Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement


වුණු එකම වෙනස  දැන් 
අපි දෙන්නම එකම තැනක.
අපි අපේ ජීවිතේ බෙදාගත්ත එක විතරයි.


අලුත් ජීවිතේ අලුත් අවුරුද්දට හොඳ ආරම්භයක් 
– අයිෂාරා අතුකෝරල

කලා ලෝකයේ ජනප්‍රිය නවක තරුවක් තමයි අයිෂාරා අතුකෝරල කියන්නේ. මීට දින කිහිපයකට පෙර යුගදිවියට පිවිසි ඇය සමග අතිනත ගත් ඔහු නමින් තීක්ෂණ. ඉතින් අලුත් ජීවිතේ ගැන වගේම තවම ඇයට අලුත් වූ කලා ජීවිතේ ගැනත් කතා කරන්න මෙවර අපි මේ නව යුවළව සම්බන්ධ කරගත්තා සොඳුරු කතාබහකට.



කොහොමද අලුත් ජීවිතේ?
ඇය: අලුත් ජීවිතේ කියලා ලොකු වෙනසක් නෑ. වෙනදා විදියටම ජීවිතේ ගවෛනවා.

අලුත් ජීවිතේ අලුත් අවුරුද්දට හොඳ ආරම්භයක් කියලා හිතෙන් නැද්ද?
ඇය: අනිවාර්යයෙන්ම එහෙම හිතෙනවා. මේ ලැබුණු අලුත් ජීවිතෙ ලබන අලුත් අවුරුද්දට හොඳ නැවුම් ආරම්භයක්.

කොහොමද ඔබ දෙදෙනා මුණගැහෙන්නේ?
ඔහු: අපි දෙන්නා මුණගැහුණේ මීට ටික කාලෙකට ඉස්සර. කාලයක් අපි දෙන්නා ළඟින් ආශ්‍රය කළා. ඊට පස්සේ කාලයත් එක්කම ඒ ඇසුර අපි දෙන්නව පෙම්වතුන් බවට පත්කළා. ඉතින් දැන් අපිට අපේ ඒ ආදරය විවාහයක් දක්වා සාර්ථක කරගන්න හැකියාව ලැබුණා. ඒ ගැන ගොඩක් සතුටුයි අපි දෙන්නටම. මොකද ආදරවන්තයින්ගේ හීනයක්නේ විවාහය කියන්නේ. ඒ හීනය හැබෑවක් වෙනවා කියන්නේ ඉන් ලැබෙන සතුට අසීමිතයි කියන එක.

විවාහය කාලයක් තිස්සේ සැලසුම් කරන්නත් ඇති නේද?
ඔහු: වෙඩින් එකක් කියලා කියන්නේ කාලයක් තිස්සේ සැලසුම් කරලා සිද්ධවෙන දෙයක්. ඉතින් අපිත් පෙර සූදානමක් වුණා. අපේ ජීවිතේ වැදගත්ම දවස ලස්සන වගේම සාර්ථක කරගන්න මාස කිහිපයක ඉඳන් අපි මේ දවසට සූදානම් වුණා.

ඔබත් කලාවට සම්බන්ධයි ද?
ඔහු: නෑ. මම කලාවට සම්බන්ධව කටයුතු කරන කෙනෙක් ‍නෙවෙයි.

ඇගේ කලා ජීවිතේට සැමියා හැටියට ඔබ කොහොමද හයියක් වෙන්නේ?
ඔහු: ඇත්තටම මට කලාව ගැන දැනුමක් නෑ. නමුත් ඇය කලාවට ගොඩක් දක්ෂ කෙනෙක්. ඒ දක්ෂතාවට බාධාවක් හෝ අවහිරයක් නොවී මට හැකි සෑම විටම ඇයට අවශ්‍ය සහාය මම ලබාදෙනවා. කලාව ගැන දැනුමක් නැති වුණත් ක්ෂේත්‍රයේ යම් තැනක දී ඇයට මාව අවශ්‍ය වුණොත් ඒ හැම විටම මටම ස්ථිරවම ඇය ළඟින් ඉන්නවා. පවුල් ජීවිතේ අපි එකට ඉදිරියට යනවා වගේම වෘත්තීය ජීවිතෙත් මම ඇය ළඟින්ම රැඳෙනවා.

ඒ කියන්නේ විවාහ වුණා කියලා ඇගේ කලා ජීවිතේට සීමා වැටෙන එකක් නෑ?
ඔහු: ඇය කලාවට ආදරේ කරන කලාකාරිනියක්. ඉතින් සැමියා හැටියට මගේ යුතුකම ඇයව සීමා කරනවට වඩා ඉදිරියට යන්න ඇයව දිරිගැන්වීම. එතැනදී ඇයට ඇයගේ ගමන යන්න අවශ්‍ය සහාය මම ලබාදෙනවා. ඇය ප්‍රසිද්ධ සමාජයේ එක කොටසක්. ඉතින් අපේ පෞද්ගලික ජීවිතේට හානියක් නොවී ඇයට ඇයගේ ගමන කලාවෙන් ඉදිරියටම යන්න ඇගේ සැමියා හැටියට මම ශක්තියක් වෙනවා.

මනමාලියක් වීම හැම ගැහැනු ළමයෙක්ගෙම හීනයක්නේ. ඔබටත් ඒක එහෙමයි නේද?
ඇය: ඔව්. මගෙන් ජීවිතේ තිබුණ එක හීනයක් හැබෑවීමක් තමයි අපේ විවාහ උත්සවය අපි දෙන්නම කතා කරලා දෙන්නගෙම කැමැත්තට අනුවයි එදා දවස අපි සැලසුම් කළේ. මම වගේම ඔහුත් ඕඥචජඩ එකට හරි කැමතියි. ඉතින් ඒ අනුව තමයි ඕඥචජඩ එකේ ධනඥද නචපබර එකක් ගන්න අපි තීරණය කළේ. බොහොම හිතවත් කිහිප දෙනකුට විතරයි අපි ආරාධනා කළෙත්. එක පැත්තකින් 50ක් වගේ වෙන්න සීමිත පිරිසකටයි ආරාධනා කරලා උදේ ජඩභපජඩ එකෙත් හවස ඕඥචජඩ නචපබර එකකුත් විදියට සරලව අපි අපේ ලස්සන දවස සාර්ථක කරගත්තා.

කොච්චර කාලයක ආදර කතාවක් ද මේ හැබෑවක් බවට පත් වුණේ?
ඇය: අවුරුදු කිහිපයක ආදර කතාවක් කීවොත් හරි.

ඔහු ඔබේ කලා ජීවිතේට හයියක් වෙයි කියලා හිතනවද?
අපි කාලයක් තිස්සේ එකිනෙකා හොඳින් හඳුනගෙන තේරුම් අරගෙනයි විවාහයක් දක්වා ආවේ. ඉතින් ඔහු මාව වගේම මම නියෝජනය කරන ක්ෂේත්‍රය ගැනත් හොඳටම දන්නවා. ඒනිසා අනවශ්‍ය සීමාවන්, බාධාවන් වැඩෙන එකක් නෑ.

මගේ කලාවේ ඉදිරිගමනට. හැම විටම ඔහු මට ශක්තියක් වේවි. මාත් අනවශ්‍ය කාර්ය බහුලවීම්වලින් තොරව පෞද්ගලික ජීවිතේට මුල්තැන දෙමින් පවුල් ජීවිතෙයි කලා ජීවිතෙයි සමබර කරගන්න උත්සාහ කරනවා.

තවම මේ ජීවිතේ පටන් ගත්තා විතරනේ. දෙන්නත් එක්ක ජීවිතේ ගෙනියන කොට දැනෙන හැඟීම ගැනත් කියමු.
ඇය: ඇත්තටම ඒ හැඟීම හරි නැවුම් වගේම වෙනස් හැඟීමක්. දැන් ඉස්සර වගේ ‍නෙවෙයි හැම මොහොතෙම ජීවිතේ තවත් කෙනෙක් ඉන්නවා කියන හැඟීමෙන් තමයි හැම තීරණයක්ම අරන් වැඩ කරන්න ඕනි. ඉතින් ඒ අලුත් ජීවිතේට තවම අපි හුරුවෙමින් පවතිනවා.

ඔබ දෙදෙනා විතරක් තනිවම වෙනම ගෙදරකද පදිංචිවෙලා ඉන්නේ?
ඇය: ඔව්. අපි දෙන්නා වෙනමමයි ජීවත් වෙන්නේ. පදිංචියේ ලොකු වෙනසක් වුණේ නෑ. වුණු එකම වෙනස දැන් අපි දෙන්නම එකම තැනක. අපි අපේ ජීවිතේ බෙදාගත්ත එක විතරයි.

ඉදිරියේදී දකින්න ලැබෙන කලා නිර්මාණ ගැනත් කියමු.
ඇය: ඉදිරියේ දී චිත්‍රපට කිහිපයක්ම එන්න තියෙවා. ඒ අතරින් ‘අයිස්ක්‍රීම්’ Movie එක තමයි මම ගොඩක් බලා‍පොරොත්තුවෙන් ඉන්න නිර්මාණයන් අතර තියෙන්නේ. ඒ වගේම සහන් ගුණතිලකයන්ගේ මංගල තෑග්ග ටෙලි නිර්මාණයට සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබුණා. ඒ කලා නිර්මාණයන් ඔස්සේ තමයි මාව ඉදිරියේදී දැකගන්න හැකියාව තියෙන්නේ.

අලුත් අවුරුද්දේ කලා ජීවිතේ ඉදිරි සැලසුම් ගැනත් කියමු.
දැනට එන්න තියෙනවා ෆිල්ම්ස් දෙකක්. ඒ වගේම අලුත් අවුරුද්දේ කරන්න බලා‍පොරොත්තුවෙන් ඉන්න චිත්‍රපට කිහිපයකුත් තියෙනවා. දැනට ඒවා තමයි කලා ජීවිතේ ඉදිරියට තියෙන සැලසුම්.

පෞද්ගලික ජීවිතේ තියෙන බලා‍පොරොත්තු ගැනත් කියමු.
ඇය: තවම පෞද්ගලික ජීවිතේ එහෙම ලොකු බලා‍පොරොත්තු නම් නෑ. බලමු ඉතින් කාලයක් එක්ක ජීවිතේට එන බලාපෙරොත්තු කාලයත් එක්කම හැබෑවක් වෙයි.

ඔබට ලැබෙන චරිත ගැන සතුටු වෙන්න පුළුවන් ද?
මට ලැබෙන හැම චරිතෙම ටිකක් ධනපති පංතිය නියෝජනය කරන Model කෙනෙක් වගේ ජීවත් වෙන චරිත ඉතින් මම කැමති ටිකක් වෙනස් චරිත ලැබෙනව නම්. දැනට රඟපෑ පැණි මකුළුවෝ, මංගල තෑග්ග ඒ වගේම එන්න තියෙන අයිස්ක්‍රීම් චිත්‍රපටයෙන් මගේ චරිත. ඒවගේ චරිත ගොඩක් දෙනෙක් කියනවා මගේ බටහිර පෙනුම වැඩි නිසයි ඒ විධියේ චරිතම මට ලැබෙන්නේ කියලා. නමුත් ඊට වෙනස් වූ එක චරිතයක් හරි ලැබුණොත් මට පුළුවන් වෙයි. මේ ඒකාකාරී චරිත රටාවෙන් මිදිලා අලුත් විදියකට ප්‍රේක්ෂකයින් අතරට එන්න.

නඳුනි ආරියවංශ

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook