Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

නිතර දකින්න හිටියට ජනප්‍රිය නිළිය වෙන්න බෑ
දෙවැනි ඉනිමේ දෙවිමිගෙන්  ටොක්කක්

ඇය නමින් නයනතාරා වුණත් ප්‍රේක්ෂකයන් ඇයව හඳුනන්නේ ‘දෙව්මි’ නමින්. ඒ ජනප්‍රියත්වය කෙතරම්ද කියතොත් රයිගම් ටෙලි සම්මාන රාත්‍රියේ ජනප්‍රියම නිළිය වූ ඇය මෑතකදී පැවැත්වූ සුමති ටෙලි සම්මාන රාත්‍රියේදිත් ජනප්‍රියතම නිළිය ලෙස කිරුළු පලඳිනවා. වසරේ ජනප්‍රිය නිළියගේ සම්මානයක සතුට වචන බවට ලියැවුණේ මෙහෙමයි..


දෙවැනි වතාවටත් ජනප්‍රියම නිළිය වෙන්න පුළුවන් වුණා නේද? මොකද හිතෙන්නේ?

ආදරණීය ප්‍රේක්ෂකයන්ගේ ආදරය විඳින්න තවත් අවස්ථාවක් ලැබුණා කියලයි මට නම් හැඟෙන්නේ. ඔවුන්ගේ ඒ ආදරය තමයි අද මාව ජනප්‍රිය නිළිය හැටියට හැමෝම ඉදිරියට අරන් ඇවිත් තියෙන්නේ. ගොඩක් සතුටුයි ඒ ආදරණීය ප්‍රතිචාර නොඅඩුව ලැබිමට තරම් මම සුදුස්සකු වීම ගැන.


ජනප්‍රිය නිළිය කියන දේ ඔබ කොහොමද දකින්නේ?

ජනප්‍රිය නිළිය කියන තැන රැකෙන්නේ ප්‍රේක්ෂක ආදරය සහ කැමැත්ත මත. ඔවුන්ගේ ආදරයේ සහ කැමැත්තේ එකතුවක ප්‍රතිඵලයක් හැටියට ජනප්‍රිය නිළිය සම්මානය පෙන්වා දෙන්න පුළුවන්. විශේෂයෙන්ම මං දකින දේ නිතරම දකින්න හිටියා කියලා ඒ වටිනාකම ගොඩනගා ගන්න අමාරුයි. අපි කරන එක චරිතෙත් හොඳට ප්‍රමාණවත් ප්‍රේක්ෂක හදවතේ අපි වෙනුවෙන් ඉඩක් වෙන්කරගන්න.


රයිගම් ටෙලි සම්මාන රාත්‍රියට වඩා මෙවර ලොකු තරගයක් තිබුණා කියලා හිතෙන් නැද්ද?

මට නම් තරගයක් කියලා හැඟීමක් දැනුණෙ නෑ. නමුත් රසික රසිකාවියන් තුළ උදේ‍යා්ගයක් තිබුණා කියලා නම් මට දැනුණා. එහි ප්‍රතිඵලය දෙවැනි වරටත් මාව ජනප්‍රිය නිළිය බවට පත්කළා.


ජනප්‍රියම නිළිය වෙන්න එස්.එම්.එස්. සඳහා ඔබට කීයක් වියදම් වුණාද?

වියදම් කරගෙන ජනප්‍රිය වෙන්න තරම් අවශ්‍යතාවක් ඇත්තටම මට නෑ. ඒක නිරායාසයෙන්ම ප්‍රේක්ෂක හදවතින් ලැබෙන දෙයක්. කෙසේ නමුත් ජනප්‍රිය වෙන්න වියදම් කරන්න තරම් හැකියාවකුත් මට නෑ.


ජනප්‍රියත්වයට බලපාන්නේ රූපයද? හැකියාවද?

දක්ෂතාව නම් අනිවාර්ය සාධකයක් වෙනවා ප්‍රේක්ෂක හදවත්වලට සමීප වීමේදී. ප්‍රසිද්ධ වෙන්නත් ඕනම කෙනෙක්ට පුළුවන්. රූපය හරහා වුණත් ප්‍රසිද්ධිය ළඟාකරගන්න පුළුවන්. නමුත් ජනප්‍රියත්වය ඉන් එහා ගිය දෙයක්. මොකද අපේ හැකියාවට මිනිසුන්ගේ ආදරය එකතුවෙලා ගොඩනැගෙන වටිනාකම හැටියටයි මම ජනප්‍රියත්වය දකින්නේ.


ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ?

ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් අඩුවක් නැතුව ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ලැබෙන හැම ප්‍රතිචාරයකම තියෙන්නේ ඔවුන්ගේ ආදරය. ඒ ආදරය මට හොඳට දැනෙනවා. මොකද මං ජීවත් වෙන්නේ ඔවුන්ගේ ආදරය සහ ආශිර්වාදය එක්ක නිසා. මට ඔවුන්ව දැනෙනවා.


හොඳම නිළිය වෙන්න අදහසක් නැද්ද?

ජනප්‍රිය කිරුළ වගේම හොඳම නිළිය කිරුළත් මගේ බලා‍පොරොත්තුවක්. ඒ වෙනුවෙන් ලැබෙන අවස්ථා තෝරලා බේරලා මගේ හැකියාව ඒ සඳහා යොදවන්නයි මං උත්සාහ ගන්නේ. මේ වෙනකොටත් අලුත් නිර්මාණයක වැඩ කරගෙන යනවා. සම්මාන බලා‍පොරොත්තුවෙන්ම රඟපාන නිළියක් නම් ‍නෙවෙයි මම. නමුත් ඇගැයීමක් ලැබිය යුතුයි නම් අනිවාර්යයෙන්ම ඒ දේත් ලැබෙයි.


දෙවැනි ඉනිම හරහා සමාජයට වැරදි ආදර්ශයක් දෙනවා කියලා කියනවා. ඔබේ අදහස මොකක්ද ඒ ගැන?

ඕනම කෙනෙක්ට හොඳ හෝ නරක ප්‍රතිචාර දැක්වීමේ ස්වාධීන අයිතියක් සහ නිදහසක් තියෙනවා. ඒක වැරදි කියන්නේ නෑ මං, නමුත් මේ අපේ රටේ අපේ කලාකරුවන්ගේ නිර්මාණයක්. මුලින්ම අපි ඒ දේයි අගය කළ යුත්තේ. දෙව්මිලා, සමන්තලා, අනුහස්, අවන්ත, උදේනි, රවී වගේ චරිත අපි අතර ජීවත් වන සජීවී චරිත හැමෝගෙන්ම හිතින් ‍පොඩ්ඩක් අහලා බැලුවොත් උසස් පෙළ කා‍ලේ ජීවිතේ සුන්දරත්වය කිසිම කෙනෙක් මේ තුළ වරදක් නොදකීවි. මගේ දැක්ම නම් සජීවී, සංවේදී චරිත රඟන ස්වභාවික නිර්මාණයක් තමයි දෙවැනි ඉනිම කියන්නේ.


සමහර අධ්‍යක්ෂවරු කියනවා සම්මානයක් දෙකක් ගත්තාම නළු නිළියෝ හරි ආඩම්බරයි කියලා. ඔබටත් ඒ කතාව අදාළයිද?

මේ වනතුරු නම් කිසිම කෙනෙක්ගෙන් ඒ විදිහේ ප්‍රතිචාර නම් ලැබිලා නැහැ. ඇත්තට මං ආඩම්බර චරිතයක් ‍නෙවෙයි. සම්මානයක්ම ලැබුණයි කියලා අනවශ්‍ය විදිහට ආඩම්බර වෙන්න අවශ්‍ය නෑ.


සිනමාවට ආරාධනා ලැබුණේ නැද්ද?

චිත්‍රපට තුනකට රංගනයේ යෙදෙන්න මට අවස්ථාව ලැබුණා. බොහෝ දුරට ඒ නිර්මාණවල වැඩ මේ වෙනකොට අවසන්. සම්භාව්‍ය ගණයේ සහ වාණිජමය නිර්මාණ හැටියට ඒ චිත්‍රපට හරහා සිනමාව තුළිනුත් මාව දකින්න පුළුවන් වේවි.


මතෛක් පැමිණි ගමන් මගේ කාටද ස්තුති කරන්න තියෙන්නේ?

මේ වෙනතෙක් මම රංගනයේ යෙදුණු හැම නිර්මාණයකම සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම දෙවැනි ඉනිම අපේ කණ්ඩායම වගේම ටී.වී. දෙරණ මේ ගමනට ලොකු හයියක් වුණා. ඔවුන්ටත් ආදරණීය ප්‍රේක්ෂක පිරිසටත් මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා.


ඉදිරි වැඩකටයුතු මොනවාද?

නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා. ඒ අතරින් චන්න පෙරේරාගේ අධ්‍යක්ෂණයක් වන ‘භාවාත්මා’ කියන ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. ප්‍රේක්ෂක හදවත්වලට සමීප විය හැකි තවත් චරිතයක් කියල මට එහි චරිතය දැනෙනවා. ලැබෙන අවස්ථා තුළින් හොඳ චරිත තෝරාගෙන ප්‍රේක්ෂකයන් අතරට ඒමයි මගේ බලා‍පොරොත්තුව.

නදුනි ආරියවංශ

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook