Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

මම ඒ චරිත රඟනොපාපු එක ගැන සතුටු වෙනව
මටත් ආදරේ දැණුනා
 - සබීතා පෙරේරා

සඳට සඳ එළියට පෙම් කරන්න පුළුවන් හිතකින් ආදරය දෝර ගලන බව මට දැනුණා. පිරී ඉතිරී යන ආල හැඟුම් පාමුල මම මොන තරම් ඉවසුවද. කැමරාව ඉදිරියේ ආදරය වෙනුවෙන් කොතෙකුත් හීන දැක්‌ක මගේ යෞවනය හඳ එළිය යට තනිවෙලා හිටි මොහොතක දැක්‌ක ආදර හීනයකට හිත දන්දෙන්න සිතුව වාර අනන්තයි. අන්තිමට මම නොහිතපු නොපතපු ඇසිල්ලක ඔයා මගේ ඇස්‌දෙක ඉස්‌සරහින් ඇවිත් හිටගත්ත. ඒ මොහොතෙ මගේ හිත නතර වුණා එකම එක තත්පරයකට. ඒ එක්‌කම මුළු ලෝකයම මගේ හිත ළඟ නතරවෙලා තිබුණා. ආයෙමත් මේ හැම දෙයක්‌ම පුරුදු විදිහට ක්‍රියාත්මක වෙන්න පටන් ගනිත්දි මම ඔයාට ආදරය කරන්න පටන් අරන්.

දහස්‌ ගණනකගේ ආදරය දිනූ ඇය තමන්ගේ දිවිය පුරාවටම ආදරය කරන්න තෝරාගත් ඔහු ගැන ආදර මතකය රැගෙන ආදර හැන්දෑවට ගොඩවැදුන දවස අදටත් මට හීනයක්‌ වගෙයි. සිනමාවේ අතිශයින්ම ආදරණීය චරිතය සබීතා පෙරේරා ආදර හැන්දෑව ආදරයෙන් පිරවූයේ මෙහෙමයි.

පාසල් වියේම ජනප්‍රිය නිළියක බවට පත්වන ඔබගේ යෞවනය මොන විදිහටද ගෙවුණේ?

මගේ පවුලේ අක්‌කල නංගිල ගතකරපු සාමාන්‍ය ජීවිතය සිනමාවට පැමිණීමත් එක්‌ක මගෙන් දුරස්‌වුණා. මගේ සම වයසේ ගැහැනු ළමයි අතරෙ මම විශේෂ කෙනෙක්‌ වෙලයි හිටියෙ. මට ඒ ගැන සතුටක්‌ තිබුණා මොකද මට ලැබිලා තිබුණෙ මගේ වයසේ ගැහැනු ළමයකුට ලබන්න බැරි දෙයක්‌.

සබීතා පෙරේරා කියන්නෙ ප්‍රේමයේදී ජීවිතයේ තීරණ ගැනීමේධී නිර්භීත චරිතයක්‌ද?

ප්‍රේමය විවාහය වැනි දේවල්වලදි තනි තීරණ ගන්න හෝ දැඩි තීරණවලට යන්න මට ශක්‌තියක්‌ තිබුණෙ නැහැ. සිනමාව ගැන අවබෝධයක්‌ ලැබෙන තුරු මගේ වෘත්තීය කටයුතු පිළිබඳ තීරණ ගත්තෙ තාත්ත. සිනමාවෙදි වුණත් ඇතැම් චරිතවල තිබුණ දර්ශන නිසා මම ප්‍රතික්‌ෂේප කරල තියෙනව. අම්මයි තාත්තයි ජීවත්වෙලා ඉන්න කාලෙ මම එවැනි චරිත රඟපානවට කැමති වුණේම නැහැ. අද මම ඒ චරිත රඟනොපාපු එක ගැන සතුටු වෙනව.

බොහෝ සිත්වල ආදරයට මැදිවූ සබීතා පෙම්වතියක වෙන්නේ කැමරාව ඉදිරියේදී පමණද?

ඇත්තෙන්ම අනිත් ගැහැනු ළමයි සැබෑ දිවියේ කරපු දේවල් මම කළේ සිනමාවෙදි. ටියුෂන් පන්තියේ පාසල් බස්‌රියේ ඉස්‌කෝලෙදි මගතොටේදි පෙම් කරන්න මට පුළුවන්කමක්‌ තිබුණෙ නැහැ. මට වෙන දෙයක්‌ හිතන්න කාලයක්‌ ඉතිරි නොකරම ඒ කාලෙ මගේ සම්පූර්ණ කාලයම ගෙවුණෙ සිනමාව සමගයි.

ඔබගේ දිවියට ප්‍රේමය කියන අත්දැකීම බොහොම ආගන්තුක වුවාද?

නැහැ . මම ආදරේ කළා. මටත් අනිත් යුවතියන්ට වගේ ආදරය දැනුණා. මම පැවසුවේ මට ලැබුණ ජනප්‍රියත්වය එක්‌ක නිදහසේ අනිත් ගැහැනු ළමයින්ට වගේ ආදරය කරමින් හැසිරෙන්න පුළුවන්කමක්‌ තිබුණෙ නැහැ කියලයි. ඒ ආදර කතාව තමයි සිනමාවෙ බොහෝ කටකතාවලටත් මුල්වුණේ.

සබීතා පළමු පෙමට ඇරයුම ලබන්නෙ සිනමා නිළියක වූ පසුවද?

ඉස්‌කෝලෙ යන කාලෙ එක්‌ සිදුවීමක අත්දැකීමක්‌ තියෙනවා. ඉස්‌කෝලෙට ගෙදර ඉඳන් ඇවිදගෙන යද්දි මග රැකල ඉඳල පිරිමි ළමයෙක්‌ ලියුමක්‌ දුන්නා. ඒ සිදුවීමේදී අපුරු දෙය වුණේ ඒ පිරිමි ළමය මෑතකදි දවසක මට හමුවෙලා ඒ සිදුවීම මතක්‌ කළා.

රසික රසිකාවියො කැමති වුණේ තමන්ගෙ සිහින කුමරා හා කුමරිය සැබෑ දිවියේත් එක්‌වෙනවා දකින්නයි.

පුවත්පත්වලින් රසික රසිකාවියන් මගේ විවාහය කා සමග සිදුවෙනවාද කියල විමසපු කාලයක්‌ තිබුණා. මගේ දෙමවුපියො කාලයත් සමග මගේ ජීවිතය හැමදෙයකින්ම සම්පූර්ණ වෙද්දි ඔයා දැන් විවාහ වෙන්න ඕනැ කියන දේ කියන්න පටන් ගත්ත.

පසු කාලයක්‌ රටේ ජනප්‍රියම නිළිය සිනමාවට කිසිසේත් සම්බන්ධ නැති ක්‍ෂේත්‍රයක පුද්ගලයකුට සිය ප්‍රේමය පුදදෙනවා.

කාලයත් එක්‌ක සිනමාවෙන් පිටදි මට හිතෙනවා මම විවාහ විය යුතුයි කියල. ඒත් ඒ වෙත්දි මම කෙනෙක්‌ තෝරාගෙන හිටියෙ නැහැ. ඔහුව මම දැනහඳුනාගෙන හිටියේ නැහැ. ඔහු ව්‍යාපාරිකයෙක්‌. ඒ වෙද්දි පකිස්‌තාන් චිත්‍රපටයකට ඔහු මුදල් යෙදවූ චිත්‍රපටයක්‌ ගැන තොරතුරක්‌ නැති නිසා මම ඒ කාලෙ පකිස්‌තාන් චිත්‍රපට බොහොමයක රගපෑ නිසා ඒ පිළිබඳ තොරතුරක්‌ සොයාගන්නයි ඔහු දුරකථන ඇමතුමක්‌ මට ලබාගෙන තිබුණේ. ඒ තමයි අපේ පළමු කතාබහ.

ඉන් ඉක්‌බිතිව සබීතා නමැති ජනප්‍රිය නිළිය බිරිඳක ලෙස නිළියකගේ වගකීමෙන් දුරස්‌ වන්නට පවා හිත කැමති කරගන්නවා.

ඇත්තටම මට ඕන වුණා මගේ ජීවිතයේ බිරිඳ මව කියන භූමිකා හරියටම කරන්න. කලාකාරියක ලෙස දීර්ඝ වෘත්තීය දිවියක්‌ ගෙවා තිබුණත් මම ඔහුගේ ව්‍යාපාර ලෝකය පිළිබඳ අවබෝධ කරගනිමින් ඔහුගේ කටයුතුවලට සහය දෙන්න උවමනා වුණා. පුතා අපේ ලෝකෙට ආවට පස්‌සෙ මම සිනමාවෙ කිසිදු නිර්මාණයකට දායක නොවීමම වසර හතක්‌ම දරුවත් එක්‌ක හිටියා.

කලාකාරියක වූ ඔබ ව්‍යාපාරික බිරිඳගේ භුමිකාවට සරිවීම පහසු කටයුත්තක්‌ වුවාද?

මම හරිම නම්‍යශීලි චරිතයක්‌ ජීවිතයේ ඕනෑම වෙනස්‌කමකට අනුවර්තනය වෙන්න මට හැකියාව තිබුණා. මගේ ජීවිතය මේ විදිහට හොඳ තැනක රැඳී තිබෙන්නෙ ඒ නම්‍යශීලිකමත් එක්‌ක කියල මම විශ්වාස කරනව.

ජීවිත කාලයේ ඉටුවූ හා බිදී ගිය පැතුමන් දෙස ඔබ හැරී බලන්නේ?

බුදු දහමට බොහෝ සමීප දිවියක්‌ ගෙවන මම ඒ හැම දෙයක්‌ම දෙස බලන්නෙ හරිම සැහැල්ලු හැඟුමකින්. ජීවිතයේ යම් ඉටුනොවුන දෙයක්‌ තිබුණා ද ඒ වගේම ඉටු වූ දෙයක්‌ ඇත්ද ඒ හැමදෙයක්‌ම වුණේ හොඳට කියලයි මම විශ්වාස කරන්නෙ.

ධම්මිකා සුරංජි පතිරණ

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook