Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ලිට්රෝ ගෑස්‌ සභාපති රිමාන්ඩ්

විදෙස්‌ ගිණුම් හැක්‌ කර මුදල් ගත්
ලංකාවේ දෙවැනි අවස්ථාවයි

තායිවාන් බැංකු නිලධාරීහු සහ ගිණුම් හිමියෝ දිවයිනට
සැකකරුවන් ඇල්ලීම ගැන ශ්‍රී ලංකා රජයට පැසසුම්

තායිවාන් බැංකුවකට අයත් ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී රහස්‍ය දත්ත සූක්‍ෂ්ම ලෙස වෙනස්‌ කර ඇමරිකානු ඩොලර් මිලියන 2.3 ක ප්‍රමාණයක්‌ (රුපියල් කෝටි 32 ක්‌) වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ ලිට්‍රොa ගෑස්‌ සමාගමේ සභාපති එන්. එම්. ශලිල මුණසිංහ නමැත්තා අද (11 දා) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්‌ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඊයේ (10 දා) පස්‌වරුවේ නියෝග කළාය.


එම වංචාව සම්බන්ධයෙන් තම දෙපාර්තමේන්තුව විසින් පසුගිය 7 වැනිදා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ එම්. සී. නම්මුණි නමැති සැකකරු අද (11 දා) දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති බව පෙන්වා දෙමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්‌වීම සලකා බැලූ අතිරේක දිසා විනිසුරුවරිය එම නියෝගය කළාය.

එම සැකකරුවන් දෙදෙනා ඉන්දියානු ජාතිකයකුගේ සහායෙන් එම වංචාව සිදුකර ඇති බවත් කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක නවාතැන් ගෙන එකී වංචාවට සහය දැක්‌වූ චොකාලිසා නමැති ඉන්දියානු ජාතිකයා පසුගිය 8 වැනිදා ඩුබායි රටට ගුවන් මගින් පලාගොස්‌ ඇතැයි අනාවරණය වී ඇති බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පෙන්වා දුන්නේය.

පළමුවන සැකකාර නම්මුණි නමැත්තා පසුගිය 3 වැනිදා අලුයම ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකුවක කොළඹ පිහිටි මූලස්‌ථාන ශාඛාවෙන් මුදල් ලබාගත් අවස්‌ථාවට ද දෙවන සැකකාර ලිට්‍රොa ගෑස්‌ සමාගමේ සභාපතිවරයා එක්‌වී ඇති බව සී. සී. ටී. වී. දර්ශන පරීක්‍ෂා කිරීමේදී අනාවරණය වී ඇත. ඔවුන් දෙදෙනා සන්තකයේ තිබී එලෙස වංචා කළ මුදලින් රුපියල් ලක්‍ෂ 60 ක්‌ සොයාගැනීමට හැකි වූ බවත් සැකකාර ඉන්දියානු ජාතිකයාට රුපියල් ලක්‍ෂ 150 ක මුදලක්‌ ලබාදී ඇති බවත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

මෙලෙස විදේශීය බැංකුවලට අයත් බැංකු ගිණුම්වල දත්ත සූක්‍ෂ්ම ලෙස වෙනස්‌ කර මුදල් වංචා කිරීමක්‌ පිළිබඳව ශ්‍රී ලංකාවේදී තොරතුරු අනාවරණය වූ දෙවන අවස්‌ථාව මෙය වන්නේ යෑයි ද එහිදී අධිකරණයට පෙන්වා දුන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙවැනි වංචනික ක්‍රියා නිසා විදේශීය ජාතිකයන් හා විදේශීය රටවල් ශ්‍රී ලංකාවේ මුදල් ආයෝජනය කිරීමට මැලිකමක්‌ දැක්‌වීම මගින් රටේ ආර්ථිකයට බලවත් පහරක්‌ එල්ල විය හැකි බව ද පෙන්වා දුන්නේය. එබැවින් ඒ සම්බන්ධයෙන් පුළුල් ලෙස විමර්ශන සිදුකර එම වංචාවට සම්බන්ධ සෙසු සැකකරුවන් ද නීතියේ රැහැනට කොටුකර ගැනීමට ඉතා විධිමත්ව පරීක්‍ෂණ සිදුකරන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි පොලිස්‌ පරීක්‍ෂක මාරසිංහ මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

දෙවැනි සැකකරු සන්තකයේ තිබී එලෙස වංචනික ලෙස ලබාගත් මුදලින් රුපියල් ලක්‍ෂ 20 ක්‌ සොයාගෙන ඇති බව විමර්ශන නිලධාරීන් පෙන්වා දීමෙන් පසුව එම මුදලට හිමිකම් පාන්නේදැයි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගෙන් මහෙස්‌ත්‍රාත්වරිය විමසුවා. සැකකරු එම මුදලට හිමිකම් නොපාන බව විත්තියේ නීතිඥවරු අධිකරණයට පැවසූහ.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස්‌ පරීක්‍ෂක මාරසිංහ, පොලිස්‌ පරීක්‍ෂක අමරසිංහ යන මහත්වරු පැමිණිල්ල මෙහෙයවූහ. ජ්‍යෙෂ්ඨ නීතිඥ ජයන්ත ඩයස්‌ නානායක්‌කාර, නීතිඥ ඉන්දික ගිරාගම, නීතිඥ නිරෝෂන් සිරිවර්ධන යන මහත්වරු විත්තිය නියෝජනය කළහ.

තායිවාන් බැංකුවේ නිලධාරීන් කණ්‌ඩායමක්‌ සහ එලෙස මුදල් වංචා කළ ගිණුම් හිමිකරුවන් පිරිසක්‌ ඊයේ පස්‌වරුවේ ශ්‍රී ලංකාවට පැමිණි බව ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.


තායිවානයේ මුදල් වංචාවට සම්බන්ධ සැකකරුවන් ඇල්ලීම ගැන ශ්‍රී ලංකා රජයට පැසසුම්


තායිවානයේ පෞද්ගලික බැංකුවක ගිණුම්වලට අනවසරයෙන් ඇතුළු වී සිදුකළ මුදල් වංචාව පිළිබඳව අවශ්‍ය සැකකරුවන් අල්ලාගැනීමට ක්‍රියා කළ ශ්‍රී ලංකා පොලිසියට තායිවාන් පොලිසිය පැසසුම් කළ බව පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා "දිවයින"ට පැවැසීය.

මෙම වංචාව පිළිබඳව ශ්‍රී ලංකා පොලිසිය තවත් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා බවට විශ්වාස කළ හැකි යෑයි තායිවාන් පොලිසිය දැනුම් දීමක්‌ කළ බවද පොලිස්‌පතිවරයා සඳහන් කළේය.

මෙම මුදල් වංචාව ඩොලර් මිලියන 60 ක්‌ බවට විශ්වාස කළ නමුත් ඇතැම්විට මුදල් ප්‍රමාණය ඊටත් වඩා වැඩිවිය හැකි බව පොලිස්‌පතිවරයා පැවැසීය.

මෙම මුදල් වංචාවට තවත් සැකකරුවන් සිටිය හැකි නිසා ඒ පිළිබඳව පුළුල් පරීක්‌ෂණයක්‌ සිදුකරන බව පොලිස්‌පතිවරයා පැවැසීය.

මෙම වංචනිකයන් සමාජයේ මහා ධනවතුන් මෙන්ම සමාජ සේවකයන් ලෙස ජීවත් වී ඇති බව රහස්‌ පොලිසිය කියයි.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook