Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

මිෂෙල් හින්දා ෂනාලිට කැපිල්ලක්‌ ද?
අපි නොකියන දේවල් පත්තරවල ලියනවා


මිෂෙල් හින්දා ෂනාලිට කැපිල්ලක්‌ ද?
අපි නොකියන දේවල් පත්තරවල ලියනවා

ආලියා ෂනාලිගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස්‌ කළා නේද?
නෑ. එහෙම සම්පූර්ණයෙන් මගේ ජීවිතේ වෙනස්‌ කරන්න බෑනේ. ඒත් ටිකක්‌ විතර වෙනස්‌ කළා කිව්වොත් තමයි හරි.

ආලියා නිසා ගුවන් සේවිකාවක්‌ වීමේ සිහිනය අත් හැරියද?
ඒ සිහිනය මම කවදාවත් අතහරින්න සූදානමක්‌ නෑ. මොකද මම ඒ පිළිබඳව ඉගෙන ගෙන තියෙන නිසා. ඉදිරියේදී මම ඒ සයිඩ් එකේ ජොබ් එකක්‌ කරන්න බලාපොරොත්තු වෙනවා.


සල්සපුනා නිසා ආරාධනා එමටයි කියලත් ආරංචියි.

ඔය කතාවේ ඇත්තකුත් තියෙනවා. මොකද සල්සපුනා නාට්‍යයේ මගේ චරිතෙ දැකල තමයි මට ගොඩක්‌ වැඩවලට ආරාධනා ලැබුණේ. ඒත් එහෙම ලැබුණ ආරාධනා වැඩි හරියක්‌ ප්‍රතික්‍ෂේප කරන්න වුණෙත් සල්සපුනා නාට්‍යය නිසාමයි.

සල්සපුනාහි ආලියාගෙ තැන මිශෙල් උදුර ගත්තද?
එහෙම දෙයක්‌ වුණේ නෑ. ආලියාගෙ තැන තාමත් එහෙමම තියෙනවා. ප්‍රේක්‍ෂකයො ආලියාට ගොඩක්‌ ආදරය කරන නිසා ඒ තැන උදුරගන්න එක ලේසි වෙන එකක්‌ නෑ.

මිශෙල් හින්දා ෂනාලි කැපුණ කිව්වොත්.
මම පොඩ්ඩක්‌වත් එහෙම හිතන්නෙ නෑ. දැනට එහෙම දෙයක්‌ වෙලා නැති බව සහ ඉදිරියේදී නොවෙන බව මට හොඳටම විශ්වාසයි.

නිවේදනය, නිරූපණය, රඟපෑම කියන කටයුතුවලින් ඔබ වඩාත් කැමති?
නිරූපණය ගැන හදාරල ඒ හරහා තමයි මම ක්‍ෂේත්‍රයට ආවේ. ඉතින් එදා වගේම මම අදත් වැඩියෙන්ම කැමති නිරූපණ ක්‍ෂේත්‍රයට. අනිත් ඒවට තැන දෙන්නෙ ඊට පස්‌සේ.

දැන් නිරූපණයට ආරාධනා නැද්ද?
ගොඩක්‌ ආරාධනා ලැබෙනවා. ඒවටත් කොහොම හරි මේ අතරතුර සහභාගි වෙනවා.

රඟපෑමට ගෙදරින් සීමා පනවනව කියන්නේ ඇත්තද?
ගෙදරින් අමුතුවෙන් සීමා පනවන්න දෙයක්‌ නෑ. මොකද මම අම්මියි තාත්තියි එක්‌ක කතා බහ කරන්නේ නැතුව කිසිම නිර්මාණයක චරිතයක්‌ භාර ගන්නෙ නැති නිසා.

නිරූපිකාවො මියුසික්‌ වීඩියෝ ඉදිරියේ නිරුවත් වෙන නිසාද ෂනාලි ඒවට ඉදිරිපත් නොවෙන්නේ?
මම කරපු මියුසික්‌ වීඩියෝ දෙක තුනක්‌ තියෙනවා. ඒ හැම එකක්‌ම පොඩි ළමයෙකුට වුණත් බලන්න පුළුවන් ඒවා. ඉදිරියේදී වුණත් මම ඒ විදියේ මියුසික්‌ වීඩියෝවලට පෙනී සිටිනවා.

ඔය සමහර නිළියන්ට වගේ අධ්‍යක්‍ෂවරුන්ගෙන් අයුතු යෝජනා එහෙම ඇවිත් නැද්ද?
සමහර වෙලාවට ක්‍ෂේත්‍රයේ අයගෙන් එෆෙයාර් පටන් ගන්න ඔයාව මැරිකරන්න කැමතියි වගේ යෝජනා ලැබිල තියෙනවා. ඒත් ඔය කියන විදියේ යෝජනා නම් මට කවදාවත් ලැබිලා නෑ.



හංගන්නේ නැතුව පෙම්වතා කවුද කියලා කියනවද?
හංගන්නෙ කාට බයේද? ඇත්තටම මට පෙම්වතෙක්‌ නෑ. හමුවෙච්ච දවසක එයා ගැන කියන්නම්.

ආදරේ ගැන කතා කරන්න බයයි වගේ.
ආදරේ ගැන කතා කරන්න ඇයි බයවෙන්නෙ. ඒක හොඳ මාතෘකාවක්‌ ඕනම කෙනෙකුට කතා කරන්න. මම ඕන තරම් ඒ ගැන පත්තර එක්‌ක කතා කරල තියෙනවා. මට පිළිගන්න පුළුවන් ආදරයක්‌ හමුවුණ දවසට තමයි ඒ ආදරය කොහොමද කියන එක කියන්න වෙන්නෙ.

රංගන ශිල්පිනියක්‌ විදියට මාධ්‍ය හිසරදයක්‌ වෙච්ච වෙලාවල් තියෙනවද?
අයියෝ ඕන තරම් තියෙනවා. මාධ්‍ය නිසා අපි අපහසුතාවට පත්වෙන වෙලාවල් අනන්තයි අප්‍රමාණයි. මොකද ගොඩ දෙනෙක්‌ ඒ අය ජනප්‍රිය වෙන්න හිතා ගෙනද මන්ද අපි නොකියන දේවල් පත්තරවලට ලියනවා. ඒක එච්චර හොඳ දෙයක්‌ නෙමෙයි.



ටිකක්‌ ජනප්‍රිය වෙච්ච ගමන් ෂනාලින් හරියට හිතට අරන් වගේ.
ඔය කියන්නෙ මම ආඩම්බරයි කියලද? ඇත්තටම කියනව නම් මම ආඩම්බරකාර චරිතයක්‌. හැබැයි ඒ නිළියක්‌ කියන තැන ඉඳගෙන නෙමෙයි. ගෑනු ළමයෙක්‌ වෙච්ච නිසා. මොකද ගෑනු ළමයෙක්‌ වුණාම පොඩි අහංකාර කමකුත් තියෙන්න ඕන. හැබැයි රංගන ශිල්පිනියක්‌ කියන මට්‌ටමේදී මම හරිම සුහදශීලීයි.

ඔය අහංකාරකම නිසා අවාසි වෙන්නෙ නැද්ද?
එහෙම වෙච්ච වෙලාවල් තියෙනවා. මොකද ගොඩ දෙනෙක්‌ මාව තව කෙනෙකුට හඳුන්වල දෙන්නෙ මම අහංකාර නපුරු චරිතයක්‌ කියල. මම ඒවට සැළෙන කෙනෙක්‌ නෙමෙයි. තේරුම්ගන්න අය මාව තේරුම් ගනීවි.

ධම්මික හේවාවසම්

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook