Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

කාටවත් නොකියපු ආදරයක්
තවම මගේ හිතේ තියෙනවා 
තනාෂා හතරසිංහ

නිරූපන ක්‍ෂේත්‍රයේ සහ රංගන ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය චරිතයක් වන තනාෂා හතරසිංහ යෞවනියක් ලෙස ආදරයේ අත්දැකීම් ඔබට කියන්න රිවිසරසියේ අප සමග එක්වුණා.


ආදරයට නිර්වචනයක් දෙන්න.

හරියටම ආදරය කියන්නේ මෙන්න මේකයි කියලා කාටවත්ම නිර්වචනය කරන්න පුළුවන් දෙයක් ‍නෙවෙයි. මං දකින්නේ විශ්වාසය සහ ගෞරවය එක් වූ හැඟීමක් විදියට.

ආදරය හිතට දැනෙනකොට වයස කීයද?
ආදරේ ගැන මුලින්ම හැඟීමක් දැනෙනකොට අවුරුදු 20ක් 21ක් විතර ඇති.


පාසල් ප්‍රේමය මතකද?

ප්‍රකාශ නොකරපු අහිංසක ආදරයක් නම් හිතේ තිබුණා. නමුත් අත්දැකීම් පිරුණු පාසල් ප්‍රේමයක් තිබිලා නෑ.


ප්‍රථම ප්‍රේමය අමතක කරන්න බැරි බව ඇත්තද?

දෙවැනි ප්‍රේමයේ ආකාරය අනුව තමයි ප්‍රථම ප්‍රේමයේ මතකයන් තීරණය වෙන්නේ. එහි දී ප්‍රථම ප්‍රේමය නිරායාසයෙන්ම අමතක වෙනවා. ඒක සාමාන්‍යයි.


පෙම්වතකුගෙන් මුලින්ම ලැබුණු තෑග්ග මොකක්ද?

මුලින්ම ලැබුණේ ටෙඩි බෙයාර් කෙනෙක්.


පෙම්වතකුගෙන් ලැබුණු වටිනාම තෑග්ග මොකක්ද?

ආදරයෙන් මට දුන්නු හැම තෑග්ගක්ම ගොඩක් වටිනවා.


ආදරය මුලින්ම ප්‍රකාශ කරන්න ඕනි පිරිමි ළමයද?

බොහෝදුරට එහෙම වුණත් හිතේ තියන් ආදරේ අහිමි කරගන්නවට වඩා මුලින්ම ආදරේ දැනුණු කෙනා ප්‍රකාශ කළොත් හොඳයි කියලා මං හිතන්නේ.


ඔබට වඩා වයසින් ළාබාල කෙනෙක් ගැන ආදරය හිතිලා තියෙනවද?

නැහැ. එහෙම ආදරයක් ඇතිවෙලා නෑ.


ඔබ කාට හරි මුලින් ආදරය ප්‍රකාශ කරලා තියෙනවද?

ආදරේ දැනිලා තිබුණට මං කාටවත් මුලින් ආදරේ ප්‍රකාශ කරලා නෑ.


ඔබ වශී වෙන්නේ පිරිමි ළමයාගේ මොන ගතිගුණවලටද?

මාව විතරක් ‍නෙවෙයි ඔහුට මගේ පවු‍ලේ අයවත් තේරුම්ගන්න පුළුවන් නම් මං ඒ ආදරේට ගොඩක් කැමැතියි.


ජනප්‍රිය නළුවො කී දෙනෙක්ට ආදරය කරලා තියෙනවද?

තිරයේ ඔවුන්ගේ චරිතයට මං ආදරේ කරලා තියෙනවා. නමුත් නළුවන්ට මං ආදරේ කරලා නෑ.


ආදරය ඇතුළේ රාගයට ඔබ වෙන් කරන ඉඩ ප්‍රතිශතය කොපමණද?

ආදරයට රාගය අත්‍යවශ්‍යම දෙයක් ‍නෙවෙයි. අවුරුදු ගණන් නොදැක ආදරය කරන පිරිස් ඕනිතරම් ඉන්නවා. එතකොට එතැන තියෙන්නේ ආදරය විතරයි. රාගයක් අත්‍යවශ්‍යම නෑ.


ඔහු ඔබට ආදරයට කියන නම මොකක්ද?

හැමෝම මට ආදරේට ‘රුචී’ කියලා කියන්නේ.


ඔබ ආදරේට ඔහුට කියන නම මොකක්ද?

විශේෂම නමක් නැහැ. නම කියලා කතා කරනවා.


විරහව කී වතාවක් විඳලා තියෙනවද?

ජීවිතයටම එක් වතාවක් මං විරහව විඳලා තියෙනවා.


ප්‍රේමය විවාහයෙන් කෙළවර වෙනවාද?

පවුල් ජීවිතයක් සාර්ථක වෙන්න නම් විවාහයෙන් ආදරය කෙළවර විය යුතු නැහැ. විවාහයක් දක්වා නොගිහින් අදටත් ආදරය විඳින මිනිස්සු ඕනෑතරම් ඉන්නවා.


පෙම්වතා නිතරම වැඩිමල් වෙන්න ඕනෙද?

යම් යම් ගැටීම් ජීවිතේට එනකොට ඔහුට මට වඩා අත්දැකීම් තියෙනවා නම්, ඒ අවස්ථාවල නිවැරදි තීරණ ගන්න ඔහුගේ වයස බලපානවා. නමුත් වයස ගැටලුවක් නොකරගත් සාර්ථක ආදර කතා ඕනිතරම් තියෙනවා.


පෙම්වතා තරහ වුණාම ඔබ යාළු කරගන්නේ කොහොමද?

එයා ඇවිත් මාව යාළු කරගන්නවා. ඒත් මං එයාව යාළුකරගන්න යන්නේ නෑ.


අප්‍රකාශිත ආදර කතා කීයක් ඔබේ ජීවිතේ තියෙනවද?

අප්‍රකාශිත එක ආදරයක් මට තියෙනවා.


විවාහයෙන් පිට ආදරයක් මුණගැහුණොත්?

විශ්වාසය සහ ගෞරවයත් තේරුම් ගැනීමත් මත හොඳම කෙනා ලැබුණොත් තවත් ආදරයක් අවශ්‍ය නෑ. හොඳම කෙනා මං ළඟ නම් තවත් ආදරයක් මොකටද?


දැන් ඔබගේ සිහින කුමාරයා මුණගැහිලද?

ඒ ගැන පස්සෙ කියමු නේද?

නදුනි ආරියවංශ

Latest news

gossip, gossip lanka, Sri Lanka gossip, Sri Lanka Sinhala gossip
© 2020 Gossip99 Email: info@gossip99.com
Advertising - Contact Here Editor - editor@gossip99.com Help Desk: info@gossip99.com
All the content on this website is copyright protected.

Gossip99.com is a Sri Lankan online gossip news website with rich content, updated 24 hours a day, covering Sri Lankan and world news in English and Sinhala. As a premium exclusive Sri Lankan online news network, we provide around-the-clock breaking news on local, international, world affairs, politics, sports, entertainment, hot gossip, and event photos.

We deliver the latest Sri Lanka news, updates, business news, breaking stories, celebrity gossip, Sri Lanka cricket news, business and finance news, stock market discussions, and balanced independent reporting. Our platform includes articles written in both Sinhala and English.

Advertisements

Politics

Gallery

omposite End -->

Facebook