගේ භූගත කුටිය ඔහුගේ සුසාන භූමිය බවට පත් කළේය. යාපනයේ පළාත් සභාවලට නාමයෝජනා භාර දීමෙන් පසුව විජයකලා මහේෂ්වරන් කළ ප්‍රකාශය පිළිබඳව යහපාලන රජය පැහැදිලි කිරීමක්‌ කළ යුතුව ඇත. ආරක්‍ෂක ඇමැති ධුරය දරන ජනපති මෛත්‍රිපාල සිරිසේන, රාජ්‍ය ආරක්‍ෂක ඇමැති රුවන් විජයවර්ධන සහ අගමැති වික්‍රමසිංහට ද්‍රවිඩ දේශපාලනඥයන් කරනා අපහාස හමුවේ නිහඬව සිටිය නොහැක. විජයකලාගේ ස්‌වාමිපුරුෂයාට රජය සමග කිසිදු ප්‍රශ්නයක්‌ තිබී නැත. රජය සමග යුද සමයේ ව්‍යාපාර කටයුතුවල යෙදුණු ටී. මහේෂ්වරන් මරණයට පත්වන අවස්‌ථාවේ ධනවත් ව්‍යාපාරිකයකු බව නොරහසකි. උතුරේ ව්‍යාපාරික කටයුතුවල යෙදුණු කිසිවෙකු හට එල්ටීටීඊ යට කප්පම් නොදී කටයුතු කිරීමට ශක්‌තියක්‌ තිබී නැත. විජයකලාගේ ස්‌වාමිපුරුෂයාටද එය අදාළය. නුවර-යාපනය් A-9 මාර්ගය වව්නියාවෙන් උතුරට වසා තිබූ කල යාපනය අර්ධද්වීපයේ භූමිතෙල් වෙළෙ¹මේ යෙදුණ ටී. මහේෂ්වරන් පසුව එජාප දේශපාලන තලයේ ප්‍රබල භූමිකාවක්‌ කළේය.

2004 ඝාතන තැතක්‌

ltte3ටී. මහේෂ්වරන් 2004 මහ මැතිවරණයට කොළඹින් ඉදිරිපත් විය. තම ජීවිතයට යාපනයේදී එල්ලවන තර්ජන හේතුවෙන් කොළඹින් එක්‌සත් ජාතික පක්‍ෂය හරහා තරග කිරීමට ඔහුට සිදුවිය. ඡන්ද ව්‍යාපාරය අතරතුර මහේෂ්වරන්ට වෙඩි ප්‍රහාරයකින් තුවාල සිදුවිය. එම ප්‍රහාරයේ වගකීම ප්‍රහාරය පිළිබඳ චෝදනාව එල්ටීටීඊයට කිරීමට එජාපය මැලි විය. එක්‌සත් ජාතික පක්‍ෂයේ කරු ජයසූරිය සහ ආචාර්ය කරුණාසේන කොඩිතුවක්‌කු කොළඹදී පැවැත්වූ ප්‍රවෘත්ති පත්‍ර සාකච්ඡාවකදී මෙම ලියුම්කරු දිගින් දිගටම ප්‍රහාරයේ වගකීම එල්ටීටීඊ නොවේදැයි ප්‍රශ්න කළ විට එජාප පිළිතුර වූයේ ඒ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්විය යුතු බවය. නෝර්වේජියානු නායකත්වය යටතේ සටන් විරාම කණ්‌ඩායම මෙම ඝාතන තැත පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක්‌ කළේ නැත. මහේෂ්වරන් මේ පිළිබඳව ප්‍රකාශයක්‌ කළේ ද නැත. මෑතකදී පාර්ලිමේන්තු ඉතිහාසයේ 70 වැනි සංවත්සරය සැමරූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සාමාජිකයන් දුසිම් ගණනාවක්‌ ත්‍රස්‌තවාදීන් ඝාතනය කර ඇත. ඝාතනයට ලක්‌වූ හේතුව අදටත් හරියාකාරව පැහැදිලි නැතත් ටී. මහේෂ්වරන් ද ත්‍රස්‌තවාදයේ වින්දිතයෙකි. හෙට (2018 ජනවාරි 01) මහේෂ්වරන් ඝාතනය කර වසර 10 ක්‌ ගත වී ඇත. මුල්ලිවයික්‌කාල්වල ද්‍රවිඩයන් දමිළ වැසියන් මියයැම පිළිබඳව කඳුළු සලන කිසිවෙකු එල්ටීටීඊය විසින් ඝාතනය කරන ලද ද්‍රවිඩයන් ගැන තැකීමක්‌ කරන්නේ නැත. ඔවුන්ගේ මරණ ගැන ජිනීවාහි කතා කරන්නේ ද නැත. එම වින්දිතයන් ස්‌වාභාවික හේතු නිසාවෙන් මරණයට පත්වූ ලෙසට මෙම වංචනිකයෝ කටයුතු කරති. එල්ටීටීඊය අතින් ඝාතනය වූ ද්‍රවිඩ ජාතිකයන් හඳුනා ගැනීමට ඉතා පහසු ක්‍රමයක්‌ ඇත. එනම් මරණයට පත් වූවන් පිළිබඳව කිසිදු දේශපාලන පක්‍ෂයක්‌ සිවිල් සංවිධාන හඬක්‌ නඟන්නේ නැත්නම් එම මරණවලට වගකිව යුත්තේ එල්ටීටීඊයි. අදටත් TULF නායක අප්පාපිල්ලේ අමිර්තලිංගම් 1989 ඝාතනය කිරීම පිළිබඳව දමිළයන් කතා කරන්නේ නැත.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook