Adsense Banner

Latest Gossip News


හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ජාතික හැදුනුම්පත් දෙකක් සකසා කූට වැඩ කර රටින් පැනලා - පියාගේ මරණය ගැනත් සැකයක්? Sujeewa de Silva - Gossip.LK

ඌව පළාත් හිටපු මහ ඇමති SM රංජිත්ට වසර 16ක සිර දඩුවම් නියම වෙයි
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයා ජාතික හැදුනුම්පත් දෙකක් සකසා කූට වැඩ කර රටින් පැනලා - පියාගේ මරණය ගැනත් සැකයක්? Sujeewa de Silva - Gossip.LK
ගුවන් යානයක් කඩා වැටේ | Sri Lanka Air Force | Gossip.LK
දේශබන්දු බැලන්ස් කරන්න ක්‍රිකට් සභාපති ෂම්මි මාසිකව තටු පුදලා - පාර්ලිමේන්තුවේදී හෙලි වෙයි. | Sri Lanka Cricket
පියුමි හංසමාලිගේ සල්ලි මැෂිමේ රහස එළියට | Sri Lanka Latest Gossip News Story About Piumi Hansamali.
පුංචි කාර් සිහිනය සුනේ සුන් - වාහන මිළ තවත් ඉහලට | Car Sale Gossip.LK
දඹදිව ගිය නඩයකට කොරෝනා හා සමාන රෝගී තත්වයක් - 14 ක් රෝහ​ලේ - කොටසක් එහේත් නැවතිලා - Gossip.LK
දේශබන්දු ටිරාන්ගේ ගෙදර? | Deshabandu Tennakoon - Gossip.lk
මගේ Ex මහත්තයා ප්‍රගීත් හොරා - මගේ අත්සන හොරාට ගහලා – පියුමි හංසමාලි කියයි | GOSSIP. LK
අද මැදින් පුරපසලොස්වක පොහොය දිනයයි - මැදින් පොහොය දිනයේ වැදගත්කම | Importance of the Medin Full Moon Poya Day

Video Gossip


හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට අංක දෙකක හැදුනුම්පත් දෙකක් සහ ගුවන් ගමන් බලපත‍‍‍්‍ර දෙකක් - CIDයට පැමිණිලි   [VIDEO]
පන්සලට කාන්තාවන් හතක් පැන භික්‍ෂුවක් දුෂණය කරයි
තමන්ව අත් හැර ගිය අයට පන්න පන්නා ක්‍රෝධ කරන්න හොඳ නෑ - උමාලි එය නොකියා කිවුවේ පෙර සැමියා සාරංගටද? | Umali Thilakarathna
ආදරවන්තයන්ගේ දිනයේ ශනුද්‍රි ප්‍රියසාද්ගේ වීඩියෝවක් එළියට  | Shanudri Priyasad
මම කවදාවත් හිතන් නෑ ආදරයක් එකකින් ඉවරයි කියලා - අතුල අධිකාරි අලුත්ම ආදරය ගැන කියපු කතාව  | Gossip Lanka Latest story about Athula Adikari
රාජාංගනයේ සද්ධාරතන හිමි LIVE ඇවිත් ඉරාජ්ට තිත්ත කුණුහරුපෙන් බනියි  | Gossip Lanka Story | Rajangane Sadda Rathana Himi
පොලීසිය තක්බීරවී බලා සිටින වයඹ ආණ්ඩුකාරයාගේ හොර ලී ජාවාරම (වීඩියෝ) | Wasantha Karannagoda
K. සුජීවා බීමතින් කුණුහර්ප වැපිරෑ කතාවේ සුල මුල එළියට - අපි ඒ ගල්වලින් පුංචි ගෙයක් හැදුවා - කේ. සුජීවා | K Sujeewa's Latest gossip lanka story
නාමල් රාජපක්ෂට දේශපාලන අනාගතයක් නෑ - ‘ගෝටා ගෝ හෝම්’ ටැග් එක යෝෂිත රාජපක්‍ෂගේ - දිලිත් ජයවීර | Dilith Jayaweera
House Of Fashions සේවකයෝ පාරිභෝගිකයෙකුට බිමදමා පහර දෙති [VIDEO]

Advertisement

Oct 20


මම බ්ලූ ෆිල්ම් එකක් වගේ කළා නම් තමයි
ලංකාවේ මිනිස්සු දඟලන්න ඕනෑ
ඔය ගොසිප්වල යන තරම් දෙයක් 
කොරියා ගිහින් වුණේ නැහැ

- පියුමි හංසමාලි


කොරියා ගිහින් පියුමිට මොකද්ද මේ වුණා කියන්නේ?

ඔය ගොසිප්වල යන තරම් දෙයක් වුණේ නැහැ. නමුත් හිතාමතාම දහ දෙනෙක් විතර එකතුවෙලා මට පහරදීමක් කළා කියලා එයාලම වීඩියෝ කරලා එයාලම ඒ වීඩියෝ සමාජ මාධ්‍යවලට අප්ලෝඩ් කරලා තියෙනවා. මට බනින වීඩියෝ වුණත් ප්ලෑන් කරලා වීඩියෝ කරලා තියෙන්නේ. ඒ සිද්ධ වුණ දේ ගැන මට හරි දුකයි.

පියුමිට විරෝධයක් එල්ල වුණේ බැනුම්වලින් විතරද?

ප්‍රසංගයේ සංවිධායකවරයා මට කිව්වා ප්‍රසංගයට ඇවිත් ඉන්න අයට හායි කියන්න කියලා. ස්ටේජ් එකට අඩි දහයක් විතර අෑතින් යකඩ වැටක් තිබුණා. මම ස්ටේජ් එකට නැඟලා විනාඩියක් වගේ යන්න කලින් ඒ ඔක්කොම කට්ටිය වැට කඩාගෙන ඉස්සරහට ආවා. මට හිතාගන්න බැරිවුණා මෙච්චර ප්‍රේක්ෂක පිරිසක් මට ඉන්නවද කියලා. ඒ අතරේ ප්‍රසංගයේ ආරක්ෂාවට හිටපු අයත් ස්ටේජ් එකට ආවා. ආරක්ෂාවට හිටපු අය ප්‍රේක්ෂකයෝ ඉස්සරහට එන එක වළක්වද්දී ප්‍රේක්ෂකයෝ ඒ අයටයි බෝතල්වලින් ගැහුවේ. ඒ ගහපු බෝතලයක් තමයි මගේ ඔළුවට උඩින් ගියේ. ඒ ගහපු එක බෝතලයක්වත් මට වැදුණේ නෑ.

හැබැයි ගොසිප් පළවෙන්නේ පියුමිට කෙසෙල් ගෙඩිවලින් පහර දුන්නා කියලනේ?

අනේ නැහැ. ඒක තනිකර බොරුවක්. එක කෙසෙල් ගෙඩියක්වත් ගැහුවෙ නැහැ. ඒ ප්‍රසංගයට ගිය කලාකරුවෝ ඉන්නවා. බෑන්ඩ් එකේ අය ඉන්නවා. ඒ ඕන කෙනකුගෙන් අහන්න පුළුවන්. කිසිම කෙනෙක් කෙසෙල් ගෙඩිවලින් ප්‍රහාර එල්ල කළේ නැහැ.

පියුමිව බලන්න කට්ටිය පොරකෑවා නම් පියුමිට විරෝධය පළ කරන්න ඕන වුණේ කාටද?

මම කොරියාවට යනවට විරුද්ධව කිහිප දෙනෙක් හිටියා. ඒ අය තමයි පියුමි අපිට එපා කියලා කිය කියා ඒක වීඩියෝ කරලා ගොසිප් සයිට්වලට දාලා තියෙන්නේ.

පියුමි කොරියා යනවට විරුද්ධ පිරිසක් ඉන්නවා කියලා කලින් දැනගෙන හිටියද?

මට සංවිධායකවරයා දුරකතන ඇමතුමක් දීලා කිව්වා ලංකාවේ සමහර නිළියෝ ඇහුවලු ඇයි පියුමි හංසමාලි ගෙන්නන්නේ කියලා. පියුමි හංසමාලි සිංදු කියන්න දන්නෙත් නෑ. නටන්නෙත් නෑ කියලා. ඒ නිසා ප්‍රශ්න ඇතිවෙයිද දන්නෑ කියලා සංවිධායකවරයා කිව්වා. මගේ ජොබ් එක සිංදු කියන එකවත් නටන එකවත් නෙවෙයි. මම මොඩ්ල් කෙනෙක්. එහේ කට්ටිය මාව බලන්න ආසයි කියපු නිසා තමයි මම ඒ ප්‍රසංගයට ගියේ. මම සිංදු කියන්නවත් නටන්නවත් නෙවෙයි ස්ටේජ් නැග්ගේ.

ප්‍රශ්නයක් ඇතිවෙයි කියලා කිව්වා නම් පියුමිට කොරියා ප්‍රසංගයට නොයා ඉන්න තිබ්බනේ?

සංවිධායකවරයා එහෙම කිව්වම මම කිව්වා ප්‍රසංගයට එන්න බෑ කියලා. එතකොට මට ප්‍රසංගය වෙනුවෙන් ඇඩ්වාන්ස් දීලාත් ඉවරයි. මම ඇඩ්වාන්ස් එක ආපහු දෙන්නම් කිව්වම ඔවුන් මට කිව්වා 'එහෙම කරන්න එපා එන්න කියලා. ඊට පස්සේ තමයි මම ප්‍රසංගයට එන්නම් කිව්වේ. කොරියාවේ සිඟිති පාතාලය ඉන්නවා. ඒ අය තමයි ඔය වීඩියෝ අරගෙන දැම්මේ.

පියුමි කොරියා ප්‍රසංගයට සහභාගි වෙනවට ක්ෂේත්‍රයේ අයද විරුද්ධ වෙලා තියෙන්නේ?

සමහර විට එහෙම ක්ෂේත්‍රයේ කිහිප දෙනෙක් එකතු වෙලා කරපු දෙයක් වෙන්න පුළුවන්. මම ඒ ටුවර් එක යනවා කියලා දැන ගත්තම සමහර රංගන ශිල්පිනියන් කතා කරලා මගෙන් ඇහුවා ඔයා යනවා නේද අපිත් ගිය සැරේ ගියා කියලා. ඒ කතා කරපු අයත් මගෙන් ඇහුවා මට සිංදු කියන්න පුළුවන්ද කියලා. මාව බලන්න ඉන්න ප්‍රේක්ෂක පිරිසට මාව පෙන්නන්න තමයි මාව ලොකු ගාණක් දීලා ගෙන්න ගත්තේ. ඒක අපේ ගොඩක් අයට දරා ගෙන ඉන්න බැහැ.

ඇයි ඒ?

සමහරු මුළු ප්‍රසංගයටම ගන්න ගාණ තමයි මම ස්ටේජ් නැඟලා විනාඩි පහකින් ගත්තේ. මට ඒකට කරන්න දෙයක් නැහැ.

පියුමි ප්‍රසංගයෙදි සිංදු කිව්වා නේද?

මම සිංදු කිව්වේ නැහැ. අවන්ති කලින් දවසේ රෑ ඉඳන් සිංදුව පුහුණු වුණා. එයා කියද්දි මමත් 'මාව අල්ල ගන්න හදන වීරයා' කියලා සිංදුව කියාගෙන හිටියා. අවන්ති ප්‍රසංගයෙදී ඒ කොටස කියන්න මට මයික් එක දුන්නා. මට කර කියාගන්න දෙයක් නැති නිසා මම ඒ කොටස කිව්වේ.

පළමුවැනි ප්‍රසංගයේදී ඒ වගේ ප්‍රශ්නයක් මතුවෙලත් පියුමි ඊළඟ ප්‍රසංගයකත් ස්ටේජ් නැග්ගා නේද?

පුළුවන්නම් ආයේ ස්ටේජ් නඟින්න කියලා සමහරු මට කිව්වා. මම තුන්වැනි වතාවටත් ස්ටේජ් නැග්ගා. තුන්වැනි ෂෝ එක සංවිධානය කළේ මහේෂ් කියලා කෙනෙක්. එයාලා ගානට වග බලා ගත්තා මට කරදරයක් නොවෙන්න. ප්‍රේක්ෂකයන්ට මාව බලන්න ඕන කිව්ව නිසා තමයි එක විනාඩියකට හරි ස්ටේජ් නැග්ගේ. ඒ විනාඩියටත් මම මගේ ගාණ ගත්තා.

මේ වෙච්ච දේ ගැන සංවිධායකවරුන්ගෙන් මොන වගේ ප්‍රතිචාරයක්ද ලැබුණේ?

කියන්න ලැජ්ජයි. රණ්ඩුව ඇතිවුණු ෂෝ එක දවසේ සංවිධායක මණ්ඩලයේ ප්‍රභාෂ් කියන පුද්ගලයා මට සොරි කිව්වෙවත් නැහැ. පියුමි හංසමාලිට ආයේ කොරියා එන්න බෑ කියලා වොයිස් කට් එකක් දීලා තියෙන කොල්ලා සම්බන්ධයෙන් නම් අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා ඉදිරියේදී.

සමහර නිළියෝ ගොසිප් වෙබ් අඩවිවලට තමන්ගේ ගොසිප් දීලා ජනප්‍රිය වෙන්න බලනවා. පියුමිත් ඒ වගේ කෙනෙක්ද?

මම ගොසිප් දෙනවා නම් ඕන කෙනකුට පුළුවන් ඒක ඔප්පු කරන්න. මම අද වෙනකල් කිසිම ගොසිප් පේජ් එකකට කියලා ගොසිප් එකක් දාගෙන නැහැ. සමහරු නම් ඒ වගේ දේවල් කරනවා. මට ඒ වගේ දේවල් කරන්න ඕනෙ නැහැ. මම මොන දෙයක් කළත් ඒක ගොසිප්. නිදාගෙන නැඟිිටිද්දිත් ඒක ගොසිප් එකේ ගිහින්.

මේ සිදුවුණ සිද්ධියත් එක්ක ක්ෂේත්‍රයේ සමහර අයත් පියුමිට මඩ ගහලා තිබුණා?

ඔව්. රජිත හිරාන්ගේ වීඩියෝ එක දැක්කම මට ලැජ්ජ හිතුණා. ලංකාවේ නිළියක් ගැන පිරිමියෙක් එහෙම කතා කරපු විදිය ලැජ්ජා සහගතයි. මට ගැහුවා කියලා ඒකට කොරියාවල කොල්ලන්ට සුබ පතනවා කියලා ඔහු කියලා තිබ්බා. ඇත්තටම මොකක්ද එතකොට ඔහුගේ තත්ත්වය.

හැබැයි රජිත ඒ පළ කරපු වීඩියෝවෙන් කිව්ව දේ නිවැරැදි කරලා තිබුණා නේද?

රජිත හිරාන් කියන විකට නළුවා විකටයෙක් කියලා මේ වීඩියෝවෙන් දැන ගත්තා. පළමුවැනි වීඩියෝවේ ඔහු කියනවා පියුමි හංසමාලි රටට මොනවද කළේ කියලා. මම ජාත්‍යන්තරයට ගිහින් රට වෙනුවෙන් ඕඥඵබ ථධඤඥත ධට බඩඥ ඹධපතඤ කිරුළ 2016දී ලංකාවට ගෙනාවා. පින්පොන් කළේ ගොන් ජෝක් දදා හිනාවෙවී හිටපු එක විතරයි. ඔහුට ඉරාජ් එක්ක තරහක් තියෙනවා නම් ඒක ඉරාජ් එක්ක විසඳගන්න ඕනෑ. සෙල්ෆි වීඩියෝවක් අරගෙන පොර වෙන්න ගිහින් එයා බලු වෙලා ඉන්නේ. පස්සේ එයා සමාව ඉල්ලලා වීඩියෝවක් දාලා තිබුණා. තුන්වැනි වීඩියෝවේ එයා කියනවා ඔහු එහෙම කිව්වේ මමයි ඉරාජුයි ඔහුට එහෙම කියන්න කියපු නිසාලු.

ඉරාජ් සහ පියුමි, රජිතට එහෙම නිවැරැදි කිරීමක් කරන්න බල කළේ නැද්ද?

ඒ වීඩියෝව අයින් කර ගන්න කියලා මම කිසිම මොහොතක ඔහුට කිව්වේ නැහැ. මම ඔහුට කතා කරලා ඇහුවේ ඇයි මෙහෙම දෙයක් කළේ? මාත් එක්ක තියෙන තරහා මොකක්ද කියලා විතරයි. ඔහු තමයි කිව්වේ එයාට අවුල ඉරාජ් එක්ක. ඔයාට අවුලක් නම් වීඩියෝව අයින් කර ගන්නම් කියලා. ඔහු කිව්ව දේවල් මගේ දුරකතනයේ රෙකෝඩ් වෙලා තියෙනවා. රජිතගේ සිංහ නාද බලු කෙඳිරි. මම නම් පින්පොන් ගැන කතා කරන්නවත් කැමැති නැහැ.

ඉරාජ්ගේ මියුසික් වීඩියෝවේ රඟපාපු නිසා මේ විරෝධය මතු වුණා කියලනේ බොහෝ අය කියන්නේ. ඒ වගේ මියුසික් වීඩියෝවට සම්බන්ධ වීම ගැන පියුමි කනගාටු වෙන්නේ නැද්ද?

ඒක ගැන දැන් කනගාටු වෙලා කිසිම තේරුමක් නැහැ. ඒක මම කරලා ඉවරයි. ලංකාවේ මිනිස්සු තේරුම් ගන්නවා මේක එක රඟපෑමක් විතරයි කියලා.

ලංකාවේ ප්‍රවීණ ගායකයෙක්ට මඩ ගහන්න කරපු වීඩියෝවක් නිසා නේද ඒ වීඩියෝවට විරෝධය මතු වෙන්නේ?

ඒ විරෝධය මතු වෙන්න ඕන මට නෙවෙයි. ඒ විරෝධය මතුවෙන්න ඕනෑ ඉරාජ් වීරරත්නට. මම රංගන ශිල්පිනියක් විදිහට එයට රංගනයෙන් දායක වුණා පමණයි.

සල්ලි හම්බ වෙනවා නම් රංගන ශිල්පිනියක් විදිහට පියුමි ඕනම නිර්මාණයකට සම්බන්ධ වෙනවද?

සල්ලි හම්බවෙන නිසා මම හැම නිර්මාණයකටම සම්බන්ධ වෙන්නේ නැහැ. මට ගොඩක් මීට කලින් වැඩ ආවා. ඉල්ලන මුදල දෙන්න කැමැති වුණා. ලිප් කිස් තියෙන දේවල් මම භාර ගත්තේ නැහැ. මම බ්ලූ ෆිල්ම් එකක් වගේ කළා නම් තමයි ලංකාවේ මිනිස්සු දඟලන්න ඕනෑ. ලංකාවේ බොහෝ නිළියන් ඉන්නවා ඒ වගේ චිත්‍රපට කරපු. මියුසික් වීඩියෝවේ මගේ පිට පේන එකටද මිනිස්සු ඔච්චර දඟලන්නේ. මම,කරන්න පුළුවන්, මම කැමැති නිර්මාණ භාර ගන්නවා.

නිර්මාණ කටයුතු පැත්තෙන් මොනවද සිද්ධ වෙන්නේ?

උදයකාන්ත වර්ණසූරිය මහත්මයාගේ වස්සානයේ සඳ චිත්‍රපටය එළි දැක්වෙන නිසා ලබන සතියේ මම ඕස්ට්‍රේලියා යනවා. මට එන ගොන් ෆිල්ම්ස් මම භාර ගන්නේ නැහැ. මම වැදගත් අධ්‍යක්ෂවරයෙක්ගේ චිත්‍රපටයක්, ටෙලි නාට්‍යයක් ආවොත් විතරයි භාර ගන්නේ. මට ජනප්‍රිය වෙන්න නිර්මාණ අවශ්‍ය නැහැ. මගේ මුදල ගෙවලා ගන්න නිර්මාණවලට මම සම්බන්ධ වෙනවා. මට හැම චිත්‍රපටයකම ඉන්න අවශ්‍යත් නැහැ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

Comments (3)

Loading... Logging you in...
  • Logged in as
Ane attama thamai kiyalatiyenne.. pav piumi baba.. Blur film rangapanda one na.. eya tanikatrama blue film ekak..
Pala patt ....si yanna. Salli denawanam ara palleha thiyena thun hulas kella wikunanna tharam path wechcha umba kohomada geniyek wenne. Patta ...s.i
blue film ekak karamuda api denna ekathuwela

Post a new comment

Comments by

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics


රජයෙන් දුන්න මහින්දගේ නිවස අළුත්වැඩියා කරන්නට ගෘහ නිර්මාන ශිල්පියා ලෙස යෝශිතගේ මිතුරෙකුට භාරදීලා
රනිල් නළුවෙක් කෙරූ මියුසික් වීඩියෝව අද රෑ එළියට
ආණ්ඩුව පෙරලා දමා නාමල් රාජපක්ෂ ජනාධිපති කරන්නට අරගලයක් | Sanjeeva Edirimanna
සජිත් තනිවෙයි - සමගි ජන බලවේගයේ 20 කට වැඩි පිරිසක් අප්‍රේල්වවලආණ්ඩුවට
ගෝඨාභය ආණ්ඩුව සමයේ සුදුළූණු වංචාවේ ප්‍රධාන සැකකාරියට ඇමති බන්දුලගෙන් රුපියල් ලක්ෂ තුන හමාරක රැකියාවක්.. | Bandula Gunawardane
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්රතිව්යුහගතකරණයට අපි කැමතියි - මාලිමා මහ ලේකම්ගේ පුත‍්‍රයා චතුරංග අබේසිංහ
මූළු රටේම අනාගතය තීරණය කරන්නෙ පාර්ලිමේන්තුවට ගිය තනි මනත්‍රී - ඉන්දන මිළත් අපි ඉදිරියේදී අඩු කරනවා - හිටපු අමාත්‍ය අකිල | Akila Viraj Kariyawasam
IMF විධායක කමිටුවේ අනුමැතිය හිමි වෙයි - ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක ණය පැකේජයක් - ජනපති අද ජාතිය අමතයි
විමල් වීරවංශ අත්අඩංගුවට? | wimal weerawansa
ඇමති බන්දුලෙග් පුත්‍රයාට සිංදු කියන්න දුන්නැතැයි දවසට ලක්ෂ 50ක ආදායම ලැබෙන දුම්රියක් තහනම් කරලා..

Gallery


මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස්ගේ ගේදැල්ලට ආ පුංචි දූ පැටික්කි  | Nehara Peiris & Menaka Rajapaksha
ලොවක් ආදරය කරන ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේනගේ ආදරණීය දියණියගේ උපන්දිනය සැමරූ අයුරු | Kumar Dharmasena
රූකාන්ත ගුණතිලකගේ පොඩි කෙල්ල ගුණතිලක සහ සනුකගේ විවාහ මංගල උත්සවය | Gossip Lanka story about Popular singer Windy Goonathilake & Sanuka Wickramasinghe's wedding [Photos]
කලින් තනිකඩ ජිවිතයට වඩා විවාහ ජීවිතය හොදයි මාධවී ඇන්තනි කියන අමුතු කතාව | Gossip Lanka Story of Madhavee Wathsala Anthony
කොළඹ උපාධි ප‍්‍රදානෝත්සවයේදී කුලපති ආනන්ද හිමිට විරෝධය පෑ තරුණියගේ කැරැට්ටුව හෙලිවෙයි [ඡායාරූප ] | GOSSIP LANKA LATEST STORY
ලංකාවටම එකයි - කෝටිගානක් වටිනා රෝස පාට රේන්ජ් රෝවර් එකක් පදින ලංකාවේ නිරූපිකාව ත්‍රිකලා ධරණී [PHOTOS] | Latest Gossip Lanka story about Thrikala Dharani
ජනප්‍රිය නළු අකිල දනුද්දරගේ සුරූපී බිරිඳ එමීගේ උපන්දිනය සමරපු හැටි [ඡායාරූප] | Gossip Lanka Story of Akila Dhanuddara wife's Birthday calibration
ලොකු පොඩි අපි හැමෝම ආදරේ කරපු පුංචි-පැංචි දැන් පැංචියන් දෙදෙනෙකුගේ මවක් - ප්‍රමුදි කරුණාරත්න ලස්සන ජීවිතේ ගැන මෙන්න | Gossip story of Pramudi Karunarathne [PHOTOS]
කාලයක් ගොසිප් මැවූ උපේක්ෂා ස්වර්ණමාලි පුංචි දියණියත් සමග ගෙවන සුන්දර ජීවිතේ [PHOTOS] | Gossip Lanka Story about Upeksha Swarnamali
අවුරුදු අටක් ආදරෙකරල විවාහවුනු කුසල් මෙන්ඩිස්ගේ විවාහයේ නොදුටු දසුන් [PHOTOS] | Gossip wedding Photo Story about Kusal Mendis
omposite End -->

Facebook