Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

රඟපාන්න විතරක් නෙමෙයි
මට නටන්නත් පුළුවන්
– පුංචි සහේලි

සුජාතා ටෙලි නාට්‍යයේ චූටික්කි තවම හැමෝටම මතකයේ රැඳුණ චරිතයක්. දඟකාර, හුරතල් චූටික්කිට පණ දුන්නේ අද වෙනකොට ක්ෂේත්‍රයේ ජනප්‍රිය නමක් දිනාගෙන ඇති පුංචි සහේලි. තවම වයසින් මුහුකුරා නොගියත් පුංචි සහේලිගේ හැකියාව සහ දක්ෂතාව කෙතරම්ද කියතොත් සම්මානවලින් ඇගයීම් ලබන්න තරම් ඇය දක්ෂ වෙනවා. ඉතින් මෙවර රිවිසරසියේ ඉඩක් අපේ පුංචි සහේලි වෙනුවෙන් වෙන්වුණේ මෙහෙමයි.

සම්මානයක් ලැබුණා නේද? ඒ ගැන මොකද හිතෙන්නේ?
ගොඩක් සතුටු හිතෙනවා සම්මානයක් ලැබුණාට. ගෙදර මගේ පවු‍ලේ අයයි යාළුවෝ හැමෝමයි ගොඩක් හොඳයි කියලා මට සුබ පතනවා.

මුලින්ම කොහොමද රඟපාන්න එන්න ලැබෙන්නේ?
මුලින්ම මම රඟපෑවේ වෙළෙඳ දැන්වීම්වල. මගේ පුංචි ධනංජි තාරුකා. පුංචිත් මට ගොඩක් උදව් කරනවා රඟපාන්න.

මේ වෙනකොට ටෙලි නාට්‍ය චිත්‍රපට කීයක විතර රඟපාලා තියෙනවාද?
මම දෙක වසරේදියි මුලින්ම ටෙලි නාට්‍යයක රඟපෑවේ. ඒ සුජාතා නාට්‍යයේ චූටික්කිට. ඊට පස්සේ තාරා, බන්ධනය, දේදුනු ආකාසේ කියන නිර්මාණවල රඟපාන්න මට පුළුවන් වුණා.

ඒ රඟපාපු චරිතවලින් ගොඩක්ම කැමති මොන චරිතයටද?
මං ගොඩක්ම කැමති බන්ධනයේ සුමනාට.

රඟපාන්න ගියාම නැන්දලා මාමලා උදව් කරනවාද?
ඔව්. හැමෝම මට ගොඩක් උදව් කරනවා. එයාලා හැමෝම මට හරි ආදරෙයි. තාරා රඟපානකොට ආනන්ද අබේනායක මාමා මට නිදහසේ රඟපාන්න දුන්නා. ශලනි තාරුකා අක්කිත් ගොඩක් උදව් කළා. එයාලා හින්දයි මට සම්මාන ගන්නත් පුළුවන් වුණේ. මං ඒ හැමෝටම ගොඩක් ස්තුතියි කියනවා.

දැන් ඉස්කෝ‍ලේ කීයේ පන්තියේද ඉන්නේ?
මගේ ඉස්කෝ‍ලේ කොළඹ ශ්‍රී සංඝමිත්තා බාලිකා විද්‍යාලය. දැන් මං ඉන්නේ 4 වසරේ.

ඉස්කෝ‍ලේ වැඩත් එක්ක කොහොමද රඟපාන්නේ? වෙලාව තියෙනවාද?
අපේ මැඩම් තුෂාරි ද සිල්වා. මැඩම්ගෙනුත් අහලා අවසර අරගෙන සෙනසුරාදා ඉරිදා දවස්වලට තමයි රඟපාන්න යන්නේ. එතකොට ඉස්කෝ‍ලේ වැඩ පාඩු වෙන්නේ නෑනේ.

ඉස්කෝ‍ලේ යාළුවෝ මොනවද කියන්නේ?
එයාලා ඉතින් විස්තර අහනවා. ගොඩක් හොඳයි, සතුටුයි කියලා කියනවා.

රඟපාන්න විතරද ඉතින් දක්ෂ?
මට නටන්නත් පුළුවන්. සින්දු කියන්න නම් බෑ හැබැයි.

ගෙදර විස්තර මොනවාද? තව කවුද ඔයාට ඉන්නේ?
අම්මයි, තාත්තයි, මමයි, නංගියි ඉන්නේ. නංගිගේ නම සිතුලි.

ගෙදර අය කැමතිද ඔයා රඟපානවට?
පුංචිත් ඉන්න හින්දා කවුරුත් එපා කීවේ නෑ. හැබැයි කොටස් ගොඩක් තියෙන නාට්‍යවල නම් රඟපාන්න යන්නේ නෑ මම.

අනාගතේ කවුරු වෙන්නද හිතාගෙන ඉන්නේ?
මං දිගටම රඟපාන්න කැමතියි. හොඳට ඉගෙන ගෙන දක්ෂ කෙනෙක් විදිහට රඟපාන්න කැමතියි.

පුංචි සහේලිව අපිට ආයේ දකින්න පුළුවන් කොහොමද?
ප්‍රියන්ත කොළඹගේ මාමාගේ දේදුනු ආකාසේ චිත්‍රපටයේ මම රඟපානවා. තව නෙත් එෆ්.එම්. එකේ සත්‍යා කියන කතාවට හඬ කවන්නත් මට අවස්ථාව ලැබිලා තියෙනවා.

නඳුනි ආරියවංශ

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook