Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

ඩේසි ආච්චිටයි - ශිරන්තිටයි
අරක්කු බොන්න
බිල රුපියල් 153,608යි
මාධ්‍යට හෙලි නොවූ සියලු සාක්ෂි සහිතයි

ප්‍රවාහ වියදම රුපියල් 75 93 061
ශිරන්තිගේ කෝටි 25 පැනපු වෙසක් බැලිල්ල


යුනෙස්කෝ වෙසක් උත්සවය පැවති 2014 වසරේ මැයි 20 වනදා සිට 24 වනදා තෙක් දින 04ක කාලයක් සඳහා පැරීසියට ගිය විශ්‍රාමික ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ ඇ‍යගේ ඥාති කාන්තාවක වන ඩේසි ෆොරස් මහත්මිය ඇතුළු සිව් දෙනෙකුගේ සංචාරය සඳහා වැය වූ රුපියල් දෙකෝටි පනස්ලක්ෂ අසූදහස් හයසිය අසූඑකයි ශත හතලිස් නවයක (රු. 2,508,0681.49) බිලේ රුපියල් එක්ලක්ෂ පනස් තුන්දහස් හයසිය අටක (රු.153,608) මුදලක් වැය කර ඇත්තේ මත්පැන් පානය සඳහා බව අදාළ බිල්පත් පිරික්සීමේදී අනාවරණය වේ.

ඒ අනුව ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් මැයි 22 වනදා රුපියල් හතලිස්පන්දහස් අටසිය හැටහතරක (රු. 45,864) මත්පැන් පානය කර ඇති අතර මැයි 24වනදා රාත්‍රියේ අවස්ථා දෙකකදී රුපියල් එක්ලක්ෂ හත්දහස් හත්සිය හතලිස් හතරක (රු. 107,744) මත්පැන් භාවිතා කර ඇත. එදින එක් අවස්ථාවකදී රුපියල් හතලිස් දහස් දෙසිය විසිදෙකද (රු. 40,222) රුපියල් හැටහත්දහස් පන්සිය විසිදෙකකද (රු. 67,522) මත්පැන් භාවිතා කර තිබේ. එහි සම්පූර්ණ එකතුව රුපියල් එක්ලක්ෂ පනස් තුන්දහස් හයසිය අටකි (රු.153,608).

ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිස අතරට තානාපති නිලධාරිනියක් හෝ නිලධාරියෙකුද ඇතුළත්ව සිට ඇති අතර ඔවුන් සිව්දෙනාගෙම කාමර සහ ආහාර බිල රුපියල් එක්කෝටි හැටඑක්ලක්ෂ හැත්තෑපන්දහස් හාරසිය හැට පහයි ශත හැත්තෑ හයකි (රු.16,175,465.76).

මොවුන් සහභාගී වූ සංචාරයට අමතරව පුද්ගලික ගමන් කිහිපයකද යෙදී ඇති අතර එම සියළුම ගමන් බිමන් සඳහා වාහන පහසුකම් සපයා ගැනීමේදී අති සුඛෝපභෝගී මෝටර්රථ යොදාගෙන ඇත. ඒ සඳහා රුපියල් හැත්තෑපන්ලක්ෂ අනූතුන්දහස් හැටඑකයි ශත පනස් නවක් (රු. 7,593,061.56) වැය කර ඇත.

මෙම පිරිස නවාතැන්ගෙන ඇති හෝටලය ලොව මිල අධිකම හෝටලයක් වන අතර එහි මිල අධික වීමේ හේතුව නිසාම බිත්‍රාන්‍යයේ එලිසබත් රැජින පවා මෙම හෝටලයේ නවාතැන්ගැනීම ප්‍රතික්ෂෙප කරන බව පැවසේ.


මෙම සංචාරයට අදාල බිල්පත් සියල්ල මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී ඇති අතර එය පහතින් දැක් වේ.


Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook