Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

සමාජ මාධ්‍ය හොල්ලපු ඡායාරූපවල 
ඇත්ත නැත්ත ගැන ගයාත්‍රි කියන කතාව

එක එක කෙනාට ආදරය දෙන්න මම ලෑස්ති නැහැ. හැබැයි මට කෙනෙක්ට ආදරය හිතුණොත් යාළුවෙක් විදියට හරි, දුක සැප බෙදාගන්න පුළුවන් නම් හරි ඒ කෙනා මගේ ජීවිතේ ඉන්න පුළුවන්.


මේ දවස්වල හිටියටත් වඩා ජනප්‍රියත්වයක් ලැබිලා නේද..?


ඒක තමයි සමහරු මාව ජනප්‍රිය කරන්න බලාගෙන ඉන්නවා.


හැබැයි ජනප්‍රිය කරන්නේ හොඳ පැත්තකට නෙවෙයි..?


මගේ කියලා ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යවල පැතිරෙනවා. ඒක මම හිතලා කරගත්ත දෙයක් නෙවෙයි. මොකද ඔය ඡායාරූප මගේ නෙවෙයි කියලා ඔප්පු වෙලා ඉවරයි. ඒවා මාස ගාණකට කලින් වෙන කවුද කෙනෙක් එළියට දාපු ෆොටෝස් වගයක්. ඒවා මට සම්බන්ධයක් නැහැ. සමහරු කරන දේවල් නිසා මාව තවත් ජනප්‍රිය වෙලා. මේ වෙනකොට ගූගල් එකේ මගේ නම ගොඩක් දෙනෙක් සර්ච් කරලා තියෙනවා. ගූගල් එකෙන් ඡ්ථචඪත එකකුත් මට ආවා සුබ පතලා.


ගයාත්‍රි දරුවෝ දෙන්නෙක්ගේ මවක්නේ. ඒ පැතිරෙන ඡායාරූපවලින් දරුවන්ට බලපෑමක් එල්ල වෙන්නේ නැද්ද..?


දරුවෝ ඉන්න අම්මා කෙනෙක් විදියට මම අප්සට් වුණා. මගේ දුවගේ ඉන්ස්ටර්ග්‍රෑම් අකවුන්ට් එකට පවා මේ ඡායාරූප ටැග් කරලා තිබුණා. එයා හරි තේරුම් ගත්ත දරුවෙක්. ඔය දේවල් ඒ විදියට සිදුවෙද්දි ඒ දේවල්වලට කෑ ගහලා වැඩක් නැහැ. සමහරුන්ට මඩ ගහලා මාව තව ජනප්‍රිය කරන්න වුවමනා ඇති.


කාටද මේ දේවල් කරන්න අවශ්‍ය වෙන්නේ..?


කාටහරි මඩ ගහන්න වුවමනා වෙන්න ඇති. ඒ මඩ ගහන අය දන්නේ නෑ, ඔය කතා ඇත්ත නොවෙන නිසා ඒකේ ප්‍රතිචාරය මට හොඳ විදියට ලැබෙනවා කියලා. මාව බොහෝ පිරිසක් දැනගෙන හිටියා. ප්‍රේක්ෂකයෝ සියයට හැටක් හැත්තෑවක්වත් මාව දන්නවා. මේ දේවල් එක්ක එතැනින් එහා අයත් මං ගැන හොයනවා. ඔය දේවල් නිසා ජනප්‍රියත්වය තවත් ලැබෙනවා.


හැබැයි ජනප්‍රියත්වය ලැබුණට ජීවිතයට කැළලක් එකතු වෙන්නේ..?


ඒ පතුරුවන දේවල් ඇත්තනම් තමයි මගේ ජීවිතයට කැළලක් එකතු වෙන්නේ. හැමෝම දැන ගන්නවා ඒ ඡායාරූපවල ඉන්නේ මම නෙවෙයි කියලා. ඇත්ත ලින්ක් එකට ගිහින් බැලුවම තේරෙයි ඒ ෂෙයාර් කරලා තිබ්බ පින්තූර කාගෙද කියලා. මම කවදාවත් ඔය වගේ පින්තූර අරගෙන නෑ.


එකම වගේ ඇඳුමක් නිසානේ ඔය පටලැවිල්ල..?


ඒ වගේ ඇඳුමක් ඇඳලා පුවත්පතට මම ඡායාරූප ගත්තා. මම ඇඳලා ඉන්න ඇඳුම දණහිසෙන් උඩටවත් ගන්න බෑ. එච්චර තදයි. මම ඒ ඇඳුම හරි අමාරුවෙන් අඳින්නේ. ඒ ගවුම දැන් මම අයින් කරලත් දාලා තියෙන්නේ. අර ප්‍රසිද්ධ කරලා තියෙන ඡායාරූපවල තියෙන විදිහට ඔය ඇඳුම උඩට ගන්න බෑ. තනිකරම මඩක් ගහන්න සහ වෙන සතුටක් ලබන්න කවුරු හරි මේ වගේ දෙයක් කරලා කියලා ඕන කෙනෙක්ට පැහැදිලියි.
ඒ නිසා ඇත්තටම මට මේ ගැන බයක් ඇති වුණේ නැහැ. මගේ වටා ඉන්න අයට මේක ප්‍රශ්නයක් නෙවෙයි. මම එහෙම කෙනෙක් නොවන බව හැමෝම දන්නවා.


හැබැයි යම්කිසි පිරිසකට හරි ඒ ගැන ගැටලුවක් ඇති වෙන්න පුළුවන් නේද..?


ගොඩදෙනෙක් මං ගැන කතා වෙනවා ඇති. මට ගොඩක් ආදරය කරන රසික රසිකාවියෝ ඉන්නවා. ඒ අය මම ඔය වගේ දෙයක් කරයි කියලා හිතන්නේ නෑ. මම ඔහොම දෙයක් කරයි කියලා එයාලා කවදාවත් බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. ඒ නිසා මම දන්නවා මේක කවුරුත් විශ්වාස කළේ නෑ කියලා. දැන දැන මඩ ගහනවා නම් ජෙලස් එකට කරන දේවල්. මාත් එක්ක අප්සට් අයත් කිහිපදෙනෙක් ඉන්නවනේ.


මඩ ප්‍රචාරවලට ඔබවම තෝරගන්න ඇත්තේ...?


ඒ ඇඳුම ගොඩක් ජනප්‍රියයි. ඒ ඇඳුම දැක්කම කෙනෙක්ට හිතෙන්න ඇති ඒ මම කියලා. මගේ නමත් එක්ක ඒක අෑඳන එක සමහරුන්ට ලොකු දෙයක් වෙන්න ඇති. එහෙම හිතලා ඒ දේවල් ප්‍රචාරය කරන්න ඇති කියලා තමයි මම හිතන්නේ. හැබැයි මම දන්නේ නැහැ කවුද ඒක කළේ කියලා.


කවුද මේක මුලින්ම කළේ කියලා හොයලා බලන්න වුවමනාවක් නැද්ද..?


ඇත්තටම ඒ ගැන හොයන්න උත්සාහ කළා. හැබැයි ඒ දේවල් හොයන්න ටිකක් අමාරුයි. මේ ඡායාරූප ඉස්සෙල්ලම දැම්මේ කවුද කියලා හොයන්න ඛ්ධ්ච්යට භාර දුන්නා. එයාලා ඒක හොයයි. පේජ් කරන අය එක්ක නම් මගේ තරහක් නෑ. මගේ නම පහුගිය කාලේ එක එක සිද්ධිවලට අෑඳලා සයිට්වල ගියානේ. එතැනදි සයිට්වල ඉන්න ළමයි මාත් එක්ක ගොඩක් හිතවත් වුණා. වැරැදි විදිහට පැතිරෙන දේවල් තියෙනවා නම් එයාලා මට ඒවා එවනවා. ඔය ගොසිප් සයිට්වල උදවියත් ඉදිරියෙදිත් තමන්ටත් අම්මලා, අක්කලා, නංගිලා ඉන්නවා කියලා හිතලා වැඩකරයි කියලා මම හිතනවා.


ගයාත්‍රි මේ හැම දෙයක්ම උපේක්ෂාවෙන් දරා ගන්නවද..?


මේ වගේ දෙයක් කරලා යම්කිසි කෙනෙක් සතුටක් ලබනවා නම් මට ඒක සතුටක්.


වෙනත් තැනැත්තියකගේ පෙම්වතෙක් සමඟ ඔබට ප්‍රේම සබඳතාවක් තියෙනවා කියලා පසුගිය කාලේ කතාවක් පැතිරුණා..?


ඔය කියන අය මට එහෙම මඩ ගහන්න පටන් ගත්තේ ඇයි කියලා මම දන්නේ නැහැ. දැන් ඒ මඩ ගැහිල්ල නතර කරලා තියෙනවා නම් ඇයි එහෙම නතර කරලා තියෙන්නේ කියලත් මම දන්නේ නැහැ.


ගයාත්‍රි, චන්න සුසංයෝගය දැන් බිඳිලා, ඔබ දැන් පවුලෙන් අෑත්වෙලා කියලත් සමහරු කියනවා..?


ඔය කතාව මොන පරමාර්ථයකින් කියනවද කියලා මම දන්නේ නැහැ. අපිට එහෙම ගැටලුවක් නැහැ. අපි දරුවන්ගේ වැඩ කරනවා. අපේ වැඩ කටයුතුත් කර ගන්නවා. අපි ගෙවල් දෙකක ඉන්නේ කියලත් සමහරු කියනවා. අපේ ගෙවල් පැත්තට ඇවිත් බැලුවොත් අපි ගෙවල් දෙකකද ඉන්නේ කියලත් හොයාගත හැකි.


ඔබ ගැන එක එක කතා පැතිරෙද්දි චන්නගෙන් මොන වගේ ප්‍රතිචාරයක්ද තියෙන්නේ..?


සමහර දේවල්වලදී එයා කලකිරිලා ඉන්නවා වගේ පේනවා. ඇයි ඔයා ඔය වගේ දේවල් වෙන්න දෙන්නේ කියලා සමහර වෙලාවට අහනවා. මම ඉතිං ඒවා හිතලා කරගන්නේ නැහැ. එයා මටත් වඩා සමාජයේ සැරිසරනවා. එක එක අය එයාගෙන් දේවල් අහනවා ඇති. නමුත් මම නිවැරැදියි කියන එක ගෙදර අය දන්නවා. ඊට එහා ඔය දේවල් ගැන මම දුක් වෙන්නේ නැහැ.


ඔබ දැන් තරුණයෙක් සමඟ නිතර විශේෂ අවස්ථාවලට සම්බන්ධ වෙනවා කියන්නේ ඇත්තද..?


මම කොහේ හරි යනවා නම් එක්කෝ මම තනියෙන් යනවා. නැත්නම් නයනා එක්ක යනවා. එහෙම නැතුව තැන් තැන්වල යන්න මට බොඩිගාඩ්ලා නැහැ.

දුවලා දෙන්නෙක්ගේ මවක් වුණාට ඔබ බොහොම හැඩකාරියක්. ඔබට ආදර යෝජනා හෝ අයුතු යෝජනා ඇවිත් නැද්ද..?

ආදර යෝජනා නම් ඕන තරම් තියෙනවා. අයුතු යෝජනා කරන්න ආවොත් නම් මගෙන් හොඳවයින් දෙකක් අහගන්නවා. මම කාටවත් බය නැහැ. මොකද මම කාගෙන්වත් ජීවත් වෙන්නේ නැහැනේ. තව කෙනෙක්ගේ ආසාවට මගේ ආත්ම ගරුත්වය කොයිම වෙලාවකවත් මම පාවලා දෙන්නේ නැහැ. කිසිම කෙනෙක්ට අයිතියක් නැහැ තවත් ගැහැනියකට නරක යෝජනාවක් කරන්න. එහෙම යෝජනා කරන මිනිසුන්ට මගෙන් කිසිම සමාවක් නැහැ. සමහරු ආදරය ප්‍රකාශ කරගෙනත් එනවනේ. එක එක කෙනාට ආදරය දෙන්න මම ලෑස්ති නැහැ. හැබැයි මට කෙනෙක්ට ආදරය හිතුණොත් යාළුවෙක් විදියට හරි, දුක සැප බෙදාගන්න පුළුවන් නම් හරි ඒ කෙනා මගේ ජීවිතේ ඉන්න පුළුවන්. එහෙම නැතිව එක එක කෙනාට ඕන විදියට හසුරවන්න පුළුවන් කෙනෙක් නෙවෙයි මම.


දැන් ඔබ රංගන කටයුතුවලටත් සම්බන්ධ වෙනවා. සැලෝන් එකේ වැඩත් කරනවා. ඔය හැම කටයුත්තක් එක්කම දුවලා දෙන්නා වෙනුවෙන් වෙන් කරන්න කාලය තියෙනවද..?


අනිවාර්යයෙන්ම. ගොඩදෙනෙක් හිතන්නේ අපිට කාලය මදි කියලා. මම හැමදේම සමබරව කරනවා. මගේ දරුවෝ වෙනුවෙන් වෙන් කරන්නත් මට කාලය තියෙනවා. මම හැම පැත්තෙන්ම සාර්ථකව ඒ දේවල් ඉෂ්ට කරනවා.


ගයාත්‍රි ඩයස් කියන්නේ කවදාවත් වගකීම් පැහැර හැරිය මවක් නෙවෙයිද..?


කොහෙත්ම නැහැ.


කලා කටයුතු පැත්තෙන් මොනවද මේ දවස්වල සිද්ධ වෙන්නේ..?


මේ දවස්වල හරිම කැමැත්තෙන් වැඩ කරන නාට්‍යයක් තමයි පිනි කියන්නේ. පත්තිනි ටෙලි නාට්‍යයෙත් මම රඟපානවා.


කාලයක් පුංචි තිරයෙන් ගොඩක් අෑත්වෙලා හිටියනේ. දැන් ආයෙත් රංගන භූමිකාවට ලොකු ඉඩක් වෙන් කරලා වගේ..?


රංගනයට මම ආසයි කවදත්. දෙයියනේ කියලා මට දැන් වැඩත් හම්බෙනවා. ඒ නිසා මම ඒ වැඩ කටයුතුවලට කැමැත්තෙන්ම සම්බන්ධ වෙනවා.


අලුත් සිනමා නිර්මාණවලින් වැඩ පෙන්වන්න අවස්ථාව ලැබුණේ නැද්ද..?


මම මේ වෙනකොට චිත්‍රපට විසිපහකට වැඩිය කරලා තියෙනවා. පසුගිය කාලේ වැඩිපුරම රඟපෑවේ චිත්‍රපට. ඒවා ඉදිරියේදී තිරගත වෙනතුරු බලාගෙන ඉන්නවා.


ජීවිතයේ තව සැලසුම් ඇති...?


මම කවදාවත් කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්න කැමැති කෙනෙක්. මම කාගෙන්වත් කාලා ඇඳලා ජීවත් වෙන්නේ නැහැ. ඒ නිසා මගේ සැලෝන් එක තව දියුණු කරගන්න ඕන. මගේ දරුවෝ දෙන්නගේ අනාගතය ගැන තවත් හිතන්න ඕන.


ඔබ ලංකාව දාලා වෙන රටකට යන්න සූදානම් වෙනවා කියලත් පහුගිය කාලේ කතා පැතිරුණා...?


මේ වෙන දේවල් එක්ක ඇයි අපි මේ වගේ මිනිස්සු අතර ජීවත් වෙන්නේ කියලා හිතනවා. ඇත්තටම දවසක මම රටින් යාවි.


හැබැයි සමහරුන්ට හිතෙන්න පුළුවන් ඔබ ප්‍රශ්නවලින් පලා යනවා කියලා..?


මම ප්‍රශ්නවලින් පැනලා යන්නේ නැහැ. මේ ප්‍රශ්න ඇති කරන මිනිසුන්ගෙන් පලා යනවා. මේ වගේ ප්‍රශ්න ඇති කරන මිනිස්සු ඉන්න රටක ඉපදෙන්නවත් මම කැමැති නැහැ. මම දවසක රටින් ගියොත් මගේ කිසිම අප්ඩේට් එකක් දෙන්නෙත් නෑ කියන තැන මම ඉන්නේ. අපිට අගයක් නැත්නම්, අපිට ආදරයක් නැත්නම් ඇයි මම ඒ මිනිස්සු අතර ඉන්නේ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook