Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

අපි එදාමයි මුණගැහුණෙත්
ඇය හුගාක් සුහද තරුණියක්
හාදුවක් කියන්නෙ මහ ලොකු දෙයක් නෙවෙයි

උමාලිගේ සාරංගට හාද්දක් දුන් කෙල්ල කවුද? 

සාරංග දිසාසේකර කියන්නේ අපේ කලා ක්ෂෙත්‍රෙය් ඉන්න ජනප්‍රිය සහ දක්ෂ රංගන ශිල්පියෙක්.
සාරංග ගැන පසුගිය කාලේ විවිධ පුවත් මැවුනා.
ඒ සාරංග උමාලි අතර ඇතිවුණු ආරවුල නිසා.
කොහොම වුණත් මේ හැමදේම ගැනත් අලුත් විස්තර ගැනත් සාරංග සතිඅන්ත පුවත්පතකට මේ විදිහට කියලා තිබුණා.

කොහොමද ජීවිතේ?
වැඩකටයුතු ටිකත් කරගෙන හොඳින් ඉන්නවා.

දැන් ඔය මේ දවස්වල කරන වැඩ ටික මොනවද කියලත් කියමු නේද?

චාමර පීරිස් අධ්‍යක්ෂණය කරන අලුත් නාට්‍යයකට සම්බන්ධ වුණා.
ඒ වගේම තව වේදිකා නාට්‍ය දෙකකත් පුහුණුවීම් කරගෙන යනවා.

රූ රැජනක් සාරංගට දුන්න හාදුවත් දැන් කතාබහට ලක් වෙන්න අරගෙන?

මිස් ශ්‍රී ලංකා අවසාන තරගයට රූ රැජනක් සහභාගි වුණා. වෙනිසියුලාවේ miss earth water කිරුළ පැලඳුව යුවතිය තමයි ඒ හාදුව දුන්නේ.
ඒ සිදුවුණ දේ තමයි ප්‍රේක්ෂකයෝ අතර කතාබහට ලක් වුණේ.

ඒ හාදුව සාරංගටත් විශේෂ වෙන්න ඇති?
මෙහෙමයි ඉතිං එයාලගෙ සංස්කෘතියෙ හැටියට හාදුවක් කියන්නෙ මහ ලොකු දෙයක් නෙවෙයි.

එතකොට ඒ ඡායාරූපය ෆෙස් බුක් දැම්මේ විශේෂ නිසා නෙවෙයිද?
එහෙම නැහැ. ඒක මිස් ශ්‍රී ලංකා තරගයට අදාළ ඡායාරූපයක්. ඒ තරගයට අදාළ තවත් ඡායාරූප ෆෙස්බුක් දාලා තිබුණා.

හාදුව දුන් තරුණිය ගැන සාරංගට මොකද හිතෙන්නේ?
අපි එදාමයි මුණගැහුණෙත්. හැබැයි ඇය හුගාක් සුහද තරුණියක්.

රංගනයේදී විවිධ චරිත ලැබීම අතින් සාරංග හුගාක් පොහොසත් නේද?
ඔව්. ඒකේ ලොකුම ගෞරවය ලැඛෙන්න ඕන ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහත්මයාට. මොකද ඔහු තමයි මට ගොඩක් වෙනස් චරිත ලබා දුන්නෙ සහ ඔහු තමයි මගේ හැකියාවන් මුලින්ම හඳුනා ගත්තේ.

ආයෙමත් සිනමාව පැත්තටත් එනවලු නේද?
ඔව්. සඳරුවන් ජයවික්‍රම අධ්‍යක්ෂණය කරන සිහින අභිෂේකය චිත්‍රපටයට සම්බන්ධ වෙලා ඉන්නවා. බොහෝ දුරට තවත් චිත්‍රපටයකට ඔක්තෝබර් මාසයේ සම්බන්ධ වෙයි.
නමුත් තාම ඒක සාකච්ඡා මට්ටමේ තියෙන්නේ.

සාරංග ජීවිතයේදී ලැඛෙන දේවල් ගැන ගොඩක් සතුටු වෙන කෙනෙක්ද?
එහෙම නැහැ. ලැඛෙන දේ ගැනවත් නොලැඛෙන දේ ගැනවත් එච්චර හිතන්නෙ නැහැ. ජීවිතේ මධ්‍යස්ථව තමයි ගත කරන්නෙ.

ඔබට ජීවිතයේ හුගාක් දේවල් හිමි වුණා වගේම සමහර දේවල් අහිමි වුණානේ. ඒ ගැන දුකක් තියෙනවාද?
සමහර දේවල් අහිමි වුණා. මට ඒ ගැන දුක
ක් නැහැ. මොකද මම බෞද්ධයෙක් හැටියට අටලෝ දහම ගැන දන්නවා. ඒ ගැන විශ්වාස කරනවා.
ඒවා ගැන ලොකුවට හිතන්නෙ නැහැ.

ආයෙමත් සින්දුවක් කරන්න අදහසක් නැද්ද?
කාර්යබහුල නිසා සංගීතය පැත්තට යොමුවෙන්න බැරිවුණා. ඒත් දැන් සැලසුම් කරගෙන යනවා අලුතින් ගීතයක් කරන්න.

යුග ගීතයක් කරන්න කෙනෙක්ව හොයාගෙනද ඉන්නෙ?
මම අමිලා නදීශානි එක්ක යුග ගීතයක් කළා. ඒකටත් මම වීඩියෝවක් කරන්න ඉන්නෙ. ඒත් එක්කම තව යුග ගායනාවලට මට ආරාධනා ලැඛෙනවා. මගේම ගීතයක් කරන්නත් මට අදහසක් තියෙනවා.


Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook