Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

පාසල් පේ‍්‍රමය සුන්දරයි
මට හිතුන හැම කෙනාටම
මම ආදරය කරලා තියෙනවා
– සේමිණී ඉද්දමල්ගොඩ

එයාට මම කියන්නෙ බබී කියල


සේමිණී ඉද්දමල්ගොඩ කියන්නේ රංගන ක්‍ෂේත‍්‍රයේ සිටින දක්ෂ ප‍්‍රවීණ රංගන ශිල්පිනියක්. ඒ නිසාම ආදරය ගැන කතා කරන්න ඇයව එකතු කරගත්තා

ආදරයට නිර්වචනයක් දෙන්න
ආදරය කියන්නේ මානුෂීය බැදීමක්

පාසල් පේ‍්‍රමය සුන්දරයිද?
මටනම් සුන්දරයි. මොකද පාසල් පේ‍්‍රමය මගේ විවාහයෙන්ම කෙළවර වුණා. දැන් අවුරුදු විසිපහක් වෙනවා. තාමත් ඒ පාසල් පේ‍්‍රමයේම ඉන්නවා.

ආදරය දැනෙද්දී වයස කීයද?
ඒවා කියන්න බැහැ. ඒවා කීවොත් ළමයි නොමග යනවා

ආදරය හැමවිටම ප‍්‍රකාශ කරන්න ඕන පිරිමි ළමයද?
එහෙම එකක් නෑ තමන්ට දැනෙන හැෙ`ගන දේ ප‍්‍රකාශ කරන්න ස්ත‍්‍රී පුරුෂ භේදය බලපාන්නෙ නැහැ.

අප‍්‍රකාශිත ආදරයක් ඔබට තිබුණද ?
අනේ නැහැ. මට ආදරය කරන්න හිතුන හැම කෙනාටම මම ආදරය කරලා තියෙනවා.

ආදරය කරද්දී පෙම්වතා වැඩිමල් විය යුතුයි කියල හිතනවද?
ආදරයට වයස භේදයක් විදියක් නැහැ. හැබැයි වැඩිමල් කෙනෙක් එක්ක විවාහ වුණාම හො`ද පවුල් ජීවිතයක් ගත කරන්න පුළුවන්.

වයසින් බාල කෙනෙක් ගැන ආදරයක් හිතිලා තියෙනවද?
ඇති වෙලා තියෙනවා. එ්ක ඉතින් සාමාන්‍ය දෙයක්

පෙම්වතාගෙන් ලැබුණු මුල්ම තෑග්ග මතකද?
ඔව්. මුලින්ම ලැබුණේ එලාම් ඔරලෝසුවක්. පාසල් යන්න උදේම ඇහැරෙන්න කියල එ්ක උදේ පහට කෑ ගහනවා . ඒක එදාම කැඩුවා. ඒක තාම තියෙනවා අම්ම ගාව.

ඔහු ඔබට ආදරයට කියන නම මොකද්ද?
බබී කියල තමා ඔහු කියන්නේ. ගෙදර අය ආදරේට කියන්නේ සුද්දී කියලා.

පිරිමියකුගෙන් ඔබට ආදරේ හිතෙන්නේ මොන ගතිගුණවලටද?
පෞරුෂය තමයි මුලිකම දේ. අනිත් දේ මනුස්ස කමට.

ඔබ හිතනවද ආදරය විවාහයෙන් කෙළවර වෙන්න ඕන කියල?
නෑ. විවාහය ආදරයෙන් කෙළවර විය යුතුම නැහැ.

ආදරයට හා රාගයට එකවිට පැවැත්මක් තියෙන්න පුළුවන්ද?
ආදරයේ උච්චතම අවස්ථාව තමයි රාගය කියන්නේ. ඒ දෙකම තිබිය යුතුයි.

විවාහයෙන් පස්සේ ඇතැම් අය වෙනස් වෙනවා, ඒ ඇයි ?
එකිනෙකාට ගෞරව නොකිරීම, ඒ වගේම තමන් අනිත් කෙනාට වඩා උසස් යැයි හිතීම වගේ ආත්මාර්ථකාමි වුණාම තමයි මිනිස්සු වෙනස් වෙන්නේ.

විවාහය ලියාපදිංචි කළ යුතුද?
විවාහය ලියාපදිංචි කළොත් දරුවන්ගේ අනාගතයට හො`දයි කියල හිතනවා.

විරහව ජේදයකින් විස්තර කරන්න ?
ලොකු කනගාටුවක් ඇතිවෙන සතියකින් දෙකකින් යථා තත්ත්වයට පත්වන දෙයක් තමයි විරහව කියන්නේ

සමලිංගිකයන්ගේ ආදරය සමාජ සම්මතයට පටහැණිද?
නෑ. ස්වභාවික දෙයක්. ඒකේ කිසිම අස්වාභාවික දෙයක් මම දකින්නේ නැහැ.

ආදරය එක සහකරුවකුට පමණක් සීමාවිය යුතුද?
එහෙම වෙනවනම් හො`දයි. හැබැයි ඉතින් එහෙම වෙන්නේ නැහැ.

මේ වෙද්දී පිරිමි ළමයි කී දෙනෙක් දලා ගිහින් තියෙනවද?
එහෙම කිසි කෙනෙක් දාලා ගිහින් නෑ.

තිළිණි කරුණාරත්න

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook