Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

අයෝමිගේ උපන් දිනය සමරන්න ආපු
පුංචි සුරංගනාවි

අයෝමිගේ කැදැල්ලට පුංචි දූ පැටියෙක් ඇවිත්නේ?

ඔව්. සැප්තැම්බර් 8 වැනිදා අපිට පුංචි දූ පැටියෙකුත් ලැබුණා

පුතෙක් හිටපු නිසා දෙවැන්නා දුවෙක් වෙනවට කැමැත්තෙන් ඉන්න ඇත්තේ?

අපි මුලින්ම පවුලට පුතෙක් එකතු වෙනවට තමයි කැමැත්තෙන් හිටියේ. ඒ විදිහටම අපිට පුතෙක් ලැබුණා. දෙවෙනියට ලැබෙන කෙනා කවුරු වුණත් කමක් නෑ කියලා තමයි හිතුවේ. මොකද අම්මට තාත්තට දුවෙක් වුණත් පුතෙක් වුණත් ඒ තමන්ගේ දරුවෙක්නේ. කොහොම හරි අපිට ලැබුණේ දුවෙක්ව. දුව ඉපදුණාම හරිම සතුටක් දැනුණා. දැන් පවුල බැලන්ස්නේ.

ඒ කියන්නේ ලැබෙන්න ඉන්නේ දුවක් කියලා දැනගෙන හිටියේ නැද්ද?

ලැබෙන්නේ දුවෙක්ද පුතෙක්ද කියලා මාස පහේදී බලාගන්න පුළුවන්නේ. ඒත් හස්බන්ඩ් කිව්වා ඒක බලන්න හදිසියක් නෑ. කවුරු හම්බවුණත් එකයි කියලා. ඒ නිසා මාස හයත් පැන්නට පස්සේ තමයි අපිට දුවෙක් ලැබෙන්න ඉන්නේ කියලා දැන ගත්තේ.

දුවට නමක් තිබ්බද?

තාම නැහැ. අකුරු ටිකක් ගත්තා. පුතාට වගේම ලස්සන නමක් දුවටත් තියනවා.

පුංචි නංගියෙක් ගෙදරට ගෙනාවම පුතාගෙන් මොන වගේ ප්‍රතිචාරයක්ද තියෙන්නේ?

අපි එයාට කියලා තිබ්බා නංගියෙක් තමයි ලැබෙන්න ඉන්නේ කියලා. ඉතිං එයාගේ වැඩේ බඩට ඔළුව තියලා නංගිට කතා කරන එක. නංගියෙක් ගෙනාවට පස්සේ නංගිව කිස් කරනවා. අම්මි, නංගිට කුක්කු දෙන්න කියනවා. හරි ආදරෙයි එයා නංගිට.

ආදරේ බෙදා ගන්නත් උත්සහ කරනවා ඇති.

පුතාට වැඩිපුර අවධානය දෙනවට තමයි එයා කැමැති. අපිත් ඉතිං එයාව පළමුවෙනි තැන තියලා තමයි හැමදේම කරන්නේ. එයාත් තාම පුංචි නිසා එයාටත් ආදරේ අඩුවක් දැනෙන්න දෙන්නේ නෑ.

දුව පෙනුමෙන් කවුරු වගේ කියලද වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ?

දුවගේ පෙනුමේ හුරුව පුතා වගේමයි. නංගි අයියා වගේමයි කියලා තමයි දකින හැමෝම කියන්නේ.

දුවෙක් ඉන්න එක ගැන අයෝමිට සතුටු ඇති?

අනිවාර්යයෙන්ම තාත්තාට වගේම අම්මටත් කොපියක් ඕනෙනේ. ඉතිං පුතා ලැබුණා වගේම දුවෙක් ලැබුණටත් මට සතුටුයි.

දැන් දරුවෝ දෙන්නෙක් එක්ක වගකීම් ගොඩක් අයෝමිටත් පැවරෙනවනේ?

ලොකු බරක් තියෙන්නේ චින්තකට. දරුවන්ගේ වගකීම් දෙන්නම දරනවා තමයි. හැබැයි මට ගොඩක් පවරලා තියෙන්නේ දරුවන්ගේ පෝෂණය සහ අධ්‍යාපන කටයුතු පැත්ත. මූල්‍ය සහ අනෙකුත් සම්පත් සපයන්නේ චින්තක. මට වඩා චින්තක වගකීම් භාරගෙන. එයා සීරියස්ව හිතනවා. බබා ලැබුණම දුව ගැන මොකද හිතෙන්නේ කියල මම ඇහුවම එයා සීරියස් උත්තරයක් දුන්නේ. එයා හැම තිස්සෙම කියන්නේ අම්මලා මාස නවයක් දරුවව කුසේ තියාගෙන හිටියට ජීවිතේ මුළු බරම අදින්නේ තාත්තලා කියලා.

කොහොමින් කොහොම හරි දුව ඉපදුණෙත් ආයෝමි උපන් මාසයෙමනේ. දැන් දෙන්නටම එකට උපන්දිනය සමරන්න පුළුවන් නේද?

ඔව්.. මම ඉපදුණේ සැප්තැම්බර් 12. දුව ඉපදුණේ සැප්තැම්බර් 8 වැනිදා.

අයෝමිගේ උපන් දිනයට අලුත් අමුත්තියක් පවුලට එකතු වෙලා හිටියා වගේම තවත් සර්ප්‍රයිස් එකක් උපන්දිනයට ලැබුණා නේ. ඒ ගැනත් කියමු?
හස්බන්ඩ් මාව උපන්දිනයට සර්ප්‍රයිස් කරනවා. හැබැයි මේ සැරේ දුව ලැබුණු නිසා පාටි එකක් නොගෙන ඉමු කියලා හිතුවේ. එයා මගෙන් ඇහුවා මොනවද උපන්දිනයට ඕන කියලා. මම චොකලට් කේක් එකක් විතරක් ගෙනාවොත් ඇති කිව්වා. ඒත් මම දන්නෙවත් නෑ. එයා පවුලේ අයවත් ගෙදරට ගෙන්නලා මට සර්ප්‍රයිස් පාටි එකක් දුන්නා. ඇත්තටම මම ඒක දැනගෙන හිටියේ නැහැ.

ගෙදර පාටි එකක් ලෑස්ති වෙද්දී නොදැන හිටියේ කොහොමද?

බබා ලැබුණට පස්සේ මම හිටියේ උඩ තට්ටුවේ. උපන් දිනයට කලින් දවසේ තමයි මම දුවව ලැබිලා ගෙදරට ආවේ. ඉතිං කාමරේට වෙලාමයි හිටියේ. චින්තකත් පාටි එකක් තියෙන විදිහට නෙමෙයි හැසිරුණේ. හරිම සාමාන්‍ය විදිහට හැසිරුණේ. චින්තක කිව්වා මල්ලි යන්න කලින් කේක් එක කපන්න එළියට එන්න කියලා. රෑ 10.00ට විතර තමයි මම කාමරෙන් එළියට බැස්සේ. ඒ එද්දී පවුලේ හැමෝම පල්ලෙහා තට්ටුවේ ඉන්නවා. මට හිතාගන්න බැරිවුණා.

හදිසියේ සැලසුම් කරපු උත්සවයක් නිසා කලා ක්ෂේත්‍රයේ අයට ආරාධනා කරන්නත් බැරි වෙන්න ඇති.

මම මේ දවස්වල ඉන්නේ අපේ ගෙදරනේ. ඉතිං කොළඹ ඉන්න නෑදෑයෝ එදා ආවා. හදිසියේ සැලසුම් කරපු නිසා ක්ෂේත්‍රයේ අයට කරදර කරන්න චින්තක කැමැති වෙලා නැහැ. ලබන අවුරුද්දේ මගෙයි දුවගෙයි උපන්දිනය එකටම සමරන්න පුළුවන්. එදාට හැමෝටම කියනවා. කොහොම වුණත් එදා මම ගොඩක් සතුටු වුණු දවසක්.

කාලෙකින් අයෝමි රංගනයට සම්බන්ධ වුණෙත් නෑනේ. අයෝමි රංගනයෙන් අෑත් වෙලා යයිද?

මම වෛද්‍යවරියක්. ඉතිං ඒ වැඩ කටයුතුත් කරන්න ඕනේ. හැබැයි මම රංගනය අතහරින්නේ නැහැ. සැමියා නම් කැමැතියි මම රංගනයට එනවට වඩා වෛද්‍යවරියක් විදිහට සේවය කරනවට. මට පහුගිය දවස්වලත් රංගනයට ආරාධනා ලැබුණා. ලබන අවුරුද්දේ පුතා පෙර පාසල් යනවා. මගේ දරුවන්ගේ කටයුතුවලටත් බාධාවක් නොවෙන්න පුළුවන් විදිහට ඉදිරියේදී රංගන කටයුතුවලටත් සම්බන්ධ වෙනවා.

දුවයි පුතයි අම්මා වගේ රංගන ක්ෂේත්‍රයේ ගමනක් තෝරා ගත්තොත් කැමැතිද?


රංගන ශිල්පිනියක් වගේම මම බටහිර සංගීතයත් හදාරලා තියෙනවා. මම නර්තනයත් කළා. හස්බන්ඩ්ටත් කලා හැකියාව තියෙනවා. ඉතිං අපේ කලා දැනුම අපේ දරුවන්ට දෙනවා. එයාලට හොඳට උගන්නනවා. යන්න අවශ්‍ය පාර එයාලා තෝර ගනියි.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook