Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ශෂිටඅයුතු බලපෑම් ගෙන ආ
අධ්‍යක්ෂවරයා කවුද?

කොහොමද ශෂි මේ දවස්වල වැඩකටයුතු?

මේ දවස්වල ටිකක් නිදහසේ ඉන්නවා. ප්‍රසන්ට් කරන වැඩකටයුතු තමයි මේ දවස්වල සිද්ධ වෙන්නේ.

දාන දාන මියුසික් වීඩියෝවේ පේන්න හිටපු ශෂි මේ දවස්වල අලුත් මියුසික් වීඩියෝවල පේන්න නෑනේ?

මේ දවස්වල මියුසික් වීඩියෝ කරන එක මම ටිකක් නතර කළා.

එහෙම නතර කරන්න හේතුවකුත් ඇති නේ?

පසුගිය දවස්වල මියුසික් වීඩියෝවල ලිප් කිස් කරන සීන් තියෙන ට්‍රෙන්ඩ් එකක් තිබ්බනේ. ඒ නිසා මට ඒ වගේ මියුසික් වීඩියෝ කිහිපයකට ආරාධනා ලැබුණා. ඒ වගේ සීන් තියෙන නිසා ඒ ලැබුණ වැඩ මට මිස් වුණා.

ඒ කියන්නේ ලිප් කිස් දර්ශනවලට ශෂි එකඟ නැද්ද?

නැහැ. ඒ වගේ සීන්වලට මම පෞද්ගලිකව කැමැති නැහැ. ඒකයි මම ඒ වැඩ අතහැරියේ.

ඔය වාරණය දා ගත්තේ ශෂිමද? නැත්නම් වෙන විශේෂ කෙනෙක් ශෂිට ඔය වාරණය දැම්මද?

මට කවුරුවත් වාරණ දැම්මේ නැහැ. මමමයි ඒ තීරණය ගත්තේ.

හැබැයි ශෂි පසුගිය දවස්වල අඩ නිරුවත් දර්ශන තියෙන වීඩියෝවලට සම්බන්ධ වුණානේ. ඒවායේ ප්‍රශ්නයක් නැද්ද?

නැහැ. මම ලොකුවට සරාගී දර්ශනවල පෙනී සිටියේ නැහැ. ඒ මියුසික් වීඩියෝවල ලොකු ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. ඒ වගේ නිර්මාණ ලැබුණොත් මම කරනවා.

එතකොට ලිප් කිස් සීන් විතරද දැන් මඟහරින්නේ?

නැහැ. ඒ වගේ සීන් විතරක් නෙවෙයි මම ඇඳුම් ගැනත් හිතනවා. ගොඩක් සරාගී බව පෙන්වන විදියට ඇඳුම් අඳින්න මම කැමැති නැහැ.

ඔය සීමා වාරණ නිසා මිසක් ශෂිට වැඩ අඩු වෙලා නැද්ද?

මට වැඩවල අඩුවක් නැහැ. මට ඊයේ ආරාධනා කරපු නිර්මාණයෙත් අර කිව්වා වගේ ලිප් කිස් සීන් තියෙනවා. මම මියුසික් වීඩියෝ ගොඩක හිටියා. දැන් ඒවායේ ඉඳලා ඉඳලා මටත් ඇති වෙලා. ඒකයි බේ්‍රක් එකක් ගත්තේ.

ඔය වගේ වැඩ අතහරින්න ගියොත් ශෂිව ක්‍ෂේත්‍රයේ අයට අමතක වෙලා යයි කියලා බයක් නැද්ද?

වැඩ ඕනකමට අකැමැති දෙයක් කරන්න මම කැමැති නැහැ. එහෙම කළොත් මම වැරැදියි. මම කරන්නේ මම කැමැති දේ.

ඔය විදියට බය නැතිව වැඩ අතහරින්න තරම් ශෂිගේ අතමිට සරුද?

මම තනියෙන් මේ ගමන ආවේ. අමාරුවෙන් මේ ගමන ඇවිත් තමයි මෙහෙම හරි ඉන්නේ. අපිට පස්සේ ආපු අයත් අපිට වඩා ඉහළ තැන්වල ඉන්නවා. මගේ කියලා එහෙම ලොකුවට අතමිට සරු නැහැ. එක වෙලාවකට හිතෙනවා අවුරුදු ගාණක් ගිහිල්ලත් ඇයි සමහර දේවල් කරගන්න බැරි වුණේ කියලා. සමහර වෙලාවට ක්‍ෂේත්‍රය ගැන කලකිරීමකුත් ඇති වෙනවා.

ඇයි ඒ?

එකම පිරිසක් තමයි හැම දෙයකම පේන්න ඉන්නේ. ඩ්‍රාමා ෆිල්ම් ලැබුණත් සමහරුන්ගේ එක එක කතා නිසා මට ඒවට සම්බන්ධ වෙන්න බැරි වුණා.

ඒ කියන්නේ ශෂිට කැපිලි තියෙනවා කියන එකද?

ඔව්. එහෙම කැපිලි තියෙනවා.

ශෂිගේ ගමනට කැපිලි දාන්න අවශ්‍ය කාටද?

එහෙම ඕන අය ඉන්නවා. හැබැයි එයාලගේ නම් කියන්න බෑ. සමහර අය මට කතා කරලා කියනවා, මාව වැඩකට සම්බන්ධ කරගන්න ඇහුවම සමහරු දුරකතන අංකයවත් දෙන්න කැමැති නෑ කියලා.

එතකොට අතට ලැබුණ වැඩ මිස්වුණේ කොහොමද?

ටෙලි නාට්‍යවලට චිත්‍රපටවලට කතා කරපු අධ්‍යක්‍ෂවරු මට අයුතු යෝජනා ගෙනාවා. ඒකයි මම ඒ වැඩ අතහැරියේ. ක්ෂේත්‍රයේ ඉන්න හැම අධ්‍යක්‍ෂවරයාම එහෙම නැහැ. නමුත් මට වැඩවලට කතා කළේ අලුත් අධ්‍යක්‍ෂවරු. ඒ අයගෙන් මට ආපු අයුතු යෝජනා නිසා ඒ වැඩ අතහැරියා.

ශෂි කාලයක ඉඳලා මියුසික් වීඩියෝවලට සම්බන්ධ වෙනවනේ. ඒ ක්ෂේත්‍රයේ අධ්‍යක්‍ෂවරුන්ගෙන් ඔය බලපෑම් ඇවිත් නැද්ද?

නැහැ. මට ආදරේ කරන, මාව නිර්මාණයකට අවශ්‍ය අය මට කතා කරලා ඒ නිර්මාණයට මාව සම්බන්ධ කර ගන්නවා. ඒ අයගෙන් කවදාවත් ඒ වගේ බලපෑම් ආවේ නැහැ.

මියුසික් වීඩියෝවලින් පුංචි තිරයට පිම්මක් පනින්න හොඳ අවස්ථාවක් ලැබුණේම නැද්ද?

ළඟදි කතා කරපු නාට්‍යය, කරන එක කල්ගියා. ඒකට නම් සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.

දැන් විශේෂ කෙනකුත් ජීවිතේ ඇති?

අම්මෝ නැහැ.

තාමත් ජීවිතේ හිටපු කෙනා අමතක කරන්න බැරිද?

ජීවිතේ හිටපු කෙනා අමතක කරලා ඉවරයි. හැබැයි වෙන කෙනෙක් ආයෙත් මගේ ජීවිතයට එන එකක් නෑ.

ඉදිරිය ගැන සැලසුම් හදාගෙනද ඉන්නේ?

ප්‍රසන්ටර් කෙනෙක් විදියට ඒ වැඩවලට සම්බන්ධ වෙනවා. මගේම කියලා පොඩි ව්‍යාපාරයක් පටන් ගන්නත් හිතාගෙන ඉන්නවා.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook