Adsense Banner

Latest Gossip News


දේශබන්දු බැලන්ස් කරන්න ක්‍රිකට් සභාපති ෂම්මි මාසිකව තටු පුදලා - පාර්ලිමේන්තුවේදී හෙලි වෙයි. | Sri Lanka Cricket

දේශබන්දු බැලන්ස් කරන්න ක්‍රිකට් සභාපති ෂම්මි මාසිකව තටු පුදලා - පාර්ලිමේන්තුවේදී හෙලි වෙයි. | Sri Lanka Cricket
පියුමි හංසමාලිගේ සල්ලි මැෂිමේ රහස එළියට | Sri Lanka Latest Gossip News Story About Piumi Hansamali.
පුංචි කාර් සිහිනය සුනේ සුන් - වාහන මිළ තවත් ඉහලට | Car Sale Gossip.LK
දඹදිව ගිය නඩයකට කොරෝනා හා සමාන රෝගී තත්වයක් - 14 ක් රෝහ​ලේ - කොටසක් එහේත් නැවතිලා - Gossip.LK
දේශබන්දු ටිරාන්ගේ ගෙදර? | Deshabandu Tennakoon - Gossip.lk
මගේ Ex මහත්තයා ප්‍රගීත් හොරා - මගේ අත්සන හොරාට ගහලා – පියුමි හංසමාලි කියයි | GOSSIP. LK
අද මැදින් පුරපසලොස්වක පොහොය දිනයයි - මැදින් පොහොය දිනයේ වැදගත්කම | Importance of the Medin Full Moon Poya Day
177 බස් රථයේදී විශ්ව විද්‍යාලයේ සිසුවියක් ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කරමින් අතවර සිදු කළ සල්ලාලයාට වෙච්ච වැඩේ | GOSSIP .LK
රජයෙන් දුන්න මහින්දගේ නිවස අළුත්වැඩියා කරන්නට ගෘහ නිර්මාන ශිල්පියා ලෙස යෝශිතගේ මිතුරෙකුට භාරදීලා
වෛද්‍යවරියව දූෂණය කළ සැකකරු අල්ලයි - සැකකරු ගැන සියල්ල හෙළිවෙයි – චීවරධාරියෙක් ලෙසත් ඉදලා | GOSSIP . LK

Video Gossip


හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට අංක දෙකක හැදුනුම්පත් දෙකක් සහ ගුවන් ගමන් බලපත‍‍‍්‍ර දෙකක් - CIDයට පැමිණිලි   [VIDEO]
පන්සලට කාන්තාවන් හතක් පැන භික්‍ෂුවක් දුෂණය කරයි
තමන්ව අත් හැර ගිය අයට පන්න පන්නා ක්‍රෝධ කරන්න හොඳ නෑ - උමාලි එය නොකියා කිවුවේ පෙර සැමියා සාරංගටද? | Umali Thilakarathna
ආදරවන්තයන්ගේ දිනයේ ශනුද්‍රි ප්‍රියසාද්ගේ වීඩියෝවක් එළියට  | Shanudri Priyasad
මම කවදාවත් හිතන් නෑ ආදරයක් එකකින් ඉවරයි කියලා - අතුල අධිකාරි අලුත්ම ආදරය ගැන කියපු කතාව  | Gossip Lanka Latest story about Athula Adikari
රාජාංගනයේ සද්ධාරතන හිමි LIVE ඇවිත් ඉරාජ්ට තිත්ත කුණුහරුපෙන් බනියි  | Gossip Lanka Story | Rajangane Sadda Rathana Himi
පොලීසිය තක්බීරවී බලා සිටින වයඹ ආණ්ඩුකාරයාගේ හොර ලී ජාවාරම (වීඩියෝ) | Wasantha Karannagoda
K. සුජීවා බීමතින් කුණුහර්ප වැපිරෑ කතාවේ සුල මුල එළියට - අපි ඒ ගල්වලින් පුංචි ගෙයක් හැදුවා - කේ. සුජීවා | K Sujeewa's Latest gossip lanka story
නාමල් රාජපක්ෂට දේශපාලන අනාගතයක් නෑ - ‘ගෝටා ගෝ හෝම්’ ටැග් එක යෝෂිත රාජපක්‍ෂගේ - දිලිත් ජයවීර | Dilith Jayaweera
House Of Fashions සේවකයෝ පාරිභෝගිකයෙකුට බිමදමා පහර දෙති [VIDEO]

Advertisement

Oct 15

දෙන්නා දෙපැත්තට ඇද්දා 
මගේ කොල්ලා මරාගත්තා

හැඬු කඳුලින් දසුන්ගේ මව කියන කතාව

කොළඹ සිට අප ගමන්ගත් වෑන් රථය නුවර මාර්ගයේ තිහාරිය පසු කරමින් මීටර් කිහිපයක්‌ ඉදිරියට ගමන් කළේය. ඉන් පසු දකුණු දෙසට විහිදුණු අතුරු මාර්ගයකට වෑන් රථය හැරෙව්වේය. එම මාර්ගයේ කිලෝමීටරයක්‌ පමණ ගමන් ගත් අපි එක්‌තරා නිවසක්‌ ඉදිරිපිට වෑන් රථය නතර කළෙමු.

අඩකටත් වඩා අඩුවෙන් වැඩ අවසන් කර තිබූ එම දෙමහල් නිවසේ ගෙමිදුල තුළ තරුණයන් කිහිපදෙනෙක්‌ යම්කිසි කාර්යක නිරත වෙමින් සිටියහ. ඒ සමඟම සුදුවතින් සැරසී සිටි කාන්තාවක්‌ අප පිළිගැනීමට ඉදිරියට පැමිණියාය. සුහදශීලී සිනහවකින් අපව පිළිගැනීමට තැත් කළත් ඇයට එසේ කර ගැනීමට නොහැකි වූවාය. එක්‌වරම මා දැත් බදාගත් ඇය නොනවත්වාම අඬන්නට පටන් ගත්තාය.

පිරිපුන් ශරීරයකට හිමිකම් කියූ ඇය දින කිහිපයක්‌ ඇතුළත වැහැරී ගොසින්ය. නිතරම මුහුණෙහි රැඳුණු සිනහව අතුරුදහන්ව ගොස්‌ය. කලක්‌ සතුටින් ජීවත් වුණු ඇය දැන් ගත කරන්නේ දුකින් පිරුණු ජීවිතයකි. යළි කෙදිනක ඇය සතුටින් ජීවත් වේවි දැයි අපිට කිව නොහැකිය. ඒ මන්ද යත් ඇය සිටින්නේ ඒ තරම්ම ලොකු සිත් වේදනාවකින් නිසාය. නමින් ඇය ශ්‍යාමා හේරත්ය. එහෙත් රටම ඇයව දැන ගත්තේ සියදිවි නසාගත් ජනප්‍රිය රංගන ශිල්පි දසුන් නිශාන් ද සිල්වාගේ මෑණියන් ලෙසින්ය.

දැන් එම මවට මියගිය තම පුතණුවන් ගැන දහසකුත් දේ පැවසීමට ඇත. ඒ දසුන්ගේ මරණයෙන් පසු ඇතිවූ විවිධ ගැටලුකාරී තත්ත්වයන් නිසාය. සමහර මාධ්‍ය ඔස්‌සේ තම මියගිය පුතා ගැන අසත්‍ය තොරතුරු පවා පවසන බවට ද ඇය චෝදනා කරයි. ලේ කිරි කර පොවා ලොකු මහත් කළ දසුන් ගැන තමාට වඩා දන්නා කිසිවකු මේ ලෝකයේ නැති බව ඇය ඉතා සංවේගයෙන් යුතුව පැවසුවාය.

මගේ පුතා මෙහෙම මැරෙන්න ඕන කෙනෙක්‌ නොවෙයි. එහෙත් එයාව මරා ගත්තා. ඒ ශලනි තාරකා සහ පුතාගේ බිරිඳ සංදීපනි. ඒ දෙන්නා තමයි මගේ රත්‍රන් පුතාගේ මරණයට වග කියන්න ඕනෑ. මම මේක කියන්නේ වගකීමකින් යුතුවයි. එලෙස චෝදනා එල්ල කරමින් ඇය දිවි නසාගත් තම පුතා වන ජනප්‍රිය රංගන ශිල්පි දසුන් නිශාන් ද සිල්වා සහ තම පවුලට එල්ල වී ඇති බොරු චෝදනා ගැන පැවසුවේ මෙලෙසින්ය.

"මගේ නම ශ්‍යාමා හේරත්. මගේ උපන් ගම නුවර. මම දැනට දශක තුනකට පමණ ඉහතදී විවාහ වුණා. මගේ මහත්තයා සිවිල් ඉංජිනේරුවෙක්‌. ඒක නිසා අපිට හොඳට සල්ලි තිබුණා. විවාහයෙන් වසරකට පමණ පසු දසුන් පුතා උපදිනවා. ඒ දකුණු කොළඹ ශික්‍ෂණ රෝහලේදී. ඉන් පසු අපි නුවර අස්‌ගිරිය ප්‍රදේශයේ පදිංචියට යනවා."

"වසර ගණනක්‌ මහත්තයයි මමයි දසුන් පුතයි අස්‌ගිරිය ප්‍රදේශයේ ජීවත් වුණා. ඒ කාලේ උපරිම විදිහට එයාට සැලකුවා. කිසිම දෙයකින් අඩුවක්‌ කළේ නැහැ. මොන්ටිසෝරි පවා ගියේ ජාත්‍යන්තර පාසලක. පසුව දසුන්ව අස්‌ගිරියේ වාරියපොළ ශ්‍රී සුමංගල විදුහලට ඇතුළත් කළා. නමය වසර දක්‌වා ඔහු එහි අධ්‍යාපනය හැදැරුවා."

"මගේ මහත්තයා වේවැල්දෙණිය ප්‍රදේශයේ නිවසක්‌ හදනවා. එම නිසා අපිට අස්‌ගිරියෙන් එන්න සිද්ධ වෙනවා. එතකොට මට දෙවැනි පුතා හම්බ වෙන්නත් ඉන්නවා. ඒත් දසුන් පුතා වේවැල්දෙණියේ ඉඳන් නුවර සුමංගල විදුහලට යනවා. වාර දෙකක්‌ පමණ ඔහු එලෙස පාසල් ගියා. පස්‌සේ තේරුණා ගමන් මහන්සිය නිසා පුතා ගොඩක්‌ දුක්‌ විඳිනවා කියලා. ඒක නිසා මම එයාව එම පාසලෙන් අස්‌කරගෙන මිහිරිගම කනිෂ්ඨ විදුහලට ඇතුළත් කළා."

"ඒක මිශ්‍ර පාසලක්‌. එහෙදි තමයි මගේ පුතා සංදීපනි සමඟ යාළුවෙන්නේ. පළමුව සංදීපනී බැහැ කියනවා. පස්‌සේ පුතා කොහොම හරි ඇයව යාළු කරගෙන තියෙනවා. ඊට පස්‌සේ අපිට ඒ සම්බන්ධතාව ගැන ආරංචි වෙනවා. මුලින්ම අපි විරුද්ධ වෙනවා. මම පුතාට කිව්වේ ඉගෙනගෙන ඉවර වෙලා ඕවා කරගන්න කියලා. ඒ අවස්‌ථාවේදී පුතා ඒක ඇහුවද නැද්ද කියන්න මම දන්නේ නැහැ."

"මොනව කළත් පුතා ඉගෙන ගන්න හරි දක්‍ෂයි. අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් මිහිරිගම පාසල් තුනකින් හොඳම ප්‍රතිඵල ලබාගෙන තිබුණේ දසුන් පුතා. ඒ නිසා එයාට ගම්පහ බණ්‌ඩාරනායක විදුහලට යන්න පුළුවන් වුණා. එම විදුහලේ ජීව විද්‍යා අංශයෙන් ඔහු උසස්‌ පෙළ හැදැරුවා. එතකොටත් සංදීපනි සමඟ සම්බන්ධතාවය තිබිලා තියෙනවා."




"ඔය අතර දෙවැනි පුතා හම්බවෙලා අවුරුදු දෙකකට විතර පස්‌සේ මගේ ස්‌වාමි පුරුෂයා විදේශ රැකියාවක්‌ කිරීම සඳහා කැනඩාව බලා පිටත් වුණා. එහෙම ගිහිල්ලා කාලයක්‌ ගතවෙනකොට එයා එහෙදි වෙන විවාහයක්‌ කර ගත්තා. මට ඒ වෙලාවේ ලොකු දුකක්‌ මගේ සිතට ආවා. ඒත් කාටවත් මම ඒක පෙන්නුවේ නැහැ. මගේ සැමියා එයාට කැමති දෙයක්‌නේ කරගෙන තියෙන්නේ කියලා හිත හදා ගත්තා."

"හැබැයි මම එකක්‌ ස්‌ථිරවම හිතා ගත්තා. ඒ කොහොම හරි මගේ දරුවො දෙන්නට හොඳින් උගන්නලා සමාජයේ හොඳ තැනකට රැගෙන එනවා කියලා. මහත්තයා මාව අතහැරියත් ආර්ථික අතින් මට ප්‍රශ්න තිබුණේ නැහැ. මම ඉතිරි කරගත් සල්ලිත් ගොඩක්‌ තිබුණා. කාර් එකකුත් මට තිබුණා. සමහරදාට දසුන් පුතාව මම ඒකෙන් පාසලටත් ගිහින් දානවා."

"කාලයක්‌ ඔහොම ගතවෙලා ගියා. ආදායම් මාර්ගයක්‌ නොමැති නිසා අතේ තිබුණ සල්ලි අඩුවෙන්න පටන් ගත්තා. ඒත් ජීවත් වෙන්න උවමනා ප්‍රමාණයට මට සල්ලි තිබුණා. ඔය කාලය අතරතුර දසුන් පුතාට වෙළෙඳ දැන්වීමකට පෙනී සිටින්න අවස්‌ථාව ලැබුණා. එතකොට එයා උසස්‌ පෙළ කරනවා. ඉන් පස්‌සේ යාළුවකුගේ මාර්ගයෙන් එයා නිරූපණ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වුණා. ඒ සමඟම දසුන් පුතාත් සල්ලි හම්බ කරන්න පටන් ගත්තා."

"උසස්‌ පෙළ විභාගයෙන් පසුව දසුන් දීර්ඝකාලීනව නිරූපණ ක්‍ෂේත්‍රයට යොමු වුණා. ඒ සමඟම තොරතුරු තාක්‍ෂණය පිළිබඳ බාහිර උපාධියක්‌ හැදැරුවා. කොළඹ සරසවියේ"

"ඔය කාලය අතරතුර දිනක්‌ සංදීපනී සමඟ තිබුණ ආදර සම්බන්ධතාවය ගැන පුතා මට පැවසුවා. මුලින්ම මම ඒ සම්බන්ධතාවට විරුද්ධ වුණා. මොකද සංදීපනිලාගේ පවුල අපිට ගැලපුණේ නැහැ. මම ඒ පවුලට අපහාස කරනවා නොවේ. ඇත්තටම ඒගොල්ලන්ට අපිට තරම් ආර්ථික මට්‌ටමකුත් තිබුණේ නැහැ. දිගින් දිගටම පුතා මේ ගැන මගෙන් අහනවා. අවසානයේ එයාගේ කැමැත්තට ඉඩ දීලා මම මේ සම්බන්ධතාවට කැමති වුණා." එතැනින් පසුව තමයි සංදීපනිලාගේ පවුලේ අයව මම හඳුනා ගත්තේ."

"එක්‌තරා දිනක රාත්‍රි අටට පමණ මගේ මෝටර් රථය අනතුරකට ලක්‌වෙනවා. එම නිසා මාස හතරක්‌ පමණ රෝහල්ගත වී ප්‍රතිකාර ලබාගන්න මට සිදුවෙනවා. ඒ සමඟම ආර්ථික ගැටලු කිහිපයක්‌ පැනනගිනවා. ඒක නිසා මම තීරණය කළා වේවැල්දෙණියේ තියෙන මගේ නිවස විකුණා දමන්න. ඒ අනුව මම ඒක විකුණලා කුලී නිවසක පදිංචියට එනවා."

"එම කාලය වෙනකොට දසුන් පුතාට මම සල්ලි වියදම් කළේ නැහැ. එයා උපයා ගත් මුදල්වලින් එයාගේ අවශ්‍යතා ඉටුකර ගත්තා. එතකොට දසුන් කොළඹ බෝඩ්වෙලා හිටියේ. එයාගේ කටයුතු කරගෙන යැමේ පහසුව සඳහා."

"වේවැල්දෙණිය නිවස විකුණූ සල්ලි වලින් රුපියල් ලක්‍ෂ දහයක මුදලක්‌ මම දසුන් පුතාට දුන්නා. එයා ඒක ඒ මොහොතේම එයාගේ යාළුවෙක්‌ ඉන්නවා රෙජී කියලා, එයාට දීලා තිබුණා. එයා පුතාට මේ µSල්ඩ් එකට එන්න ගොඩක්‌ උදව් කළ කෙනෙක්‌.

රෙජී අහලා ඇයි මට මේ සල්ලි දෙන්නේ කියලා. එතකොට දසුන් පුතා කියලා අපේ ගේ විකුණලා අම්මා මට ඒක දුන්නා තියා ගන්න කියලා. උඹ මේක තියාගෙන ඕන දෙයක්‌ කරපන් මම යනවා කියලා." රෙජී ඒ සල්ලි ඔහුගේ තාත්තාට දී පවසා ඇත්තේ මේ දසුන් අයියාගේ සල්ලි වගයක්‌. පස්‌සේ එයාට දෙන්න පරිස්‌සමින් තියාගන්න කියාය."

"2014 වර්ෂයේ අප්‍රේල් මාසයේ පුතා සංදීපනිලාගේ ගෙදර යනවා පළවැනි වතාවට එයාගේ දෙමාපියන්ව මුණගැහෙන්න. ඒ සමඟම විවාහය ගැනත් කතා කරගන්නවා. ඔය අතර දසුන් පුතාට මම දුන්න ලක්‍ෂ දහයෙන් එහි ඉඩමක්‌ ගන්න තීරණය කරනවා. සංදීපනි සමඟ එකතු වී ඉඩමක්‌ ගන්න හොයනවා. අවසානයේ දසුන් පුතා දැනට අපි පදිංචිවෙලා ඉන්න මේ ඉඩම ගන්නවා. ඒ මම දීපු සල්ලිවලින්."



"නිවෙස්‌වලින් කැමැත්ත ලැබුණු පසු සංදීපනි මා සමඟත් ඉතා ළඟින් ආශ්‍රය කරන්න පටන් ගත්තා. ඇත්තටම මම එයාට සැලකුවේ මගේ දුවෙක්‌ විදිහට. මම එයාට හිත රිදෙන්න වචනයක්‌වත් කියලා නැහැ. ඔය අතරතුර දෙන්නගේ විවාහ ගිවිස ගැනීම සිදුවුණා 2015 වර්ෂයේදී. ඊට පස්‌සේ පුතා සංදීපනිලගේ ගෙදරත් නැවතිලා හිටියා."


"දසුන් පුතා අපි දැන් පදිංචිවෙලා ඉන්න මේ නිවසේ වැඩ කටයුතු පටන් ගත්තෙත් ඔය කාලේදීමයි. ඔහු පළමුව කුඩා කාමර දෙකක්‌ සහිතව දෙමහල් නිවසේ පිටුපස කොටස සාදා ගත්තා. එලෙස සාදාගත් නිවසට 2015 වර්ෂයේ දෙසැම්බර් 31 වැනිදා අපි පදිංචියට පැමිණියා."

"එහි පදිංචියට ආ පසු දසුන් පුතා නිතරම පැවසුවේ අම්මේ අම්මා මැරෙනකම්ම මෙහේ ඉන්න ඕන. ඉක්‌මනට මම මේ නිවසේ වැඩ ඉවර කරනවා කියාය. එලෙස වසර දෙකක්‌ පමණ ගතවී ගියා. පුතා ඒ අතර කලා ක්‍ෂේත්‍රයෙන් ඉදිරියට ගියා. විවේක ලද හැම මොහොතකම පැමිණ මගෙයි එයාගේ මල්ලිගෙයි දුක සැප හොයලා බැලුවා. මල්ලිට එයා නිතරම පැවසුවේ පිටරට ගිහින් ඉගෙන ගන්න. එයත් උදව් කරන්නම් කියායි."


"2017 වර්ෂයේ අගෝස්‌තු 2 වැනිදා පුතා ගෙදර ආවා. රාත්‍රි කෑම ගන්නා අතරතුර එයාට කෝල් එකක්‌ ආවා. මට තේරුණා ඒ කතා කළේ පිරිමි කෙනෙක්‌ නොවන බව. පසුව මම පුතාගෙන් ඒ ගැන ඇහුවා. ඒත් එයා වැඩි විස්‌තරයක්‌ මට කිව්වේ නැහැ. මට තේරුණා මොකක්‌ හරි අවුලක්‌ තියෙනවා කියලා. මගේ දසුන් පුතා වැඩිය කතා කරන කෙනෙක්‌ නොවෙයි. හැම දේකටම දෙන්නේ කෙටි උත්තර. ඒක නිසා ඒ සම්බන්ධයෙන් ලොකු දෙයක්‌ මට අහගන්නත් බැරි වුණා."

"සංදීපනිත් වෙනදා වගේ මට කතා කරන්නෙත් නැහැ. ඒ ගැනත් මට පොඩි සැකයක්‌ තිබුණා. දවසක්‌ සංදීපනි යන ගමනක්‌ ගැන අහද්දි එයා මට කීවා යන හැම තැනක්‌ම ඔයාට කියලා යන්න ඕනැද කියලා. ඒ එක්‌කම අගෝස්‌තු 10 මගේ යාළුවෙක්‌ කතා කරලා ඇහුවා ඔයාගේ දුව ඕස්‌ටේ්‍රලියාවේ ගියා නේද? කියලා. මම කිව්වා මට කියලා ගියේ නැහැ කියලා." පස්‌සේ මම පුතාගෙන් ඒ ගැන විමසුවා. පුතා කිව්වා ඔව් අම්මේ සංදීපනි රට ගියා කියලා. ඉතින් මම ඇහුවා පුතා ඇයි ගියේ නැත්තේ කියලා. අම්මා මට වැඩ තියනවා ඒක නිසා ගියේ නැහැ කීවා."

"හැබැයි වෙනදාට වඩා පුතා ගෙදර එන්න පටන් ගත්තා. ඒ එන හැම වෙලාවකම මම අහනවා දුව කතා කළා ද කියලා. පුතා කියනවා ඔව් කියලා. ඊට වඩා වැඩි දෙයක්‌ එයා කියන්නේ නැහැ. කොච්චර මම අහන්න උත්සහ කළත් එයා උත්තර දෙන්නේ නැහැ. හැබැයි මොකක්‌ හරි ප්‍රශ්නයක පුතා ඉන්න බව මට තේරුණා."

"පුතා ඉන්න ප්‍රශ්නය මොකක්‌ද කියලා අහන්න මම දුවට දුරකථන ඇමතුමක්‌ ගත්තා. එතකොට එයා කිව්වා දැන් එයා ගැන කතා කරලා වැඩක්‌ නැහැ මගෙන් මොකුත් අහන්න එපා. එයාගෙන්ම අහගන්න කියලා. මම ඒ වෙලාවේ කිව්වා පුතා මට මොකුත් කියන්නේ නැහැ ඔයා මට කියන්න මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒ වෙලාවේ සංදීපනි දුව කිව්වා මම දැන් පාසලේ වැඩක ඉන්නේ පස්‌සෙ ඔයාට ගන්නම් කියා."

"හවස සංදීපනි දුව මට දුරකථන ඇමතුමක්‌ ගත්තා. ඒ අරන් පැවසුවේ දසුන්, නිළියක්‌ සමඟ ප්‍රේම සම්බන්ධතාවක්‌ ජනවාරි මාසයේ සිට ඇතිකරගෙන තිබෙන බවත් එය තමාට හසුවුණේ ජුනි මාසයේදී බවත්ය. ඒ පිළිබඳ විමසීමේදී දසුන් වරද පිළිගත් බවත් දැන් ඔහු තමාව බලන්න එන්නේ නැති බවත් ඇය පවසා ඇත. මෙයට අමතරව සංදීපනි ඇයට වැඩිදුරටත් පවසා ඇත්තේ ශලනි අක්‌කා මට හැම දෙයක්‌ම පවසන බවයි." 

මෙයට අමතරව සංදීපනි ඇයට කතා කරන හැම මොහොතකම දසුන්ගේ ලස්‌සන මුහුණ නිසා තමයි මේ සේරම වුණේ. ඒක නිසා එයාගේ මූණ කුඩුපට්‌ටම් වෙන්න ඕනෑ, ඕකට යහතින් ජීවත් වෙන්න දෙන්න හොඳ නැහැ. ඉක්‌මනටම මැරෙන්න ඕනෑ කියා දෙස්‌ දෙවොල් කියා තිබේ. එවිට ඇය පවසා ඇත්තේ දෙස්‌ දොවොල් නොතියා ප්‍රශ්නයක්‌ තියෙනවනම් බේරාගන්න කියාය.

"මෙම සිද්ධිය පිළිබඳව ඇය දසුන්ගෙන් විමසා තිබේ. එවිට ඔහු ශලනි තාරකා සමඟ ප්‍රේම සම්බන්ධතාවක්‌ ඇති බවට පිළිගෙන තිබේ. වැඩිදුරටත් පවසා ඇත්තේ තමා බලාපොරොත්තු වූ ආදරය සංදීපනිගෙන් නොලැබුණු නිසා ශලනි සමඟ ආදර සම්බන්ධතාවක්‌ ඇතිකර ගත් බවයි. එවිට ඇය පවසා ඇත්තේ සංදීපනී දුවට අසාධාරණයක්‌ කරන්න එපා කියාය."

අවසන් වරට ඇය දසුන් සමඟ කතා කර ඇත්තේ සැප්තැම්බර් 24 වැනිදාය. ඒ ඔහු ගෙල වැලලාගෙන මියයැමට පෙර දිනයේය. ඒ අවස්‌ථාවේදී පවා දසුන් පවසා ඇත්තේ "මම හොඳින් ඉන්නවා. මල්ලිට හොඳින් උගන්වන්න. අම්මා මැරෙනකම්ම ඔතන පදිංචිවෙලා ඉන්න ඕනෑ" කියාය.

පසුදින සංදීපනි දසුන්ගේ මවට දුරකථන ඇමතුමක්‌ දී පවසා ඇත්තේ "අන්න අරූ මැරිලා" කියාය. 

දසුන්ගේ මරණය ඇය දැනගෙන ඇත්තේ ඒ ආකාරයෙනි. දසුන්ගේ මළ සිරුර රෝහලට ගෙන යන අවස්‌ථාවේදී ඔහුගේ මුදල් පසුම්බිය යහළුවකු දසුන්ගේ සොහොයුරාට දී තිබේ. එය දුටු සංදීපනි සොහොයුරාගෙන් මුදල් පසුම්බිය රැගෙන දසුන්ගේ බැංකු කාඩ් ටික රැගෙන තිබේ. එම මොහොතේ ඇයට වටින දේ වී ඇත්තේ දසුන්ගේ බැංකු කාඩ් පමණි. එලෙස පවසන්නේ දසුන්ගේ මවයි.

දසුන්ගේ මව වන ශ්‍යාමා හේරත් යළි සංදීපනි සහ ශලනි ගැන පැවසුවේ මෙවැනි දෙයකි. "මගේ පුතා සංදීපනිගෙන් වෙන් වෙන්න හේතුව මම පස්‌සෙ හොයලා බැලුවා. එතකොටයි දැනගන්න ලැබුණේ. පුතා බලාපොරොත්තු වූ ආදරය ඇයගෙන් ලැබිලා නැහැ. ශලනි සමඟ තිබුණ සම්බන්ධය ඇය දැනගත් පසුව ශලනි සමඟ හිතවත්කමක්‌ ගොඩනඟාගෙන මගේ පුතාට විවිධ බලපෑම් කරලා තියෙනවා. ඒ සමඟම ශලනි ද දසුන් සමඟ යන එන තැන් ආදී සියලු තොරතුරු දසුන්ට හොරෙන් සංදීපනිට පවසා තිබේ. මේ අයුරින් ශලනියි සංදීපනියි එකතුවී මගේ පුතාගේ ඔළුව නරක්‌වෙන විදිහටයි හැසිරිලා තියෙන්නේ. අවසානයේ ඒ දෙන්නගෙන් එන පීඩනය දරාගන්න බැරුව තමයි මගේ පුතා සියදිවි හානිකරගෙන තියෙන්නේ."

"මම කියන්නේ නැහැ මගේ පුතා මෙතැනදි නිවැරැදියි කියලා. එයාගෙත් වරදක්‌ තියෙනවා. හොයන ආදරය නොලැබුණා කියලා විවාහ වුණ බිරිඳව අතහැරලා වෙන කෙනෙක්‌ ළඟට යන්න නරකයි. නීතිමය වශයෙන් වෙන් වෙන්නත් පුතා සංදීපනිට යෝජනා කරලා තිබුණා. එහෙත් එයා ඒකට කැමති වෙලා නැහැ. අවසානයේ මේ දෙන්නටම ඕනවෙලා තිබුණේ මගේ පුතා එක්‌ක ජීවත් වෙන්න."

"සංදීපනි කියලා තිබුණා මම දසුන්ලාගේ පවුලට ගොඩක්‌ උදව් කළා කියලා. ඒක අමූලික බොරුවක්‌. ඒගොල්ලන්ට කාටවත් උදව් කරන්න පුළුවන් මට්‌ටමේ ආර්ථික තත්ත්වයක්‌ තිබුණේ නැහැ. ඒක මම වගකීමෙන් කියනවා. සංදීපනි අපිට මුදල් වලින් කිසිම උදව්වක්‌ කරලා නැහැ. ඒ වගේම ඇය දසුන් මගේ සල්ලිවලින් ගත්ත අපි දැන් පදිංචිවෙලා ඉන්න ඉඩමේ ඔප්පුවත් අරන් ගිහින් තියෙනවා. ඇය මට කිව්වා මගේ බාල පුතාගේ උසස්‌ පෙළ විභාගය අවසන් වූ ගමන් මේ නිවසින් අපිව පන්නලා දානවා කියලා. බලන්න ඇය කොතරම් පහත් විදිහටද අපිට සැලකුවේ කියලා. ඒ මදිවට දැන් ඇය ඉන්නෙත් ඕස්‌ටේ්‍රලියාවේ."

"මම සංදීපනි දුවගෙන් එක ඉල්ලීමක්‌ කරනවා. මගේ පුතා මිලදී ගත් අපි ජීවත්වෙලා ඉන්න මේ නිවසෙන් අපිව පන්නන්න හදන්න එපා. මගේ පුතා ජීවත්වෙලා ඉන්නකම් කීවේ "අම්මේ අම්මා මැරෙනකම් මෙතන ජීවත්වෙලා ඉන්න ඕන කියලා."

"ශලනි තාරකාටත් මට කියන්න දෙයක්‌ තියෙනවා. එයා කවි පන්තියක්‌ දාලා තියෙනවා හත් දවසක්‌ යන්නත් කලින් නැන්දම්මලා ලේලිලා එකතුවෙලා දේපළ බෙදාගන්න බැරිව රණ්‌ඩු වෙනවා කියලා. ඒක අමූලික බොරුවක්‌. මම නොවෙයි දේපළ ඉල්ලලා රණ්‌ඩු වෙන්නේ සංදීපනි. ඒක මතක තියාගන්න. මට මගේ ජීවිතේ වටිනාම වස්‌තුව අහිමි වුණා ඒගොල්ලන්ගේ සමහර වැඩ නිසා. ඒක නිසා මට මේ දේපළවලට රණ්‌ඩු වෙලා වැඩක්‌ නැහැ."

"ශලනි තාරකා කියන්නේ කවුද කියලා මුළු රටම දන්නවා. ඒක නිසා එයා කියලා තියෙන වැරදි ප්‍රකාශයට ප්‍රසිද්ධියේ එයා මගෙන් සමාව ගන්න ඕනෑ"

"මගේ පුතා මත් පෙති ගන්නවා දිනපතා මත් ද්‍රව්‍ය පාවිච්චි කරනවා, "බ්ලූ වේල්" ගේම් එක සෙල්ලම් කළා. කාන්තාවන් පසුපස ගියා කියා නොයෙක්‌ චෝදනා සමහර මාධ්‍ය ඔස්‌සේ එල්ල කර තිබුණා. මම වගකීමෙන් යුතුව කියනවා මගේ පුතා ඒ වගේ කෙනෙක්‌ නොවෙයි කියලා. සාදයකදී මත්පැන් ටිකක්‌ බිව්වට එයා ඉහත සඳහන් කළ ආකාරයේ පුද්ගලයෙක්‌ නොවේ. හරිම අහිංසක සංවේදී මිනිහෙක්‌."
අවසාන වශයෙන් ද ඇය පවසා සිටියේ තම පුතාගේ මරණයට ශලනි තාරකා සහ ඔහුගේ විවාහක බිරිඳ වන සංදීපනි ද වගකිව යුතු බවයි.

දිවයින ඇසුරෙනි

Comments (15)

Loading... Logging you in...
  • Logged in as
We can not blame to the lady partician. Most of they are like that.Sons / Male part also must be think deep and must patient & wise.If not today i also not alive.
කොච්චර වටිනා ජීවිතයක්ද මේ නැති කරගත්තේ. පීඩනය දරා ගන්න බැරුව වුනත්, ඔහු ගත්තේ මෝඩ තීරණයක් බව නොකියාම බැහැ. ඒත් දැන් කුමක් කරන්නද! දසුන් ඔබට නිවන් සුව.
සුමුදු's avatar

සුමුදු · 387 weeks ago

අපිට කාවවත් බලෙන් තියගන්න බරි බව wife/girl friend දෙන්නම තෙරුම් ගන්න ඔන. dasun සිරවටම love කරලා තියෙන්නෙ ශලිනිට. අම්මා පව්. wife පරාජය නිසා පලි ආරගෙන තියෙනවා. ශලිනිවත් ලස්සනට use කරලා තියෙනවා. කොහොම උනත් dasun සන්වෙදියි. මටත් මෙකම වෙලා තියෙනවා. මාව එපා කිව්ව මගෙ husband ට එයා ආදරය කරන කෙනා ගාවට මම යන්න දුන්නා. අද මම වෙන කෙනෙක්ගෙ බිරිදක්, එයා දරුවො දෙන්නෙක්ගෙ තත්තා කෙනෙක්. මම selfish උනනම් මෙකම සිද්ද වෙන්න තිබුනා. අපිට කගෙවත් ජිවිතයක් අයිති වෙන්නෙ කොහොමද?
Ane mehema genu yako munta hena gahanda epe. Kalakanni genu. Wife hodai kiyala hithuwe. Belinnam shalani wagemane ekith. Kalakanni wesiyo. Ownta hena gahanawa. Dasun uba kohe hitiyath Amma diha balapan paw Amma. Yako genu hinda merenda epa ena bawayewath . genu kiyanne bahutharayak maha saththu yako . saththu hoda ita wada. Uba me ratema aye hoda thenaka ipadiyan dasun. Dasun Mara gaththa hemoma kunuwela meriyan. Kalakanni .
Mee ammage weedanawa aththa, namuth mata peena wedihata Sandeepani and Shalani dennama weradi neeeeeeeeeeeeeeee
good
ජිවිතයේ එක් වරක් වැරදුනම හදාගන්න අමාරුයි හරි තිරනයක් ගන්නබෑ එ නිසා තවදුරටත් ව්‍යාකුල වෙනවා උඩරට හෙර්හ් පවුලක කෙනෙක් කරා සිල්වා කෙනෙක් මැරි කලාම මෙහෙම වෙන එක පුදුමයක් නේවේ ඔබගේ ඉදිරි ජිවිත කාලය සතුටින් ගතකරන්න සැලසුම් කරන්න එයට බාධාවන සියලුදෙම හදුනා ගන්න එවා ජිවිතයෙන් ඉවත්කරන්න උත්සාහ ගන්න මේ දෙවල් අතරේ ඔබ ගොඩාක්ම කැමති දෙවලුත් ඇති එවා සියල්ලම ඉවත් කරන්න ඉතිරිවන සුලුදේ සමග ඔබට සතුටින් ජිවත් විය හැක.
Oyath wagakiyanna ona daruwage maraneta.aya adare kale shalanita.oya akathuwenna dunne ne ayalata.ahen kasada geni randu wenawa.mehen amma kemathi wenne ne.amma gaththe sandeepanige peththa.me athare shalani ath wenawa.me ammai wife kiyana denna akathuwela dasunta pidane dunne.aka oyalGe hitha dannawane.shalani lagata yanna dunna nam aya ada ennawa sathutin.kalin sandeepani hodai.depala elluwama narakaida?ammata amathakada kasada bendama puthage dewal aithi genitA bawa.puduma ammala.
Me ganita pissu
Meya balahanko..
Pau kasada gani
Ammo.. Shalani wes—-
Salani hari wal
Saman De Alwis's avatar

Saman De Alwis · 386 weeks ago

මේ අම්මා දිව හැරුන හැරුන පැත්තටනේ කතා කරන්නේ. සෑම අවස්ථාවකම ගැහැනියක්ම තමා තවත් ගැහැනියකට වල කපන්නේ. ප්‍රසිද්ධ වෙන්න වෙන්න හෝ මුදල් වැඩියෙන් ගැවසෙනකොට බොහෝ විට පිරිමින්ට ඇතිවන ලෙඩක් තමයි තමන් ආදරය කල අය අමතක කර අයාලේ යන එක ගැහැනුන්ට වංචා කරමින්. ලේලියට පන දෙන්න කතා කරමින් ඇය හදාපු ගෙදරයි ඉන්නේ කියූ , අයිස්ක්‍රීම් පාසලක් අසලක විකුනමින් අසීරු දිවියක් ගතකලා කියූ නැන්දම්මා දැන්දැන් කියන මේ හතරබීරි කතාව මොකක්ද?
1 reply · active 386 weeks ago

Post a new comment

Comments by

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics


රජයෙන් දුන්න මහින්දගේ නිවස අළුත්වැඩියා කරන්නට ගෘහ නිර්මාන ශිල්පියා ලෙස යෝශිතගේ මිතුරෙකුට භාරදීලා
රනිල් නළුවෙක් කෙරූ මියුසික් වීඩියෝව අද රෑ එළියට
ආණ්ඩුව පෙරලා දමා නාමල් රාජපක්ෂ ජනාධිපති කරන්නට අරගලයක් | Sanjeeva Edirimanna
සජිත් තනිවෙයි - සමගි ජන බලවේගයේ 20 කට වැඩි පිරිසක් අප්‍රේල්වවලආණ්ඩුවට
ගෝඨාභය ආණ්ඩුව සමයේ සුදුළූණු වංචාවේ ප්‍රධාන සැකකාරියට ඇමති බන්දුලගෙන් රුපියල් ලක්ෂ තුන හමාරක රැකියාවක්.. | Bandula Gunawardane
ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්රතිව්යුහගතකරණයට අපි කැමතියි - මාලිමා මහ ලේකම්ගේ පුත‍්‍රයා චතුරංග අබේසිංහ
මූළු රටේම අනාගතය තීරණය කරන්නෙ පාර්ලිමේන්තුවට ගිය තනි මනත්‍රී - ඉන්දන මිළත් අපි ඉදිරියේදී අඩු කරනවා - හිටපු අමාත්‍ය අකිල | Akila Viraj Kariyawasam
IMF විධායක කමිටුවේ අනුමැතිය හිමි වෙයි - ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 2.9ක ණය පැකේජයක් - ජනපති අද ජාතිය අමතයි
විමල් වීරවංශ අත්අඩංගුවට? | wimal weerawansa
ඇමති බන්දුලෙග් පුත්‍රයාට සිංදු කියන්න දුන්නැතැයි දවසට ලක්ෂ 50ක ආදායම ලැබෙන දුම්රියක් තහනම් කරලා..

Gallery


මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස්ගේ ගේදැල්ලට ආ පුංචි දූ පැටික්කි  | Nehara Peiris & Menaka Rajapaksha
ලොවක් ආදරය කරන ක්‍රිකට් විනිසුරු කුමාර් ධර්මසේනගේ ආදරණීය දියණියගේ උපන්දිනය සැමරූ අයුරු | Kumar Dharmasena
රූකාන්ත ගුණතිලකගේ පොඩි කෙල්ල ගුණතිලක සහ සනුකගේ විවාහ මංගල උත්සවය | Gossip Lanka story about Popular singer Windy Goonathilake & Sanuka Wickramasinghe's wedding [Photos]
කලින් තනිකඩ ජිවිතයට වඩා විවාහ ජීවිතය හොදයි මාධවී ඇන්තනි කියන අමුතු කතාව | Gossip Lanka Story of Madhavee Wathsala Anthony
කොළඹ උපාධි ප‍්‍රදානෝත්සවයේදී කුලපති ආනන්ද හිමිට විරෝධය පෑ තරුණියගේ කැරැට්ටුව හෙලිවෙයි [ඡායාරූප ] | GOSSIP LANKA LATEST STORY
ලංකාවටම එකයි - කෝටිගානක් වටිනා රෝස පාට රේන්ජ් රෝවර් එකක් පදින ලංකාවේ නිරූපිකාව ත්‍රිකලා ධරණී [PHOTOS] | Latest Gossip Lanka story about Thrikala Dharani
ජනප්‍රිය නළු අකිල දනුද්දරගේ සුරූපී බිරිඳ එමීගේ උපන්දිනය සමරපු හැටි [ඡායාරූප] | Gossip Lanka Story of Akila Dhanuddara wife's Birthday calibration
ලොකු පොඩි අපි හැමෝම ආදරේ කරපු පුංචි-පැංචි දැන් පැංචියන් දෙදෙනෙකුගේ මවක් - ප්‍රමුදි කරුණාරත්න ලස්සන ජීවිතේ ගැන මෙන්න | Gossip story of Pramudi Karunarathne [PHOTOS]
කාලයක් ගොසිප් මැවූ උපේක්ෂා ස්වර්ණමාලි පුංචි දියණියත් සමග ගෙවන සුන්දර ජීවිතේ [PHOTOS] | Gossip Lanka Story about Upeksha Swarnamali
අවුරුදු අටක් ආදරෙකරල විවාහවුනු කුසල් මෙන්ඩිස්ගේ විවාහයේ නොදුටු දසුන් [PHOTOS] | Gossip wedding Photo Story about Kusal Mendis
omposite End -->

Facebook