Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

චන්නට හැර නළුවෝ දෙන්නෙකුට 
මම ආදරය කලා
පෞරුෂයක් තියෙන පිරිමින්ට මං ගොඩක් කැමැතියි
- ගයාත්‍රි ඩයස් 

කලක් රංගනයෙන් දුරස්ව සිටි ගයාත්‍රි ඩයස් අද බොහෝ කාර්ය බහුලවෙලා. ඒ ටෙලිනාට්‍ය රැසකට ම රංගනයෙන් දායක වීමේ හේතුවෙන්. ඊටත් අමතරව රූපලාවණ්‍ය ක්ෂේත්‍රය තුළද ගයාත්‍රි විශේෂ කාර්යයන් රැසකම නිරතවී සිටිනවා.  ඒ නිසාවෙන්ම ගයාත්‍රී ඩයස් සමඟ කළ පුවත්පත් සාකච්ඡාවකි මේ..

ආදරයට නිර්වචනයක් දෙන්න?
ආදරේ කියලා කියන්නෙ හිමිකර ගැනීමක්ම ‍නෙවෙයි.

ආදරය හිතට දැනෙන කොට වයස කීයද?

මුලින්ම ආදරේ ගැන හිතට දැනෙන කොට අවුරුදු 16ක් විතර ඇති.

පාසල් ප්‍රේමය මතකද?
පාසල් ප්‍රේමයක් මට තිබිලා නෑ. මාස දෙකකට විතර සීමා වුණු ප්‍රේමයක් තිබුණා පාසලෙන් පිටත. නමුත් කියන්න තරම් මතකයක් නෑ මට ඒ ගැන.

ප්‍රථම ප්‍රේමය අමතක කරන්න බැරි බව ඇත්තද?
මුලින්ම ආදරේ විඳපු පුද්ගලයාව නම් මතක තියෙනවා. ඒ මතකය තමයි ගොඩක් අයට අමතක කරන්න බෑ කියන්නේ. ගැඹුරු වටිනාකමක් තියෙන ආදරයක් නම් ප්‍රථම ප්‍රේමය අමතක කරන්නෙ නෑනේ කවුරුත්.

පෙම්වතකුගෙන් මුලින්ම ලැබුණ තෑග්ග මොකක්ද?
තෑග්ගක් විදිහට මට මුලින්ම ලැබුණේ රෝස මල් ‍පොකුරක් සහ ඔරලෝසුවක්.

පෙම්වතකුගෙන් ලැබුණ වටිනාම තෑග්ග මොකක්ද?
ලැබුණු වටිනාම තෑග්ග බ්ලු සෆයා රින්ග් එකකුයි ඔරලෝසුවකුයි.

ආදරය මුලින්ම ප්‍රකාශ කළ යුත්තේ පිරිමි පාර්ශ්වයෙන්ද?
ආදරේ ප්‍රකාශ කිරීම සාපේක්ෂ දෙයක්. ඒක පිරිමි පාර්ශ්වයෙන්ම විය යුතුයි කියලා මං හිතන්නෙ නෑ. නමුත් ආදරේදී පිරිමියා ගැහැනියකට වඩා ඉස්සර වීමක් දකින්න ලැබෙනවා. ඒක නියමයක් නොවෙයි.

ඔබට වඩා වයසින් ළාබාල කෙනෙක් ගැන ආදරය හිතිලා තියෙනවාද?
ආදරේට වයස් සීමාවක් නෑ කොහෙත්ම. අනිවාර්යයෙන්ම මං මට වඩා වයසින් අඩු කෙනෙක්ට ආදරේ කරලා තියෙනවා.

ඔබ කාට හරි මුලින් ආදරය ප්‍රකාශ කරලා තියෙනවාද?
දෙන්නටම ආදරේ දැනිලා ඒ ආදරේ හැඟීමක් බවට පත් වෙලා දෙන්නම ආදරෙයි කියපු අවස්ථා තියෙනවා. නමුත් මං කවදාවත් ආදරේදී ඉස්සර වෙලා නෑ.

ඔබ වශී වෙන්නෙ පිරිමියෙක්ගේ මොන වගේ ගතිගුණවලටද?
පිරිමි ළමයෙක්ගේ තියෙන ආඩම්බරකමට මං හරි කැමැතියි. ගැහැනියකට ගැති වෙලා ඉන්න පිරිමින්ට මං කැමැති නෑ. පිරිමිකම ආඩම්බරයක් කරගත් පෞරුෂයක් තියෙන පිරිමින්ට මං ගොඩක් කැමැතියි.

ජනප්‍රිය නළුවෝ කී දෙනෙක්ට ආදරය කරලා තියෙනවාද?
මම බැඳලා හිටියෙත් ජනප්‍රිය නළුවෙක්වනේ. චන්න අයියා ඇතුළුව තව ජනප්‍රිය නළුවෝ දෙන්නෙක්ට මං ආදරේ කරලා තියෙනවා.

ආදරේ ඇතුළෙ රාගයට ඔබ වෙන් කරන ඉඩ ප්‍රතිශතය කොපමණද?
ආදරය තුළ රාගයක් ඇතිවීම සාමාන්‍ය දෙයක්. නමුත් ආදරයක් නැතුව රාගයක් ඇති වෙනවා නම් ඒක අසාමාන්‍යයි. ආදරය සහ රාගය කියන්නේ එකම කාසියක දෙපැත්ත වගේ ආදරය මතයි රාගය ඇති වෙන්නේ.

ඔහු ඔබට ආදරයට කියන නම මොකක්ද?
මට සුදු කියලා කතා කරලා තියෙනවා.

ඔබ ආදරේට ඔහුට කියන නම මොකක්ද?
මාත් සුදු කියලා තමයි කියලා තියෙන්නේ.

විරහව කී වතාවක් විඳලා තියෙනවාද?
විරහව මං තදින්ම වින්දා දෙවතාවක්.

ප්‍රේමය විවාහයෙන් කෙළවර වෙනවාද?
විවාහය ප්‍රේමයේ අවසානය කියලා නියමයක් නෑ. සමහර අවස්ථා තියෙනවා විවාහයෙන් කෙළවර වෙන. මං හිතන්නෙ නම් හිතේ ඇති වෙන පූජනීය සහ අවංක ආදරේ කවදාවත් ළං කර ගන්න ලැබෙන්නෙ නෑ. ආදරේ දුරස්ව තියෙනවා නම් එහි වටිනාකම වැඩියි. මං විශ්වාස කරන්නේ මගේ ආදරේ දුරින් තියන තාක් කල් මැරෙනකම් ඒ ආදරේට පවතින්න පුළුවන් වෙයි.

පෙම්වතා නිතරම වැඩිමහල් වෙන්න ඕනෙද?
ලෝකෙ කොතනකවත් එහෙම නියමයක් තිබිලත් නෑ. තියෙන්නෙත් නෑ. විවාහයකට වයස ඇත්තටම බලපාන්නෙ නෑ. බොහෝ විට පිරිමියා ගැහැනියකට වඩා දිනකට හෝ වැඩිමහල් විය යුතුයි කියලා අපි සම්මතයක් හදාගෙන තියෙනවා. නමුත් ආදරේට වයස ප්‍රශ්නයක් ‍නෙවෙයි.

ඔහු තරහ වුණාම ඔබ යාළු කර ගන්නෙ කොහොමද?
ඔහු යාළු කර ගන්න නම් කරන ප්‍රායෝගිකම දේ ඔහුට නොකියා ඔහුව බලන්න යන එක. එහෙම අවස්ථාවක ආදරේ කරන ඕනිම කෙනෙක්ගේ හිතක් උණු වෙනවා.

අප්‍රකාශිත ආදර කතා කීයක් ඔබේ ජීවිතේ තියෙනවාද?
මං ළං වුණේ මට කැමැත්තක් ඇති අයට විතරයි. ගොඩක් වෙලාවට මට කෙනෙක්ට හිත යන්නෙ හරි අඩුවෙන්. එහෙම අප්‍රකාශිත ආදර කතා නම් නෑ මගේ ජීවිතේ.

විවාහයෙන් පිට ආදරයක් මුණගැහුණොත්?
විවාහ ජීවිතෙ ඇතුළෙ විඳින්න ආදරයක් නැත්නම් පිටත ඇති ආදරයකට ඇදෙන එක සාමාන්‍ය දෙයක්. විවාහ ජීවිතේ විඳින්න ආදරයක් තියේ නම් පිටත ආදරයක් බලා‍පොරොත්තු වීම නම් හොඳ දෙයක් ‍නෙවෙයි. විවාහය තුළ ආදරයක් නැතිනම් ඒ ආදරේ කෙසේ හෝ තවකෙනෙකුගෙන් ලැබිම තුළ වැරැද්දක් මං දකින්නෙ නෑ.

දැන් ඔබගේ සිහින කුමාරයා මුණගැහිලද?
සිහින කුමාරයෙක්ගේ ආදරයක් ගැන හිතන්න පුළුවන් කාලයක ‍නෙවෙයි මං ඉන්නේ. නමුත් මගේ ජීවිතේ ආදරේදී මට ඒ සිහින කුමාරයා මුණගැහිලා තියෙනවා.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook