Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ඉස්සර මිනිස්සු ඇඳුම් ඇඳලත් නැහැ
ඉතින් මම කොටට ඇන්දම මොකද
-පියුමි ශ්‍රියානායක

පියුමි ශ්‍රියානායක කියන නම පසුගිය දවස්වල හැමෝම අතර කතාබහට ලක්වුණා. ඒ අඩනිරුවත් දර්ශන සහිත මියුසික් වීඩියෝවක් නිසා. මියුසික් වීඩියෝවලින් කරළියට ඇවිත් ටෙලි තිරයටද සම්බන්ධවුණු ඇය ගැන සතිඅන්ත පුවත්පතක මේ විදිහට සටහන් කරලා තිබුණා.

පියුමි ඔබ ගැන විස්තරයක් කිව්වොත්?


මගේ ගම කඳාන පවුලේ අම්මයි, තාත්තයි, මල්ලියි මමයි. දැන් මම විවාහකයි. මගේ සැමියා ව්‍යාපාරිකයෙක්. ඊට අමතරව නිරූපණ ශිල්පියකු ලෙසත් කටයුතු කරනවා. රගපෑමටත් එයාට හොඳ චරිතයක් ලැබුණොත් කරාවි. මේ ක්ලියෝපැට්රා සහ පේ‍්‍රම සටන වීඩියෝවලට මා එක්ක පෙනී සිටියේ සැමියා.

ඔබ බොහොම තාරුණ්‍යයේදීම විවාහ වූ කෙනෙක්?

මට හිතෙන විදියට මට ලැබුණෙ හොඳම කෙනා. ඉතින් මම විවාහ වුණා. මට වඩා අවුරුදු දෙකයි වැඩිමල්. වයස විස්ස වෙද්දී තමයි මම විවාහ වුණේ. මේ ක්ෂේත‍්‍රයේ ගමනක් යද්දී මටම කියලා ඔහු මගේ කර ගත්ත එක ගැන මට අද හරි සතුටක් තියෙන්නෙ.

විවාහ ජීවිතය අද ඔබට දැනෙන්නෙ කොහොමද?

බොහෝ දෙනාගෙ ජීවිත විවාහයට ප‍්‍රමාදයි. ඒත් මට එහෙම වුණේ නැහැ. තවම අපි තරුණ නිසාත්, අත්දැකීම් අඩු නිසාත් ඉඳහිටලා දබර ඇති වෙනවා. නමුත් එයා බුද්ධිමත්. ඒ නිසා ඒවා ඉක්මනටම විසඳා ගන්නවා. මගේ සැමියා ඇත්තටම මට හොඳයි.

එක් රැයකින් අන්තර්ජාලය ගිණියම් කළ මේ වගේ ගී වීඩියෝවලට ඇයි පෙනී සිටියේ?

මම හිතන්නේ ඒ විඩියෝ වල අධ්‍යක්ෂකවරු දෙයක් කරන්නේ හොදට හිතලා බලලා. මේ වීඩියෝ දෙකින්ම ගන්න තියෙන හොඳ වැඩියි. නමුත් සමහරු නරකටත් හිතනවා ඇති.

එවැනි සරාගී ලෙස පෙනී සිටින ජවනිකා ඇතුළත් ගීත විඩියෝවකට පෙනී සිටියේ මුදල් වටිනාකම නිසාද?

ලංකාව ඇතුලෙ කලාත්මකව වීඩියෝ නිර්මාණය වන්නෙ කලාතුරකින්. මෙහි කැමරාකරණයේ සිට සමස්ත නිර්මාණයම ජාත්‍යන්තරයේ අපි දකින ඉහළ නිර්මාණ ගුණයෙන් සපිරියි. ඒ වගේම අඩ නිරුවත් කියන දේ හරිම සාමාන්‍යයි. ලංකාවේ කාන්තාවකට සිද්ධවෙන දෙයක් නිසා, එවැනි දේ ගැන වටහා ගන්න තාරුණ්‍යයට අවකාශය ලැඛෙනවා.

නමුත් ලංකාවේ සමාජයට මෙවැනි දේ කිරීම අභියෝගයක් නේද?

අද වෙලා තියෙන්නෙ මාධ්‍ය පුළුල්වෙලා. ඉස්සර අඩනිරුවත් ඒ වගේම නිරුවත් ජවනිකා ඇතුළත් චිත‍්‍රපට ලංකාවේ නිර්මාණය වුණා. සම්භාව්‍ය කියලා ලේබල් වුණු ඒ වගෙත් තිබුණා. ඒවා අභියෝග වෙන්නෙ නැහැ. නිර්මාණයේ කතාව එක්ක තමයි විකාශය වුණේ. අද වුණත් එහෙමයි. නමුත් එදා ඒවා අද තරමට පුළුල්ව මාධ්‍ය ජාලා අතරට ගියේ නැහැ. අද මේවා ගැන මෙතරම් කතා වන්නෙ ඉලෙක්ට්‍රොනික සහ විද්‍යුත් මාධ්‍ය ප‍්‍රබල නිසයි. හැබැයි මතක තබා ගන්න අද මේ දකින දේට වඩා දේ එදා සම්භාව්‍යයි කිව්ව නිර්මාණවලත් තිබුණා.

කොයි හැටි වෙතත් මේ නිසා ඔබට ලැඛෙන ප‍්‍රතිචාර ගැන කිව්වොත්?

කලාවක් ලෙස එය අවබෝධ කරගත් අයගෙන් හොඳ ප‍්‍රතිචාර ලැබුණෙ. නමුත් මහා නරක විදියට ප‍්‍රතිචාර දැක්වූ අයත් හිටියා. එයාලා ගැන සොයලා බැලූවාම ඒ ඔක්කෝම ව්‍යාජ අන්තර්ජාල ගිණුම්, සමහරු දෙයක් දැක්ක හැටියෙ මඩ ගහන්නනෙ බලන්නෙ. මා දායක වූ එක් විඩීයෝවක් මියුසික් වීඩියෝවකට එහා ගිය කෙටි චිත‍්‍රපටයක් වගෙයි. එහි විනාඩි 10 ක් පමණ කාලයක් අඩංගුයි.

‘පියුමි’ ක්ෂේත‍්‍රයට ආවේ කොහොමද?

නිරූපන ශිල්පිණියක ලෙසයි. පසුව මියුසික් වීඩියෝ වලට. ඉන්පසුව රඟපෑමට එක්වුණා.

පවුල් ජීවිතයට මේ කාර්යබහුල බව බලපාන්නෙ නැද්ද?

මම අතිශය කාර්ය බහුල වෙන්න අකමැතියි. ඒත් ටෙලි ක්ෂේත‍්‍රයේ බොහෝ හොඳ චරිත සොයා යන්න ආසයි. මගේ ගමනට සැමියා මගේ ළඟින්ම ඉඳන් දෙන සහයෝගය හරිම ඉහළයි. ඒ රැකවරණය නිසා මට තියෙන්නෙ මට ලැඛෙන චරිතයට සාධාරණයක් කිරීම විතරයි. අනෙක සැමියා ව්‍යාපාරිකයෙක් නිසා එයාට මා සමඟ සියලූදේට සහභාගී වෙන්න කාලය තියෙනවා.

ඔබ නිතරම කොටට ඇඳුම් අඳිනවා. මේ ගැන හිතන්නෙ කොහොමද?

ඕක අද ඊයේක දෙයක් නෙවෙයි. ඉස්සර මිනිස්සු ඇඳුම් ඇඳලත් නැහැ. අපේ රටේ වැඩිදෙනා ජීවත් වෙන්නෙ ජෞතිශය සහ නොපෙනෙන බලවේග එක්කයි. එහෙම වෙවී එක තැන පල්වෙන සමාජයක්. ඉඳ හිටලා පාරක් හැදේවි. ගොඩනැගිල්ලක් හැදේවි. නමුත් සමස්තයක් ලෙස ගත්තාම සිතිවිලි සහ වැඩවලින් අපි තවමත් ඈත අතීතයක සිටින්නෙ. ලෝකය නව සොයා ගැනීම් කරද්දි අපි පරණ දේ සහ වැඩකට නැති දේ ගොඩදානවා. මිනිසුන් බොහොමයක් කතා කරන්නෙ එකක් හිතේ තියාගෙන. වෙන දෙයක් මූණට කියන්නෙ. ලංකාවේ ඒ මානසිකත්වය ගැන හිත හිතා කටයුතු කරන්න ගියොත් අපට හෙටක් නැහැ. දියුණුවන කලාව එක්ක අපිත් ඊට හැඩ ගැහිලා ගමනක් යන්න ඕනෑ. බනින අය හැංගිලා බල බලා තමයි ජරා අදහස් පළ කරන්නෙ.

හොඳයි පියුමි ජීවිතය මොකක් කියලද හිතන්නෙ?

ඉපදීමේ සිට මරණය දක්වා අපි ජීවිතයේ බාර ගන්නා දේ ඉතා හොඳින් වගකීමෙන් කළ යුතු දෙයක්. ‘අට ලෝ දහම’ ට අනුව ජීවිතයේ සියල්ලටම මුහුණ දිය යුතුම වෙනවා. දුක සතුට කරදර ඒ සියල්ලෙහි සම්මිශ‍්‍රණයක්. ඒ සියල්ල අතරේ ශක්තිමත්ව ජීවිතයට මුහුණ දෙමින් හොඳින් ජීවත්වීම වැදගත්.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook