Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

හිටු කියලා බැණ බැණ
මාෙන මඟුලටද බලන්නෙ - ඉරාජ්

ඉරාජ්... සිංගප්පූරුවේ සිටින අතරේදී යූ ටියුබ් හරහා එළිදැක්වූ “දැනුණා ආන්දෝලනාත්මක වීඩියෝවක් වුණා නේද?


ඔව්... ඒ ගැන විවිධ අය විවිධ අදහස් කියනවා. මම නිර්මාණයක් කරනවා. ඒකට බණියි. හොඳ කියයි. ආයෙත් මම තවත් නිර්මාණයක් දානවා. ඉතින්... ඕක ඔහොම තමයි මගේ ජීවිතේ.

මේක ප්‍රවීණ කලාකරු වික්ටර් රත්නායක අළලා නිර්මාණය වීම ගැන මොකද ඉරාජ් කියන්නේ... ඇත්ත කියන්න... මේක ඔහුගේ ජීවිත කතාව අළලා ඔබ නිර්මාණය කරපු දෙයක්...?

නෑ... නෑ... මේ නිර්මාණය ඇත්තටම මම කළේ එහෙම හිතලා නෙමේ. ඔය ප්‍රශ්නය ගැන ගොඩාක් කතාකරනවා අඩුයිනේ. මේ මියුසික් වීඩියෝ එකේ තියන ඇතුළාන්තය දැක්කේ නෑ. ඒත්... මම මේක මිනිස්සු බලන්න, ආකර්ෂණය කරන්න දාපු පොඩි පොඩි ඇම තියෙනවානේ. මිනිස්සු ඒවා දැක්කා මිසක් මේකේ ඇතුළාන්තය ගැන කතා කළේ නෑ. නමුත් මේකේ ඇතුළේ ලොකු පණිවිඩයක් තියෙනවා. පසුගිය දවස්වල අපේ රටේ හිටපු කලාකරුවෙක්ට මේ වගේ සිදුවීමක් නිසා ගොඩාක් බැන්නා. ඉතින් මම ඒ රටේ ඒ දවස්වල තිබ්බ ඒ කතාවක් අළලා තමයි මේ නිර්මාණය කළේ. ඒ කලාකරුවාව සමාජ වෙබ් ජාලාවලින් සමහර අවස්ථාවලදී විහිළුවට ලක් කළා. මම ඒකත් ආදර්ශයට අරගෙන තමයි මේ වීඩියෝව කළේ. හැබැයි ඒ චරිතය පාක්එකේ ගිහින් මෙහෙම හමුවුණා කියලා කියන්න බැහැනේ. ඒ නිසා ඔය වගේ ගොඩාක් කතාවල එකතුවක් ඔතන තියෙන්නේ.

කුහකකම්, ඊර්ෂ්‍යාකම් කරන්න එපා.මම කීයක් හරි හාෙයාගත්තම අැයි ප්‍රශ්නයක්ද?
පසුගිය කාලේදී ඇතිවුණු සිදුවීම්වලදී පසුබිමෙන් වාදනය වුණු ඇතැම් සංගීත හඬ පවා ඉරාජ් මේ මියුසික් වීඩියෝව හරහා ප්‍රචාරය කළා...?
දරුවෝ බලාගන්නේ නැත්නම් වයසක කෙනෙක්ව කවුරුත් බලාගන්නෙ නැත්නම් එහෙම දෙයක් කළාට කිසි ප්‍රශ්නයක් නැහැ කියලයි මම කියලා තියෙන්නේ. හැබැයි මේ වීඩියෝ එකේ මිනිස්සු දැක්කේ ඒ ඇම විතරයි. කතා කරන්න පටන් ගත්තේ වෙන දේවල්. හැබැයි ඉතින් මේ වීඩියෝ එකෙන් පස්සේ මට තේරෙනවා ගොඩාක් අය මේකේ ඇතුළාන්තය බලන්න කියලා FB හරහා කියනවා. මෙහෙමයි මේ මියුසික් වීඩියෝ එකේ මම බොහෝම උපක්‍රමශීලීව මිනිසුන් අතරට යන්න, මිනිස්සු බලලා බැණලා හරි කතා කරන නිර්මාණයක් කළා. මේකේදී මට අවශ්‍ය පණිවිඩය මම දැම්මා මිනිස්සු බැලුවා. සමහර අය බැන්නා, සමහර අය හොඳ කිව්වා. ඉතින්... හැමදාම කොල්ලෙක් බෙල්ල වැළදාගෙන, අඬාගෙන හැරෙන සින්දු හදනවාට වඩා මට ඕනවුණා මීට වඩා දෙයක් කරන්න. අනික මේක පෞද්ගලිකව කාවවත් ටාගට් කරලා ඔහුගේ චරිත ඝාතනයක්නම් කිසිසේත්ම කරලා නෑ. බලන කේන්ද්‍රය වෙනස් කරලා බලන්න. එතකොට තේරෙයි.

ඉරාජ් අම්මාට, තාත්තාට, දරුවෙක්ට එකට ඉඳගෙන බලන්න බැරි නිර්මාණයක්නේ මේ? ඇයි මේ වගේ නිර්මාණ කරන්නේ?
ජනමාධ්‍ය, යූ ටියුබ් මාධ්‍යයයි කියන්නේ දෙකක්. ජනමාධ්‍ය හරහා රූපවාහිනියට මගේ මියුසික් වීඩියෝවක් ගියාම මේ යූ ටියුබ් හරහා ගියපු නිර්මාණ රූපවාහිනියේ පෙන්නන්නේ නෑ. ටී.වී. එකේ, මියුසික් වීඩියෝවක් යනකොට ගුවන්විදුලියේ සින්දුවක් ඇහෙද්දී ඒක හැමෝටම දැකගන්න, අහන්න ලැබෙනවා. නමුත් මගේ යූ ටියුබ් චැනල් එකේ වීඩියෝවක් දානවා කියද්දී ඒකට ලොකු මහන්සියක් ගන්න ඕනේ. ඒකට තව සර්ච් කරලා සින්දුව හොයලා බලනවා කියන්නේ ලොකු වැඩක්. මේක හොයාගෙන යන දෙයක්. මේක මම හැම ගෙදරකටම ගිහින් බලන්න කියලා බලෙන් පෙන්නපු දෙයක් නෙමේ. මම මියුසික් වීඩියෝ එකක් කරලා මගේ චැනල් එකට දැම්මම ඒක මිනිස්සු හොයාගෙන ඇවිත් බලනවා. මිලියන ගණන් හොයාගෙන ඇවිත් බලනවා. ඉතින් ඒකට මට කරන්න දෙයක් නැහැ. මම වීඩියෝ එකක් කරද්දී යූ ටියුබ් එකේ තියෙනවා නීති මාලාවක්. ඒ නීති මාලාව Follow කරලා මම මියුසික් වීඩියෝ එකක් කරනවා. ඉතින් මම මිනිස්සුන්ට කියන්නේ කැමති නැත්නම් බලන්න එපා කියලයි.


වික්ටර්ට එයාව හම්බවුණේ පාක් එකකට ගිහින් නෙවෙයිනේ
ඒත්... ඉරාජ් ඒකට තුරුම්පුව විදිහට පාවිච්චි කළේ මේ රටේ ඉන්න ප්‍රවීණ කලාකරුවෙක්...?

එහෙම කියන්න බෑ. මේක එක්කෙනෙක්ගේ ජීවිත කතාවක් කියලා කියන්න බෑ. මේකට කලාකරුවෙක්ට වෙච්චි සිදුවීමකුත් මම අරන් තියෙනවා. හැබැයි අන්තිම රිසාල්ට් එක තමයි ඒ කලාකරුවාට දැන් කළින් බැණපු මිනිස්සු දැන් හොඳ කියනවා. ඒ නිසා මම එක අතකින් කරලා තියෙන්නේ හොඳ දෙයක්.

ඉරාජ් කියන්නේ කලාකරුවෙක්වත්, සංගීතවේදීයෙකුවත් නෙමේ. ඉරාජ් කියන්නේ ව්‍යාපාරිකයෙක් විතරයි කියලා චෝදනා කළොත්?
මමත් දැක්කා එහෙම සමහරු කියනවා. කුහකකම්, ඊර්ෂ්‍යාකම් කරන්න එපා. පාඩුවේ ලංකාවේ කෙනෙක් සල්ලි කීයක් හරි හම්බ කරද්දී ඒක ප්‍රශ්නයක් නෙමෙයිනේ. ඒක ප්‍රශ්නයක් කරගන්න නරකයිනේ.


සින්දුව හැදුවේ වික්ටර් රත්නායකට කියලා ඔළුවට දා ගත්තට මට කරන්න දෙයක් නෑ....
අසූචි ටිකක් හරි පැකට් කරලා විකුණන සමාජයක ඉරාජ් කියන්නෙත් ඒ ජාතියෙම කෙනෙක් කියලා ඔබට චෝදනා එල්ල වෙනවා. සල්ලි හම්බ කිරීම විතරක්මද ඉරාජ්ගේ ටාගට් එක...?

මෙහෙමයි... ඒක ඉතින් මිනිස්සු දැක්ක විදිහනේ සමහර මිනිස්සු මේකේ හොඳ දකින්න පුළුවන්. සමහර අය නරක අහන්න පුළුවන්. ඉතින් මම මේ ගීතය විතරක් නෙමේ තව ගොඩාක් ගීත කරලා තියෙනවා. මම බෞද්ධ ගීත පවා කළා. ඉතින් මිනිස්සු වැඩිපුර බලන්නේ බණින්නමනේ.

වයසට ගිහින් තරුණියක් කසාද බැඳපු එකම කෙනා වික්ටර් රත්නායකයන් විතරක් නෙමෙයිනේ. වයසට ගිහින් තරුණ ගෑනු ළමයි කසාද බැඳලා හෝ නොබැඳ තියාගෙන ඉන්න ඔය වයසේ වැඩිහිටියන් ඕනතරම් කලා ලෝකයේදීත් රටේත් ඉන්නවා. ඇයි මේ එක චරිතයක් අළලා ඔබ මෙවැනි නිර්මාණයක් කළේ. හිතට එකඟ නොවුණු තැනක් ඇත්තටම තිබුණේ නැද්ද...?
මේක වික්ටර් රත්නායකයන්ගේ කියලා කොහොමත් කියන්න බැහැනේ. වික්ටර් රත්නායකගේ කියලා මිනිස්සු ඔළුවට දාගත්තාට මට කරන්න දෙයක් නෑ. මේ වගේ සිදුවීම් තව ඕනෑතරම් තියෙනවා. මට ඕන වුණේ මිනිස්සුන්ගේ මෙහෙම ආදරය කරනඑක ප්‍රශ්නයක් නැහැ කියලා කියන්නයි. ඒ පැත්තෙන් මම ලොකුවට සාර්ථකයි. මේක නිසා එහෙම කසාද බඳින එක කමක් නැහැ කියලයි මිනිස්සු පිළිගන්නේ.

ඔබ හිතනවාද ඔබ කළේ හොඳ නිර්මාණයක් කියලා?
ඔව්... මම අනිවාර්යයෙන්ම පිළිගන්නවා මම කළේ හොඳ නිර්මාණයක් කියලා. ඕක වපර ඇසෙන් බැලුවොත් තමයි නරක දේවල් පෙන්නේ. මමත් උපක්‍රමශීලීව යම් යම් දේවල් මේ මියුසික් වීඩියෝවේ දැම්මා. ඒ නිසයි අද වෙද්දී ලක්ෂ විසිපහකට ආසන්න ප්‍රමාණයක් මේ නිර්මාණය බැලුවේ.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook