Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

හදවතේ ලොකු බලාපොරොත්තු ගොඩක් තියාගෙන ආණ්ඩුව හදන්න එකතු වුණත් යහපාලන ආණ්ඩුව ගොඩනැගීමට මුල්වී කටයුුතු කළ පිරිසට යමක් කරන්න පුළුවන් වුණාද, මදිද? කියා තමන්ගේ හදවතේ පුංචි චකිතයක් තිබෙන බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පැවැසීය.



බණ්ඩාරවෙල සර් රාසික් ෆරීඩ් මහ විද්‍යාලයේ ඊයේ (28) පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු මෙම අදහස් ඵල කළේය. එහිදී අදහස් දැක් වූ ඇමැතිවරයා,

"මගෙත් හදවතේ ඒ ගැන පොඩි දුකක් තියෙනවා. දුකක් නැතිව නෙවෙයි. මාත් හදවතේ ලොකු බලාපොරොත්තු ගොඩක් තියාගෙන තමයි මේ ආණ්ඩුව හදන්න එකතු වුනේ. ඊයේ ජනාධිපතිතතුමා ආවා. ජනාධිපතිතුමාගේ ඉස්සරහාම මම කිව්වා ආණ්ඩුව හැදුවේ අපි හැබැයි දැන් ආණ්ඩුව කරන්නේ වෙන කට්ටිය ඒත් කමක් නෑ. හැබැයි බලාපොරොත්තු වූ කට්ටියට යමක් කරන්න පුලුවන් වුණාද මදිද කියාලා හදවතේ පුංචි චකිතයක් තියෙනවා". යනුවෙන් පැවැසීය.

මේ අතර පෙරේදා (27) බදුල්ල රථගාල විවෘත් කිරීමේ උත්සවයේදී බදුල්ල පානීය ජලයෝනා ක්‍රමය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා අගයමින් හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ජනාධිපතිවරයා ඉදිරියේ දී පවසා සිටියේ,

"කමක් නෑ අපි ආණ්ඩුව ගෙනාවා. අපිට ඕන කෙනා අපි පැරද්දුවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනාධිපතිවුනා. අපේ මහ ඇමැතිතුමා විදිහට සම්පත් චාමර දසනායක මහත්තයා ගොඩාක් වැඩකරනවා, ඩිලාන් ඇමැතිතුමා වැඩකරනවා, මං බැනුම් අහනවා කමක් නෑ. ඒත් මට ඕන දිස්ත්‍රික්කේ වැඩ ටික වෙනවා." යනුවෙනි. 

මේ අතර වත්මන් ආණ්ඩුවේ පැවැත්ම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බව එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ද පවසා ඇත.

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook